Nivan Doratuwa - Path to Enlightenment

Nivan Doratuwa - Path to Enlightenment " No one saves us but our selves. No one can and no one may. We ourselves must walk the path"

20/01/2026
🙏
30/10/2025

🙏

රුවන්වැලි මහා සෑය වඳින ඔබට වැදගත් වන කරුණු .මහ සෑයේගර්භයේ තිබෙනවා.  රනින් කල සාල වෘක්ෂ දෙකක්ඒ අතර රත්තරන් සයනයක් හදා තිබ...
24/02/2024

රුවන්වැලි මහා සෑය වඳින ඔබට වැදගත් වන කරුණු .

මහ සෑයේ
ගර්භයේ තිබෙනවා.

රනින් කල සාල වෘක්ෂ දෙකක්
ඒ අතර රත්තරන් සයනයක් හදා තිබෙනවා.
එහි
වැඩහිඳිනවා.
ජීවමාන බුදුහාමුදුරුවෝ වගේම
ඉර්දියෙන් මැවුනු බුදුරුවක්.
ධාතූන් වහන්සේලා ආශ්‍රිතව.

එවන් අසිර්මත්
දෙසිස්මහා පුරුෂ ලකුනින් යුතු
එර්දිමත් සම්බුදු සිරුරක්
කොහේවත් නෑ.. මේ දසදහසක් ලෝකධාතුව තුල.

සම්බුදු ශීර්ෂය-උතුරු දිශාවටත්
සිරිපතුල්-දකුණු දිශාවටත්
ලෙසට
පිරිණිවන් මංචකයේ සැතපුන
ඉරියව්වෙන්
බටහිර(පැරණි වාහල්කඩ දිශාව)
දිශාවට මුහුණලා වැඩ හිඳින්නේ.

රහතුන්ගේ අධිෂ්ඨානය නිසා,
එදා පූජා කරපු මල්වල,
සුවඳ සදුන්වල,
සුවඳ තාම හමනවා.

එදා දැල්වූ පහන් තාම දැල්වෙනවා.
සාසනය පවතින තුරුම.

තවත් බොහො අසිරිමත් දේ පවතිනවා.

මහ සෑය හදන්න දායක් වු
පින්වත් උතුමන් සදහන් කරන්නම්.

සක් දෙවියන්

එතුමාට තමයි,
අපේ බුදු හාමුරුවෝ,
ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වෙන් කරගන්න කටයුත්ත පැවරුවේ.

සක් දෙවියන් ම තමයි,
ධාතූ කරඬුව පරිත්‍යාග කලේත්.

සහ බොහෝ උපකාර කලා
දෙව්පිරිසත් සමඟ.

සතර වරම් දෙවි වරු සහ භූමාටු දෙවිවරු

මහාකාල නා රජු- සහ පිරිවර

රාම ග්‍රාම ස්තූපය බිඳී ගිය පසූ
එදා සිට
ධාතූන් වහන්සේලා රැකබලාගත්තා.

මිහිඳු මහ රහතන් වහන්සේ-
සෑය සෑදියයුතු ස්තානය
සහ සෑය සෑදීමට
පින් ඇති දුටුගැමුණු මුණුබුරා ගැන
දෙවන්පෑතිස් රජුට කියා දීම.

ස්වර්ණමාලි දෙව්දුව-භූමාටු දේවතාවියක්
ස්තානය ලබා දීම.

සහම්පති බ්‍රහ්ම රජු,
ගඨීකාර බ්‍රහ්මයන්
සහ සාසන ලැදි බ්‍රහමයන්
බොහෝ උපකාර කලා.

බුදු සසුනට හිතැති යක්ෂයින්

රහතන් වහන්සේලා-

*සෝනුත්තර රහතන් වහන්සේ-නා ලොවේ සිට ධාතූන් වැඩම කරවීම

*සුමන සහ උත්තර රහතන් වහන්සේලා දෙනම-ධාතු ගර්භය තැනීමට අවශ්‍ය
විශාල ගල් ලෑලි හය
උතුරු කුරු දිවයිනෙන් ගෙන ඒම.

