Bambalapitiya Siri Vajirārāmaya

Bambalapitiya Siri Vajirārāmaya සිරි වජිරාරාමය - බම්බලපිටිය
Siri Vajirārāmaya - Bambalapitiya

මොහඳ දුරුකළ සමත සිරිමත දියත පළ වූ තුමුල         විසරදවරද සරයෙන් දෙසා වදහළ කලණ ගුණධර තෙවල      බණපද සුවඳ පතනල සදිසි ලොවැ ...
19/04/2025

මොහඳ දුරුකළ සමත සිරිමත දියත පළ වූ තුමුල විසරද
වරද සරයෙන් දෙසා වදහළ කලණ ගුණධර තෙවල බණපද
සුවඳ පතනල සදිසි ලොවැ බෙදු පවර පුවතර තරිත සඟ ලද
පැණද විදුණැන මගෙහි පිළිපන් විදුරු වෙහෙරෙහි තරිඳු ආනඳ

සිදත සහ දම් පදය දෑතෙහි හොවා සඟ කිස සපුරණා ලද
බණද අණයද දෙවුර හොබවන අමරපුර සඟ විලෙහි හස මැද
නිවන දෙසටම නැමුණු සිතකින් අපිස ගුණයෙහි නැගුණ ගුණදද
අනඳ හිමි සඳ තිරිකුණාමල දහම් රැකි නකයෙහි නැගුණු සඳ

සරණමර දම් කඳෙහි මහිමය පැහැදි ලෝ සත නිවන් ලැබුම ය
අමරපුර තුම් වසෙහි මහිමය බුහුසු දම්ධර සඟුන් ලැබුමය
විදුරරම පින් බිමෙහි මහිමය සසුන හොබනා තෙරුන් ලැබුම ය
පවරසිරි ලක් සසුන් මහිමය අනඳ මහ නා සමිඳු ලැබුම ය

සිතත් හිමි ගුණ ළයත් සැනහෙයි අනුස්සති භාවනාවක් වග
කියත් නම් විදුරරම් පුවතර නොනිම් පුවතෙ කි අනඳ මා වග
දුටත් හිමි රුව මඳස් ලකුණින් හෙළත් සමනෙත කුළුණ සත් වග
ගයත් නම් කල්පයක් නිමවත් පවත් අවසන් නොවෙත් ගුණ වග

බම්බලපිටිය සිරි වජිරාරාමාධීපති, අමරපුර සිරි ධර්මරක්ෂිත
මහා නිකායයේ මහානායක, පරම පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද
මහානායක මාහිමිපාණන් වහන්සේගේ අදට යෙදෙන සත් සැට
වන ජන්ම දිනය නිමිත්තෙනි.

භාග්‍යවතුන් වහන්සේ උදේ සවස විසි සතර කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සිත පතුරවමින් ලෝ වැඩ වැඩීම සිරිතකි. බුද්ධත්වයෙන් පස්වැනි ව...
11/04/2025

භාග්‍යවතුන් වහන්සේ උදේ සවස විසි සතර කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සිත පතුරවමින් ලෝ වැඩ වැඩීම සිරිතකි. බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර - මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උනවහන්සේ නාගයන් කෙරෙහි කරුණායෙන් ඔවුනට සුවසෙත් සාදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපති කම් කරමින් සිටියේ ය. ඔහු ගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්න‍යෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතු ව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නො දී චූලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චූලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණි පළඟ ය. බුදුරජාණන් වහන්සේ මේ ගමන‍ට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක් ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා කැඳ වූ සේක. ඒ දෙව් රද තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලා ගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍යරාජයා දෙව්රම් වෙහෙර දොරටුවේ කිරපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂයෙකු ව උපද සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුරවරයන් වහන්සේලා දැක උන්වහන්සේලාට පාත්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුනි. ඒ පින් බෙලෙන් මිනිස් තෙමේ දෙව්රම් වෙහෙරැ කිරිපලු රුකෙහි දෙවියකු ව උපන්නේය. මේ මහාවංසයේ දැක්වෙන එම ප්‍රවෘත්තිය යි.

