Avukana Buddha statue-අවුකන බුදු පිළිමය

Avukana Buddha statue-අවුකන බුදු පිළිමය Buddhist Temple

17/10/2024
24/05/2024

ධජ වෘක්ෂ පූජාව ......

18/12/2023
13/12/2023

අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම සලකා බලන කල්හි, ඉතාම වැදගත් නිර්මාණයක් ලෙස අවුකන බුද්ධ ප්‍රතිමාව සදහන් කළ හැකියි. කළුගල් පර්වතයේ පූර්ණ උන්නතව පද්මාසනයක් මත වැඩ සිටින ආකාරයෙන් නිර්මිත මේ බුදුපිළිමය උසින් අඩි 38යි අගල් 10 ක් පමණ වේ. දකුණු අතින් අභය මුද්‍රාවත්, වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින් නිර්මිත මෙහි, ඒකාංශ ක්‍රමය අනුව සිවුර රිද්මයානුකූල වූ රැළි රටාවකින් යුක්ත වන අතර එය ඇගට ඇලුණු ස්වභාවයක්ද දක්නට ලැබේ. අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට ආවේණික වූ සිවුරේ ඇති තනි රැල්ල මෙම පිළිමය තුළින් ද මනාව ඔප්නංවා තිබෙන අයුරු දකින්නට හැකියි. මේ පිළිමයට තනා ඇති මීටර් 14 ක් දිග මීටර් 7 ක් පළල ප්‍රථිමා ගෘහය අට වන සියවසේ දී පමණ ඉදි කරන්නට ඇතැයි, එහි නැගෙනහිර බිත්තියේ ඇති ශිලා ලිපිය අනුව විශ්වාස කෙරේ.

අවුකන බුද්ධ ප්‍රථිමාව පද්මාසනයක් මත සෘජුව තබාගෙන ඇති ශරීරයේ බර දෙපා මතට සමසේ විහිදෙන ආකාරයෙන් සම භංග ඉරියව්වෙන් නිමවා ඇති හිටි පිළිමයකි. සම්පුර්ණ උන්නත ආකාරයෙන් නෙලා ඇති පිළිමය පිටුපස කුඩා තීරුවකින් පිහිටි ගල් කුලට සම්බන්ද වී ඇත. අවුකන බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා ගත්කල, ඔහුට මානව රූපය පිලිබදව හසල දැනුමක් තිබූ බවට සැලකිය හැකියි. එසේම, මෙම පිළිමයේ ලම්භකත්වය සැලකූ විට ඉතා පුදුමසහගත කාරණය නම්, නාසයට වැටෙන ජල බිදුවක් පා දෙකට හරි මැදින් වැටීමයි. තවත් එවැනිම විශිෂ්ටත්වයට පිළිබිඹු කරන කරුණක් නම්, සිරුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වයයි. කළුගලක් තුළ ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරය සලකා බැලූ කල, මෙතරම් විශිෂ්ට හිටි පිළිමයක් ලක් ඉතිහාසයේ දැක නොමැති තරම් බව හඟවයි.

- අව්කන බුදුරුව නිමවූ "බරණ නමි ගල් වඩුවාගේ කතාව" 😍☘️🌊🦚❤️🍂🌸මහාවංශයේ දැක්වෙන පරිදි, ක්‍රි. ව. 459 – 477 කාලයේ රජ කල ධාතුසේ...
30/11/2023

- අව්කන බුදුරුව නිමවූ "බරණ නමි ගල් වඩුවාගේ කතාව" 😍☘️🌊🦚❤️🍂🌸

මහාවංශයේ දැක්වෙන පරිදි, ක්‍රි. ව. 459 – 477 කාලයේ රජ කල ධාතුසේන රජතුමා විසින් අවුකන ප්‍රතිමාව නිමවා තිබේ. ධාතුසේන රජතුමාගේ විශිෂ්ඨතම නිර්මාණයක් වූ කළා වැවට බටහිරින් අවුකන ප්‍රතිමාව පිහිටා ඇත. මෙය නිමවූ ගල්වඩුවා “බරණ” නැමැත්තෙකු බවත්, ඔවුනට ගල්වඩු ශිල්පය ඉගැන්වීමට අවකන් දේශයෙන් ශිල්පියෙකු පැමිණි බවත්, එහෙයින් මෙම ප්‍රතිමාව “අවුකන” ලෙස ප්‍රසිද්ධ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. බරණගේ දක්ෂතාවය ගැන පැහැදුණු ධාතුසේන රජතුමා, ඔහුට ගම්වරයක් තෑගි දී තිබෙන අතර එය “ ගල්වඩුවාගම ” නමින් අදත් දක්නට ඇත. අවුකන පිළිම වහන්සේ නෙළීම සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවෘත ඉතිහාසයේ සඳහන් වෙන අතර, ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ, ගුරු – ගෝල තරඟයක ප්‍රතිඵලයක් ලෙස “අවුකන” නිර්මාණය වූ බවයි.