*ලක්ෂ ගනන් විදේශීය රහතන් වහන්සේලා
මුල් ගල තැබීමේ උත්සවයට පැමිණීම

*පියදස්සී රහතන් වහන්සේ-ධර්ම දේශනය පැවැත්විම

*සහ බොහො සිංහල රහතන් වහන්සේලා

දුටුගැමුණු රජතුමා-(මෛත්‍රී බුදු සසුනේ අගසවු උතුමෙකි.)

මිනිසුන් නියෝජනය කරමින් සෑය සෑදීමට මූලිකත්වය ගෙන,
ඉතාම සුන්දර ලෙස සිදු කිරීම.

සද්ධාතිස්ස රජතුමා
(මෛත්‍රී බුදු සසුනේ අගසවු උතුමෙකි)

මහ සෑයේ කටයුතු ත නිම කිරීම.

සිංහලඅපේ මුතුන් මිත්තන්
බොහෝ සේ ජීවිතය දෙවනිකොට කැප වුනා.

තෙරුවන් සරණයි ..!
(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )

 #මහ සෑ වන්දනා 🙏❤️🌸👉ඔබට රැකවරණය පතා එක එක දේවාල පස්සෙ ,කුම්භාණ්ඩයෝ පස්සෙ යන්න එපා.. 🌷🌷පූජා කරන්න ඔබේ ජීවිතය රුවන්වැලි මහ...
13/08/2023

#මහ සෑ වන්දනා 🙏❤️🌸

👉ඔබට රැකවරණය පතා එක එක දේවාල පස්සෙ ,කුම්භාණ්ඩයෝ පස්සෙ යන්න එපා.. 🌷🌷පූජා කරන්න ඔබේ ජීවිතය රුවන්වැලි මහා සෑයට.🌷.. මේ ලිපිය හොඳින් කියවන්න.. තෙරුවන් සරණයි පින්වත් ඔබට..🙏
ස්වරණමාලි මහා සෑයේ අනුහස්ගැන ඔබ දන්නේද?

මහා සෑයට ජීවිත පූජාව කරන්නේ කෙසේද?

ඔබටත් දරැපල නැතිද?

ඔබටත් අමුනුෂ්‍ය ලෝකයේ ප්‍රශ්ණ ඇත්ද?

ඔබටත් අණවින කොඩිවින කර ඇත්ද?

ඔබට ලෙඩදුක කරදර වැඩිද?

