Gosinga Wana Arana - ගෝසිංග වන අරණ

Gosinga Wana Arana - ගෝසිංග වන අරණ ගෝසිංග වනය අරණ්‍යය සේනාසනය
Tel : 077 294 0021(WhatsApp)
(2)

25/08/2026

දායක සීමාව ඉක්මවා සිවුරු ඉල්ලීමේ විනය නීතිය | තතුත්තරි ශික්‍ෂාපදය | භික්ෂු විනය | Ven. Kebithigollewe Amarathissa Thero | Gosinga Wana Arana

#තතුත්තරි #ගොසිංගවනඅරණ

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🙏🙏🙏
25/08/2026

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🙏🙏🙏

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!

#දන්සැල #පොහොයදින #පින්කමක් #ගෝසිංගවනඅරණ #ගෝසිංගවනය #බෞද්ධපිංකම් #දානමය #ඕඝතරණපදනම

.                     ⚜️ පුණ්‍යානුමෝදනාවයි ⚜️                     ━━━━━━━ • ❂ • ━━━━━━━🙏 ගෝසිංග වන අරණේ පින්වත් ස්වාමින්...
25/08/2026

. ⚜️ පුණ්‍යානුමෝදනාවයි ⚜️
━━━━━━━ • ❂ • ━━━━━━━

🙏 ගෝසිංග වන අරණේ පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා සිදුකල " ෆ්ලෑෂ් ලයිට් " ආලෝක පූජා උතුම් පුන්‍යකර්මය

🔰 මේ යටතේ අරන්‍ය සේනාසනයේ ඉදිරිපස කොටස, කුටි සේනාසන ඉදිකිරීම් කටයුතු, මාර්ග ආලෝක කිරීම උදෙසාත් සංඝයා වහන්සේලාගේ අවශ්‍යතාවයන් උදෙසා පරිහරණය කිරීම සඳහා අවශ්‍ය ෆ්ලෑෂ් ලයිට් 15ක පමන ප්‍රමාණයක් පූජා කරනු ලැබුවා.

🔹 විශේෂයෙන්ම මේ සඳහා, රොඩ්නි විතානාරච්චි පදනමේ පින්වත් රොඩ්නි මහත්මයාගේත්, පින්වත් ටජිතා මහත්මියගේත් ජන්ම දිනය නිමිති කරගෙන මෙම උතුම් ආලෝක පූජාව සඳහා දායකත්වය ලබා දුන්නා.

🙏 මෙම උතුම් පුන්‍යකර්මයෙන් රැස් වූ පින සියලු පිං කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා ! දෙවියන්ගේ දේව රැකවරණය, ආරක්ෂාව පින්වත් රොඩ්නි මහත්මාට, ටජිතා මහත්මිය ඇතුලු එම පවුලේ සැමට සලසා දෙත්වා ! දෙවියෝද උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධ කර ගනිත්වා.

🙏 රැස් වූ පින,

🥀 පින්වත් රොඩ්නි මහත්මා එම ටජිතා මහත්මිය නමින් මියපරළොව ගිය, සසරේ සියලු ඥාතීනට අනුමෝදන් වෙත්වා!

ඔවුන්ගේ පරළොව ජීවිතය සැපවත් වෙත්වා! සුවපත් වෙත්වා!

රැස්කල පින,

🔴 පින්වත් රොඩ්නි විතානාරච්චි මහත්මයාත්
🔴 පින්වත් ටජිතා මහත්මිය ප්‍රධාන එම පව්ලේ සියලුම දෙනාටත්, සමාජයේ යහපත සිදුකරන්නා වූ, උතුම් සත්කාර සිදු කරන්නා වූ රොඩ්නි විතානාරච්චි පදනමේ සියලුම දෙනාත් අනුමෝදන් ව මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් ප්‍රාර්ථනා කරන්නාවූ යහපත් බලාපොරොත්තු සාර්ථකව සිදුකර ගැනීමටත් මේ මහාණීය පින හේතු වාසනා වේවා ! නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා !

