Poojalena Aranya Senasanaya

Poojalena Aranya Senasanaya This is the Official page of Poojalena Aranya Senasanaya.

12/05/2023
බු. ව 2567 ක් වූ වෙසක් පොහෝ දින පූජාලෙන ආරණ්‍ය සේනාසනය සිදුකළ පිංකම් මාලාව
06/05/2023

බු. ව 2567 ක් වූ වෙසක් පොහෝ දින පූජාලෙන ආරණ්‍ය සේනාසනය සිදුකළ පිංකම් මාලාව

28/04/2023

මුදුචිත්ත (අථවා පන්දන) සූත්‍රය
“මහණෙනි, යම් කිසි වෘක්ෂ වර්ගයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් මෘදු බැවින් හා කටයුත්තකට සුදුසු බැවින් කොළොම් ගස යම්සේ අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි එපරිද්දෙන්ම වඩනලද, නැවත නැවත පුරුදු කරණ ලද සිත හා, සමාන මෘදුබව හා කටයුත්තට සුදුසු බව ඇති අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි මහණෙනි’ වඩන ලද නැවත නැවත පුරුදුකරණලද සිත මෘදුවද වේ, කටයුත්තට සුදුසුද වේ.”

ලහුපරිවත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වහා ඉපිද වහා නැසෙන ස්වභාවද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත කොතරම් වහා ඉපිද වහා නස්නා ස්වභාවද යත්, ඊට උපමාවකුදු පහසු නොවේ.”

උපක්කිලිට්ඨචිත්ත සූත්‍රය.
“මහණෙනි, මේ සිත පැහැ විහිදුවන්නේය. එය වනාහි ආගන්තුකවූ (රාගාදි) උපක්ලෙශයන් විසින් කිලිටි කරණ ලද්දේය.

විප්පමුත්තචිත්ත සූත්‍රය.
“මහණෙනි, මේ සිත වනාහි ආගන්තුකවූ (රාගාදි) උපක්ලෙශයන් ගෙන් හාත්පසින් මිදුනේය.

13/04/2023

සිත පිළිබඳ වදාළ දෙසුම්

අංගුත්තර නිකායේ ඒකක නිපාතය
අකම්මනීය වර්ගය

අකම්මනීය සූත්‍රය.
“මහණෙනි, යම්සේ නොවඩනලද සිත කර්මයට යෝග්‍ය නොවේද, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ කර්මයට යොග්‍ය නොවේ.”

කම්මනීය සූත්‍රය.
“මහණෙනි, යම්සේ වඩනලද සිත කර්මයට යොග්‍ය වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩනලද්දේ කටයුත්තට යොග්‍යවේ.”

මහානත්ථ සූත්‍රය.
“මහණෙනි, යම්සේ නොවඩන ලද සිත මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”

මහත්ථ සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වඩනලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩනලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”

අපාතුභූත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළ නොවූයේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පහළ නොවන ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී.”

පාතුභූත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”

අබහුලීකත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ නැවත නැවත පුරුදු නොකරණ ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී.”

බහුලීකත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිතවඩන ලද්දේ පුරුදු කරණ ලද්දේමහත් අර්ථය පිණිස පවතී.”

දුක්ඛාවහචිත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ පුරුදු නොකරණ ලද්දේ දුක් (පමුණුවන්නේ) වේද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පුරුදු නොකරණ ලද්දේ දුක් පමුණුවන්නේ වේ.”

සුඛාවහචිත්ත සූත්‍රය.
“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ සැප පමුණුවන්නේ වේද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ සැප පමුණුවන්නේ වේ.”

10/04/2023

_අංගුත්තර නිකායේ එකකනිපාතපාළියෙ නීවරණ වර්ගය_

*කාමච්ඡන්දුප්පාද සූත්‍රය.*
“මහණෙනි, යම් සුභ නිමිත්තක් (රාගය ඇති කරණ අරමුණක්) නිසා නූපන් කාම ආශාව උපදීද, උපන්නාවූ කාම ආශාව නැවත නැවත ඉපදීම හා විශාලලෙස රැස්වීම වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, රාගය ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙණෙහි කරන්නා තුළ නූපන් කාමආශාවක් උපදී, උපන්නාවූ කාමආශාවෙහි බහුලභාවය හා විශාල භාවයත් ඇතිවන්නේය.”

*ව්‍යාපාදුප්පාද සූත්‍රය.*
“මහණෙනි, සිතෙහි නුරුස්නා බව ඇතිකරණ යම් අරමුණක් නිසා නූපන් ක්‍රෝධය උපදී ද, උපන්නාවූ ක්‍රෝධයෙහි නැවත නැවත ඉපදීම හා විසාලලෙස රැස්වීම ඇති වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, සිතෙහි නුරුස්නා බව ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙනෙහිකරන්නා තුළ (කලින්) නූපන් ආශාවත් උපදී, උපන්නාවූ ආශාවත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ”

*ථීනමිද්ධුප්පාද සූත්‍රය.*
“මහණෙනි, යම්සේ කුශලධර්මයන්හි නොඇලීම, අලස බව, ඇඟමැලිකැඩීම, බත්මත, සිතෙහි හැකුළුණු බව යන මේ කරුණු නිසා නූපන් ථීනමිද්ධය (සිතෙහි අලස බව හා කයෙහි අලස බව) උපදී ද, උපන්නාවූ ථීනමිද්ධයෙහි බහුලභාවය විපුලභාවය ඇතිවන්නේ ද, මහණෙනි, එබඳු වූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, මැලි සිත් ඇත්තා කෙරෙහි නූපන් ථීනමිද්ධයත් උපදී, උපන්නාවූ ථීනමිද්ධයෙහි බහුලභාවය හා විපුලභාවයත් ඇතිවන්නේය.”