මෙන්න බෞද්ධ පිළිසරණ...
මේ ලෝකයේ දීර්ඝායුෂ මෙන්ම අල්පායුෂ බුදුරජාණන් වහන්සේ් පහළ වන සේක.
දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ බෙදීමක් සිදුනොවේ. බුද්ධ ශරීරයම එකම ධාතුන් වහන්සේ නමක් ලෙස ඉතිරිවේ. එය “ඒකඝනවීම” ලෙස හැඳින්වේ. අටවිසි බුදුරජාණන් වහන්සේ අතරින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ බෙදුණ අතර එම ධාතුන් වහන්සේ මුං පියලි, කඩ සහල් සහ අබ ඇට ප්‍රමාණයට බෙදිණ.
මේ තුන් ලෝකයේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේ එකම තැන පිහිටා ඇත්තේ රුවන්වැලි මහා සෑයේ යි.
බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අඩු නිසා උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් මිනිසුන්ටත්, දෙවියන්ටත් වැඳ පුදාගෙන සුගති සැප සලසා ගැනීම පිණිසයි ධාතුන් වහන්සේ ඉතිරිවෙන්නේ. ඒ නිසා රුවන්වැලි සෑය වැනි උතුම් ස්ථානවල ධාතුන් වහන්සේ වඳින,පුදන,සත්කාර කරන චිත්තප්‍රසාදයෙන් පසුවෙන අයට දෙව්ලොව උපත් හිමි වනබව සඳහන් වේ.
එසේනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රන්වැලි මහා සෑයට හෝ වෙනත් ධාතුන් වහන්සේ තැන්පත් ස්තූපවලට වඳින, පුදන, ගෞරව උපහාර කරන පිරිස දෙව්ලොව යති.
අමාමහ නිවනට පින් පිරෙන පුණ්‍ය කර්ම ගැන සඳහන් “නිදිකණ්ඩ” සූත්‍රයේ දැක්වෙන්නේ දාගැබ් වන්දනා කරනවානම්, නිවන පිණිස පින් පිරෙන බවයි.
ඒ වගේම ථේරාපදානයක “ධාතු පූජික” නම් රහතන් වහන්සේගේ විස්තරයක් සඳහන්. උන්වහන්සේ අරහත්වයට පත් වූ පසු ජීවිතය ආපස්සට බැලූ කල දකින්නේ ධාතුන් වහන්සේ වන්දනා කළ පින් බලයෙනුයි උන්වහන්සේ අරහත්වයට පත්වී ඇත්තේ.
එනිසා අමා නිවන සොයාගෙන යන කෙනෙක් සිටීනම් රුවන්වැලි මහා සෑය වගේ උතුම් ස්ථාන වන්දනා කරමින් නිවන තුළ සිත පිහිටුවා ගැනීමමයි වටින්නේ.
අද කාලයේ බොහෝ දෙනෙකු විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳී.
ඒ අතර අමනුස්සයන්ගෙන් වෙන කරදර විශේෂයි.
යක්ෂ, පේ‍්‍රත, භූත, පිසාච, කුම්භාණ්ඩ වගේම අණවින, කොඩිවිණ, හදි හූනියම් ආදී දෝස වලින් දුක් විඳී.
මිනිසුන්ට එන මේ දුක් කරදර පීඩා වලින් ගැලවීමට අපහසුය. ඊට අමතරව යන්ත්‍ර, තන්ත්‍ර, මන්ත්‍ර ආදී ගුප්ත විද්‍යාවන් කරන මිනිසුන් අහිංසක මිනිසුන් නොමඟ යවති.
මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවය සම්පූර්ණ භූමිය වටා පැතිරී තිබෙන අතර එහි රහතන් වහන්සේ බොහෝ සේ වන්දනා කළ ස්ථානයි. ඒ වගේම රහතන් වහන්සේ පිරිත් දේශනාකළ, සාධුකාර දුන් තැන්. රුවන්වැලි මහා සෑ මළුව කියන්නේ අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයක් නොවේ.
යම් කෙනෙකුට අමනුෂ්‍ය ප්‍රශ්නයක් තිබේනම් අණවින කොඩිවින දෝෂ තිබේනම් ඒ අයට රුවන්වැලි සෑය ඇසුරෙන් ඒ දෝෂ මඟහරවා ගත හැකියි. එසේ පිහිට ලබාගත් අය සිටින අතර ඒ සඳහා කළයුතු වත්පිළිවෙත් ද තිබේ.
එසේ කරදර තිබේනම් ඔබ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර බුදුගුණ, රතන සූත්‍රය ආදිය සජ්ඣායනා කොට සෑය වටා තුන්වතාවක් ප්‍රදක්ෂිණා කරන්න. ඉන්පසු මහා සෑයේ පාදමේ නළල තබා වන්දනා කරන්න.