🙏 එමෙන්ම මේ මහාණීය පිං කටයුත්ත දැක බලා සතුටුවන යම්තාක් දෙනා ඇද්ද ඒ පිංවත් පිරිසත් අනුමෝදන්ව කරගෙන යන්නා වූ කටයුතු සාර්ථක කරගෙන වඩාගෙන යන්නා වූ නිවන් මග වඩාගෙන සසර දුකින් නිදහස් වීම පිණිසම මේ පින එක ලෙසම හේතු වාසනා වේවා !

__________________________________________________

ආලෝක පූජාවේ අනුහස්

⚜️ දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.

⚜️ අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේදී ධනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ “දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැ” යි ඇසීය. “උපාසකය, එය සඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේය” යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැ යි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන්තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කළේය.

🙏 පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ

'නිවී සැනසුන ජීවිතය නම් ශ්‍රමණ බව'

.                     ⚜️ පුණ්‍යානුමෝදනාවයි ⚜️                     ━━━━━━━ • ❂ • ━━━━━━━🔴 ගෝසිංග වන අරණේ පින්වත් ස්වාමින්...
25/08/2026

. ⚜️ පුණ්‍යානුමෝදනාවයි ⚜️
━━━━━━━ • ❂ • ━━━━━━━

🔴 ගෝසිංග වන අරණේ පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා සිදුකල " ෆ්ලෑෂ් ලයිට් " ආලෝක පූජා උතුම් පුන්‍යකර්මය

🙏 මේ යටතේ අරන්‍ය සේනාසනයේ ඉදිරිපස කොටස, කුටි සේනාසන ඉදිකිරීම් කටයුතු, මාර්ග ආලෝක කිරීම උදෙසාත් සංඝයා වහන්සේලාගේ අවශ්‍යතාවයන් උදෙසා පරිහරණය කිරීම සඳහා අවශ්‍ය Led ෆ්ලෑෂ් ලයිට් පැනල් 4ක පමන ප්‍රමාණයක් පූජා කරනු ලැබුවා.

🔸 විශේෂයෙන්ම මේ සඳහා,පින්වත් ඉමල්කා මහත්මියගේ දායකත්වයෙන් මෙම උතුම් ආලෝක පූජාව සිදුකලා.

මෙම උතුම් පුන්‍යකර්මයෙන් රැස් වූ පින,

🙏 සියලු පිං කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා ! දෙවියන්ගේ දේව රැකවරණය, ආරක්ෂාව,

🔰 පින්වත් ඉමල්කා මහත්මියට ප්‍රධාන
🔰 ශෂිමාල්( ස්වාමියා ),
🔰 සවේන් (පුතා ),
🔰 චෙනුලි (දුව )

🔰 I. P. V. දසනායක (මව )
🔰 මාලනී වරකාගොඩ ( නැන්දනිය)
🔰 ධර්මදාස වරකාගොඩ (මාමණ්ඩිය )
🔰 කවින්ද උඩුගමසූරිය (සහෝදරයා )
ඇතුලු එම පවුලේ සැමට සලසා දෙත්වා ! දෙවියෝද උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධ කර ගනිත්වා!

රැස් වූ පින,

🔹 පින්වත් ඉමල්කා මහත්මිය නමින් මියපරළොව ගිය, සසරේ සියලු ඥාතීනට අනුමෝදන් වෙත්වා!

විශේෂයෙන්ම,

🥀 2025 ඔක්තෝම්බර් 22 දින අභාවප්ප්‍රප්ත වූ
S. D. W. ප්‍රේමතිලක (පියා)

🥀 2025 ඔක්තෝම්බර් 19 දින අභාවප්ප්‍රප්ත වූ
අංගප්පුලිගේ සලමන්( අයියාගේ බිරිඳගේ පියා)

🥀 2026 ජනවාරි 31 දින අභාවප්ප්‍රප්ත වූ

🥀 අනුර මාපලගම (ලොකු මාමා )

ඇතුළු නමින් මියපරලොව යන්නට යෙදුන සියලුම ඥාතීන්ගේ පරළොව ජීවිතය සැපවත් වෙත්වා! සුවපත් වෙත්වා!

රැස්කල පින පින්වත්,

⚜️ ඉමල්කා මහත්මිය අනුමෝදන් වෙත්වා!

⚜️ ආදරණීය ශෂිමාල් ස්වාමිපුරුෂයාටද වෙත්වා!,

⚜️ ආදරණීය සවේන් පුතනුවන්ටද වෙත්වා!

