Nellikulama

Nellikulama සිරි සම්බුද්ධ පන්චසතික ශ්‍රාවක චාරිකාරමය

මහා කාරුණික වූ සම්බුදු රජාණන් වහන්සේ තෙවැනි ලංකා ගමනය සිහිපත් කරමින් අනුරාධපුර පූජනීය පෙදෙසට මද දුරක් එපිටින් තන්තිරිමලේ පාරේ නෙල්ලිකුලම නම් ගම් පියසේ "සිරි සම්බුද්ධ පංච සතික ශ්‍රාවක චාරිකාරාමය" නමින් මෙම විහාරය ඉදි කට ඇත. මෙහි නිර්මාතෘ වරයන් වහන්සේ නම් අනුරධපුර සිරි සඟබෝ භවනා මධ්‍යස්ථානාධිපති, කළ්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභවේ උතුරු මද පලාතේ ප්‍රධන සංඝ නායක, උපාධ්‍යාය, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍

රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.
උන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් දැඩි ඇප කැප වීමෙන් තම මනසින් දු‍ටු මනෝමය චිත්‍රයක් අද සැමට දැක බලා ගත හැකි අන්දමින් නිර්මානය වී තිබීම බෞද්ධ - අබෞද්ධ සැමගේ අමන්දානන්දයට හේතු වී තිබේ. ඒ පන්සීයක් මහරහතන් වහන්සේ සමග ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවක යෙදෙන උප ශාන්ත දර්ශනයයි. සම්බුදු රජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලෙහි සකල විධ ජනතවගේ උභයාර්ථ සංසිද්ධිය පිණිස ගම් දනව්වල සැරි සැරූහ. ඒ චාරිකා ඇතැම් විටෙක තනිවම හුදෙකලාවද තවත් විටෙක මහා සඟන පිරිවරා ගෙනද වැඩියහ.
උන් වහන්සේගේ එබඳු ගමන් "තුරිත චාරිකා - අතුරිත චාරිකා" යනුවෙන් දෙයාකාර වෙයි. ධර්මාවභෝධයට පිරිපුන් ඥාන ශක්තිය ඇති පුද්ගලයන් සොයා ඈත දුර කතරක සිටියද ඉක්මනින් සෘද්ධියෙන් වැඩියහ. එය "තුර්ත චාරිකා" නමින් හැඩින්වේ. පිප්පලී මානවක, අංගුලිමාල, පුක්කුසාති ආදී අය වෙත එසේ වැඩම කලහ. ගම් නියම් ගම් හරහා භික්ෂු සංඝයාද පිරිවරා ගෙන පා ගමනින් කරන වැඩමවීම "අතුරිත චාරිකා" නම් වෙයි. සමහරවිට වස් කාලයක අවසානයේ පිටත්වන මේ චාරිකාව ඊලඟ වස් කාලය තෙක් මාස හත අටක් වන්නටද පුලුවන.
ලෝක සත්වානුකම්පනාවෙන් සිදු කෙරෙන මෙම චාරිකා බොහෝ දෙනාගේ හිත සුව පිණිස් පවති. බාල, මහලු, දුප්පත්, රෝගාතුර, අබල, දුබල අයට තම ගම් බිම් හරහා වඩින බුදු පාමොක් මහ සඟ රුවන දක බලා ගැනීමෙන් අපමන පින් සිදු කර ගත හැකිය.
පූජ්‍යතම අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක හිමිපාණන් මනසින් දු‍ටු මේ දර්ශනය අද සදැහැවතුනට සියැසින් දක වැඳ පුදා ගැනීමට හැකි වන සේ මූර්තිමත් කර ඇත.ඒ සෑම ප්‍රතිමාවක්ම ජීව මිනිස් ප්‍රමාණයේ වන අතර මුහුණුවර වෙනස් කර ඇත්තේ චරිතංග විවිධත්වයක් ඇතිවන අයුරිනි.
මෙම විහාර කර්මාන්තයේ අවසාන කොටස ගල් පර්වතයකින් බැස ගෙන වැඩම භික්ෂූන් වහන්සේගේ ප්‍රතිමා නිර්මාණය කිරීමට යෝජිතය. ඒ එදා බුදුරජාණන් වහන්සේ සමනොල ගිරි මුදුනේ සිරිපා සටහන තැබීමට වැඩම වීම සිහිපත් කරන්නකි.
පිටහින් මහා කලුගලක් සැ දක ගත හැකි වුවද එහි අතුලත ගල් ලෙන් විහාර කීපයක් දැක ගත හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. එම ගල් ගුහ තුළ බුදු සිරිතේ එන ගිහි - පැවිදි පන්සියයක් පිරිස හා සම්බන්ධ කතා ප්‍රවෘත්ති මූර්තිමත් කිරීමට බලාපොරොත්තු වේ. විහාරස්ථානය නරඹන සදැහැවතුනට බුද්ධ චරිතය හා සම්බන්ද තවත් අසිරිමත් අවස්ථා කීපයක් දැක බලා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

26/09/2016
13/04/2014
10/04/2014

මහා කාරුණික වූ සම්බුදු රජාණන් වහන්සේ තෙවැනි ලංකා ගමනය සිහිපත් කරමින් අනුරාධපුර පූජනීය පෙදෙසට මද දුරක් එපිටින් තන්තිරිමලේ පාරේ නෙල්ලිකුලම නම් ගම් පියසේ "සිරි සම්බුද්ධ පංච සතික ශ්‍රාවක චාරිකාරාමය" නමින් මෙම විහාරය ඉදි කට ඇත. මෙහි නිර්මාතෘ වරයන් වහන්සේ නම් අනුරධපුර සිරි සඟබෝ භවනා මධ්‍යස්ථානාධිපති, කළ්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභවේ උතුරු මද පලාතේ ප්‍රධන සංඝ නායක, උපාධ්‍යාය, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

