NoblePath.Net

NoblePath.Net නමෝ බුද්ධාය!!!

→ Youtube: https://goo.gl/mQNy3u
→ Soundcloud: https://goo.gl/eDJ1NS
→ TuneIn: https://goo.gl/y3DZXF
→ Castbox: https://goo.gl/nMLfj6
→ Stitcher: https://goo.gl/tbH9Rk
→ iTunes: https://goo.gl/GoSW5f "දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී,
අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක න

ිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"
(සළායතන සංයුත්තය - උද්දාන ගාථා)

අමාමහ නිවන් සුව පිණිස උපකාරී වන සත්පුරුෂ කල්‍යණමිත්‍ර සේවනය සහ සද්ධර්මශවනය සඳහා වෙන්වූ ධර්ම දානයකි.

- අනුශාෂකත්වය පූජ්‍ය අඹන්පොල ඤාණවිජය හිමි. Noblepath.net නිල වෙබ් පිටුවට පිවිසීමෙන් සියලු ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි ය.

මෙම දේශනා Download කිරිම බෙදා හැරීම අාදී ඔනැම ධර්ම දානමය කටයුත්තක් සඳහා පූර්ණ අවසරය තිබේ.

අලෙවි කිරීම සපුරා තහනම් වේ.

තෙරුවන් සරණයි.

1. “සන්තින්ද්‍රියා සන්තමනසා සන්තං තෙසං ගතං ඨිතංඔක්ඛිත්තචක්ඛු මිතභාණි තාදිසා සමණා මම.2. කායකම්මං සුචී තෙසං වාචාකම්මං අනාව...
05/06/2020

1. “සන්තින්ද්‍රියා සන්තමනසා සන්තං තෙසං ගතං ඨිතං
ඔක්ඛිත්තචක්ඛු මිතභාණි තාදිසා සමණා මම.

2. කායකම්මං සුචී තෙසං වාචාකම්මං අනාවිලං
මනෝකම්මං සුවිසුද්ධං තාදිසා සමණා මම.

3. විමලා සංඛමුත්තාභා සුද්ධා අන්තරබාහිරා
පුණ්ණා සුද්ධේහි ධම්මේහි තාදිසා සමණා මම.

4. ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේන ච ඕනතෝ.
ලාභාලාභේන ඒකට්ඨා තාදිසා සමණා මම.

5. යසේන උන්නතෝ ලෝකෝ අයසේන ච ඕනතෝ.
යසායසේන ඒකට්ඨා තාදිසා සමණා මම.

6. පසංසාය උන්නතෝ ලෝකෝ නින්දාය ච ඕනතෝ.
සමා නින්දා පසංසාසු තාදිසා සමණා මම.

7. සුඛෙන උන්නතෝ ලෝකෝ දුක්ඛෙන ච ඕනතෝ,
අකම්පා සුඛදුක්ඛෙසු තාදිසා සමණා මම.”

1. “මාගේ ශ්‍රමණවරු සන්සුන් ඉඳුරන් ඇත්තෝ ය. සන්සුන් සිත් ඇත්තෝ ය. උන්වහන්සේලාගේ ගමනත් සිටීමත් සන්සුන් ය. උන්වහන්සේලා යටට හෙළන ලද ඇස් ඇත්තෝ ය. පමණට කථා කරන ස්වභාවය ඇත්තෝ ය. මාගේ ශ්‍ර‍මණයෝ එවැන්නෝ ය.

2. මාගේ ශ්‍රමණවරුන්ගේ කායකර්ම පිරිසිදු ය. වාක් කර්ම පිරිසිදු ය. මනඃකර්ම පිරිසිදු ය. මාගේ ශ්‍ර‍මණයෝ එවැන්නෝ ය.

3. මාගේ ශ්‍රමණවරු ඇතුළ පිට දෙකින් ම සක් සේ මුතු සේ නිර්මලයෝ ය. ශුද්ධ වූ ගුණධර්මයන්ගෙන් පිරුණෝ ය. මාගේ ශ්‍ර‍මණයෝ එවැන්නෝ ය.

4. ලෝවැස්සා ලාභය නිසා උඩඟු වන්නේ ය. අලාභය නිසා බැගෑපත් වන්නේ ය. මාගේ ශ්‍රමණවරු ලාභාලාභ දෙක්හි සම ව හැසිනේනේ ය. මාගේ ශ්‍ර‍මණයෝ එවැන්නෝ ය.

5. ලෝවැස්සා පරිවාරසම්පත්තියෙන් උඩඟු වන්නේ ය. පරිවාරසම්පත්තිය නැති වීමෙන් බැගෑපත් වන්නේ ය. මාගේ ශ්‍රමණවරු යසායස දෙක්හි සම ව හැසිරෙන්නෝ ය. මාගේ ශ්‍ර‍මණයෝ එවැන්නෝ ය.

6. ලෝවැසියා ප්‍ර‍ශංසාවෙන් උඩඟු වන්නේ ය. නින්දාවෙන් බැගෑපත් වන්නේ ය. මාගේ ශ්‍රමණවරු නින්දා ප්‍ර‍ශංසා දෙක්හි සම ව පවතින්නෝ ය. මාගේ ශ්‍ර‍මණයෝ එවැන්නෝ ය.

7. ලෝවැසියා සැපයෙන් උඩඟු වන්නේ ය. දුකින් බැගෑපත් වන්නේ ය. මාගේ ශ්‍රමණවරු සැපදුක් දෙක්හි සම ව පවතින්නෝ ය. මාගේ ශ්‍ර‍මණයෝ එවැන්නෝ ය.”