⚜️ ආදරණීය චෙනුලි දියණියටද වෙත්වා!

එමෙන්ම,

⚜️ I. P. V. දසනායක මෑණියන්,

⚜️ මාලනී වරකාගොඩ නැන්දනිය,

⚜️ ධර්මදාස වරකාගොඩ මාමණ්ඩිය,

⚜️ කවින්ද උඩුගමසූරිය සහෝදරයා,

ප්‍රධාන එම පව්ලේ සියලුම දෙනා අනුමෝදන් වෙත්වා!

🙏මේ පින අනුමෝදන් වීමෙන්, පින්වත් ඔබ සියලු දෙනාගේ, කායික මානසික දුක් පීඩා ඇත්නම් දුරුවෙත්වා! කායික මානසික සැප සැහැල්ලුවම උදාවෙත්වා! නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සදහම් මඟ වඩාගෙන සසර දුකින් නිදහස් වීමට මෙම උතුම් සංඝෝපස්ථානමය පුණ්‍යකර්මයෙන් රැස්වූ පිනත්, ආලෝක පූජාවෙන් රැස්වුණ පිනත් උපකාර කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් ප්‍රාර්ථනා කරන්නාවූ යහපත් බලාපොරොත්තු සාර්ථකව සිදුකර ගැනීමටත් මේ මහාණීය පින හේතු වාසනා වේවා ! නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා !

එමෙන්ම,

🙏 මේ මහාණීය පිං කටයුත්ත දැක බලා සතුටුවන යම්තාක් දෙනා ඇද්ද ඒ පිංවත් පිරිසත් අනුමෝදන්ව කරගෙන යන්නා වූ කටයුතු සාර්ථක කරගෙන වඩාගෙන යන්නා වූ නිවන් මග වඩාගෙන සසර දුකින් නිදහස් වීම පිණිසම මේ පින එක ලෙසම හේතු වාසනා වේවා !

_________________________________________________

ආලෝක පූජාවේ අනුහස්

⚜️ දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.

⚜️ අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේදී ධනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ “දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැ” යි ඇසීය. “උපාසකය, එය සඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේය” යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැ යි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන්තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කළේය.

🙏 පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ

'නිවී සැනසුන ජීවිතය නම් ශ්‍රමණ බව'

#ආලෝකපූජාව

24/08/2026

🔴 ගිහි ජීවිතේ ආදීනව සහ පැවිදි සැපය
සම්පූර්ණ දේශනාව සඳහා පිවිසෙන්න👇
https://youtu.be/YIMnb9X-3sI?si=i6vutJlYNgboelyp

24/08/2026

ඇසුරු කරන්න ඕන මේ වගේ අය...🙂🙏 | Ven. Gosinga Wanaya Yashodhara Meheni Arane Subha Mehenin Wahanse | Gosinga Wana Arana

23/08/2026

සසරේ අසරණ අපි | Ven. Kebithigollewe Amarathissa Thero | Gosinga Wana Arana

#සසරේඅසරණඅපි

සම්පූර්ණ දේශනාව සඳහා පිවිසෙන්න👇
20/08/2026

සම්පූර්ණ දේශනාව සඳහා පිවිසෙන්න👇

තෙරුවන් සරණයි! පින්වත් ඔබට..මැදවච්චිය, ඇටඹගස්කඩ, ඇටවීරගොල්ලෑව කියන...

19/08/2026

ගිහි පින්වතුන්ගෙන් සිවුරු ඉල්ලීමේ දී භික්ෂුව විසින් පිළිපැදිය යුතු කරුණු | අඤ්ඤාතක විඤ්ඤත්ති ශික්ෂාපදය| භික්ෂු විනය | Ven. Kebithigollewe Amarathissa Thero | Gosinga Wana Arana

#අඤ්ඤාතකවිඤ්ඤත්තිශික්ෂාපදය #භික්ෂුවිනය #කැබිතිගොල්ලෑවේඅමරතිස්සහිමි #ගෝසිංගවනඅරණ

Address

Gosinga Wana Arana, Etambagaskada, Etaweeragollewa, Madawachchiya
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Gosinga Wana Arana - ගෝසිංග වන අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Gosinga Wana Arana - ගෝසිංග වන අරණ:

Shortcuts

Share