සුවිශේෂී විස්තර
ලොව සුපතල අවුකන පිළිමය පිහිටි කළු ගලක නිර්මාණය කරන ලද හිටි පිළිමයකි. මෙම ප්‍රතිම වහන්සේ උසින් අඩි 38 අඟල් 10 කි. සිරස් පත සමඟ උස අඩි 42 අඟල් 6 කි. පිළිමය පාමුල අලංකාර පද්මාසනයක් අති අතර, පද්මාසනයේ සිට සිරස් පතට ඇති මුළු උස අඩි 46 අඟල් 4 ක් ලෙස ගණන් බලා ඇත. මේ සුවිසල් ප්‍රතිමාවේ ඇති සුවිශේෂ ලක්ෂණයක් නම්, එහි සිරසට වැටෙන ජලය නාසය දිගේ ගලාගෙන විත් පහළ සිරිපතුල් දෙක අතර මැද ඇති සළකුණක් මතට වැටීමයි. මෙයින් පෙනී යන්නේ, මේසා විශාල ශෛලමය ප්‍රතිමාවක් වුවද එය ලම්බකව, සමබරව, සෘජු ලෙස නෙලීමට තරම් බරණ ගල් වඩුවා සමත් වී ඇති බවයි. එය, හෙළ කලා කරුවාගේ විශ්මිත කලා කුශලතාවය මැනවින් ලොවට කියාපාන කදිම සාධකයකි.

කිසියම් කලා නිර්මාණයක් ජනතාවගේ වින්දනයට නොගැලපේ නම්, එය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇත. එනිසා ඒ සඳහා යොදා ගන්නා අංගෝපාංග නියමාකාරයෙන්ම යෙදිය යුතුය. මේ හේතුව නිසා පුරාණයේ සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් බුද්ධ ප්‍රතිමාව උසස් තැනක් ගන්නා ලදී. එහිදී පුජනීයත්වය මෙන්ම සුන්දරත්වයද එකට කැටි කර ඇති අයුරු අවුකන ප්‍රතිමා වහන්සේ තුළින් විද්‍යාමාන වේ.

දෙතිස්මහාපුරුෂ ලක්ෂණ
ප්‍රතිමාවක් තුළින් එම පුද්ගලයාගේ බාහිර ස්වරුපය පමණක් නොව ආධ්‍යාත්මික ස්වරුපයද නිරුපනය කල යුතුය. සාමාන්‍ය මනුෂ්‍යයකු නොවන බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ කෙසේනම් ප්‍රතිමාවක නිරුපනය කරන්නද? මෙහිදී බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ සංකේතවත් කරන දෙතිස්මහා පුරුෂ ලක්ෂණ විදහා දැක්විය යුතුය. මෙයින්, බාහිරව දැකිය හැකි මහා පුරුෂ ලක්ෂණ පහළොවක් පමණ අවුකන ප්‍රතිමාව තුළ දැකිය හැකිය.

ඒවා නම්, සුපුහුටි පාද, දික් විලුඹ, දික් ඇඟිලි, දැල් කවුළුවක් බඳු අත්-පා, මත්තෙහි ගොප් ඇටය, ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා, සෘජුව තිබෙන්නාවූ ගාත්‍රා, පිරි තිබෙන්නාවූ දෙඅතුල් / දෙපතුල් / දෙඅස්න්කූඨ පිටිකර ඇති බව / සිංහයෙකුට බඳු වූ ඌර්වකාය / පිට රන් ඔරුවක් වැනි අන්තාරාංගයක් ඇති බව / රන් බෙරයක් සේ සමව වටවූ ග්‍රීවා ඇති බව / සිංහයකු සේ සමව වටව සිටිනාවූ හනුභාග ඇති බව / ඌර්ණ රෝම ධාතුව / උණහිස්සිස ලක්ෂණ සහ දීර්ඝ වූ අත් ඇති බව වේ.

