තඹුත්තේගම සදහම් සෙවණ

තඹුත්තේගම  සදහම් සෙවණ මේ කටුක සංසාර ගමනෙන් අත්මිදීමට මෙය උත්තම පාරමී පූජාවක් වේවා...!!! ස්‍රී සුදර්ශන සදහම් සෙවණ තඹුත්තේගම .ගම්මාන 4
(3)

27/05/2026

සම්බුදු රජාණන් වහන්සේට මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා !

පින් කැමැත්තෝ සිත පහදවා ගනිත්වා..
සැදැහැ සිතින් අනුමෝදන් වෙත්වා...

26/05/2026

මහා සෑ රජාණන් වහන්සේ

සාංඝික දානයේ අනුසස්....සාංඝික දාන සතකි.එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද...
26/05/2026

සාංඝික දානයේ අනුසස්....

සාංඝික දාන සතකි.

එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන සාංඝික දානය ය.

භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංඝික දානය ය.

භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය සිවු වැනි සාංඝික දානය ය.

මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙ පමණ භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණී සංඝයාගෙන් මෙ පමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංඝික දානය ය

එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය සවන සාංඝික දානය ය.

එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය සත්වන සාංඝික දානය ය.

මේ දාන සත අතුරෙන් මෙ කල දිය හැක්කේ තුන්වන, සවන දාන දෙක පමණයි. එක භික්ෂුවකට වුවද සවන සාංඝික දානය දිය හැකි ය. සවන සාංඝික දානය දිය යුතු සැටි මෙසේ ය. සංඝාරාමයකට හෝ සංඝයා වැඩ සිටින තැනකට හෝ ගොස් අසවල් භික්ෂූන් වහන්සේ ය කියා නියමයක් නො කොට මාගේ දානය පිළිගැනීමට මෙ පමණ ගණනක් භික්ෂූන් වහන්සේලා සංඝයාගෙන් ලැබෙන සේක්වායි සංඝ ස්ථවිරයන් වහන්සේට ආරාධනය කොට සංඝයා වෙනුවෙන් පැමිණෙන්නා වූ ඒ භික්ෂූන්ට දානය පිරිනැමිය යුතුය. තමාට දිය හැක්කේ එක් භික්ෂුවකට නම් ඒ මහා සංඝයාගෙන් එක් නමක් වැඩම කරන සේක්වා යි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය කොට සංඝයා වෙනුවෙන් පැමිණියා වූ කවර භික්ෂුවකට හෝ සංඝරත්නයට දෙමිය යන අදහසින් දන් දුන් කල්හි සවන සාංඝික දානය දුන්නේ වේ. එසේ දීමේදී “ඉමං භික්ඛං භික්ඛුසඞ්ඝස්ස දේම” යන වාක්‍යය කියන්නට වුවමනා නැත. එසේ දෙන කල්හි සංඝයා වෙනුවෙන් පැමිණි භික්ෂුව “සිල්වතෙක්ය ගුණවතෙක්ය” කියා සිත සතුටු කර ගෙන හෝ “දුශ්ශීලයෙක අනුපසම්පන්නයෙක” කියා සිත නො සතුටු කරගෙන හෝ දෙන්නේ නම් ඔහුගේ දානය සාංඝික නො වේ. සාංඝික වන්නට නම් පැමිණෙන භික්ෂුවගේ ගුණාගුණ නො සිතා සංඝයාට දෙන අදහසින් දිය යුතු ය. පැමිණෙන පුද්ගලයා ගැන නොසලකා සංඝරත්නය ගැන ම සලකා දන් දීම බොහෝ දෙනාට අපහසු කාර්‍ය්‍යයෙකි. සඟින් එක් භික්ෂුවක් හෝ භික්ෂූන් වැඩි ගණනක් හෝ ලබා ගෙන දන් දෙන්නවුන්ට පිළිපැදිය යුතු සැටි දැන ගැනීමට අටුවාවෙහි එක් උපාසක මහතකුගේ පුවතක් දක්වා තිබේ. ඒ මෙසේ ය:

