19/05/2024
බද්දේගම ෆෙඩෘවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිකාරි පූජ්‍ය මුලනේ රතනරංසි හිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා අප්‍රතිහත ධෛර්ය ද,කැපවීමෙන් ද,
බොහෝ පින්වතුන්ගේ සහයෝගයෙන් ඉදිකිරීම් නිමකරමින් පවතින සුවිශාල චෛත්‍යරාජයාණන් වහන්සේගේ නිදන් වස්තු තැන්පත් කිරීම 2024 මැයි මස 20 දින උදේ (එනම් හෙට) 10.05 ට යෙදෙන සුභ මොහොතින් සිදුකෙරේ .
මෙම පුණ්‍යවන්ත අවස්ථාට සහභාගීවී පිං රැස්කර ගන්න.
ඔබගේ පින්වන්ත දෑතින් නිදන් වස්තු තැන්පත්කර වෙහෙර වහන්සේගේ ඉදි වැඩ අවසන් කිරීමට සහයෝගය ලබාදෙන්න .
මේ අනගි අවස්ථාව මග නොහරින්න.
තෙරුවන් සරණයි .
විහාරාධිපති ,
පූජ්‍ය උනන්විටියේ පේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා දායක පින්වතුන්.