මිට අමතරව තවත් වැදගත් ලක්ෂණ කිහිපයක් අවුකන ප්‍රතිමා වහන්සේගේ දක්නට ලැබේ. සිරුරේ බර දෙපා වලට සමසේ බෙදී යනසේ අවුකන පිළිමය සමංගභාග ක්‍රමයට ඉඳි කර ඇත. වම හස්තය උරහිස මට්ටමට ඔසවාගෙන සිටින අයුරින් නිර්මාණය කර අති මුද්‍රාව “ කටක”මුද්‍රාව වන අතර, අකුණු හිතන් “අභය” මුද්‍රාව නිරූපනය වේ.

බුදු පිළිම නෙලීම කවදා කොතන දී ආරම්භ වුයේදැයි නිශ්චිතව කිව නොහැක. බෞද්ධ සහිත්‍යය හා පුරා විද්‍යාව ට අනුව ක්‍රි.පූ. පළමු හෝ දෙවන සියවස් වලදී බුද්ධ ප්‍රතිමා නෙලීම ආරම්භ වී ඇත. එහෙත් මේ කාලයේ ප්‍රතිමා නෙලූ ශිල්පින් බුදුන් වහන්සේ සියසින් දැක තිබුනා විය නොහැක. එසේනම් මොවුන් බුද්ධ ප්‍රතිමා නෙළුවේ බුදුගුණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය සිහිපත් කරගෙන විය යුතුය. කරුණු එසේ වී නම්, හෙළ කලා කරුවාගේ පරිකල්පනයේ අපුර්වත්වය පෙන්වන කදිම නිදසුනක් ලෙස අවුකන සහ රැස් වෙහෙර බුද්ධ ප්‍රතිමා දැක්විය හැකිය.

පිළිම ඉතිහාසය පිලිබඳ කතා

රැස් වෙහෙර ප්‍රතිමාව, සැස්සේරුව නමින්ද හඳුන්වන අතර අවුකන ප්‍රතිමාවට කිලෝමීටර 16 දුරින් පිහිටා ඇත. මේ පිළිම දෙක නිර්මාණය වීම සම්බන්ධයෙන් අපූර්ව කතාන්දර රැසක් ජනප්‍රවාදයේ ඇත. මේවා අතරින් වඩාත් ප්‍රචලිත එකක් වන්නේ, මෙකී පිලිම යුගලෙහි නිර්මාණකරුවන් දෙදෙනා ගුරා සහ ගෝලයා බවත්, ගුරා ‍රැස් වෙහෙර පිලිමයත්, ගෝලයා අවුකන පිලිමයත් නෙලීම ආරම්භ කර ඇති බවත් වේ. පලමුව පිලිමය නිමවන තැනැත්තා, “හූවක්” තැබීම මගින් අනෙකාට ඒ බව සැලකල යුතුවිය. කෙසේ උවත් ‍රැස් වෙහෙර පිලිමය නෙලමින් සිටි ගුරාට තම ගෝලයාගේ “හූ” හඩ ඇසීමෙන් තමා පරාජයට පත්වූ බව හැගී, එම සිත් තැවුලෙන්ම පිලිමය නෙලමින් සිටි පර්වතයෙන්ම පැන සියදිවි නසා ගත් බවත්ය.

ඒ කෙසේ වෙතත්, අවුකන ප්‍රතිමාවට වඩා බෙහෙවින් ප්‍රාථමික ලක්ෂණ රැස් වෙහෙර ප්‍රතිමාවේ දක්නට ලැබේ. අනෙක් අතට රැස් වෙහෙර හෙවත් සැස්සේරුව ප්‍රතිමාව වැඩ අවසන් කර නොමැත. එය අදත් දක්නට හැක්කේ ඒ අයුරින්මය.

