සුවසිත් මඬල - Suwasith Madala

සුවසිත් මඬල -  Suwasith Madala ධර්ම දානය පිණිස මෙය ආරම්භ කළෙමි

යන එන සැමට පිහිට වෙන මහා බලගතු පන්සල ඔබට වටිනා දෙයක් දෙන්න අපි රට වටේ යනවා. හැබැයි ඔබ දන්න දේවල් නම් අපි හොයන්නේ නෑ. අපි...
03/03/2026

යන එන සැමට පිහිට වෙන මහා බලගතු පන්සල


ඔබට වටිනා දෙයක් දෙන්න අපි රට වටේ යනවා. හැබැයි ඔබ දන්න දේවල් නම් අපි හොයන්නේ නෑ. අපි හොයන්න උත්සාහ කරන්නේ ඔබ නොදන්න දේවල්. පහුගියදා අපි ගියේ කන්ද උඩරට පැත්තට. ඒ කියන්නේ මධ්‍යම පළාතට. කොළඹ ඉඳන් මහනුවර නගරයට යන බස් ඇරුණම හැම වාහනයක්ම වගේ නවත්තන තැනක් තියෙනවා. බස් නම් නවත්තන්නේ නෑ. ඒත් බස්වල යන මිනිසුත් අපි කියන තැනදි නම් පොඞ්ඩක් ආසනයෙන් නැඟිටිනවා. දැන් කියවන ඔබ බලයි අපි මේ කියන තැන කොහෙද කියලා. සමහර විට ඔබ නොදන්නවා ඇති. ඇතැම් විට දන්නවාත් ඇති. හැබැයි ඔබේ උත්තරේ මොකක් වුණත් අපි යන්නේ හාස්කම් පිරුණු, මිනිසුන්ගේ හිත නිවන තැනකට.

ඒ තමයි ගැටඹේ පන්සල. මහනුවර පූජා නගරයට ඇතුළු වන කෙනෙක් අනිවාර්යයෙන්ම ගැටඹේ පන්සලට යනවා. ඒ පඬුරක් දාලා යන ගමනට ආශීර්වාද ලබාගන්න. ඒක ගැටඹේ පන්සලේදි දකින්න පුළුවන් සුලබ සිදුවීමක්. මහනුවර පූජා නගරයට යන මිනිස්සු අනිවාර්යයෙන්ම තමන්ගේ වාහනේ ගැටඹේ පන්සල ළඟ පොඞ්ඩකට නවත්වනවා. ඒක දැන් පුරුද්දකට ගිහින්. අපට ඒක දකිද්දි මතක් වෙන්නේ අර කළුතර බෝධිය. මොකද එතැනින් යන එන වාහන කළුතර බෝධියට පඬුරක් නොදමා යන්නේ නෑ. ඒ දේවල් ඔය විදියටම ගැටඹේ පන්සලෙත් වෙනවා. ගැටඹේ පන්සලෙත් තියෙන්නේ මහා ලොකු ඉතිහාසයක්. ඔය හින්දම මෙදා සැරේ අපි ගැටඹේ ඉතිහාසයත් හොයාගෙන ගැටඹේ පන්සලට යන්න තීරණය කළා.
මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටහතර වැනි කිලෝමීටර් කණුව ළඟයි ගැටඹේ පන්සල තියෙන්නේ. ඇත්තටම ගැටඹේ පන්සල කියලා කිව්වට පන්සලේ නම වෙන්නේ “ගැටඹේ රාජෝපවනාරාමය”. අනෙක කොළඹ – මහනුවර මාර්ගය දෙපැත්තේම මේ ගැටඹේ පන්සල තියෙනවා. එහෙම බැලුවම කොළඹ මහනුවර මාර්ගය තියෙන්නේ ඔය පන්සල මැද්දෙන්ද කියලත් හිතෙනවා. මහනුවර ඉඳන් ගැටඹේ පන්සලට තියෙන්නේ කිලෝමීටර් පහක විතර දුරක්. ගැටඹේ පන්සල ගැන ලොකූ ඉතිහාස කතා වගේම අපූරු කතා රැසක්ම තියෙනවා. ඒ කතා කියන්න නම් අපිට නුවර ඉතිහාසය හොයාගෙන අතීතයට යන්නම වෙනවා. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ ඔය කතා ටික කියවන ඔබට කිසි අඩුවක් පාඩුවක් නැතිව කියන්න.

