26/05/2026
කූරගල "අසදිස ශාක්‍ය සුගත" මහ සෑ රජුන්ගේ තීන්ත ආලේප කිරීමේ අසිරිමත් පිංකම✨🌼🙏🏻
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐
එළඹෙන වෙසක් පුරපසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ විසින් පසුගිය මැයි මස 23 හා 24 වන දෙදින පුරාවට අපරිමිත වූ ශ්‍රද්ධාව පෙරදැරිව අප කූරගල "අසදිස ශාක්‍ය සුගත" මහ සෑ රජුන්ගේ තීන්ත ආලේප කිරීමේ අසිරිමත් පිංකම සිදු කරන්නට යෙදුණි.
කාළගුණයෙන් ඇතිවූ දැඩි අසීරුතා මධ්‍යයේ වුවද දිවා රෑ නොබලමින් මහත් වෙහෙසක් හා කැපකිරීමක් දරමින් ඔවුනගේ ශ්‍රමය වැය කරමින් මෙන්ම මෙහි සම්පූර්ණ පිරිවැය දරමින් ඔවුන් මෙම සත් කටයුත්ත මහත් ඕනෑකමින් සිදු කරන්නට යෙදුණ අතර මේ සදහා කාලය වැය කරමින් ශ්‍රමයෙන්, ධනයෙන් දායකත්වය සැපයූ ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු සමූහයේ සියලුම දෙනාට අපගේ ගෞරවනීය කෘතඥතාවය හා උතුම් ත්‍රිවිධ රත්නයෙහි ආශීර්වාදය පළකර සිටින්නෙමු.
සම්බුද්ධ සාසනය වෙනුවෙන් තව තවත් මෙවැනි මහත්වූ පිංකම් සිදු කරන්නට ඔවුනට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවායි අප ප්‍රාර්ථනය කරන්නෙමු.
තෙරුවන් සරණයි!!!🌸☸️🙏🏻
සසුන් කෙත අස්වද්දමු🌼