*උද්ධච්චකුක්කුච්චුප්පාද සූත්‍රය*
“මහණෙනි, යම්සේ සිත්හි නොසංසිඳුනු බව නිසා නූපන් උද්ධච්චකුක්කුච්චය උපදී ද, උපන් උද්ධච්චකුක්කුච්චය හෝ බහුලභාවයට හා විපුලභාවයට පැමිණේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. නොසන්සුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී, උපන් උද්ධච්චකුක්කුච්චයත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ.”

*විචිකිච්ඡුප්පාද සූත්‍රය.*
“මහණෙනි, යම්සේ අයෝනිසෝමනසිකාරය (අනුවණින් වැරදිලෙස මෙනෙහිකිරීම) නිසා නූපන් විචිකිච්ඡාව (සැකය) හෝ උපදී ද, උපන් විචිකිච්ඡාව හෝ බහුලභාවයට හා විපුලභාවයට පැමිණේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. අනුවණින් වැරදිලෙස මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් විචිකිච්ඡාවත් උපදී, උපන් විචිකිච්ඡාවත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ.”

*කාමච්ඡන්දප්පහාන සූත්‍රය.*
“මහණෙනි, යම්සේ අසුභනිමිත්තක් (රාගය තුනී කරණ අරමුණක්) නිසා නූපන් කාමච්ඡන්දය (පඤ්චකාමයන් කෙරෙහි ආසාව) හෝ නූපදී ද, උපන් කාමච්ඡන්දය හෝ විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි අසුභ නිමිත්ත නුවණින් මෙනෙහිකරන්නා තුළ (පෙර) නූපන් කාමච්ඡන්දයත් නූපදන්නේය, උපන් කාමච්ඡන්දයත් විනාසයට යන්නේය.”

*ව්‍යාපාදප්පහාන සූත්‍රය.*
“මහණෙනි, යම්සේ මෛත්‍රීසහගතව මිදුනු සිත නිසා නූපන් ක්‍රෝධය හෝ නූපදීද, උපන්නාවූ ක්‍රෝධය හෝ විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මෛත්‍රීසහගතව මිදුනු සිත නුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් ක්‍රෝධයත් නූපදන්නේය, උපන් ක්‍රෝධයත් විනාසයට යන්නේය”

*ථීනමිද්ධප්පහාන සූත්‍රය.*
“මහණෙනි, යම්සේ ප්‍රථමාරම්භ වීර්‍ය්‍යය, කුසීතභාවයෙන් තොරවූ ඊට වඩා බලවත් වීර්‍ය්‍යය, මතු මත්තෙහි සම්පතට පමුණුවමින් උපදනා ඊටත් වඩා බලවත්වූ වීර්‍ය්‍යය නිසා නූපන් ථීනමිද්ධය හෝ නූපදීද, උපන් ථීනමිද්ධය හෝ විනාසයට යේද මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, පරිපූර්ණ වූද අල්වාගන්නාලද්දාවූද වීර්‍ය්‍යය ඇත්තා තුළ නූපන් ථීනමිද්ධයත් නූපදී, උපන් ථීනමිද්ධයත් විනාසයට යයි.”

*උද්ධච්චකුක්කුච්චප්පහාන සූත්‍රය.*
“මහණෙනි, යම්සේ සිතෙහි සංසිඳවීම නිසා නූපන් උද්ධච්චකුක්කුච්චය හෝ නූපදීද, උපන් උද්ධච්චකුක්කුච්චය හෝ විනාසයටයේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණ කුදු මම නොම දකිමි. මහණෙනි, සන්හුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී, උපන් උද්ධච්චකුක්කුච්චයත් විනාසයට යයි.”

*විචිකිච්ඡප්පහාන සූත්‍රය.*
“මහණෙනි, යම්සේ (යෝනිසෝමනසිකාරය) නුවණින් මෙනෙහිකිරීම නිසා නූපන් සැකය හෝ නූපදීද, උපන් සැකය හෝ විනාසයටයේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් සැකයත් නූපදී, උපන් සැකයත් විනාසයට යයි”

25/02/2023
පූජාලෙන ආරණ්‍ය සේනාසනය කඨින පිංකම 2022
01/11/2022

පූජාලෙන ආරණ්‍ය සේනාසනය කඨින පිංකම 2022

Address

Kirimatiyawala
Badureliya

Telephone

+94711562520

Website

Alerts

Be the first to know and let us send you an email when Poojalena Aranya Senasanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Poojalena Aranya Senasanaya:

Share