මහා සෑය භාග්‍යවතුන් වහන්සේ ලෙස සිතා උන්වහන්සේගේ සිරිපා කමළ වන්දනා කරමියි යන චිත්තප්‍රසාදයෙන් යුතුව බුද්ධ වන්දනාව කළ හැකියි.
රතන සූත්‍රය, ආටානාටිය තුන් වතාවක් හෝ සජ්ඣායනයෙන් පසු නැවත භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන ආකාරයට මහා සෑය වඳින්න.
ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රත්නමාලි මහා සෑයට නමස්කාර වේවා.
මාගේ ජීවිතය ධාතුන් වහන්සේ තැන්පත් මහා සෑයට පූජා කරමි. පූජා වේවා.
ඒ සෑයේ අනුහසින් මාගේ දොස් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් පාදමේ නළල තබාගෙන අධිෂ්ඨාන කළයුතු වේ.
නැවත මෙත්සිත පතුරන සූත්‍ර සජ්ඣායනා කර දෙවියන්ට පින් දෙන්න.
මේ ආකාරයට පැයකට අධික වෙලාවක් සෑ මළුවේ ගත කිරීමෙන් ඔබට බොහෝ සෙත සැලසේ..
ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ අනුභාවයෙන්, ඔබට සෙත් වෙනවාමයි.
ඒ වගේම යම් කරදරයකදී ඉවසීම දුර්වල පුද්ගලයන් මානසිකව ඇද වැටේ.
එවැනි අයත් පෙර කී පිළිවෙලටම පාදමේ නළල තබා වන්දනා කරන්න.
පෙර ජීවත් වූ මිනිසුන් ගේ චාරිත්‍රයක් ලෙස පොල් ගෙඩිය ප්‍රාණය ලෙස සිතා මහා සෑයට ප්‍රාණ පූජාව ලෙස පොල් පූජා කර තිබේ.
ඉන්පසු ජීවිත පූජාව කෙරේ. මේ ආකාරයට බොහෝ දෙනා සුවපත් වී තිබේ.
සැදැහැවතුන් ආරක්ෂා කරන දේව මණ්ඩලයක් තිබෙන අතර ඔවුන්”සෙන්පති දෙවිවරු” ය. දෙවියන්, මිනිස් ලොව දෙස බලනවිට මුලින්ම පෙනෙන්නේ රුවන්වැලි මහා සෑයයි. ආටානාටියේ සඳහන් වන “ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝච” කියන ගාථාව හත් වතාවක්වත් සජ්ඣායනා කිරීම උතුම්.
එසේ කියනවිට දෙවියන්ට එය දැනේ. එය බලය බවට පත්වේ. මෙබඳු පිරිස බෞද්ධ කොඩි, හැරයටි, ඖෂධ මහා සෑයට පූජා කිරීමෙන් ධාතුන් වහන්සේගෙන් පිහිට ලබාගත හැකියි.
රතන සූත්‍රය, ධජග්ගය ආටානාටිය ආදී පිරිත් කියමින් සෑ මළුවේ වැඩි වෙලාවක් ගත කිරීම සුදුසුයි.
ඒ වගේම ලෙඩ දුක් වැඩි අය ඖෂධ පූජාවක් මහා සෑයට පූජා කරමින් වන්දනා කිරීම සුදුසුයි. ජීවිත පූජාව හතර පස් දෙනා එකතුව කිරීම අපහසුයි එය තනිව තනිවම අවංකව කළයුතු වේ.
අද කාලයේ තිබෙන වටපිටාවත් සමඟ බොහෝ තරුණ පිරිස කාමයට ඇබ්බැහිවීමක් තිබෙන අතර එයින් ගැලවීමට අවශ්‍යතාවයක් තිබුණත් ගැලවීමට නොහැකිව සිටී.
දුරකතන සහ පරිගණක භාවිතය නිසා නොමඟ ගිය පිරිසට යහමඟට ඒමට අපහසුයි.
ඒ වගේ අය මහාසෑය අනිවාර්යයෙන්ම වැඳ ජීවිතය පූජා කළයුතු වේ. පළමු අවස්ථාවේ සුවයක් නැත්නම් දෙවැනි වතාවේදීත්, තුන්වැනි වතාවේදීත් මහසෑය වන්දනා කළයුතුයි. මේ ආකාරයට රුවන්වැලි මහා සෑයම ඇසුරු කරගෙන ඒ ප්‍රශ්නය විසඳා ගත හැකියි.
අප දන්නවා පොඩි දරුවන් ලෙඩ වුණාම වැඩිහිටියන් කියනවා ඇස්වහ, කටවහ දෝෂ කියා. ඒ වාගේ අවස්ථාවලදී ධජග්ග පිරිත සුදුසුයි. රෝගාතුර අයෙක් වෙනුවෙන් මහාසෑය වන්දනා කරද්දී බොජ්ඣංග පිරිත සුදුසුයි.
ඒ වගේම දරුවන් බලාපොරොත්තුව සිටින අයටත් මහාසෑයෙන් පිළිසරණක් ලබාගත හැකියි.