බුදුරජාණන් වහන්සේ බක් අව‍ප‍සළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවූහ. නාගයන් බියෙන් හැකිළී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දක්නට සැලැස්වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදු සිරි පා කමල් වැන්දාහ. ලෝක නාථයන් වහන්සේ චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදීන් ගේ ආදීනව, කාකොලුක ජාතකය, එන්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති‍ දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ ප්‍රීතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසනැ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහි‍ටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිඳුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ. මෙහිදි සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රජ තෙමේත් කැළණි පුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේ ය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනක දී තමාගේ වාසභවනය වූ කැළණි පුරයට වඩින ලෙස ‍ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.

මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රෙෂ්ඨත්වය‍ට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඵෙතිහාසික පෞරාණික ශාසනික පුරාවෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි. තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතු ව ක්‍රිියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙයි. උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂ්‍ය දරති.

නාගදීප චෛත්‍යය

නාගදීප චෛත්‍යය සොළොස් මහා පූජ්‍යස්ථාන අතුරින් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් නාගදීපය පුරාණ කාලයේ මුළු යා‍පනේ අර්ධද්වීපයට ම ව්‍යවහාර කරන ලද බව සලකනු ලැබේ. දෙවෙනි ශත වර්ෂයේ යාප‍නයේ පැවැති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජු ගේ අමැතියකු විසින් යාපනය පාලනය කරන ලද බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි සාදවන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමුවූ රන්පතින් එළිදරවු වෙන බව පුරා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. නාගදීපය නමින් හැඳින්වෙන ස්ථානය පුරාණයේ සිංහලයන් ගේ ආගමික හා සංස්කෘතික ඉතිහාසය අතින් වැදගත් තැනක් ගෙන ඇත. මෙය යාපා පටුන නමින් හැඳින්වූයේත් එහි ද්‍රවිඩ බලය වැඩිවූයේත් පොළොන්නරු යුගයෙන් පසුව බව සැලකිය හැකි ය. නාගදීපයේ අද තිබෙනුයේ පෞරාණික චෛත්‍යරාජයා නෙ‍ාවේ. අභිනවයෙන් සාදවන ලද දා ගැබකි. පුරාණයේ නාග දීපය පිහිටි මුළු යාපන අර්ධද්වීපය ම බෞද්ධ බලකොටුවක් වශයෙන් පැවති බව කොතෙකුත් සාක්ෂ්‍ය ඇත. අපේ බොදු බැතිමතුන් වෙහෙස නො බලා දුෂ්කරකම් ගැන නො සලකා මහත් ආයාසයෙන් නමුත් නාගදීප පූජනීය ස්ථානය වෙත ගෞරව භක්තියෙන් යුක්ත ව පැමිණෙන්නේ සම්බුදු පා පහසින් පූජ්‍යත්වයට පත් කලක් නිර්මල ව බුද්ධ ශාසනය පැතුරුණු ප්‍රදේශයක් නිසා ය.

සතර පෙර නිමිති පහළවීම

සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ගේ උපතින් සතුටට පත් වූ සුදොවුන් රජතුමා මාසයේ එළඹෙන පසළොස්වක් පොහොය දිනය විනෝදවීමට හා ආගමික සත් ක්‍රියාවනට අවකාශ ලබා දෙමින් එදවස නිවාඩු දිනයක් කෙළේ ය. ඒ අනුව සිදුහත් මහ බෝසතාණන් වහන්සේ ද එදිනට විනෝද චාරිකා සඳහා උයන් ක්‍රීඩාවට යාමට පුරුදු ව සිටිය හ.

