Mihintale St.Anthony's Church

Mihintale St.Anthony's Church This is St.Anthony's catholic church situated in Mihinthale,Sri Lanka.

වැඩිහිටි දිනය 2023 ශු.අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය මිහින්තලේ ✝️🤍සංවිධානය - තරුණ සමිතිය
27/10/2023

වැඩිහිටි දිනය 2023 ශු.අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය මිහින්තලේ ✝️🤍

සංවිධානය - තරුණ සමිතිය

❤️🙏
24/10/2023

❤️🙏

27/09/2023

Please like and comment to make our church the winner…..

ශුද්ධ වූ තෙරේසා හෝ ජේසුගේ කුඩා මල, මුල් නම Marie-Françoise-Thérèse Martin, ඉපදුනේ 1873 ජනවාරි 2 වෙනිදා ප්‍රංශයේ Alençon ...
01/10/2022

ශුද්ධ වූ තෙරේසා හෝ ජේසුගේ කුඩා මල, මුල් නම Marie-Françoise-Thérèse Martin, ඉපදුනේ 1873 ජනවාරි 2 වෙනිදා ප්‍රංශයේ Alençon කියන ගමේදී. 1897 සැප්තැම්බර් 30 වන දින ඇය මිය ගියා; ඒ කියන්නේ අවුරුදු 24ක්‌ වෙද්දී මේ පුංචි මුනිවරිය ජේසු ලඟට ගියා. අද ඔක්තෝබර් 1 වෙනිදා අපි එතුමියගේ මංගල්‍ය සමරන දිනයයි.
කාර්මේල් කන්‍යා සොහොයුරිය නිකායට බැඳිලා රෝමානු කතෝලික ශාසනයට කරපු සේවය, බාහිරව කැපී නොපෙනුනත් පස්සේ ඒ දේවල් වල තිබ්බ ආදර්ශමත් අධ්‍යාත්මික ජයග්‍රහණ සභා මාතාව පිළිගත්තා. ඇය 1997 දී දෙවන ජුවාම් පෝල් පාප් වහන්සේ විසින් පල්ලියේ වෛද්‍යවරියක් ලෙස නම් කරලා තියනවා. ඒ ඇය විසින් ඇයගේ ජීවිතය ගැනවත් නොහිතා රෝගීන් වෙනුවෙන් කරපු උපස්ථාන නිසා. ඒ විතරක් නෙමෙයි ඇය දූත මණ්ඩලවල සහ මල් සැරසිලි කරුවන්ගේ අනුශාසක සාන්තුවරියයි. එතුමිය භාග්‍යවරයට එසවීම සිදු කරේ 1923 අප්‍රේල් 29 වන දින අති උතුම් එකොළොස්වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් ඒ වගේම ශුද්ධවන්ත භාවයට එසවීම 1925 මැයි 17 වන දින එකොළොස් වන පියුස් ශුද්ධෝත්තම හිමිපාණන් සිදු කරා.

ජේසුනි,
ඔබ මාගේ සෑම දෙයක්ම වන්න. මා ඔබගෙන් ඉල්ලන එකම දෙය සාමය හා ආදරයයි.දේව ආදරය සීමාවක් නැතිව ඒ සැමට වඩා මා තුලින් මා නොව ඔබ පමණක් දකින්නට සලස්වන්න.
- ලිසියේ ශුද්ධ වූ තෙරේසා මුනිවරිය.

අද දින දොමිනිකානු පැවිදි සොහොයුරියන් හා ගිහි සංගයේ සහභාගිත්වයෙන් පැවති වැඩසටහන. ඔබ සියලු දෙනාට අප වෙනුවෙන් කැපවුණු මෙම ද...
14/03/2021

අද දින දොමිනිකානු පැවිදි සොහොයුරියන් හා ගිහි සංගයේ සහභාගිත්වයෙන් පැවති වැඩසටහන. ඔබ සියලු දෙනාට අප වෙනුවෙන් කැපවුණු මෙම දුතකාර්ය උදෙසා දේව ආශීර්වාදය ලැබේවා.

ඡායරූප

ජේසු අම්මේ, සියලු සාන්තුවරයනි, අප නිසා යාච්ඥා කල මැනව.
02/12/2020

ජේසු අම්මේ, සියලු සාන්තුවරයනි, අප නිසා යාච්ඥා කල මැනව.

