Sri Maha Bodhi

Sri Maha Bodhi www.srimahabodhi.lk www.srimahabodhi.org Unduvap is the last poya of the year. This historic event occurred about two thousand four hundred years ago.
(31)

It is a very important and historic day for Sri Lanka, as it was on this Poya day that Princess Sangamitta Theri arrived in Dambakolapatuna port in Jaffna with a right branch of the Sri Maha Bodhi in India accompanied by a retinue of several others who joined her in this voyage. This voyage laid the foundation for a unitary Sri Lanka and brought all the Sinhalese together. It was a day of special

significance to the ruling monarch king Devanampiyatissa too, for he received a special gift on this day from his unseen but life-long friend king Dharmashoka of India. Sangamitta Theri was the sister of Rev. Mahinda Maha Thera who brought the teachings of the Buddha - the Dhamma to Sri Lanka. They were the two children of king Dharmashoka born to queen Videesa' a "Murunda" clan wife of the king who lived in a place close to Sanchi. After one "vas" season Devanampiyatissa ordered his nephew's chief minister Aritta to go to India to meet king Dharmashoka and bring to Sri Lanka the Bo-sapling. Minister Aritta agreed to undertake his voyage provided he was permitted to enter the order on his return. Accordingly the minister set sail to Dambakolapatuna sea port and returned to Sri Lanka with the Bo-sapling accompanied by Sangamitta Theri and the retinue. By now queen Anula and another five hundred would be nuns were waiting to be ordained by Sangamitta Maha Theri. Sangamitta Maha Theri was able to ordain her husband prince Aggi Brahma and son prince Sumana before she left India on this Royal diplomatic assignment. Lord Gautama Buddha is considered as the Greatest Human Being appeared on earth. The esteemed one achieved the eternal bliss of Samma Sambodhi or the Enlightenment, ending the continuous circle of Samsara, the existence. This wonderful event took place 2600 years ago seated with his back against under an Esathu tree by the river Neranjana in the Buddhagaya, India. As the ascetic Siddhartha attained the Sambodhi Gnana under the shade of the Esathu tree, this highly venerated tree came to be known as the 'Bodhi'.

The President Gotabaya Rajapaksa worshiped Sri Maha Bodhi at Anuradhapura
11/01/2022

The President Gotabaya Rajapaksa worshiped Sri Maha Bodhi at Anuradhapura

27/06/2018
සුබ වෙසක් මංගල්‍යක් වේවා...
10/05/2017

සුබ වෙසක් මංගල්‍යක් වේවා...

ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා...
14/04/2017

ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා...

ගෞතම බෝධිය ලක්දිව රෝපිත අසිරිමත් උඳුවප් පොහොයසිරිමත් සදහම් සන්දේශය රැුගෙන වැඩම කළ මිහිඳු මාහිමියන්ගේ නැගෙණිය වූ සංඝමිත්ත...
24/12/2015

ගෞතම බෝධිය ලක්දිව රෝපිත අසිරිමත් උඳුවප් පොහොය

සිරිමත් සදහම් සන්දේශය රැුගෙන වැඩම කළ මිහිඳු මාහිමියන්ගේ නැගෙණිය වූ සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිවට වැඩම කළේ උඳුවප් මස පුර පෑළවිය දිනක දී ය. අරහත් මෙහෙණිය සමඟින් වැඩම කළ ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අසිරිමත් පෙළහර පාමින් මහමෙව්නා උයනේ රෝපණය වූයේ උඳුවප් පුන් පොහොය දිනයේදී ය. සංඝමිත්තා තෙරණියගේ වැඩමවීමත් සමඟ අනුලා බිසවුන් ප‍්‍රමුඛ පන්සියයක් කුමාරිකාවන් ද පැවිදි බිමට පත් වූ අතර එයින් ලක්දිව භික්ෂුණී සංඝයා ස්ථාපිත විය. රහත් තෙරණිය සමඟ පැමිණි දහඅට කුලයක ශිල්පීන් හෙළදිව බෞද්ධ සංස්කෘතිය ගොඩනගන්නට මහෝපකාරී වූහ. එබැවින් උඳුවප් පුන් පොහෝ දිනය හෙළ බොදුනුවන්ට අනුස්මරණීය දිනයකි. එමෙන් ම සමනල ගිරි හිස පිහිටුවා වදාළ සම්බුදු සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේද උඳුවප් පුන් පොහොයෙනි.