එදා ඔය තැන තිබිලා තියෙන්නේ ගැල් නැවතුම්පොළක් විදියට. අර කරත්ත සීපද වර්ණනා අස්සේ ඔය ගැන ලොකුවටම සඳහන් වෙනවා. ඒ අස්සේ තියෙන කතා තුළින් කියවෙන්නේ ගැටඹේ කියන්නේ අතීතයේදි සිය ගණනක් වූ කෝපි ප්‍රවාහනය කරපු ගැල් කොළඹට යද්දි රෑට නවාතැන් ගත්තු නැවතුම්පොළක් විදියට. ඒ වගේම ගැටඹේ පන්සලේ ඉඳන් පොඩි දුරකින් තමයි ඒ කාලේ පයින් ගමන් බිමන් ගිය මිනිස්සු නැවැතිලා විවේක ගත්තයි කියන “හාල්මැහිකඳුර” තියෙන්නේ. එතැනින් වතුර ටිකක් නාගෙන තමයි ඉස්සර මිනිස්සු ගමන් බිමන් ගියයි කියලා කියන්නේ.ඒ “හාල්මැහිකඳුර” කියලා කියන ඔය හන්තාන කන්දේ ඉඳන් පොළොව යටින් ඉහළට මතුවෙලා බුබුළු දාගෙන උඩට ආවයි කියන සීතල ජල උල්පතක් කියලත් කියනවනෙ. කොහොමත් අර නැවතුණු ගැල්කරුවන් තමයි මෙතැනට ගොඩාක්ම ආවයි කියන්නේ. අපි අද කතාබහ කරන ගැටඹේ එදා කතාව එහෙමයි.

දුටුගැමුණු රජතුමා තමන්ගේ පියා වූ කාවන්තිස්ස රජතුමා එක්ක අමනාපෙන් හිටියනේ. ඒ එළාර රජු එක්ක තමන්ට යුද්ධ කරන්න අවසර නොදුන්නු නිසා. ඔය හේතුව නිසා දුටුගැමුණු රජතුමා පියා එක්ක අමනාප වෙලා කොත්මලේට පලාගියා. අන්න ඒ යද්දි දුටුගැමුණු රජතුමා දිවා ආහාරය අරන් විවේක ගත්තයි කියන්නේ අපි මුලින්ම කියපු හාල්මැහිකඳුර කියන තැනදි. එහෙම බැලුවම ගැටඹේ කියන්නේ දුටුගැමුණු රජතුමාගේ නාමයත් කියැවෙන තැනක්. ඒකත් මෙතැනදී හරි විශේෂයි. ඒ වගේම ඔය ගැටඹේ පන්සලේ ප්‍රධානතම බෝධිය හාස්කම් පිරුණු එකක් කියලයි කියන්නේ. 1947 අවුරුද්දේ මහා වැස්සකින් පස්සේ ජලයෙන් එම ප්‍රදේශය යටවෙනවා.

කොහොමින් හරි ඔය ප්‍රදේශය යටවෙද්දි ගැටඹේ බෝධිය අවට ප්‍රදේශය නම් කිසිම විදියකින් යටවෙලා නෑ. ඒක ගැටඹේ බෝධියේ හාස්කමක් කියලයි අදටත් කියන්නේ. ඔය කාලේ ඉඳන් තමයි ගැටඹේ පන්සලත් ප්‍රසිද්ධ වෙන්නේ. ඒත් ගොඩාක් අය අදත් ඔය කතාව දන්නේ නෑ.
ඔය ගැටඹේ පන්සලේ ඉතිහාසය තුළ දුටුගැමුණු රජතුමාගේ නම වගේම උඩරට දෙවැනි රාජසිංහ රජතුමාගේ නමත් කියැවෙනවා. ඒ රජතුමාගේ කාලේ ඉඳලා තියෙනවා “දියෝගුද මේලෝ කැස්ට්‍රෝ” කියලා පෘතුගීසි සෙන්පතියෙක්. ඔහු දවසක් උඩරටට විශාල පෘතුගීසි හමුදාවක් එක්ක ඇවිත් වටකරලා කඳවුරු බැඳගන්නවා. එහෙම කඳවුරු බැඳගන්නේ මහවැලි ගඟේ ගැටඹේ තොටුපොළ ළඟ. ඔය අතරෙදි උඩරට රජතුමා ගරිල්ලා ක්‍රමයට හොරෙන්ම පෘතුගීසින්ව වටකරනවා. ගරිල්ලා කියන්නේ එදා හැංගිලා සටන් කරන ක්‍රමයක්. ඔය අතරෙදි මහා වර්ෂාවක් වැටිලා මහවැලි ගඟ උතුරනවා. ඒ වර්ෂාව නම් සෑහෙන්නම බලපාන්නේ පෘතුගීසීන්ට. ඔවුන්ගේ වෙඩි බෙහෙත් සියල්ලම වර්ෂාවට තෙමෙනවා. පස්සේ දවසේ ඔය වර්ෂාව නතරවෙනවා. එතකොට පෘතුගීසින් තෙමිලා ගිය වෙඩි බෙහෙත් එහෙම අව්වේ වේළෙන්න තියනවා.