සුදොවුන් මහරජතුමා බමුණන් ගේ කීම අනුව ජරා - ව්‍යාධි - මරණ හා ශ්‍රමණ රූපයන් දැක සසරට කළකිරී අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන් එබඳු අය නුවරින් බැහැර කරමින් ආරක්ෂා සංවිධාන සලසි තිබුණේ ය. විසිනම වසරක් සපිරි සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ ගමන් කරද්දී පළමු කොට ජරා(මහලු) රූපය දැක ඇත්තේ බක් මහ පුනු පොහොය දිනක ය. එතැන් සිට ව්‍යාධි රූපය වෙසක් පුන් පොහොය දිනයේත්, මරණ රූපය පොසොන් පුන් පොහොය දිනයේත් මහණ රූපය ඇසළ පුන් පොහොය දිනයේත් දැක ඇත. මහණ රූපය දුටු දා සසරින් එතෙරවීමට ගමන් ආරම්භ කරන්නට තීරණය කරගෙන ඇසළ පුන් පොහෝදා අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතයෙහි දැක්වේ.

කිඹුල්වත් පුර ගමන

සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවූයේ බක් මහ පුර පසළොස්වක් පොහොය දිනයක ය. මැදින් පුන් පොහොය දිනයේ සිට බක් පොහොය දිනයට දින තිහක් සම්පූර්‍ණ වෙයි. දිනකට යොදුන බැගින් වඩිමින් යොදුන් හැට දින හැටකදී එනම්, මාස දෙකකින් සම්පූර්‍ණ කළහ.

• පොහොය වර්ණනාව

ශ්‍රී. බු. ව. 2568 ක් වූ බක් පෝදා සීල සමාදානය 2025-04-12සිරි වජිරාරාමය - බම්බලපිටිය
10/04/2025

ශ්‍රී. බු. ව. 2568 ක් වූ බක් පෝදා සීල සමාදානය 2025-04-12
සිරි වජිරාරාමය - බම්බලපිටිය

සිරි වජිරාරාමයේ අලුත් අවුරුදු ආසී සෙත් පිරිතඋදා වන අලුත් අවුරුද්ද නිමිත්තෙන් බම්බලපිටියේ සිරි වජිරාරාමයේ දායකදායිකා සැම...
06/04/2025

සිරි වජිරාරාමයේ අලුත් අවුරුදු ආසී සෙත් පිරිත

උදා වන අලුත් අවුරුද්ද නිමිත්තෙන් බම්බලපිටියේ සිරි වජිරාරාමයේ දායකදායිකා සැමටත් ලක්වැසි ලෝවැසි හැමටත් සෙත් පතා පැවැත්වෙන බෝධි පූජා පින්කම සහ සෙත් පිරිත් දෙසුම 2025 අප්‍රේල් 12 වනදා (බක් පොහොය දින) සවස 5.00 ට සිරි වජිරාරාමයෙහි දී සිදු කැරේ. සැදැහැති පින්වත් ඔබ සැමට ඉත සිතින් ආරාධනය කරමු.

• ‘'අතිපූජනීය විනයවිශාරද වැලිගම ඤාණරතන මහාස්ථවිරයන් වහන්සේ 1956 දී ඉන්දියාවේ බැංගලෝර්'හි සීමා බන්ධනයකට සහභාගීව කළ ආශ්චර්...
24/03/2025

• ‘'අතිපූජනීය විනයවිශාරද වැලිගම ඤාණරතන මහාස්ථවිරයන් වහන්සේ 1956 දී ඉන්දියාවේ බැංගලෝර්'හි සීමා බන්ධනයකට සහභාගීව කළ ආශ්චර්යවත් කාර්යයක් පිළිබඳව අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ මෙසේ සඳහන් කළ හ:

''වැලිගම පණ්ඩිත ස්ථවිරයන්ගේ ස්මෘති ඥානය විස්මයජනක වූවක් බව තේරුම් ගන්නට හැකි වූයේ එකළ බැංගලෝර්හි පැවති සීමා බන්ධනයෙහිදී ය. වජිරාරාම භික්ෂූන් පෙරටු කොට ගත් එම භික්ෂු කණ්ඩායමට පාමොක් දෙසීමට ඇවැසි භික්ෂු ප්‍රාතිමෝක්ෂයක් රැගෙන යාමට නොහැකි වූයෙන් බලවත් අපහසුතාවයට පත් වූ අවස්ථාවේ වැලිගම පඬිහිමිපාණන් ඉදිරිපත් වී මා හට කහට කෝප්පයක් සමඟ පොතක් සහ පෑනක් ගෙන දෙන්නැයි අයැද සිටි අතර එම අවශ්‍යතා සපුරා හෝරා තුනක් පමණ ගතවත්ම, මුළු ප්‍රාතිමෝක්ෂයම කිසිඳු ඌණතාවයකින් තොරව ලොකු අකුරින් ලියා අවසන් කිරීම එතැනට රැස් වී සිටි මහා සංඝයා විමතියට පත් කළ අසිරිමත් සිදුවීමක් විය. ''

