Vesak Perahara Balapitiya - වෙසක් පෙරහැර බළපිටිය

Vesak Perahara Balapitiya - වෙසක් පෙරහැර බළපිටිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vesak Perahara Balapitiya - වෙසක් පෙරහැර බළපිටිය, Buddhist Temple, Galle Road, Balapitiya.

බිනර පුර පසළොස්වක පොහොය අදයිබිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේභික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැද...
17/09/2024

බිනර පුර පසළොස්වක පොහොය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම දිනය හැඳින්වෙයි.

ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවත් සඳහන්ව තිබේ.

එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සලකනු ලබයි.

බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් ද සංවිධාන වී තිබේ.

මේ අතර එෆ් දෙරණ අසපුව බිනර පොහෝදා සජීව විකාශය අද දෙරණ 24 පැය ප්‍රවෘත්ති නාලිකාව සමගින් සජීවී සමගාමී විකාශයක් ලෙස ඕපනායක අකරැල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිට දවස පුරා පැවැත්වීමටද නියමිතව තිබේ.

07/09/2024
බෞද්ධ දර්ශනය ලොව පතල කරන්න වෙනම ආයතනයක්(අංජුල මහික වීරරත්න)ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ දර්ශනයත් මෙරට ඉතිහාසය, ශිෂ්ටාචාරය සහ බ...
08/07/2024

බෞද්ධ දර්ශනය ලොව පතල කරන්න වෙනම ආයතනයක්
(අංජුල මහික වීරරත්න)

ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ දර්ශනයත් මෙරට ඉතිහාසය, ශිෂ්ටාචාරය සහ බුදු දහම ලෝකයේ ව්‍යාප්ත වීම පිළිබඳව අධ්‍යයනය කළ හැකි සහ පාලි, සංස්කෘතික ඇතුළු භාෂා දැනුම වර්ධනය කර ගත හැකි නව ආයතනයක් මෙරට ස්ථාපිත කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉතිහාසයේ අනුරාධපුර මහා විහාරය සිදු කළ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම එහි අරමුණ බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදිකතෘ සැමරුම් උත්සවයට එක් වෙමිනි.

වසර 222ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළ සියලුම ආදිකර්තෘන් වහන්සේලා සිහිකරමින් අමරපුර දිනය සමරනු ලැබු අතර සබරගමුව අමරපුර සාමග්‍රී සංඝ සභාව විසින් මෙය සංවිධානය කර තිබිණි.

මහෝපාධ්‍යාය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානාහිමියෝ උත්සවයේ මුලසුන හෙබවූහ.

22/05/2024
නවම් පුර පසළොස්වක පොහොය අදනවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට (23) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තන...
23/02/2024

නවම් පුර පසළොස්වක පොහොය අද

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට (23) යෙදී තිබේ.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇතිවූ දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

මේ අතර කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍ය අද සහ හෙට (24) වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ.

එෆ්.එම්. දෙරණ අසපුව නවම් පොහොය සජීව විකාශය අද දවස පුරා කටුගස්තොට වේගිරිකන්ද ශ්‍රී සාරානන්ද විහාරස්ථානයේ දී පැවැත්වෙයි.

111 වන වරට පැවැත්වෙන අසපුව පොහොය වැඩසටහනේදී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් සජීවී ලෙස එෆ්. එම්. දෙරණ ඔස්සේ විකාශය කෙරෙයි.

ඇතුල්වීම නොමිලේ
02/02/2024

ඇතුල්වීම නොමිලේ

සුභ උදෑසනක් වේවා 💗🙏 සුභ දවසක් සියලු දෙනාටම 💗🙏 ජයග්‍රාහී දිනයක් වේවා 💗🙏
02/02/2024

සුභ උදෑසනක් වේවා 💗🙏
සුභ දවසක් සියලු දෙනාටම 💗🙏
ජයග්‍රාහී දිනයක් වේවා 💗🙏

Address

Galle Road
Balapitiya
80550

Website

Alerts

Be the first to know and let us send you an email when Vesak Perahara Balapitiya - වෙසක් පෙරහැර බළපිටිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share