19/04/2025
මොහඳ දුරුකළ සමත සිරිමත දියත පළ වූ තුමුල විසරද
වරද සරයෙන් දෙසා වදහළ කලණ ගුණධර තෙවල බණපද
සුවඳ පතනල සදිසි ලොවැ බෙදු පවර පුවතර තරිත සඟ ලද
පැණද විදුණැන මගෙහි පිළිපන් විදුරු වෙහෙරෙහි තරිඳු ආනඳ
සිදත සහ දම් පදය දෑතෙහි හොවා සඟ කිස සපුරණා ලද
බණද අණයද දෙවුර හොබවන අමරපුර සඟ විලෙහි හස මැද
නිවන දෙසටම නැමුණු සිතකින් අපිස ගුණයෙහි නැගුණ ගුණදද
අනඳ හිමි සඳ තිරිකුණාමල දහම් රැකි නකයෙහි නැගුණු සඳ
සරණමර දම් කඳෙහි මහිමය පැහැදි ලෝ සත නිවන් ලැබුම ය
අමරපුර තුම් වසෙහි මහිමය බුහුසු දම්ධර සඟුන් ලැබුමය
විදුරරම පින් බිමෙහි මහිමය සසුන හොබනා තෙරුන් ලැබුම ය
පවරසිරි ලක් සසුන් මහිමය අනඳ මහ නා සමිඳු ලැබුම ය
සිතත් හිමි ගුණ ළයත් සැනහෙයි අනුස්සති භාවනාවක් වග
කියත් නම් විදුරරම් පුවතර නොනිම් පුවතෙ කි අනඳ මා වග
දුටත් හිමි රුව මඳස් ලකුණින් හෙළත් සමනෙත කුළුණ සත් වග
ගයත් නම් කල්පයක් නිමවත් පවත් අවසන් නොවෙත් ගුණ වග
බම්බලපිටිය සිරි වජිරාරාමාධීපති, අමරපුර සිරි ධර්මරක්ෂිත
මහා නිකායයේ මහානායක, පරම පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද
මහානායක මාහිමිපාණන් වහන්සේගේ අදට යෙදෙන සත් සැට
වන ජන්ම දිනය නිමිත්තෙනි.