ආගමන කාලය”ආගමන කාලය” වනාහී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති මංගල්‍යය වන නත්තල් දිනට පෙර සති 4 ක් පුරා සිදු කරන ආධ්‍ය...
29/11/2020

ආගමන කාලය

”ආගමන කාලය” වනාහී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති මංගල්‍යය වන නත්තල් දිනට පෙර සති 4 ක් පුරා සිදු කරන ආධ්‍යාත්මික සූදානම්වීමේ කාල පරිච්ඡේදයකි. “ආගමනය” යන වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් Advent යන්න භාවිත වේ. මෙය ලතින් භාෂාවේ “ඇඩ්වෙන්ටුස්” [Adventus] යන්නෙන් බිඳී එන්නකි. මෙම වචනයේ අර්ථය නම් “සම්ප්‍රාප්තිය” හෙවත් “පැමිණීම” [Coming] යන්නය. මෙම “ඇඩ්වෙන්ටුස්” නමැති ලතින් වචනය බිහිවීමට බලපෑවේ සාන්ත පාවුළු තුමා නිතර භාවිත කර ඇති “පරූසියා” [Parousia] යන ග්‍රීක වචනයයි. මෙහි අර්ථය ද “නැවත වැඩම කිරීම” යන්න ය. මේ අනුව කිතුනුවෙකුට ආගමන කාලය යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම බලා සිටින අපේක්ෂාවේ කාල පරිච්ඡේදයකි. එම පැමිණීම ගෞරවාන්විතව පිළිගැනීම සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වන කාලයකි.

ආගමන ඉටි පහන් කළඹ – [Advent Candle Wreath]

සදා හරිත වර්ණ තුරු වැල් වලින් හෝ කෘත්‍රිම තුරු වැල් ඔතා මල් වලින් සැරසූ වෘත්තාකාර හැඩයකින් සෑදූ කළඹක හරි මැද සුදු ඉටි පහනක් ද, ඒ වටා දම් පැහැති ඉටි පහන් 3 ක් හා රෝස පැහැති ඉටි පහනක් ද වශයෙන් (ඉටි පහන් 5 ක්) සවිකර සකසන අලංකාර කුඩා සැරසිල්ල “ආගමන ඉටි පහන් කළඹ” [Advent Candle Wreath] නම්වේ. මෙය සාමාන්‍යයෙන් ආගමන කාලයේ පළමු ඉරු දින කතෝලික දෙව්මැදුරු සෑම එකකම සකස් කර පූජාසනය අසළ තබා ඉරු දින 4 ක් පුරා හා දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව තුළ ඉටි පහන බැගින් දැල්වීම කරන්නකි. මෙම ඉටි පහන් කළඹ නව ජනවන්දනා වර්ෂයක ආරම්භය ප්‍රකාශ කරන අතර, මනස්ස්ථාපනය හා ගැළවීමේ අපේක්ෂාව සංඛේතවත් කරයි.
ඉටි පහන් දැල්වීමේ අර්ථය නම්, ජේසුස් ස්වාමින් වහන්සේ මිනිසත්බව ගැනීම මගින් පාපයෙන් හා නපුරෙන් අඳුරු වී ගිය ලෝකයට ආලෝකයක් වූ බව සංඛේතවත්ව ප්‍රකාශ කිරීම ය. එම ක්‍රිස්තු ආලෝකයෙන් අපගේ ජීවිත ආලෝකමත් කර ගෙන අප ජීවත් වන සමාජයට අප ආලෝකයක් විය යුතු බව ද පසක් කරයි. සති 4 ක් පුරා ඉටි පහන් දැල්වීම තුළින් පාපී අඳුර, පාපයේ භිතිය, අපේක්ෂා භංගත්වය හා නපුරේ බල සිඳ බිඳ දැමීම සඳහා ජේසුස් වහන්සේ ලොවට මානව විමුක්තියේ ආලෝකය වූ බව බව ප්‍රකාශ කරයි.

🎀පළමුවන ඉටි පහන –
දිවැසිබවේ හා අපේක්ෂාවේ ඉටි පහන – [The Candle of Prophecy and Hope]
ඉහත නමින් හඳුන්වන දම් පැහැති මෙම ඉටි පහන මෙසියස් තුමාගේ (ජේසුස් ස්වාමින් වහන්සේගේ) පැමිණීම පිළිබඳව දෙවියන් වහන්සේ දිවැසිවරුන් ලවා කියවූ අනාවැකි අනාවරණය කරන්නකි. එනිසා ඔවුන් වහන්සේගේ පැමිණීම කෙරෙහි මහත් බලාපොරොත්තුවක් අප තුළ ගොඩ නගයි. [යෙසායා 60 : 1 – 3 අනාවැකිය මතෙව් 24 : 44 තුළින් ඉටු වූ බව පෙන්වයි.]