සාදු සාදු සාදු

මෙම ගාථා හමු වන්නේ ධම්මපදට්ඨකතාවේ පකිණ්ණකවග්ගයේ චූළ සුභද්දා වත්ථුවෙහි ය.
පරිවර්තනය පූජනීය රේරුකාණේ චන්දවිමල මහා ස්ථවිරයන් විසින් රචිත ශාසනාවතරණය ග්‍රන්ථයෙනි.

දහම් මගට පිවිසෙමු ධර්මානුශාසාව
https://soundcloud.com/noblepath_net/daham-magata-piwisemu

www.noblepath.net

"සයිංසු යස්මිං සුගතස්ස ධාතු -නිම්මාය රංසුජ්ජල බුද්ධරූපංසුවණ්ණ මාලීති පතීත නාමං -වන්දාමහං ථූපවරං මහග්ඝං"ද්‍රෝණයක් (දහසය න...
07/05/2020

"සයිංසු යස්මිං සුගතස්ස ධාතු -
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං -
වන්දාමහං ථූපවරං මහග්ඝං"

ද්‍රෝණයක් (දහසය නැලියක්) පමණවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පතළවු, ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්, මම නමස්කාර කරමි. නමස්කාර වේවා !

සාධූ! සාධූ!! සාධූ!!!

www.noblepath.net

>>> වෙසක් සතියේ ශ්‍රවණයට දේශනාමනො ප්‍රාසාදය - https://soundcloud.com/noblepath_net/mind-palace?in=noblepath_net/sets/osh...
07/05/2020

>>> වෙසක් සතියේ ශ්‍රවණයට දේශනා

මනො ප්‍රාසාදය - https://soundcloud.com/noblepath_net/mind-palace?in=noblepath_net/sets/oshlclgd4lfv

අසිරිමත් බුදු රජාණන් - https://soundcloud.com/noblepath_net/asirimat-budu-rajanan?in=noblepath_net/sets/oshlclgd4lfv

දම්සක් දෙසුමෙන් හෙලි කළ නිවන් මග - https://soundcloud.com/noblepath_net/damsak-desumen-heli-kala-niwan-maga?in=noblepath_net/sets/oshlclgd4lfv

අනන්ත බුදු ගුණ වර්ණනාවක බලය -
https://soundcloud.com/noblepath_net/ananta-buduguna-warnanawe-balaya?in=noblepath_net/sets/oshlclgd4lfv

චතුරාර්ය සත්‍යය - https://soundcloud.com/noblepath_net/sets/four-noble-truths

අනිත්‍ය භාවනාව - https://soundcloud.com/noblepath_net/sets/meditations-anitya-pancha-upadanaskandaya

අසුභ භාවනාව - https://soundcloud.com/noblepath_net/sets/meditations-asubha-bhavanawa

කුසල සංඥා - https://soundcloud.com/noblepath_net/sets/kusala-sanna

අනෙකුත් දේශනා
https://soundcloud.com/noblepath_net

visit
www.noblepath.net

දහමට දිවි පුදමුshorturl.at/eKX67ශ්‍රවණය කරමු ‌සියලු ‌දේශනාwww.noblepath.net
14/04/2020

දහමට දිවි පුදමු
shorturl.at/eKX67
ශ්‍රවණය කරමු ‌

සියලු ‌දේශනා
www.noblepath.net

ගතවන කාලය පිනෙන් කුසලෙන් වැඩේවා!බුදුගුණ ම සිහි ‌වේවා!සං‌වේග වස්තු ‌කෙරෙහි කළකිරීම උපදීවා!අප්‍රමාදයෙන් වැඩේවා!සීලයෙන් වැඩ...
07/04/2020

ගතවන කාලය පිනෙන් කුසලෙන් වැඩේවා!
බුදුගුණ ම සිහි ‌වේවා!
සං‌වේග වස්තු ‌කෙරෙහි කළකිරීම උපදීවා!
අප්‍රමාදයෙන් වැඩේවා!
සීලයෙන් වැඩේවා!
දහම් දැනුමෙන් වැඩේවා!
සමාධියෙන් වැඩේවා!
නිදුක් ‌වේවා නීරෝග ‌වේවා සුවපත් ‌වේවා!

Group Link
https://www.facebook.com/groups/436791876373380/

මරණයට ‌‌පෙර...!   #ක‌ොරෝනා
25/03/2020

මරණයට ‌‌පෙර...!

#ක‌ොරෝනා

වැදගත් යයි සිතුණ කරුණක්!
17/03/2020

වැදගත් යයි සිතුණ කරුණක්!

''දිට්ඨා වා යෙව අද්දිට්ඨායෙච දූරෙ වසන්ති අවිදූරෙභූතා වා සම්භවෙසීවාසබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා''
11/03/2020

''දිට්ඨා වා යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා''

පෘතග්ජනයා හට මරණය සිහි කිරීම දුකක් වුව ද,බුදු රජාණන් වහන්සේගේ කරුණාව නිසාමරණය කුසලයක් ලෙසින් ද සිහි කල හැකිය.ශ්රී සම්බෝධ...
09/03/2020

පෘතග්ජනයා හට
මරණය සිහි කිරීම දුකක් වුව ද,
බුදු රජාණන් වහන්සේගේ කරුණාව නිසා
මරණය කුසලයක් ලෙසින් ද සිහි කල හැකිය.

ශ්රී සම්බෝධි
2020 දුරුතු කලාපය

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when NoblePath.Net posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to NoblePath.Net:

Share