පෙර සංඝාවාසයක දායකයකු වූ එක් උපාසක තුමෙක් සාංඝික දානයක් දෙනු පිණිස විහාරයට ගොස් සඟින් එක් නමක් ලැබෙන ලෙස නිමන්ත්‍ර‍ණය කෙළේ ය. ඔහුගේ දානය පිළිගන්නට පැමිණියේ දුශ්ශීල භික්ෂුවකි. උපාසකතුමා ද ඒ භික්ෂුව ගැන දන්නේ ය. එහෙත් ඒ උපාසකතුමා ඉතා ගෞරවයෙන් ඒ භික්ෂුව පිළිගෙන පා සෝදවා උතුම් අස්නක වඩා හිඳුවා සුවඳ දුමින් හා මලින් ද පුදා ඉතා ගෞරවයෙන් දන් දිණි. එදින සවස් කාලයේ පන්සලේ වැඩක් සඳහා උදැල්ලක් ලබා ගැනීමට ඒ භික්ෂුව ඒ උපාසක තැන වෙත පැමිණියේ ය. උපාසක තැන භික්ෂුව දැක හුනස්නෙන් නො නැගීම “ගෙන යනුයි” කියා උදැල්ල භික්ෂුව ඉදිරියට විසි කළේය. එය දුටු මනුෂ්‍යයෝ “මේ භික්ෂුවට දානයට පැමිණි වේලාවේ දී බුදුනට සේ ගරු බුහුමන් කොට දැන් මෙසේ කිරීමට කරුණ කවරේ දැ”යි විචාළහ. උපාසකතුමා, “මා ඒ වේලාවේ දී ගරු බුහුමන් කෙළේ මේ භික්ෂුවට නොව සංඝ රත්නයට ය”යි කී ය. සංඝ රත්නයෙන් නමක් දෙනමක් ලබා ගෙන සවෙනි සාංඝික දානය දෙන්නෝ මේ උපාසකතුමා මෙන් පැමිණෙන භික්ෂූන්ගේ ගුණාගුණ ගැන නො සලකා සංඝ ගුණය ම සලකා දන් දීම කෙරෙත්වා.

සාංඝික දානයේ අනුසස්...

“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍ර‍භූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහ්ඵලතරන්ති වදාමි”

යනුවෙන් ආනන්දය! අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ “කාසාවකණ්ඨ” නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍ර‍මණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය! එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන බව පවසමි. ආනන්දය! කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි යි තථාගතයන් වහන්සේ සාංඝික දානයේ ආනිසංසය වදාළ සේක.

සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසනාන්තයෙහි ඇති වන කාසාව කණ්ඨකයන්ගේ කාලය දක්වා බුදුසස්නෙහි පැවිදි වන සියල්ලෝ ම සංඝරත්නයට අයත් වන්නාහ. එබැවින් සංඝරත්නයට අයත් පුද්ගල සමූහයා ඉතා බොහෝ වෙති. මෙපමණ ලක්ෂ ගණනෙක කෝටි ගණනෙකැයි ප්‍ර‍මාණ නො කළ හැකිය. යටත් පිරිසෙයින් බත් සැන්දක් මුත් සංඝ රත්නයට දෙමිය කියා දුනහොත් ඒ දාන වස්තුව සම්පූර්ණ සංඝ රත්නයට ම හිමි වන බැවින් සංඝයාට දෙන තැනැතතේ ඉතා සුළු දෙයක් දුන්නේ වී නමුත් මහත් වූ පුද්ගල සමූහයකට දුන්නේ වේ. අන් අයුරකින් එපමණ මහත් පුද්ගල සමූහයකට පැමිණෙන ලෙස දීමක් නො කළ හැකි ය. පුද්ගලයන් බොහෝ දෙනකුන්ට දීමක් වන බැවින් සාංඝික දානය මහානිසංස වේ. දානය මහත් ඵල වීමට ප්‍ර‍තිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තිය ද කරුණක් වේ. සංඝ රත්නයට අයත් පුද්ගලයන් අතුරෙන් සාරිපුත්‍රාදි එක් රහතන් වහන්සේ කෙනකුගේ ගුණය ද ප්‍ර‍මාණ කළ නොහෙන පමණට මහත් ය. එ බඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන්නා වූ සංඝ රත්නයේ ගුණස්කන්ධය ප්‍ර‍මාණ කළ නොහේ. සංඝරත්නයේ ගුණ මහන්තත්වය නිසා ද සාංඝිකදානය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ය.

රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ.

තෙරුවන් සරණයි ...!!!   #තඹුත්තේගමසදහම්සෙවණ                                                       🇱🇰 📷 Credit goes to res...
26/05/2026

තෙරුවන් සරණයි ...!!!