© BAMBALAPITIYA SIRI VAJIRĀRĀMAYA
Vajirarama Bhikkhūs

නමින් නොව සැබැවින් ම ත්‍රිපිටකධර වූ පැළෑණේ මහ නා හිමිපාණෝඅප ඇඳුරු මහ නාහිමිපාණෝ සම්බුදු සස්නට සිය දිවි කැප කළහ. උන්වහන්ස...
23/03/2025

නමින් නොව සැබැවින් ම ත්‍රිපිටකධර වූ පැළෑණේ මහ නා හිමිපාණෝ

අප ඇඳුරු මහ නාහිමිපාණෝ සම්බුදු සස්නට සිය දිවි කැප කළහ. උන්වහන්සේගේ හස්තය මෙන් මුඛය ද මුඛය මෙන් හස්තයට පරාර්ථය පිණිස යෙදූහ. නමින් උන්වහන්සේ ත්‍රිපිටකධාරී නූවූවත් සැබැවින් ත්‍රිපිටකධරයහ. ත්‍රිපිටකධර ව යථා ශක්තීන් ධර්මවිනයානුකූලව පිළිපැදීමට උත්සහ දැරෑහ. ශ්‍රමණභාවය නොඉක්මවා ආදර්ශවත් ජීවිතයක් ගත කළහ. උන්වහන්සේ ජීවමාන විශ්වකෝෂයෙකි.

ධර්මවිනය පිළිබඳ හෝ සිංහල පාලි සංස්කෘත ව්‍යාකරණ පිළිබඳව හෝ යම් ගැටළුවක් වී නම් උන්වහන්සේ කිසි පොතක් නොබලා එකවරට සාධක පාඨක දක්වා නිරාකරණය කිරීමෙහි සමත්වූහ. ඊ⁣ට ප්‍රධාන හේතුව වුයේ උගත් දෑ තීක්ෂණ බුද්ධියෙන් තර්කානුකූලව බොහෝ දුරට විමසා බැලීමය. මතුපිට බැලීමෙන් අතෘප්තව ගැඹුරු නුවණින් විනිවිද ගොස් තීරණ කර ගැනීම උන්වහන්සේගේ සිරිත විය.

උන්වහන්සේ යම් මාතෘකාවක් අනුව ලිපි ලියන්නේ ඉක්මනට නොවේ. පළමු කොට වුවමනා පෙළ අටුවා ටීකා බලා ගැඹුරු ලෙස විමසා බලා පරීක්ෂාකාරීවය. කෙටුම් පි⁣ටපත් ගැනීම උන්වහන්සේගේ සිරිත නොවේ. එහෙත් එක වරින්ම අවසන් කරන ලිපිය සර්වසම්පූර්ණය, ක්‍රමානුකූලය. ව්‍යක්තය, මට සිලුටුය.

— අතිපූජ්‍ය වජිරාරාමයේ නාරද මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ.

© BAMBALAPITIYA SIRI VAJIRĀRĀMAYA
Vajirarama Bhikkhūs

" නේපාලයෙහි බුදු සසුන නැවත ස්ථාවර කිරීමේ මෙම අගනා ප්‍රයත්නයෙහි දී මඩිහේ මහා නා හිමියන් විසින් කරන ලද අගනා සේවයක් නම් නික...
22/03/2025

