St.Theresa's Catholic Youth Association - Dehigahapitiya

St.Theresa's Catholic Youth Association - Dehigahapitiya Youth Association

“මාගේ සිතට එකඟ එඬේරුන් මම ඔබට දෙන්නෙමි.”         ජෙරමියා 3:15අපගේ මීසම් පවුලේ නව මීසම් භාර පූජකතුමා ලෙස ගරු ශ්‍රීලාල් ප්...
09/08/2026

“මාගේ සිතට එකඟ එඬේරුන් මම ඔබට දෙන්නෙමි.” ජෙරමියා 3:15

අපගේ මීසම් පවුලේ නව මීසම් භාර පූජකතුමා ලෙස ගරු ශ්‍රීලාල් ප්‍රනාන්දු පියතුමා අද දින සාදරයෙන් හා මහත් ප්‍රීතියෙන් පිළිගැනීමට ලැබීම අප සැමට මහත් ආශිර්වාදයකි.

අප මීසම් ජනතාවගේ අධ්‍යාත්මික ජීවිතය ශක්තිමත් කරමින්, විශ්වාසයෙන්, ප්‍රේමයෙන් හා එකමුතුවෙන් අපව මෙහෙයවීමට අවශ්‍ය ප්‍රඥාව, ශක්තිය සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මඟපෙන්වීම පියතුමා වෙත අඛණ්ඩව ලැබේවායි අපි යාච්ඤා කරමු🙏🏻🕊️

එමෙන්ම, පසුගිය මාසය පුරා අපගේ මීසම ආදරයෙන් හා කැපවීමෙන් රැකබලා ගනිමින්, අප සමඟ සිටි ගරු නිර්මාල් ප්‍රනාන්දු පියතුමා වෙත අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. පියතුමාගේ ආදරණීය සහභාගීත්වය, මඟපෙන්වීම, යාච්ඤාවන් සහ අපගේ මීසම් පවුල වෙනුවෙන් කළ සේවය අපි කෘතඥතාපූර්වකව සිහිපත් කරමු. පියතුමාගේ ඉදිරි පූජක සේවය සඳහා දේව ආශිර්වාදය බහුලව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

අපගේ මීසම් ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන මෙම මොහොතේ, ක්‍රිස්තුස් වහන්සේ තුළ එකම පවුලක් ලෙස, විශ්වාසයෙන් හා ප්‍රේමයෙන් එකමුතුව ඉදිරියට යාමට අප සැමට දේව කරුණාව ලැබේවා!

ගරු ශ්‍රීලාල් ප්‍රනාන්දු පියතුමනි, අපගේ මීසම් පවුල වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🤍⛪️

ස්තුතියි ගරු සම්පත් පියතුමනි 🙏🏻💙පසුගිය මාස 18ක කාලය තුළ අපගේ දේවස්ථානය තුල විශ්වාසයේ මඟපෙන්වන්නෙකු ලෙස, කරුණාවෙන් හා නිහ...
05/07/2026

ස්තුතියි ගරු සම්පත් පියතුමනි 🙏🏻💙

පසුගිය මාස 18ක කාලය තුළ අපගේ දේවස්ථානය තුල විශ්වාසයේ මඟපෙන්වන්නෙකු ලෙස, කරුණාවෙන් හා නිහතමානී සේවයකින් අප සමඟ සිටි ඔබට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු!

අපගේ ආධ්‍යාත්මික ජීවිතය ශක්තිමත් කළ ඔබගේ මඟපෙන්වීම, තරුණ සමිතියේ අපට සහා මීසම් සංගයේ සියළුම දෙනාට ලබාදුන් සෙනෙහස අප සැමගේ හදවතේ සදාකාලිකව රැඳෙනු ඇත.

ඔබගේ නව සේවාව සඳහා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බහුලව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ස්තුතියි පියතුමනි
ජේසු පිහිටයි✝️

On this day, we remember the innocent lives lost in the Easter Sunday attacks. We pray for eternal rest, for healing, an...
21/04/2026

On this day, we remember the innocent lives lost in the Easter Sunday attacks. We pray for eternal rest, for healing, and for lasting peace in our nation🇱🇰!