#තඹුත්තේගමසදහම්සෙවණ





🇱🇰

📷 Credit goes to respective owner 🙏

26/05/2026

පින්බර ජේතවනාරාම පින්බිම අනුරාධපුර

සිල් රැකීමෙන් පමණක් නිවන් දැකිය හැකිද? ඇතැමෙක් දානය වර්ණනා නොකරති. නිවන් ලැබීම පිණිස ශීලය ම මහත් කොට දක්වති. ශීලයෙන් ම න...
26/05/2026

සිල් රැකීමෙන් පමණක් නිවන් දැකිය හැකිද?

ඇතැමෙක් දානය වර්ණනා නොකරති. නිවන් ලැබීම පිණිස ශීලය ම මහත් කොට දක්වති. ශීලයෙන් ම නිවන් දක්නට බලාපොරොත්තු වෙති. ශීල පාරිශුද්ධියෙන් ම නිවන් දැකිය හැකි නම් තථාගතයන් වහන්සේ මෙය නො වදාරන සේක.

“ආකඞ්ඛෙය්‍ය චෙ භික්ඛවෙ! භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තං පඤ්ඤා විමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විහරෙය්‍යන්ති සීලෙස්වෙව පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථ මනුයුත්තො අනිරාකතජ්ඣොනො විපස්සනාය සමන්නාගතො බ්‍රෑහෙතා සුඤ්ඤාගාරානං”

“මහණෙනි, කාමාදි ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත් ඵල චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ ම දැන ප්‍රත්‍යක්ෂ කොට වාසය කෙරෙමි ය යන මෙයට ඉදින් කැමති වන්නේ නම් ශීලය ම සම්පූර්ණ කරන්නා වූ තමාගේ සිත සමාධි කිරීමෙහි යෙදුණා වූ නො නසන ලද ධ්‍යාන ඇත්තා වූ විදර්ශනාවෙන් යුක්ත වූ ශුන්‍යාගාරයනට වී භාවනා කරන්නා වූ තැනැත්තෙක් වන්නේ ය” යනු එහි තේරුමයි. ඉදින් ශීලයෙන් ම රහත් විය හැකි නම් චිත්ත සමාධියක් විදර්ශනාවක් ශූන්‍යගාරයනට වී භාවනා කිරීමක් වදාරන්නට කරුණක් නැත. බුදුන් වහන්සේ විසින් දාන ශීලයන් ගේ අනුසස් දෙසු සුත්‍ර ධර්මවල “කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති” යනාදීන් දානයෙන් හා ශීලයෙන් භව සම්පත්තිය ලැබෙන බව දේශිත තැන් මිස නිවන ලැබෙන බව දේශිත තැන් දක්නට නැත.

බුදුන් වහන්සේ විසින් නිවන් ලැබෙන බව දේශනා කර තිබෙනු දක්නට ලැබෙන්නේ “අනිච්ච සඤ්ඤා භික්ඛවෙ! භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා” යනාදි භාවනානිසංස දක්වන දේශනාවල ම ය. භවයෙහි නිවන් නැත. නිවනෙහි ද භවය නැත. භව නිරෝධය ම නිවනය. එබැවින් කුශලයෙන් ලබා දෙන භවය නිවනට විරුද්ධ දෙයකි. නිවනට ප්‍රතිපක්ෂ දෙයක් ලබා දෙමින් සංසාරය තවත් දික් කරන්නා වූ භවගාමී කුශලයෙන් නිවන් ලබන්නට බලාපොරොත්තු වීම, වැස්සෙන් වියළවා ගන්නට බලාපොරොත්තු වීමක් වැනිය. දානයෙන් ශීලයෙන් ප්‍රාර්ථනාවෙන් නිවන් ලබන්නට උගන්වන්නවුන් එසේ කරනුයේ -

“ඉදං මෙ දානං ආසවක්ඛයාවහං හොතූති එවං පන විවට්ටං පත්ථෙන්තෙන විවට්ට වසෙන ඨපිතං අරහත්තම්පි පච්චෙක- බොධිඤාණම්පි සබ්බඤ්ඤුතඤාණම්පි දාතුං සක්කොති යෙව.”