මේ කියන කාලේ ගැටඹේ අවට වගේම මහවැලි ගඟ අවට තිබුණේ ලඳු කැලෑවක්. ඔය අතරේ උඩරට රජතුමා ඇතුළු හමුදාවම පෘතුගීසින්ට වෙලා තියෙන දේ දකිනවා. වෙඩි බෙහෙත් වේළන අයුරු හොරෙන් බලන් ඉන්නවා. පස්සේ රජතුමා තමන්ගේ හමුදාවට පොඩි දෙයක් කරන්න කියනවා. හැබැයි වැඬේ පොඩි වුණාට වෙන දේ ලොකුයි. වැඬේ වෙන්නේ ඊතලවල ගිනි ඇවිළෙන කරුංකා පුවක් ගෙඩි බැඳලා වෙඩි බෙහෙත් වෙත විදින එක. ඔය වැඩෙන් ඔන්න වෙඩි බෙහෙත් පුපුරලා ගිහින් එතැන ලොකු දෙයක් වෙනවා. ඒක ප්‍රයෝජනයට ගන්න අර සිංහල හමුදාව පෘතුගීසින් එක්ක එළිපිට සටනට එනවා. එතැනදි පෘතුගීසි හමුදාව සමූල ඝාතනය වෙනවා. එදා ගැටඹේ තොටුපොළ පෘතුගීසින්ගේ ලෙයින්ම තෙත්වුණා කියලා කියනවා. ඔය “ගන්නෝරු සටන” කියන්නේ ඔන්න ඔය සටනට තමයි.

එදා 1638 අවුරුද්දේ වෙලා තියෙන ගන්නෝරු සටන සිහිවෙන්න උඩරට දෙවැනි රාජසිංහ රජතුමා තම සහෝදර විජයපාල කුමරුට කතා කරලා යමක් කරන්න කියනවා. ඒ තමයි සිංහල හමුදාව ලබපු ජය සමරන්න ජයසමරු බෝධි අංකුර තුනක් හිටවන්න කියපු එක. අන්න එහෙම හිටවපු පළමුවැනි බෝධිය තමයි අද ගැටඹේ පන්සලේ තියෙන සුප්‍රසිද්ධ බෝධිය. ඒක 1638 අවුරුද්දේ විජයපාල කුමරු හදපු එකක්. ඒ බෝධියට දැන් අවුරුදු 380ක් වෙනවා. දෙවැනි ජයසමරු බෝධිය තියෙන්නේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අවසානයේ දියකපන ගැටඹේ තොටුපොළ ළඟ. අද අපි “දිය කැපුම් බෝධිය” කියන්නේ අන්න ඒ බෝධියට තමයි. මේ දිය කැපුම් බෝධියේ අතු වගේම කොළත් හරස් අතට විහිදිලා තියෙන එකත් එක්තරා විශේෂත්වයක් වෙනවා. එතකොට ඔය තුන්වැනි ජයසමරු බෝධිය තිබිලා තියෙන්නේ පේරාදෙණිය මල්වත්තේ. ඒත් 1820 අවුරුද්දේ ඉංග්‍රීසින් පේරාදෙණිය මල්වත්ත නැවත සකස් කරද්දි බෝධිය කපලා ඉවත් කරනවා. ඒ හින්දා දැන් නම් ඒක දකින්න නෑ. හැබැයි ගන්නෝරු සටනෙන් පස්සේ හැදුවයි කියපු ඔය ජය බෝධීන් තුනේ කතාව ඔන්න ඔහොමයි.

අපි දැන් ආයෙත් වර්තමානයට එනවා. මේ වෙනකොට ගැටඹේ පන්සල කියන්නේ රටේ ප්‍රසිද්ධම පන්සලක්. මහනුවරට යන වාහන හැම එකක්ම වගේ ගැටඹේ පන්සල ළඟ පාර අයිනේ නවත්තලා ගැටඹේ බෝධියට පඬුරක් දානවා. කොළඹ යන වාහනත් එහෙමයි. ඒ වගේම ගොඩාක් අය ඔය බාරයක් එහෙම වෙන්න යන්නෙත් ගැටඹේ පන්සලට. ආශීර්වාද ගන්න යන්නෙත් ගැටඹේ පන්සලට. ඒ තරමටම දැන් ගැටඹේ පන්සල කියන්නේ මිනිසුන්ගේ එක්තරා හදවතේම විශ්වාසයක්. ඒ හින්දම දැන් දිනෙකට ගැටඹේ පන්සලට යන එන බෞද්ධ ජනතාව වැඩිවෙලා. මේ අතරේ ගැටඹේ පන්සලට ගොඩවෙලා යන විදේශිකයොත් ඉන්නවා. ඒකත් මතක් කළ යුතුමයි. ඉතින් එහෙමත් කියන ගමන් මේ සතියට අපි අද ගැටඹේ පන්සලෙන් සමුගන්නවා. හැබැයි ලබන සතියේ අපි තවත් අපූරුම තැනකට ඔබව එක්කන් යනවා.