" නේපාලයෙහි බුදු සසුන නැවත ස්ථාවර කිරීමේ මෙම අගනා ප්‍රයත්නයෙහි දී මඩිහේ මහා නා හිමියන් විසින් කරන ලද අගනා සේවයක් නම් නිකාය භේදය එරට සංඝ සමාජයට වැද්ද ගැනීමට ඉඩ නොතබා 'අඛිල නේපාල සංඝ සභාව' යනුවෙන් සමස්ත නේපාල සංඝරත්නය එකම කොටසක් ලෙස සංවිධානය කිරීමට කටයුතු කිරීම ය. එකල අනේක දුෂ්කරතා මැද නේපාලයෙන් ලංකාවට පැමිණි භික්ෂූන් වහන්සේ විවිධ විහාරස්ථානයන්හී නැවතී ඉගෙනීම ලබා විවිධ නිකායවලින් උපසම්පදාව ලබා ආපසු ගොස් එම විවිධ සම්ප්‍රදාය අනුව කටයුතු කරමින් විසූහ. මෙම තත්වය දුටු මඩිහේ මහනාහිමියෝ 1951 හි කත්මණ්ඩු නුවර ආනන්ද කුටි විහාරස්ථානයේ සංඝ සභාවක් පවත්වා ලංකාවේ සංඝ සමාජයෙහි ඇති නිකාය භේදය නේපාලයට ගෙන ඒමට කිසිදු හේතුවක් නැතැයි පෙන්වා ලංකාවට ගොස් ආපසු එනවිට සියලු නිකාය භේද 'කන්දෙන් එහා' තබා පැමිණිය යුතු යැයි ද ප්‍රකාශ කළහ. මෙම අදහස් ඒකමතිකව පිළිගත්ත නේපාල මහා සංඝයා 'අඛිල නේපාල සංඝ සභාව' නමින් නව ඒකීය සංඝ සංවිධානයක් පිහිටුවා ගත්හ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නේපාල සංඝ සමාජය අද දක්වාත් නිකාය භේදයකින් තොරව පවත්නා බව මහා නායක මාහිමියෝ සතුටින් සඳහන් කරති.

- මඩිහේ මහ නාහිමි චරිතය හා චින්තනය.
අසංග තිලකරත්න.

© BAMBALAPITIYA SIRI VAJIRĀRĀMAYA
Vajirarama Bhikkhūs

කඹුරුගමුවේ දේවගිරි විහාරාධිපති ව වැඩ විසූ සිරි සද්ධම්මජොතිපාල කවිධජ විනයාචරිය මහොපාධ්‍යාය "සිරි රෙවත මහාස්ථවිර" චරිතය 🌼🙏...
21/03/2025

කඹුරුගමුවේ දේවගිරි විහාරාධිපති ව වැඩ විසූ සිරි සද්ධම්මජොතිපාල කවිධජ විනයාචරිය මහොපාධ්‍යාය "සිරි රෙවත මහාස්ථවිර" චරිතය 🌼🙏

"ශ්‍රී රෙවත මාහිමියන්ගේ බහුශ්‍රැතත්වය ගැන අසන්නවුන් පුදුම කිරීමෙහි පවා සමත්‍ ය. උන්වහන්සේ විසින් වාචෝද්ගත (කටපාඩම්) කරගත් පොත් සංඛ්‍යාවම දෙපණසකැයි දැනගන්නට ලැබිණ. උභය ප්‍රාතිමෝක්ෂය සමග විනයපොත් පසත්, එම අටුවා ග්‍රන්ථයන් වන කංඛාවිතරණි සමන්තපාසාදිකා දෙකත් නිඝණ්ඩුව, බාලාවතාරය, ධාතුමඤ්ජුසාව, ධම්මපදය, සද්ධම්මොපායනය, කච්චායනය, රූපසිද්ධිය, සුත්තනිපාතය, අභිධර්මාර්ථ සංග්‍රහය ආදී පොත් ඇතුළු වූ සංයුත්ත නිකායයත්, අංගුත්තර නිකායයෙන් කාණ්ඩයකුත් සම්පූර්ණයෙන් වාචෝද්ගතය. එසේම සිංහලය පිළිබඳ ග්‍රන්ථ අතුරෙන් ගුත්තිලය, කව්සේකරය, කුසදා, කව්සිළුමිණි, සසදා, මුවදෙව්දා ආදී කාව්‍ය ග්‍රන්ථ ඇතුළු වූ ගිරා, පරෙවි, සැල ආදී සන්දේශද වාචෝද්ගතය. අවසාන කාලය ළං වන තුරුමත් මෙකී ග්‍රන්ථ කටපාඩමෙන් කීමෙහි සමත් වූහ."

