17/02/2026
නොච්චියාගම ශු. සෙබස්තියන් මුනිදුන්ගේ දෙව්මැදුරේ 126 වන වාර්ෂීක මංගල්‍යය සහ නව දෙව්මැදුරේ ප්‍රථම සංවත්සර දිව්‍ය යාගය සැලේෂියානු නිකායේ නවක පූජක පුතුන් වන ගරු. සුනෙත් මදුෂංක සහ ජනිත් ලෝව් පියවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පූජාප්‍රසාදීන්, කන්‍යා සොයුරියන් රාෂියකගේ සහභාගීත්වයෙන් අති උත්කෘෂ්ඨවත් අන්දමින් පැවැත්විනි. දිව්‍ය යාගයෙන් අනතුරුව ග්‍රාමය කැපකිරීම වැල්ලපල්ලිය මීසම් භාර ගරු ඇන්ටන් නුවන් තාරක පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. සියළු කටයුතු අප මීසම් භාර ගරු. සමන් චින්තන දො.සැ.නි. පියතුමන් මීසම් ධර්ම සේවා සභාව එක්ව සංවිධානය කරන ලදී.