“දානං ඛලු සභාවෙන සග්ග මානුස භොගදං

පරිණාම වසෙනෙව හොති මොක්බූපනිස්සයං”

යනාදි ධර්මපාඨ වරදවා තේරුම් ගැනීමෙනැ යි සිතිය හැකිය. කොතෙක් දන් දී කොතෙක් සිල් රැක කොතෙක් ප්‍රාර්ථනා කළත් විදර්ශනා වඩා සතර මාර්ගඥානය උපදවා මතු නූපදිනා පරිදි කෙලෙසුන් ප්‍රහාණය කිරීමෙන් ම මිස දානයෙන් ශීලයෙන් ප්‍රාථනාවෙන් කිසි කලෙක නිවන නො ලැබෙන බව දත යුතුයි. සසර දුකින් මිදී නිවන් සුවය අත්පත් කරගනු කැමති සත් පුරුෂයෝ දානයෙන් ශීලයෙන් ප්‍රාර්ථනාවෙන් නිවන් ලබන්නට සිට නො රැවටී තමන් ලත් මේ අගනා බුද්ධෝත්පාද කාලය නිකම් ම ඉක්ම යන්නට නො හැර හැකි පමණින්වත් විදර්ශනා භාවනාවෙහි යෙදෙත්වා.

දානාදි පින්වලින් නිවන් නො ලැබේ යැයි කී පමණින් පින් වලින් පලක් නැතැයි වරදවා නො ගත යුතුයි. පෘථග්ජන සත්ත්වයාට නිවන ඉතා දුරය. ඔහුට නිවන ලැබෙන කාලය නිශ්චය නො කළ හැකිය. සමහර විට මෙම ජාතියේදී ම ද ඔහුට නිවන ලැබිය හැකිය. සමහර විට කල්ප කෝටි ගණනකිනුදු නොලැබිය හැකිය. නිවනට යා නොහී සසර සැරිසරන සත්ත්වයාහට ලෞකික සැපවත් ලබා ගැනීමට පින් තිබිය යුතුය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් -

“අලමෙව දානාති දාතුං, අලං පුඤ්ඤානි කාතුං, දෙවභූතස්ස පි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්ස පි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්ස පි උපකාරානි පුඤ්ඤානි”

යනු වදාරන ලදී. “දන් දෙන්නට සුදුසු ම ය. පින් කරන්නට සුදුසු ම ය. දෙවි වූවහුට ද පින් උපකාරය. මිනිස් වූවහුට ද පින් උපකාරය. පැවිදි වූවහුට ද පින් උපකාරය” යනු එහි අදහසයි. එම ජාතියේදී ම විදසුන් වඩා මඟපල ලබා නිවන් දක්නට සෑම සත්ත්වයෝ ම සමර්ථ නො වෙති. එයට සමර්ථ වන්නෝ සුගතියෙහි ත්‍රිහේතුක ප්‍රතිසන්ධියෙන් උපන් උපනිඃශ්‍රය සම්පත් ද ඇත්තා වූ පුද්ගලයෝ ය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියෙන් උපදින්නට හැකි වනුයේ කුශල බලයෙනි. බලවත් කුසල් නැති තැනැත්තා උපදිනුයේ අහේතුක හෝ ද්විහේතුක හෝ ප්‍රතිසන්ධි චිතයෙති. නිවන් දකිනු කැමති තැනැත්තා හට ද ත්‍රිහේතුක උත්පත්තියක් නො ලද හොත් නිවන් නො ලැබිය හැකි බැවින් මඟ-පල ලැබීමට සුදුසු උත්පත්තියක් ඇති කැර ගනු පිණිස ඔහු විසින් ද දානාදි පින්කම් කළ යුතුයි.

දානාදි කුශලයෝ යහපත් භවයක් ඇති කිරීම් වශයෙන් නිර්වාණ ප්‍රතිලාභයට ද උපකාර වෙති. එය වර්ෂාව ධාන්‍යය ඇති වීමට උපකාර වීම මෙන් දත යුතුයි. වර්ෂාව ධාන්‍යය ඇති වීමට උපකාර වන බව නම් සත්‍යයකි. එහෙත් එය දුරින් වන උපකාරයෙකි. වර්ෂාව ලොවට ධාන්‍යය ඇති කරන දෙයකැයි කියහැකි මුත් කෙනෙක් වැසි වට ද ගොවියකු ගොවිතැන් නො කළහොත් ධාන්‍ය නො ලැබේ. ධාන්‍ය ලැබීමේදී ගොවියාගේ ගොවිකම ම ප්‍රධාන හේතුවය. එමෙන් නිවන් ලැබීමට ද විදර්ශනා භාවනාව ප්‍රධාන හේතුවය. දාන සීලාදී පින් අප්‍රධාන හේතූහු ය.

තෙරුවන් සරණයි ...!!!
26/05/2026

තෙරුවන් සරණයි ...!!!

Address

Ruwanweli Maha Seya
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when තඹුත්තේගම සදහම් සෙවණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share