අවුකන පිළිමය, පිහිටි ගල මතුකරමින් නිර්මාණය කර අති අතර, රැස් වෙහෙර පිළිමය, පිහිටි ගල හාරා ඒ තුළ නෙලා ඇත. රැස් වෙහෙර ප්‍රතිමාවේ බොහෝ ලක්ෂණ බාමියන් බුද්ධ ප්‍රතිමාවන්ට සමාන වේ. මේ නිසා රැස් වෙහෙර නිර්මාණය කල ගල් වඩුවා, එදා අවකන් දේශය නමින් හැඳින්වුණු බාමියන් රට හෙවත් ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි කෙනෙකු විය හැකි බව ඉතිහාඥයෝ පවසති.

එසේ වුවත් මේ පිළිම දෙකම අපේ රටේ ඉතා වැදගත් ප්‍රතිමා දෙකක් ලෙස බොදු ජනතාවගේ වන්දනා මනයටත්, බුහුමනටත් නිතැතින්ම පාත්‍ර වේ. ඔබත් මේ පිළිමවහන්සේලා දෙඇසින්ම දැකගෙන තියෙනවාද? නැතිනම් හැකි වෙලාවක ගිහින් බලාගන්න, ලංකාවේ ආදී කාලයේ සිටි අනර්ඝ ශිල්පීන්ගේ වැඩ දැන් මුළු ලොවම පුදුමයට පත්කරද්දී ලංකාවේ අපිටත් පොඩි ආඩම්බරයක් දැනෙන එක ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ නේද?

තොරතුරු : අවුකන බුදු පිළිමය සග එහි නොදුටු පැත්ත. – අබේරත්න අතුකෝරල, සිංහල මහා වංශය,

උපුටාගැනීමකි
📷 credit goes to original photographer

ගුරු ගෝල සටනකින් පසු බිහිවුණු විශ්මිත අවුකන පිලිමය සහ රැස් වෙහෙර (සැස්සේරුව) 🙏✨️💐💕මහාවංශහි සඳහන් වන ආකාරයට ක්‍රි : ව 459...
30/11/2023

ගුරු ගෝල සටනකින් පසු බිහිවුණු විශ්මිත අවුකන පිලිමය සහ රැස් වෙහෙර (සැස්සේරුව) 🙏✨️💐💕