ශ්‍රී රේවත චරිතය | 1951"

© BAMBALAPITIYA SIRI VAJIRĀRĀMAYA
Vajirarama Bhikkhūs

"මට සමහර දවස්වලට කියනවා, රාහුළ ගේන්න මේ දීඝ නිකාය. පෙරලන්න මේ මහා පරිනිබ්බාන සූත්‍රයට. ඒක කියවන්න කියලා. නායක හාමුදුරුවෝ...
20/03/2025

"මට සමහර දවස්වලට කියනවා, රාහුළ ගේන්න මේ දීඝ නිකාය. පෙරලන්න මේ මහා පරිනිබ්බාන සූත්‍රයට. ඒක කියවන්න කියලා. නායක හාමුදුරුවෝ ඇඳේ ඉන්නේ අසනීප ගතිය නිසා. සමහර විට එහෙම්ම නින්ද යනවා. ගොරවනවා. මං නිශ්ශබ්ද ව ඉන්නවා. මිනිත්තුවක් යන්නේ නෑ නැගිටිනවා. ආ... හොඳයි කියවන්න. මම ඉතින් හිනාවෙලා ආයේ කියවනවා. ඉතින් අමාරුතැන් ගැඹුරු තැන් මට තේරුම්කරලා දෙනවා. හරී.. ධෛර්යයක් දුන්නා. පොඩියිනේ එතකොට, හැමදාම මට කියල දීල තියෙනව, විශුද්ධි මාර්ගය බොහොම දුරට කියල දුන්නා. එතකොට තවත් ඔය සඟි පොත්, අභිධර්මය සම්පූර්ණයෙන් කියවල තියෙනවා."

—• අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුළ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
• සසුන් කෙත

© BAMBALAPITIYA SIRI VAJIRĀRĀMAYA
VAJIRARAMA BHIKKHŪS

"මේ හෙළ දිවැ මෑතෙක පහළ වූ ධර්මධරයන්, පඬිවරුන්, ධර්මකථිකයන්, සිල්වතුන් ටික දෙනා අතරැ අන් කිසිවකුට නොදෙවෙනි ශ්‍රෙෂ්ඨ බුද්ධ...
19/03/2025

"මේ හෙළ දිවැ මෑතෙක පහළ වූ ධර්මධරයන්, පඬිවරුන්, ධර්මකථිකයන්, සිල්වතුන් ටික දෙනා අතරැ අන් කිසිවකුට නොදෙවෙනි ශ්‍රෙෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හැටියට, ටික කලකට පෙරැ අපවත් වී වදාළ, අප විසිනුදු ආචාර්යත්වයෙහි ලා සලකන ලද - පැලෑනේ වජිරඤාණ මහා නා හිමිපාණෝ ඔබ ගැන දත් හැම දෙනා විසින් ම සම්මානිත වූහ. උන්වහන්සේ ගේ ශිෂ්‍යවරුන් අතරෙහි, 'මේ අසෝ මහ නා හිමිපාණන් ගේ සිසුවර කෙනෙකැ' යි නො බා අත දිගු කොට පෙන්විය හැකි කිහිප නම අතුරෙන් කෙනෙකි මඩිහේ මහා නා හිමිපාණෝ. උන්වහන්සේ හා අප හා ඇසුර ඇති වූයේ විදුරු නැණ මහ නා හිමිපාණන් අපවත් වීමෙන් ටික කලකට පසු ය. වෙසෙසින් මහ නා පදය ලබනුවට මඳ කලකට පෙරැ දී යැ. අමරපුර නිකායේ හැම කොටස් එකමුතු කිරීමෙහි ලා එක් කොනකට ඔබ කර ගැසූ සමය අපට මතක ය. එයින් මෑත නොයෙක් විට හමු වී කතා බහ කිරීම නිසා, අප ඇසුරට බට කාලසීමායෙන් මෙහා, මෙතෙක් ලත් අත්දැක්මෙන් "මඩිහේ මහා නා හිමියෝ කෙබඳු කෙනෙක් දැ' යි හොඳට දනුම්හ."