පෙර කී පිළිවෙලට වන්දනා කොට දෙදෙනාගේම ජීවිත මහා සෑයට පූජා කරමින් අංගුලිමාල පිරිත විසිඑක් වතාවත් හෝ සජ්ඣායනා කිරීමත් දම්සක්පැවතුම් සූත්‍රය සජ්ඣායන කර පින්වත් දරුවෙකු ප්‍රාර්ථනා කළ යුතු වේ.
පැන් පාත්‍රයක් මහා සෑයට පූජා කර පිරිත් කියා අවසානයේ මහාසෑයෙන් අවසර ගෙන පැන් පාත්‍රය දින කිහිපයක් මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරමින් ඒ පැන් පානය කළ යුතුයි.
ඒ වත්පිළිවෙත් කරන අතර අභයදාන පින්කම් ද කළ හැකියි.
එනිසා ලංකා ධරණීතලයේ සැදැහැවන්ත ශ්‍රාවකයා පුළුවන් හැම අවස්ථාවකම මාස හයකට වතාවක් හෝ අවුරුද්දට වතාවක් හෝ මහාසෑය අනිවාර්යෙන් වන්දනා කළයුතු වේ.
අනිවාර්යෙන් ජීවිත පූජාව කළයුතුයි. එයින් විශාල ශක්තියක් ලැබේ.
මේ ආකාරයට මහාසෑය පිළිබඳව බලවත් ශ්‍රද්ධාවක් ඇතිකරගත් පසු තමන්ගේ නිවසේ බුදුපහන දල්වා තමන්ට පිහිට ලබාගත හැකිය.
එසේනම් අප නොදන්නාකම නිසාම අප අසලම ලොකු සම්පතක්, වස්තුවක් තබාගෙනයි විවිධ අරමුණුවල සිර වී සිටින්නේ.
රුවන්වැලි සෑයට ඒ ආකාරයෙන් පූජාවක් කිරීමේ වාසිය තමන්ට පැමිණ තිබෙන දෝෂ දුරුවීමත් අප්‍රකටව ඇති දෝෂ ඉස්මතු නොවීමත්ය.
ඒ වගේම ඒ දෝෂවලින් පිහිටක් ගන්න තමන්ට යම් මාර්ගයක් හෝ සැකසෙති.
මේ අකාරයට තමන්ගේ නිවසේ ප්‍රශ්නවලදී, විවාහ ජීවිත ගැටළුවලදී, ඉඩකඩම් ප්‍රශ්නවලදී භූමි ප්‍රශ්නවලදී මහා සෑයේ පිහිට ලබාගත හැකිය.
කර්මදෝෂයක් හැරුණ විට සාමාන්‍ය දෝෂවලින් හටගන්නා ලෙඩදුක් කරදර පීඩා තිබේනම් රුවන්වැලි සෑයේ වැඩසිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවය රහතන් වහන්සේගේ අධිෂ්ඨානය සිහි කරන්න.
බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ සමඟ වැඩසිටි බිම, රහතන් වහන්සේ මහාසෑය වන්දනා කළ පින, බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන්, රහතන් වහන්සේගේ, දෙවියන්ගේ සෘර්ධියෙන්, ගොඩනැඟුන මහා සෑය ගැන සිහිකරමින් වතාවත් කරනවිට ඒ ධාතුන් වහන්සේට වඳින පුදන පිනයි, පිරිත් ආදියේ බලයයි එකතු වේ.
තිස්පැයේම දෙවියන් වන්දනා කරන යම් තැනක් තිබේනම් ඒ මහා සෑයයි.
ඕනෑම වෙලාවක එතැන දෙවි කෙනෙක් සිටී.
ඒ දෙවියන්ගේ බැල්ම ලැබෙන අතර අප වැඩි කාලයක් මළුවේ වන්දනා කිරීමෙන් සමහර විට දෙවිවරුන් මොහුගේ ඉෂ්ඨකාමී දෙවියෙකු සම්බන්ධ කර ප්‍රශ්න සංසිඳවීමට උපකාර කරති.
එනිසා තෙරුවන් සිහිකොට වන්දනා කර ජීවිතය පූජා කරමින් අපට පිහිටක් ලබාගත හැකියි.
අපට තිබෙන මහා සම්පතක් වන මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් සැමට පිහිට පිළිසරණ සැලසේවා.

පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි copied in facebook

Copied.🙏
22/07/2023

Copied.🙏

Address

Mihintale
Anuradhapura
50300

Website

Alerts

Be the first to know and let us send you an email when Nivan Doratuwa - Path to Enlightenment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Nivan Doratuwa - Path to Enlightenment:

Share