මිහින්තලාවෙන් පැනනැගුනු අසිරිමත් සදහම් සන්දේශය නිසා හෙළදිව ධර්මද්වීපයක් බවට පත්ව සද්ධර්මයෙන් එ්කාලෝක විය. එ් අමා සදහම් ශ‍්‍රවණය කළ හෙළදිව වැසියන් ද සම්බුදු සසුනේ උතුම් පැවිදි බව ලබා ගත්හ. සදහම් අසා මඟ ඵලලාභීන් බවට පත් වූ අනුලාවන් ප‍්‍රධාන හෙළ කතුනට පැවිදි වීමේ වරම් නො ලැබුණේ භික්ෂූන්ට පමණක් කාන්තාවන් පැවිදි කළ නො හැකි නිසා ය. එ් පිණිස භික්ෂූණී සංඝයා වැඩම කරවීමට මිහිඳු මාහිමියන්ගේ අනුදැනුම ඇතිව අරිට්ඨ කුමරු ප‍්‍රධාන රාජකීය දූත පිරිසක් ධර්මාශෝක රජතුමා වෙත සන්දේශයක් ද සහිත ව පිටත් කර හරින ලදී. එහි මෙසේ සඳහන් වුණි.

‘‘ලක්දිව කාන්තාවන් බුදු සසුනේ පැවිදි වෙන්නට කැමැත්තෙන් සිටිති. භික්ෂුණී සංඝයා නොමැති හෙයින්, භික්ෂූන්ට පමණක් එය කළ නො හැක. එබැවින් සංඝමිත්තා තෙරණිය ප‍්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි වඩමවනු මැනවි. පෙර බුදුවරයන් වහන්සේලාගේ බෝධි ශාඛාවලින් හිස් නො වූ ලක්දිවට ගෞතම බුදුරජුන් පිට දුන් ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ද වඩමවනු මැන.”

මේ සන්දේශය රැුගත් රාජකීය දූත පිරිස දඹදිව පැළලූප් නුවරට ගොස් ධර්මාශෝක රජතුමා වෙත එය පිළිගන්වා සංඝමිත්තා තෙරණිය ද හමු වී මිහිඳු මාහිමියන්ගේ පණිවිඩය සැල කළහ. මිහිඳු මාහිමියන් හා සුමන සාමණේරයන්ගෙන් වෙන්ව සංඝමිත්තා තෙරණිය නිසා සැනසී සිටි රජතුමා තෙරණිය ලක්දිවට එවීමට මුල දී අකමැති විය. එවිට සංඝමිත්තාවෝ සිය පිය රජුට මෙසේ පැවසූහ.

‘‘පියාණෙනි, සහෝදරයන් වහන්සේගේ වචනයට මා ගරු කළ යුතුයි. අනුලාවන් ප‍්‍රමුඛ විශාල පිරිසක් පැවිදි වන්නට අපේක්ෂාවෙන් සිටිති. එ් නිසා මා එහි යා යුතු ම යි. මගෙන් උදාර සේවාවක් ලක් වැසියන්ට සිදු වනු ඇති.”

එය ඇසූ දම්සෝ නිරිඳුන්, ‘‘මාතාවනි, එසේ නම් වඩිනු මැනවි. මගේ දරු පරපුර ම සිංහල ජනයාට සේවය පිණිස වේවා! එය මට ද මහත් පිනකි. ඔබතුමිය වඩින විට බෝධිරාජයාගේ ශාඛාවක් ද වැඩමවීම පිණිස කටයුතු සම්පාදනය කොට දෙන්නෙමි.” යි කීවේ ය.

රජතුමා සංඝමිත්තා තෙරණිය ප‍්‍රමුඛ භික්ෂුණී සංඝයා පිරිවර සහිත ව ලංකාවට වැඩමවීමට කටයුතු පිළියෙල කර වී ය. රජ මාලිගාවේ දී සංඝරත්නය උදෙසා දන් පැන් පිරිනමා මහාබෝධි ශාඛාව ලංකාවට වැඩමවිය යුතුදැයි මොග්ගලීපුත්තතිස්ස අරහත් මාහිමියන්ගෙන් විමසී ය. එවිට උන්වහන්සේ එය අනුමත කොට බුදුරජාණන් වහන්සේගේ මහා අධිෂ්ඨාන පහක් ගැන රජතුමාට දේශනා කළ සේක.