— • අභිධජ මහාරට්ඨගුරු‍, අග්ගමහාපණ්ඩිත අතිපූජනීය බළන්ගොඩ ආනන්ද මෛ⁣ත්‍රෛය මහානායක මාහිමිපාණන් වහන්සේ.

© BAMBALAPITIYA SIRI VAJIRĀRĀMAYA
VAJIRARAMA BHIKKHŪS

"නාචින්තයන්තො පුරිසො විසෙස මධිගච්ඡති.නොසිතනසුලු තැනැත්තේ විශෙෂයට නො පැමිණේ."මිනිසාට සිතක් ඇති බව ඇත්තෙකි. එහෙත් බොහෝ දෙන...
19/03/2025

"නාචින්තයන්තො පුරිසො
විසෙස මධිගච්ඡති.

නොසිතනසුලු තැනැත්තේ
විශෙෂයට නො පැමිණේ."

මිනිසාට සිතක් ඇති බව ඇත්තෙකි. එහෙත් බොහෝ දෙනා සිතක් ඇද්ද නැද්දැයි නො දනිති. එසේ වන්නේ සිත ගැන නො සිතන නිසා ය. සිතක් කියා දැයක් හෝ බලවේගයක්, අරූපී ධර්මයක් ඇති බව ද, එය මෙලොව ඇති හැම වස්තූන්හට ද වඩා උසස් ම උතුම් ම දැය බව ද තේරුම් ගැනීම මැනවි. සිතක් ඇතත් සිතීම අඩුබව පිළිගත් සත්‍යයකි. චින්තකයන් පහළවන්නේ කලාතුරෙකිනි. සිතීම යන මේ ක්‍රියාව කවුරුත් කරති. කුඩා ළමයි ද කරති. හොරුත්, මිනීමරුවොත් සිතති. එහෙත්, ක්‍රමානුකූලව කාරණානුකූලව (යොනිසො මනසිකාරයෙන්) සිතීම අපහසු ය. ඒ සදහා පුහුණුවක් ඇති විය යුතු ය. ලෝකයේ අති අමාරු කරණු වලින් එකකි හරිහැටි සිතීම. යමෙක් හරිහැටි නොසිතතොත් ඔහුට විශේෂ අර්ථයක්, වැඩක් සලසා ගත නො හැකි ය. හරිහැටි සිතන තැනැත්තේ ම විශේෂයකට පැමිණෙන බව සදහන් වන්නේ ඒ නිසා ය.

සිත වශයෙන් දියුණුවූ කවුරුත් අනවශ්‍ය සිතුවිලි ඉවත ලා සිත පාලනය කැරැගෙන හරිහැටි, හොඳහැටි සිතූ නිසා ම එසේ විශේෂයකට පැමිණියහ. හොඳ දෑ ගැන ඉවසිල්ලෙන් හොඳින් සිතන්නට පුරුදු වීම අවශ්‍ය ය. සිතා නොවිමසා ක්‍රියා කිරීමෙන් ලබන ඵලය අල්ප ය. ඇතැම් විට බිහිසුණු ය. උසස්, උතුම් සිතුවිලි, ගැඹුරු අදහස් ඉක්මනට නො ලැබෙති. ඉතා ඉවසීමෙන් කල්ගොසින් ලබා ගත යුත්තකි. එසේ ලබන හැඟීම්, අදහස් අර්ථය පිණිස පවතී.

— අතිපූජ්‍ය වජිරාරාමයේ පියදස්සි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
• සිතුවිලි සියය.

Address

Siri Vajiraramaya, Vajira Road, Colombo 04
Bambalapitiya
00400

Alerts

Be the first to know and let us send you an email when Bambalapitiya Siri Vajirārāmaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share