රුවන් එස්. සෙනෙවිරත්න

පින්බර මැදින් පොහෝ දිනයක් වේවා 🙏
02/03/2026

පින්බර මැදින් පොහෝ දිනයක් වේවා 🙏

බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
01/03/2026

බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

28/02/2026

ථූපාරාමය

පින්වත් සුබ උදෑසනක් වේවා!
28/02/2026

පින්වත් සුබ උදෑසනක් වේවා!

බුදුරැස් විහිදෙන ස‌ෝමාවතී චෙෙත්‍ය රාජයාණන් වදින ගාථාව,,සම්බුද්ධ රාජ මුඛපංකජධම්මරේණුඵස්සං මනුඤ්ඤසිතරංසි විරෝචමානංබ්‍රහ්මා...
26/02/2026

බුදුරැස් විහිදෙන ස‌ෝමාවතී චෙෙත්‍ය රාජයාණන් වදින ගාථාව,,

සම්බුද්ධ රාජ මුඛපංකජධම්මරේණු
ඵස්සං මනුඤ්ඤසිතරංසි විරෝචමානං
බ්‍රහ්මාමරාසුරනරේහි සුපූජිතං තං
වන්දාමහං සුගත දක්ඛිණ දන්තධාතුං

ගාථාවේ අර්ථය:-

" සම්බුදුරජාණන් වහන්ස‌ේග‌ේ මුව පියුම‌ේ,
ධර්මය නමැති රේණුවෙන් ස්පර්ශය ලත්,
මණ‌ෝඥ වූ සුදු පැහැ රශ්මියෙන් බබලන්නා වූ,
බ්‍රහ්ම,දිව්‍ය,අසුර,මනුෂ්‍යයන් විසින් මනාව පුදන ලද,
ඒ සුගතයන් වහන්ස‌ේග‌ේ දකුණු දළදා වහන්ස‌ේ මම නමදිමි"

ලෝකේකනාථ වදනම්බුජ රාජහංසංවේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසිඅද්ධින්දුකාර වරරූප විරාජමානංවන්දාමි සාධුමමලං ජිනදන්තධාතුංදෙවියන් ස...
25/02/2026

ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං

දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්‍රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ, බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි.🙏

අනාත්ම යනු ආත්ම ස්වභාවයක් නැතිකමයි. කිසිවක හෝ කිසි තත්ත්වයක හෝ ආත්ම නමින් ගත හැකි කිසිදු ස්ථිර සදාකාලික දෙයක් නැත.
25/02/2026

අනාත්ම යනු ආත්ම ස්වභාවයක් නැතිකමයි. කිසිවක හෝ කිසි තත්ත්වයක හෝ ආත්ම නමින් ගත හැකි කිසිදු ස්ථිර සදාකාලික දෙයක් නැත.

පින් සිතුවිලි පහළ වන සුබ උදෑසනක් වේවා! 🙏
25/02/2026

පින් සිතුවිලි පහළ වන සුබ උදෑසනක් වේවා! 🙏

කුට්ටම යනු යුගලයයි. අනුරාධපුර යුගයට අයත් කුට්ටම් පොකුණ ද පොකුණු දෙකකින් සමන්විත වූවකි. ඒ නිසාම එම නාමය ලද බව සිතිය හැකිය...
24/02/2026

කුට්ටම යනු යුගලයයි. අනුරාධපුර යුගයට අයත් කුට්ටම් පොකුණ ද පොකුණු දෙකකින් සමන්විත වූවකි. ඒ නිසාම එම නාමය ලද බව සිතිය හැකිය. අභයගිරි විහාරික භික්ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා තැනුවේ යයි විශ්වාස කෙරෙන කුට්ටම් පොකුණෙහි පොකුණු දෙක එකම අවස්ථාවක ඉදිකළේ යැයි පිළිගත නොහැකිය. ❤🙏

Photo Credits- Sahan

සසර සැඩ පහර නවතා නිවන් වැදපැතිර නණැති දිරි මත් රන් පතක් ලෙදනිතර දිළෙන තුම් සදහම් දෙසන ලදවැතිර වදිමි මගෙ සම්බුදු මහිම සද....
22/02/2026

සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නණැති දිරි මත් රන් පතක් ලෙද
නිතර දිළෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිම සද....!🙏

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when සුවසිත් මඬල - Suwasith Madala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සුවසිත් මඬල - Suwasith Madala:

Share