එ්වා නම්,
01. ලක්දිව රෝපණය කිරීම පිණිස බෝධීන් වහන්සේ වැඩමවීමට ධර්මාශෝක නිරිඳුන් එළඹුනු කල්හි දක්ෂිණ බෝධි ශාඛාව ඉබේ ම ෙඡ්දනය වී රන් කටාරමේ පිහිටාවා!
02. රන් කටාරමේ පිහිටි බෝධි ශාඛාව හිම වලා ගැබක් අතරට පිවිස වැඩ සිටීවා!
03. සත් දිනකට පසු පොළෝ තලයෙහි පිහිටි කෙණෙහි පත‍්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුදු රැුස් විහිදේවා!
04. දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරවන ථූපාරාම සෑයෙහි මාගේ දකුණු අකුධාතුව පිහිටන කල්හි යමාමහ පෙළහර කෙරේවා!
05. ස්වර්ණමාලී මහා සෑයෙහි මාගේ ද්‍රෝණයක් පමණ ධාතූන් පිහිටන කල්හි සම්බුදු රුව මැවී අහසට පැන නැගී යමාමහ පෙළහර කෙරේවා!

රජතුමා අතිශයින් ම සතුටට පත් විය. පැළලූප් නුවර සිට බුද්ධගයා බෝමැඩ දක්වා මඟ සරසවා ස්වරණමය කටාරමක් ද පිළියෙල කළේ ය. සිව්රඟ සෙනඟ පිරිවරාගෙන මහා පෙරහරින් ශ්‍රී මහාබෝධීන් වහන්සේ වෙත ගියේ ය. දහස් ගණන් මහරහතන් වහන්සේලා ද ප‍්‍රාදේශීය රජවරුන් ද අප‍්‍රමාණ ජන සමූහයක් ද රැුස්ව සිටිද්දී රජතුමා ඇදිලි බැඳගෙන බෝධීන් වහන්සේ දෙස බැලූවේ ය. එකෙණෙහි ම දක්ෂිණ ශාඛාව හැර ඉතිරි සියලූ ම ශාඛාවෝ නො පෙනී ගියහ. මේ අසිරිමත් පෙළහර දුටු රජතුමා අතිශයින් ම සතුටට පත්ව දඹදිව රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පුදා පුද පූජා පවත්වා තුන්වරක් පැදකුණු කොට අට තැනක දී නමස්කාර කළේ ය. බෝධි ශාඛාව දක්වා උස් වූ ස්වර්ණමය පුටුවක රන් කටාරම තබා රුවන් පුටුවකට නැගී රනින් කළ තෙලිතුඩක් ගෙන බෝධි ශාඛාවෙහි ඉරක් ඇඳ මෙසේ සත්‍යක‍්‍රියා කළේ ය.

‘‘මේ බෝධි ශාඛාව ලක්දිවට වැඩමවිය යුතු නම්, මා ද සම්බුද්ධ ශාසනයෙහි සැක රහිත නම්, මේ බෝධි ශාඛාව තෙමේ ම සිඳී රන් කටාරමේ පිහිටාවා!”

