ධරණී ලංකා Dharani Lanka

ධරණී ලංකා Dharani Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ධරණී ලංකා Dharani Lanka, Religious organisation, Anuradhapura.

17/01/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

14/01/2026

මහාචාර්ය හේ. ශ්‍රියානන්ද උපහාර උළෙල

*රට වනසන තාප බලාගාර මාෆියාවට වෙළදපල සකසන වියාජ විදුලිබල ප්‍රතිපත්ති ලියවිල්ල හැකිලිය යුතුයි**විශේෂ මාධ්‍ය නිවේදනය.* රට ව...
14/01/2026

*රට වනසන තාප බලාගාර මාෆියාවට වෙළදපල සකසන වියාජ විදුලිබල ප්‍රතිපත්ති ලියවිල්ල හැකිලිය යුතුයි*

*විශේෂ මාධ්‍ය නිවේදනය.*

රට වනසන තාප බලාගාර මාෆියාවට වෙළදපල සකසන වියාජ විදුලිබල ප්‍රතිපත්ති ලියවිල්ලට එරෙහිව පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ විදින් ප්‍රකාශයට පත්කර ඇති මාධ්‍ය නිවේදනය. මේ සදහා ඔබ මාධ්‍ය ආයතනයේ ආවරණය ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

සංඛ චන්දිම අභයවර්ධන
කැදවුම්කරු, පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ

*Press Release: රට වනසන තාප බලාගාර මාෆියාවට වෙළදපල සකසන වියාජ විදුලිබල ප්‍රතිපත්ති ලියවිල්ල හැකිලිය යුතුයි*

පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ විසින් රජය විසින් ගෙන ඒමට නියමිත දුෂිත වියාජ විදුලිබල ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව නියමිත පටිපාටියන් උල්ලංගණය කරමින් මෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ බලයද අතික්‍රමණය කරමින් සිදුකරගෙන යමින් පවතින අත්තනෝමතික ක්‍රියාවලිය සදහා කිසිදු සහයක් නොදැක්වීමට අප තීරණය කර ඇත. මේ ප්‍රතිපත්තියෙන් සිදුවන්නේ හැකිලුනු තාප විදුලි බලය සදහා ඇති ඉල්ලුම කෘතිමව නැවත ඉහල දැමීම බව පැහැදිලිය. මේ සදහා පුනර්ජනනීය බලශක්ති ජනනය අධෛර්යමත් කිරීම සදහා නිල්ලජ්ජිත ලෙස ක්‍රියාකිරීමට මේ දුෂිත විදුලිබල ප්‍රතිපත්ති ලියවිල්ල උත්සහ දරයි. මැතිවරණ ප්‍රකාශයේ පොරොන්දුව වූ අඩුමිල වෙනුවට දිනෙන් දින අත්තනෝමතික ලෙස විදුලි බිල ඉහල දමමින් තිබේ. සුර්ය බල පද්ධති සවිකිරීම නිසා තිබෙන විදුලි බිල තවත් ඉහල නැංවෙන ආකාරයකට මේ ප්‍රතිපත්තිය සකසා තිබීම පුදුම සහගතය. එම නිසා මේ ලියවිල්ල සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ජනතාවගේ අභිලාෂයන් පාවාදීමක් ලෙස අප දකිමු.

පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ ලංකාවේ සියලු පුනර්ජනනීය බලශක්ති පාර්ශවකරුවන් එක්ව ලංකාවේ බලශක්ති ස්වෛරීභාවය සහ සුරක්ෂිතභාවය වෙනුවෙන් පිහිටුවා ගත් සංවිධානයකි. පසුගිය වසර පුරාවට රජය මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙනුවට ගල් අගුරු ඛනිජ තෙල් වැනි රටේ ආර්ථිකයටත් පරිසරයටත් විනාශකාරී වන බලශක්ති ප්‍රභව ප්‍රවර්ධනය කිරීමට ගත් අමනෝඥ පියවරයන් නැවත හැරවීම සදහා කැපවුනි. ජලවිදුලි බලාගාර පුත්ගලිකකරණය කිරීමට ගත් උත්සාහය අප ගත් ඒකාබද්ධ ශේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් පරාජය කිරීමට හැකිවිය. එමෙන්ම නීති විරෝධී අන්දමින් වහල මත ඉදිකරන සුර්ය බල පද්ධති සදහා ගෙවන මුදල සංශෝදනය කිරීමට එරෙහිවද අප ශේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගයක් දැනටම ගෙන ඇත. පසුගිය වසරේදී "2050 දී 100% පුනර්ජනනීය බලශක්තිය" යනුවෙන් "ශ්‍රී ලංකා මාර්ග සිතියමක්" පවා මහජන ලියවිල්ලක් ලෙස එළිදැක්වීමට කටයුතු කළෙමු. මිට අමතරව පාර්ශව සියගණනක අත්සනින් යුක්තව ජනතා සංදේශයක් ජනාධිපති ලේඛම් වරයාට භාර දීමටද උත්සහ කල නමුදු එම ලියවිල්ල බාර ගැනීම පවා ජනාධිපති ලේඛම් වරයා ප්‍රතික්ෂේප කරන ලද බව කණගාටුවෙන් වුවද සදහන් කරමු. මහජන යෝජනා අදහස් කිසිවෙකුට රජය ප්‍රතිචාර නොදැක්වීම කණගාටුදායක කටයුත්තකි.

ශ්‍රී ලංකාවේ බලශක්ති ගැටළු විසදීමට ඇති ප්‍රධානතම බාදාව ජාතික මට්ටමේ දේශපාලන උවමනාව නොමැතිවීම වන අතර ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් මෙන්ම එහා සැබැදුන ජාතික විදුලි බලශක්ති ප්‍රතිපත්තියක් නොමැති වීමයි. ගල් අගුරු ඩිසල් මාෆියාවට යටවුන දේශපාලන නායකත්වයකින් රටේ බලශක්ති ස්වෛරීභාවය සහ සුරක්ෂිතභාවය රැකෙයැයි අප බලාපොරොත්තු නොවෙමු. එම නිසා ඉදිරි සති කිහිපය තුල රටට යහපත් අනාගතයක් උදෙසා අවශ්‍යවන "මහජන බලශක්ති ප්‍රතිපත්තියක්" එලි දැක්වීමට අප කටයුතු යොදා ඇත. බලශක්ති ස්වෛරීභාවය සහ සුරක්ෂිතභාවය රැකෙන අනාගතයක් උදෙසා ඉදිරියට යමු.

කැදවුම්කරු

සංඛ චන්දිම අභයවර්ධන

14/01/2026

තිරසර යුගයේ මහා ප්‍රාඥ්යා මහාචාර්ය හේ. ශ්‍රියානන්ද සමග කල සාකච්ඡාව.

14/01/2026
29/11/2023

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා | සියලු සත්ත්වයෝ සැප ඇත්තෝ වෙත්වා

දුරුව බල කාමයඋදා වේවා ලෝක සාමය....🤍සියළු සත්වයන්ට මෙෙත්‍රී වේවා..
19/11/2023

දුරුව බල කාමය
උදා වේවා ලෝක සාමය....🤍

සියළු සත්වයන්ට මෙෙත්‍රී වේවා..

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when ධරණී ලංකා Dharani Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share