මහාවංශහි සඳහන් වන ආකාරයට ක්‍රි : ව 459 ත් 477 ත් අතර සමයේ ධාතුසේන රජු විසින් අවුකන ප්‍රථිමාව නිමකල බවයි කියැවෙන්නේ.ධාතුසේන රජුගේ විශිෂ්ඨතම නිර්මාණයක් වූ කලා වැවට බටහිරින් අවුකන ප්‍රථිමාව පිහිටා ඇති අතර මෙය නිමවූ ගල් වඩුවා " භරණ " නමැත්තකු වූ බවත් ඔහුට ගල්වඩු ශිල්පය ඉගැන්වීමට " අවකන් " දේශයෙන් ශිල්පියකු පැමිණි බවත් කියැවෙනවා.එහෙයින් මෙම ප්‍රථිමාව අවුකන නමින් ප්‍රසිද්ධ වූ බවයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ.
භරණ නමැති ගල් වඩුවාගේ දක්ෂතාවය ගැන පැහැදුණු ධාතුසේන රජු ඔහුට ගම්වරයක් තෑගි දී ඇති අතර එය " ගල් වඩුවා ගම " නමින් අදත් දක්නට ලැබෙනවා.කෙසේවෙතත් අවුකන පිළිම වහන්සේ නෙලීම සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවෘත ඉතිහාසයේ සඳහන් වන අතර ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ ගුරු ගෝල තරඟයක ප්‍රතිඵලයක් ලෙස අවුකන පිළිම වහන්සේ නිර්මාණය වූ බවයි.අවුකන පිළිම වහන්සේ හා ඊට කිලෝමීටර් 16 ක් දුරින් පිහිටි " රැස් වෙහෙර " ප්‍රථිමාව ගල් වඩුවන් දෙදෙනකු විසින් එකම කාලයකදී නෙලූ බවත් ඔවුන් දෙදෙනා ගුරුවරයා සහ ගෝලයා වූ බවත් ජනප්‍රවාදයේ දැක්වෙනවා.ඒ අනුව ගුරුවරයා විසින් රැස් වෙහෙර ප්‍රථිමාව නෙලීම ඇරඹූ අතර ගෝලයා වූ භරණ විසින් අවුකන ප්‍රථිමාව ආරම්භ කර තිබුණා.ඒ මේ දෙදෙනා විසින් නියම කරගනු ලැබූ තරඟයකට අනුවයි.එහිදී පලමුව පිළිමය තනා නිමකරන තැනැත්තා හූවක් මගින් ඒ බව දැනුම්දීමට එකඟ වූ බවයි සඳහන් වන්නේ.මෙහිදී ගෝලයා විසින් අවුකන පිළිම වහන්සේ පලමුව තනා නිමකල බවත් ගුරුවරයා ඉන් අනතුරුව පිළිමය නිමාකල බවත් කියවෙනවා.ඒ අනුව ගෝලයා විසින් ඒ බව තහවුරු කිරීම සඳහා හූ හඬක් නිකුත් කල පසු ගුරුවරයා ලැජ්ජාවට පත්ව පිළිමය නෙලමින් සිටි පර්වතයෙන් පැන සියදිවි නසා ගත් බවයි ඉතිහාසයේ කියවෙන්නේ.ඒ පිළිබඳ යම් පිලිගත හැකි තත්ත්වයක්ද පවතින්නේ රැස් වෙහෙර හෙවත් " සැස්සේරුව " ප්‍රථිමාවේ වැඩ අවසන් කර නොමැති බව පැහැදිලිව දැක ගත හැකිවීම හේතුවෙනුයි.එසේම රැස් වෙහෙර ප්‍රථිමාව අවුකන ප්‍රථිමාවට වඩා ප්‍රාථමික ලක්ෂණ දරනවා.
අවුකන පිළිමය පිහිටි ගල මතුකරමින් නිර්මාණය කර ඇති අතර රැස් වෙහෙර පිළිමය පිහිටි ගල හාරා ඒ තුල නෙලා තිබෙනවා.රැස් වෙහෙර ප්‍රථිමාවේ බොහෝ ලක්ෂණ " බාමියන් " බුද්ධ ප්‍රථිමාවන්ට සමාන වන බැවින් රැස් වෙහෙර නිර්මාණය කල ගල් වඩුවා එදා " අවකන් දේශය " නමින් හැඳින්වුණු බාමියන් රට හෙවත්" ඇෆ්ගනිස්තානයෙන් " පැමිණි කෙනෙකු වියහැකි බවයි සඳහන් වන්නේ.
මෙසේ ජයග්‍රාහී ගෝලයා විසින් තනනු ලැබූ ලොව සුපතල අවුකන පිළිමය පිහිටි කලු ගලක නිර්මාණය කරන ලද හිටි පිළිමයක් වන අතර ප්‍රථිමා වහන්සේ උසින් අඩි 38 යි අඟල් 10 ක් වනවා.සිරස් පත සමග උස අඩි 42 යි අඟල් 8 ක් ලෙසයි දැක්වෙන්නේ.පිළිමය පාමුල අලංකාර පද්මාසනයක් ඇති අතර පද්මාසනයේ සිට සිරස් පතට ඇති මුළු උස අඩි 46 යි දශම 4 ක් ලෙස ගනන් බලා තිබෙනවා.ප්‍රථිමාවේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි සිරසට වැටෙන ජලය නාසය දිගේ ගලාගෙන විත් පහල සිරිපතුල් දෙක අතරට මැද ඇති සළකුණක් මතට වැටීමයි.මෙයින් පෙනීයන්නේ මේසා විශාල ශෛලමය ප්‍රථිමාවක් වුවද එය ලම්බකව සමබරව ඍජු ලෙස නෙලීමට භරණ ගල් වඩුවා සමත්ව ඇති බවයි.එය හෙල කලා කරුවාගේ විශ්මිත කලා කුසලතාවය මැනවින් ලොවට විදහාපාන සාධකයක් ලෙසයි හැඳින්වෙන්නේ.

සටහන: දිනේෂ් කබ්රාල්

𝗦𝗲𝗻𝗸𝗮𝗱𝗮𝗴𝗮𝗹𝗮 - සෙංකඩගල 🇱🇰

29/11/2023

197... අවුකන පිළිම වහන්සේ 🙏

අවුකන
13/06/2023

අවුකන

Address

Avukana
Anuradhapur
50000

Alerts

Be the first to know and let us send you an email when Avukana Buddha statue-අවුකන බුදු පිළිමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share