🎀දෙවන ඉටි පහන –
ක්‍රිස්තු මාර්ගයේ ඉටි පහන – [The Candle of the Christ the Way]
දම් පැහැති මෙම ඉටි පහන ක්‍රිස්තුස් වහන්සේ “ගැළවීමේ, සදාතන ජීවනයේ හා පරිපූර්ණත්වයේ මාර්ගය” බව අපට අනාවරණය කරයි. [මතෙව් 3 : 1 – 2 / ජොහාන් 14 : 6]

🎀තෙවන ඉටි පහන –
ආනන්දයේ ඉටි පහන – [The Candle of Joy]
රෝස පැහැති මෙම ඉටි පහන ජේසුස් ස්වාමින් වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙසින් තම හදවතට පිළිගැනීම තුළින් අත් වන ආධ්‍යාත්මික ප්‍රීතිය අනාවරණය කරයි. [යෙසායා 35 : 10 අනාවැකිය ලූක් 19 : 37 – 38 තුළින් ඉටු වීම පෙන්වයි.]

🎀සිව්වන ඉටි පහන –
සාමයේ ඉටි පහන – [The Candle of Peace]
දම් පැහැති මෙම ඉටි පහන ජේසුස් ස්වාමින් වහන්සේ මිනිස් ශිෂ්ටාචාරය තුළ මිනිසත්බව ගැනීම මගින් ලෝකයටත්, ඔවුන් වහන්සේව පෞද්ගලිකව තම හදවතට පිළිගැනීම තුළින් හිමි වන සාමය හා සංහිඳියාව අපට අනාවරණය කරයි. [යෙසායා 9 : 6 – 7 අනාවැකිය ලූක් 1 : 78b – 79 මගින් ඉටු වී බව පෙන්වයි.]

🎀පස්වන ඉටි පහන –
ක්‍රිස්තු ඉටි පහන හෙවත් නත්තල් ඉටි පහන – [The Christ Candle or Christmas Candle] ආගමන ඉටි පහන් කළඹේ හරි මැද පිහිටි සුදු පැහැති මෙම ඉටි පහන දෙසැම්බර් 24 වෙනිදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ ආරම්භයත් සමගම දල්වන්නකි. මෙය මිනිස් පාප නසාලීමට හා අපව ගළවා ගැනීමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසෙකු ලෙසින් බෙත්ලෙහෙමේ උපත ලැබීම අනාවරණය කරයි. එය පළමු ඉටි පහනින් අනාවරණය කළ දිවැසිවැකි හා ජනතාවගේ මෙසියානික බලාපොරොත්තු සම්පූර්ණත්වයට පත් කිරීමකි. එසේම එය යුගාන්තයේ දී ජේසුස් ස්වාමින් වහන්සේ මහිමාන්විතව හා ජයාන්විතව නැවත මෙලොවට වැඩම කර, දේව රාජ්‍යය පරිපූර්ණත්වයට පත් කිරීමත් අනාවරණය කරයි. [යෙසායා 9 : 2 – 7 අනාවැකිය ලූක් 2 : 11 න් ඉටු වූ බව පෙන්වයි.

Copied : https://biblesinhala.wordpress.com

A 𝙒𝙖𝙧𝙢 𝙒𝙚𝙡𝙘𝙤𝙢𝙚 to our new 𝙋𝙖𝙧𝙞𝙨𝙝 𝙋𝙧𝙞𝙚𝙨𝙩, 𝙍𝙚𝙫. 𝙁𝙧. 𝙎𝙪𝙧𝙚𝙨𝙝.  Let us pray for all our priests, especially in our Diocese, o...
04/11/2020

A 𝙒𝙖𝙧𝙢 𝙒𝙚𝙡𝙘𝙤𝙢𝙚 to our new 𝙋𝙖𝙧𝙞𝙨𝙝 𝙋𝙧𝙞𝙚𝙨𝙩, 𝙍𝙚𝙫. 𝙁𝙧. 𝙎𝙪𝙧𝙚𝙨𝙝. Let us pray for all our priests, especially in our Diocese, on their new missions. We will miss Fr. Felix; surely, he will bring with him our heartfelt thanks and unforgettable joyful moments as a family.... in Mihintale Our Parish, Our Home.

පසුගිය නොවැම්බර් 1 වන දින මිහින්තලේ මීසමේ නව මීසම් භාර පියතුමන් ලෙස ගරු සුරේෂ් පියතුමන් මිහින්තලය ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී, අනුරාධපුර පදවියේ රදගුරු ගරු නෝබට් අන්ද්‍රාදි විසින් පවත්වන ලද දිව්‍ය පූජාවේදී නිළ වශයෙන් පිළිගන්නා ලදී.

අප මීසමට පත්වූ නවක පියතුමන් උදෙසා අප දෙවිඳුන් යදිමු.

Address

Mihinthale
Anuradhapura
50300

Telephone

+94252266720

Website

Alerts

Be the first to know and let us send you an email when Mihintale St.Anthony's Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mihintale St.Anthony's Church:

Share