උන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් දැඩි ඇප කැප වීමෙන් තම මනසින් දු‍ටු මනෝමය චිත්‍රයක් අද සැමට දැක බලා ගත හැකි අන්දමින් නිර්මානය වී තිබීම බෞද්ධ - අබෞද්ධ සැමගේ අමන්දානන්දයට හේතු වී තිබේ. ඒ පන්සීයක් මහරහතන් වහන්සේ සමග ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවක යෙදෙන උප ශාන්ත දර්ශනයයි. සම්බුදු රජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලෙහි සකල විධ ජනතවගේ උභයාර්ථ සංසිද්ධිය පිණිස ගම් දනව්වල සැරි සැරූහ. ඒ චාරිකා ඇතැම් විටෙක තනිවම හුදෙකලාවද තවත් විටෙක මහා සඟන පිරිවරා ගෙනද වැඩියහ.

උන් වහන්සේගේ එබඳු ගමන් "තුරිත චාරිකා - අතුරිත චාරිකා" යනුවෙන් දෙයාකාර වෙයි. ධර්මාවභෝධයට පිරිපුන් ඥාන ශක්තිය ඇති පුද්ගලයන් සොයා ඈත දුර කතරක සිටියද ඉක්මනින් සෘද්ධියෙන් වැඩියහ. එය "තුර්ත චාරිකා" නමින් හැඩින්වේ. පිප්පලී මානවක, අංගුලිමාල, පුක්කුසාති ආදී අය වෙත එසේ වැඩම කලහ. ගම් නියම් ගම් හරහා භික්ෂු සංඝයාද පිරිවරා ගෙන පා ගමනින් කරන වැඩමවීම "අතුරිත චාරිකා" නම් වෙයි. සමහරවිට වස් කාලයක අවසානයේ පිටත්වන මේ චාරිකාව ඊලඟ වස් කාලය තෙක් මාස හත අටක් වන්නටද පුලුවන.

ලෝක සත්වානුකම්පනාවෙන් සිදු කෙරෙන මෙම චාරිකා බොහෝ දෙනාගේ හිත සුව පිණිස් පවති. බාල, මහලු, දුප්පත්, රෝගාතුර, අබල, දුබල අයට තම ගම් බිම් හරහා වඩින බුදු පාමොක් මහ සඟ රුවන දක බලා ගැනීමෙන් අපමන පින් සිදු කර ගත හැකිය.

පූජ්‍යතම අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක හිමිපාණන් මනසින් දු‍ටු මේ දර්ශනය අද සදැහැවතුනට සියැසින් දක වැඳ පුදා ගැනීමට හැකි වන සේ මූර්තිමත් කර ඇත.ඒ සෑම ප්‍රතිමාවක්ම ජීව මිනිස් ප්‍රමාණයේ වන අතර මුහුණුවර වෙනස් කර ඇත්තේ චරිතංග විවිධත්වයක් ඇතිවන අයුරිනි.

මෙම විහාර කර්මාන්තයේ අවසාන කොටස ගල් පර්වතයකින් බැස ගෙන වැඩම භික්ෂූන් වහන්සේගේ ප්‍රතිමා නිර්මාණය කිරීමට යෝජිතය. ඒ එදා බුදුරජාණන් වහන්සේ සමනොල ගිරි මුදුනේ සිරිපා සටහන තැබීමට වැඩම වීම සිහිපත් කරන්නකි.

පිටහින් මහා කලුගලක් සේ දැක ගත හැකි වුවද එහි අතුලත ගල් ලෙන් විහාර කීපයක් දැක ගත හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. එම ගල් ගුහ තුළ බුදු සිරිතේ එන ගිහි - පැවිදි පන්සියයක් පිරිස හා සම්බන්ධ කතා ප්‍රවෘත්ති මූර්තිමත් කිරීමට බලාපොරොත්තු වේ. විහාරස්ථානය නරඹන සදැහැවතුනට බුද්ධ චරිතය හා සම්බන්ද තවත් අසිරිමත් අවස්ථා කීපයක් දැක බලා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

10/04/2014

අනුරාධපුර සිට තන්තිරිමලේ මාර්ගයේ කි.මී 10 ක් පමන දුර ගිය විට නෙල්ලිකුලම නම් වූ සුන්දර ගම්මනයක අක්කර 10 ක් පමණ භූමි භාගයක් තුළ බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමනය සිහිපත් කර ඉදි කර ඇති "සිරි සම්බුද්ධ පන්චසතික ශ්‍රාවක චාරිකාරමය" නම් වූ මෙම එලිමහන් විහාර මන්දිරය අනුරධපුර සිරි සඟබෝ භවනා මධ්‍යස්ථානාධිපති, කළ්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභවේ උතුරු මද පලාතේ ප්‍රධන සංඝ නායක, උපාධ්‍යාය, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පනාවකට අනුව ඉද් කර ඇත.
ඓතිහාසික අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමාන කරගැනීමට පමිණෙන සදැහැවත් ඔබටද අනුරාධපුර සිට තන්තිරිමලේ මාර්ගයේ පිහිටා ඇති මෙම විහාරස්ථානයට පිවිස සියැසින් දැක ශ්‍රද්ධා ගෞරවය උපදවාගෙන වන්දනාමාන පුද පූජා පැවත්වීමෙන් අපමණ පිං සිදු කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ.

Address

Thanthirimale Road, Nellikulama, Alayapaththuwa
Anuradhapura
50000

Telephone

0254920025

Website

Alerts

Be the first to know and let us send you an email when Nellikulama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Nellikulama:

Share