බෝධි ශාඛාව ඉබේ ම සිඳී රන් කටාරමේ පිහිටියේ ය. එය දුටු මහාසංඝයා වහන්සේ සැදැහැයෙන් සාදුකාර පවත්වද්දී රජතුමා ඇතුළු මහා පිරිස ප‍්‍රීති ඝෝෂා පැවැත්වූහ. මිහිකත කම්පා වෙද්දී නොයෙක් ප‍්‍රාතිහාර්යයන් සිද්ධ විය. අවට ගිගුම් දුන් සාදු නද මධ්‍යයේ ශ්‍රී දක්ෂිණ ශාඛාව කටාරමත් සමඟින් අහසට පැන නැගී හිම වලාගැබක් අතර සතියක් මුළුල්ලේ වැඩ සිටි සේක. ඉක්බිති මුල් සියයකින් යුක්තව රෝපණය වී යළිත් පොළෝ තලයට වැඩම කළ සේක. එම සතිය මුළුල්ලෙහි අරහත් මුනිවරුන් ද නිරිඳුන් ප‍්‍රමුඛ මහා ජන සන්නිපාතය ද අපරිමිත සම්බුදු ගුණ මහිමය මෙනෙහි කරමින් උත්තම පූජාවන් පැවැත්වූහ. බෝධි ශාඛාවේ පත‍්‍රවලින් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුද්ධරශ්මි මාලා විහිදුනි. මිනිසුන්ගේ ද දෙව් බඹුන්ගේ ද සාදු නාදෙන් මුළු දඹදිව් තලය ම එ්කනින්නාද විය. බෝධි ශාඛාව නැවතත් රාජ්‍යයෙන් පුදා අභිෂේක කළ රජතුමා යළිත් මහා පූජාවන් පැවැත්වී ය.
ගංගා නදියෙහි සුන්දර ලෙස සරසවන ලද නෞකාවකට බෝධීන් වහන්සේත්, සඟමිත් තෙරණිය ප‍්‍රමුඛ මෙහෙණින් වහන්සේලාත්, රජකීය දූත පිරිසත්, නැව් නැංවූ රජතුමා තාමලිත්ති නම් තොටුපළට සත් දිනකින් ළඟා වූයේ ය. අතරමඟ දී දෙවියන් ද නාගයන් ද මිනිසුන් ද උදාර පූජාවන්ගෙන් බෝධීන් වහන්සේ පිදූහ. සමුද්‍ර තීරයේ දී තෙවන වතාවටත් රාජ්‍යයෙන් පිදූ ධර්මාශෝක නිරිඳුන් බෝධීන් වහන්සේ හිස තබාගෙන අතිශය ගෞරවයෙන් යුතුව නැවෙහි තැන්පත් කළේ ය. අරහත් මෙහෙණිවරුනුත්, රාජකීය දූත පිරිසත් නැවට නංවා මෙසේ පැවසී ය.

‘‘මම තුන් වරක් ම දඹදිව රාජ්‍යයෙන් බෝධිරාජයා පිදුවෙමි. මා මිත‍්‍ර දේවානම් පියතිස්සයන් ද එසේ ම පුදාවා!”

දෙවියන්ගේත්, නාගයන්ගේත් අප‍්‍රමාණ පුද සත්කාර ලබමින් ලක්දිව දඹකොළ පටුනට නෞකාව සැපත් විය. දෙවනපෑතිස් නිරිඳුන් පෙරගමන් කොට මහත් වූ ශාස්තෘ ගෞරවයෙන් බෝධීන් වහන්සේ පිළිගත්තේ ය. සම්බුදු ගුණ අනුහසින් මුහුදු රළ නැවතී සමුද්‍රය ද නිසංසල විය. එ් අසිරිමත් පෙළහරින් ද බුද්ධාලම්බන ප‍්‍රීතියෙන් ද ඔද වැඩුනු සිතැති දෙවනපෑතිස් නිරිඳුන් ලක්දිව රාජ්‍යයෙන් පුදා බෝරජාණන් වහන්සේ අභිෂේක කළේ ය. රජතුමා සිය රාජකීය ඔටුන්න ද අසිපත ද සේසත ද පුදා ලක්දිව රාජ්‍යය පූජා කොට දොරටුපාල වෙස් ගෙන තෙදිනක් පුරාවට බෝරජුන් මුරවතින් පිදී ය. බෝධීන් වහන්සේත්, අරහත් තෙරණිවරුනුත් මහත් සේ පුද සත්කාර සහිත ව රාජකීය පෙරහරකින් අනුරාධපුර මහමෙව්නා උයන වෙත වැඩම වී ය.

මේ මහා භද්‍ර කල්පයේ තුන් බුදුවරයන් වහන්සේලාගේ ම බෝධි ශාඛා පිහිටවූ, ගෞතම බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි උතුම් භූමියේ බෝධි ශාඛාව පිහිටුවන ලද්දේ ය. මිහිකත කම්පා වෙද්දී බෝධීන් වහන්සේගෙන් සවණක් ඝන බුද්ධ රශ්මි මාලා විහිදුනි.