May their souls rest in peace. 🕊️
May love always be stronger than hatred✨

05/04/2026

ආලේලූයියා හෝසන්නා🕊️🤍🙏🏻

He is Risen….and with Him, hope is reborn🕊️🤍From darkness to light, from sorrow to joy,Easter reminds us that hope alway...
05/04/2026

He is Risen….and with Him, hope is reborn🕊️🤍

From darkness to light, from sorrow to joy,
Easter reminds us that hope always wins.
Have a blessed Easter🙏🏻🤍

ලෝ දනන් ගලවන ලෙස තම දිවිය පුදදුන් ප්‍රේමයේ මහා ජීවිත පූජාව!මහා සිකුරාදා දේව මෙහෙය සහ පාදනමස්කාරය🙏🏻✝️
03/04/2026

ලෝ දනන් ගලවන ලෙස තම දිවිය පුදදුන් ප්‍රේමයේ මහා ජීවිත පූජාව!

මහා සිකුරාදා දේව මෙහෙය සහ පාදනමස්කාරය🙏🏻✝️

Our sincere regards to everyone who joined and supported the Lenten Spiritual Program”ජේසුයි මමයි”✝️A special word of gr...
16/03/2026

Our sincere regards to everyone who joined and supported the Lenten Spiritual Program
”ජේසුයි මමයි”✝️

A special word of gratitude to Rev. Fr. Nirmal Fernando for leading us in this beautiful time of reflection and spiritual renewal.

We also thank all the Youth Association members, church choir, and parishioners who contributed their time and effort to make this program a success.

May God’s blessings be with you always🙏

ජේසුයි මමයි - චතාරික ගීත භාවනා වැඩසටහන✝️ ඔබ සැමට ආරාධනා🙏🏻
14/03/2026

ජේසුයි මමයි - චතාරික ගීත භාවනා වැඩසටහන✝️
ඔබ සැමට ආරාධනා🙏🏻

අද දින ශාන්ත තෙරේසා දෙව්මැදුර දෙහිගහපිටිය - තරුණ සංගමය විසින් සංවිධානය කළ Fundraiser Car Wash වැඩසටහන, දෙවියන් වහන්සේගේ ...
23/02/2026

අද දින ශාන්ත තෙරේසා දෙව්මැදුර දෙහිගහපිටිය - තරුණ සංගමය විසින් සංවිධානය කළ Fundraiser Car Wash වැඩසටහන, දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සාර්ථකව නිමාවට පත් විය 💙🚗✨

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අපට සහය වූ මීසම්භාර පියතුමා සහ මීසමේ ජනතාව ද, තම වාහන ගෙනවිත් අපට සහය දුන් සියලු දෙනාටද, අපගේ උත්සාහය අගය කරමින් ශක්තියක් වූ සියලු දෙනාටද අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. විශේෂ ස්තුතියක් සුනිල් මාමාට සහ රොසිටා නැන්දාට, මෙම වැඩසටහන පැවැත්වීමට ඔවුන්ගේ ඉඩම් භූමිය, ජල සැපයුම සහ විදුලිය අපට භාවිතා කිරීමට අවසර දුන් කරුණාව වෙනුවෙන්. ඔබගේ උදාර සහය නොමැතිනම් මෙය සිදු කළ නොහැකි විය. හට් එක ලබාදුන් ෆැරැන්සිස් මාමටද අපගේ ස්තුතිය පුදකරනවා. එසේම අපගේ තරුණ තරුණියන් සඳහා දිවා ආහාර සපයමින් ආදරයෙන් සහය දුන් තිරිස් නැන්දා, සිතාරා නැන්දා, තෙරේසා නැන්දා සහ රමණි නැන්දාට අපගේ ගැඹුරු ස්තුතිය පුද කරමු.

ආදරණීය තරුණ පවුලේ සියලු දෙනාට, මෙම වැඩසටහනේදී ඔබ සැම දක්වූ මහන්සියත්, කැපවීමත් සඳහා හෘදයාංගම ස්තුතිය. ඔබගේ එකමුතුකම, උද්යෝගය සහ සහයෝගය නිසා මෙම වැඩසටහන සාර්ථක විය. තවද, සෑම ආකාරයකින් සහය දුන්, දායක වූ සහ අපට උද්යෝගය දුන් සියලු දෙනාටත් අපගේ කෘතඥතාවය පිරිනමමු.

දෙවියන් වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරත්වා 🙏
ජේසු පිහිටයි!

ශාන්ත තෙරේසා තරුණ සමිතිය
දෙහිගහපිටිය

Address

St. Thresa's Church/Dehigahapitiya
Avissawella
10700

Website

Alerts

Be the first to know and let us send you an email when St.Theresa's Catholic Youth Association - Dehigahapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Theresa's Catholic Youth Association - Dehigahapitiya:

Shortcuts

Share