14/05/2026
භාවනාවෙන් දියුණු වූ සිතට ඇයි නොපෙනෙන බලවේග පෙනෙන්නෙ?
භාවනාව කියන්නෙම සිත සියුම් කරන, සැහැල්ලු කරන ක්‍රියාවලියක් මෙහිදී නිර්වාණය අරභයා සිදුකරන භාවනා සිත අන් භාවනා කර්මස්ථානයන්ටත් වඩා සියුම් කරන්නේ විපස්සනා භාවනාවේදී බොහෝ කෙලෙස් ආශ්‍රව ධර්මයන් මුළුමනින්ම ගැලවී ඉවත් වී යන බැවිනි. මෙම සිත සියුම් වූ පසු කර්මන්‍යය වේ, තැන්පත්භාවයෙන් සහ නිරන්තර සැහැල්ලුවෙන් පවතී. එම සිත තමන්ට කැමති පරිදි තමන්ගේ අරමුණ සදහා හැසිරවිය හැක. එනම් එම සිත නිර්වාණය උදෙසා නැමේ ඒ උදෙසා නිරායාසයෙන්ම ක්‍රියාත්මක වේ. මේත් සමග විටින් එන භාහිර හැල හැප්පීම් සමග භාවනා සිත මිශ්‍ර නොවී තබාගැනීමට නම් අනිවාර්යයෙන්ම යෝගාවචරයා නිරන්තර දයිනික සතිමත්භාවයෙන් සිටිය යුතුමය.
මෙම සියුම් භාවනා සිතට යම් විටක මළගිය ප්‍රාණයක්, අමුනුශ්‍යයෙක්, යක්ශයෙක්, නාගයෙක්, කුම්භාන්ඩයෙක්, ඝාන්ධර්වයෙක්, දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් පෙනෙන්නේද ඒ අදාල අයගේ භාවනා සිතේ දියුණුව සහ සසරේ ප්‍රාර්ථනා සමගය. ඒ වගේම භාවනා සිත සියුම් වුවද මෙසේ පියවි ඇසට නොපෙනෙන දේ නොපෙනෙන අයද බොහෝය. එසේම යමක් පෙනුනේද එය මායාවක් නම් මුලාවක් නම් බොහෝ විට එසේ දැකගත් දේ භාවනා සිත ඉදිරියේ මැකී යයි. එහෙත් පෙනුන දෙයක් ඇත්ත වශයෙන් ප්‍රත්‍යක්ශ කරගත හැකිවන්නේ එය සිත ඉදිරියේ මැකී ගියද එයම තව තවත් ගැඹුරෙන් භාවනායෝගියා දැක කරුණු වශයෙන් විස්තර කර බැලීමේදී වන අතර මෙය සිතට බොහෝ වෙහෙස කර කාර්‍යයකි.
ප්‍රේතයෙක්ට අමුනුශ්‍යයයෙක්ට වඩා, දෙවියෙක්ගේ රූපය සියුම් අතර දෙවියෙක්ට වඩා බ්‍රහ්මයෙක්ගේ රූපය ඊටත් වඩා සියුම් වේ. එම නිසා සියුම් භාවනා සිතට මොවුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ග්‍රහණය විය හැක. ඒ වගේම විශේශයෙන් සදහන් කලයුත්තේ මෙවන් දේ දැකීම උදෙසා භාවනාව දියුණු කරගත නොහැකි අතර එසේ යමෙක් සිතන්නේ නම් එම පුද්ගලයා අනිවාර්යයෙන්ම මානසික රෝගියෙක් වී නවතින්නේය. භාවනාව නිර්වාණාවබෝදය උදෙසාම විය යුතු අතර මෙම හැකියාව එම උතුම් ගමනේ අමතර ලැබීමක්ය. භාවනායෝගියෙක්ට මෙසේ යම් දේ පෙනේද ඒ සදහා උඩගු නොවිය යුතුය, සතුටු නොවිය යුතුය මන්ද පෙනෙන දේහි ගැඹුර සහ එහි දරුණු බව යෝගියා නොදන්නා නිසාවෙනි. ඒ වගේම යම් අමුනුශ්‍යයින් බොහෝ සෙයින් කෙලෙස් බර නිසා බොරුවෙන් සහ මුලාවෙන් හොද රූපෙන් පෙනිය හැකිය එය වෙන් කරගැනීම යෝගියාගේ දැණුම මත වේ.
කෙසේ හෝ අවසානයට කිව යුතු දෙයක් වේ යම් නොපෙනෙන බලවේගයක් දැකගත් විට බිය වීම හෝ ඇලීම හෝ ගැටීම නොවිය යුතුය. මොකද එවිට ඔබට බියක් තැතිගැණීමක් ආ විට එම බලවේගයට ඉන් ලේසියෙන් පෝශණය විය හැක. ඒ වගේම ඔබ නිර්වාණාවබෝදයම උදෙසා භාවනා කරන්නෙක් නම් ඔබ මෙවැනි දේ දැකගත් විට කිසිසේත් බියක් නූපදින්න හේතු එවිට සිතේ නිරායාසයෙන්ම වේ, ඔබේ කමටහනේ වේ එවිට ඔබ එක් යක්ශයක් හෝ යක්ශයින් පිරිසක් දැක්කද දෙවියෙක් දැක්කද දෙවියන් පිරිසක් දැක්කද ඔබේ සිත ඇලීමෙන් ගැටීමෙන් තොරව මේ දෙස දැකීම් මාත්‍රයෙන් බැලිය හැක. මන්ද එය නිරායාසයෙන්ම සිතේ ඇතිවන තත්වයකි එය උපේක්ශාව නිසාම සිතේ නිරායාසයෙන්ම වෙන ක්‍රියාවලියකි. ඔබ එවිට බිය වේද, ඇලේත්ද, ගැටෙත්ද අනිවාර්යයෙන්ම ඔබ එවිට දැනගත යුත්තේ ඔබේ භාවනා සමාධිය තවම දියුණු නොමැති බවත් ඔබේ වීර්‍යය සමතුලිතය බොහෝ දුර්වල බවත්ය. තෙරුවන් සරණයි 🙏