විජය ශ්‍රී බෝධිරාජයාණන් වහන්සේ අද ද ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ අප‍්‍රමාණ පුද සත්කාර මැද මහමෙව්නා උයනේ විරාජමාන ව වැඩ සිටින සේක. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බුද්ධත්වයේ විජයග‍්‍රහණය මුළු ලොවට කියා පාන ජීවමාන සංකේතයකි. භාග්‍යවතුන් වහන්සේගේ නික්ලේශී සම්බුදු සිරුරේ පහස ලත් උත්තම පාරිභෝගික චෛත්‍යයකි. හෙළ බොදුනුවන්ගේ ශ්‍රේෂ්ඨතම පූජනීය වස්තුව වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපිත වූ උඳුවප් පුන් පොහෝ දිනය අපට ශ්‍රේෂ්ඨ දිනයක් වන්නේ එබැවිනි.

සසුන එකලූ කළ සඟමිත් තෙරණියෝ

සංඝමිත්තාවන් කුඩා කල පටන් ම ගුණ නුවණින් වැඩුන පින්බර කුමරියකි. සිය සැමියාණන් වූ අග්ගිබ‍්‍රහ්ම කුමාරයාත්, පුත් කුමරු වූ සුමන කුමාරයාත්, සහෝදර මහින්ද කුමරුත් සසුනේ පැවිදි වූ පසු ඇයගේ අපේක්ෂාව වූවේ ද පැවිදි වීම යි. ආයුපාළි හා ධම්මපාළි නම් මහරහත් තෙරණිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ඈ සම්බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබුවා ය. සව් කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත්ව ධර්මධර, විනයධර භික්ෂුණියක් ව සසුන බැබළවූ සේක. මිහිඳු මාහිමියන්ගේ මඟ පෙන්වීම මත වැඩම කොට අනුලාවන් ප‍්‍රධාන පන්සියයක් කතුන් සසුනේ පැවිදි කරවා භික්ෂූණී සංඝයා ලක්දිව ස්ථාපිත කළ සේක. හෙළ කතුනට විමුක්තියේ ස්වර්ණ ද්වාරය විවර කොට ගුණවත්, නැණවත් වනිතා පරපුරක් බිහි කරවූ සේක. අනුරාධපුර යුගයේ දී අතිශයින් ම දීප්තිමත් ව සසුනඹර එළිය කළ අරහත් මුනිවරියන් ප‍්‍රමුඛ භික්ෂුණී සංඝයාගේ මුදුන් මල්කඩ වූයේ සංඝමිත්තා තෙරණිය යි. සිය දිවිය පුරාවට හෙළදිව සම්බුදු සසුනට අනූපමේය සේවාවක් කළ සංඝමිත්තා තෙරණිය වැඩම කළ උඳුවප් පුන් පොහෝ දිනය හෙළ බොදුනුවන්ට සදා අනුස්මරණීය දිනයකි.

මෙවන් උදාර ශාසනික සංසිද්ධීන් සිදු වූ උඳුවප් පුන් පොහෝ දින අපත් ආමිෂ, ප‍්‍රතිපත්ති පූජාවන්ගෙන් උත්තම තුනුරුවන් පුදමින් එ් අමා ශාන්තිය වෙත පියනගන්නට අදිටන් කර ගනිමු.

ඇසුර – පූජ්‍ය පණ්ඩිත මාපලගම සිරි සෝමිස්සර හිමිපාණන් විසින් රචිත පොහොය වර්ණනාව ග‍්‍රන්ථය

14/08/2014
President Mahinda Rajapaksa worshipped the 'Jaya Sri Maha Bodhi' in Anuradhapura yesterday (July 5) evening.ජනාධිපති මහි...
06/07/2014

President Mahinda Rajapaksa worshipped the 'Jaya Sri Maha Bodhi' in Anuradhapura yesterday (July 5) evening.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (ජූලි 5) පස්වරුවේ ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ආශිර්වාද ලබාගත්තේය.

ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ அவர்கள் நேற்று (யூலை 5) பிற்பகல் அனுராதபுரம் ஜய ஸ்ரீ மஹா பொதியை வழிபட்டு ஆசீர்வாதம் பெற்றுகொண்டார்.

Poson Poya2014.06.12
12/06/2014

Poson Poya
2014.06.12

Vesak Poya 2014.05.14
14/05/2014

Vesak Poya
2014.05.14

Navam Full Moon Poya2014.02.14
14/02/2014

Navam Full Moon Poya
2014.02.14

Address

Anuradhapur

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

+94252222367

Website

http://www.srimahabodhi.org/

Alerts

Be the first to know and let us send you an email when Sri Maha Bodhi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share