සසුන් කෙත අස්වද්දමු

Call Directions Website Contact the place of worship

සසුන් කෙත අස්වද්දමු ❛❛දහසක් වෙහෙර විහාරස්ථාන,සේනාසන ගොඩනගා සසුන් කෙත අස්වද්දමු❜❜
(2)

07/10/2026

රුවන්වැලි සෑ රජුන්ගේ අසිරිය

මේ සියලු පූජාවන් රුවන්වැලි සෑ රජුන්ට පූජා වේවා

තෙරුවන්සරණයි

වනවාසී භික්ෂු සංඝයා හට මඩ ගොහොරුවකින් එතෙර වීම පිණිස ගලෙන් නිමකළ මංපෙතක් සැකසූ වගයි.៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐කෙලෙස් යදම්...
06/10/2026

වනවාසී භික්ෂු සංඝයා හට මඩ ගොහොරුවකින් එතෙර වීම පිණිස ගලෙන් නිමකළ මංපෙතක් සැකසූ වගයි.
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐
කෙලෙස් යදම් බිඳ දමමින්, අෂ්ඨ ලෝක ධර්මයන්හි අකම්පිතව, දෙව් මිනිස් ආදී සකල ප්‍රජාවගේ නෙතට රසඳුනක් බඳු වූ, සීල වෘද්ධ, තපෝවෘද්ධ, ගුණයෙන් බබලන්නාවූ ආර්ය මහා සංඝරත්නය උදෙසා යමෙක් පැහැදුණු සිතින් පැන් බිඳක තරම් හෝ දෙයක් පූජා කරන්නේ නම් එය මහත්ඵල මහානිසංස දායක, උත්තුංග කුසල කර්මයකි.

පසුගිය දිනක සංවර වූ ඉඳුරන් ඇති, බිමට යොමා ගත් නෙතින් පිණ්ඩපාතය වඩිනා මහා සංඝ රත්නයට, දිනපතා මඩ වතුර පිරි දියකඩිත්තක් තරණය කිරීමට සිදුවන බවත්, එහිදී උන්වහන්සේලා බොහෝ අපහසුතාවයට පත්වන බවත් දුටු අප "සසුන් කෙත අස්වද්දමු" මිතුරන් කිහිප දෙනෙකු විසින් එම දියකඩිත්ත හරහා ගල් අතුරා එය මනාව සමතලා කර උන්වහන්සේලා හට පහසුවෙන්ම ඒ පිණ්ඩපාත චාරිකාවේ වැඩීමට හැකිවන පරිදි මාර්ගය සකස් කරන ලදී. බොහෝ කාලයක් තිස්සේ එම ස්ථානයෙන් ගොඩවන සෑම අවස්ථාවකදීම ස්වාමීන් වහන්සේලාගේ පයේ මඩ තැවරෙමින් අපවිත්‍ර වූ බවත්, මෙතැන් පටන් සුවසේ උන්වහන්සේලාට ධර්ම චාරිකාවේ ගමන් කළ හැකි බවත් වටහා ගත් අප හට ඇතිවූයේ නිම් හිම් නැති සතුටකි.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ "වනරෝප සූත්‍රයේ" සඳහන් පරිදි පාලම් සහ ඒ දඬු තනන්නන් නිදා සිටියත්, අවදිව සිටියත් ඔවුන්ට දිවා රෑ දෙකෙහිම පින් සිදුවේ.මෙම පින්කම් මාලාව සදහා අපව සම්බන්ද කරගත් සිසිර මිතුරාටද , Tiron Subasinghe මිතුරාටද,මේ සඳහා කාය පූජාවෙන් සහ සම්බන්ධ වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළට ද , මහා සංඝරත්නය විෂයෙහි සිදුකළ මේ කුසල සම්භාරය දැකබලා අනුමෝදන් වන ඔබ සියලු දෙනාටද, මෙලොව ජීවිතය මෙන්ම සංසාර ගමනද කිසිදු බාධාවකින් තොරව ආරක්ෂා වීමටත්, උතුම් වූ අමාමහ නිවන් සුව පිණිසත් ඒකාන්ත වශයෙන්ම හේතු උපකාරයක්ම වේවා.

තෙරුවන් සරණයි !!!

06/10/2026

සසුන් කෙත අස්වද්දමු

නිහඬ වනපෙතේ වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අපමණ වෙහෙස මහන්සි වෙමින් කුටි සෙනසුන් සකස් කරමින් සිදු කළ උතුම් පින්කමක්… 🙏

゚

ඝන කැලෑවේ වැඩ වසන උතුම් ස්වාමින් වහන්සේලාට පිණ්ඩපාතය පූජා කළ අසිරිය ៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐මහ වනයේ  වැඩ වාසය කරන, ගම් ...
05/10/2026

ඝන කැලෑවේ වැඩ වසන උතුම් ස්වාමින් වහන්සේලාට පිණ්ඩපාතය පූජා කළ අසිරිය
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐
මහ වනයේ වැඩ වාසය කරන, ගම් නියම්ගම් අතර පිණ්ඩපාතයේ වැඩම කරමින්, උතුම් සිල්වත් දිවිපෙවෙතක් ගත කරමින් ආර්ය මාර්ගය වඩනා පින්වත් ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාත දානය පූජා කිරීමේ භාග්‍යය පසුගිය දිනෙක ❛❛ සසුන් කෙත අස්වද්දමු ❜❜ මිතුරු කැළට උදාවිය.

මෙවැනි උතුම් දානමය කුසලයකට දායක වීමට ලැබීම මහත් පින්කමකි. භාග්‍යකි. එම පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වන ඔබ සැමටද ඒ පුණ්‍ය ශක්තිය හිමි වේවා!

මෙම සියලු කුසල් ධර්මයන්ගේ ආනුභාවයෙන් ඔබ අප සැමටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිමින් නිවන් මඟ සාර්ථක කරගැනීමේ භාග්‍ය උදාවේවා!

තෙරුවන් සරණයි!

04/10/2026
04/10/2026

නාථ දේවාල පුදබිමේ පූජනීය දිගන ස්වාමින් වහන්සේ සිදුකරනු ලබන මනරම් ධර්ම දේශනාව

04/10/2026

නාථ දේවාල පුදබිමේ ස්තාන පුරා ඩොලමයිට් අතුරමින් පිං ඵල නෙලාගන්න අයුරු

04/10/2026

නාථ දේවාල පුදබිමේ අභිශේක මණ්ඩපය පුරා ඩොලමයිට් අතුරමින් පි ඵල නෙලාගන්න අයුරු

04/10/2026

දළදා මාලිගාව පරිශ්‍රයේ නාථ දේවාල පුදබිමේ සුදු වැලි ඇතිරීමේ පින්කම

වැලි කැටයක් කැටයක් පාසා රැස්වන අප්‍රමාණ පුණ්‍ය සම්භාරය…බෙල්ලන්විල පුදබිමේදී ❛❛ සසුන් කෙත අස්වද්දමු ❜❜ මිතුරු කැළ සිදු කළ...
02/10/2026

වැලි කැටයක් කැටයක් පාසා රැස්වන අප්‍රමාණ පුණ්‍ය සම්භාරය…
බෙල්ලන්විල පුදබිමේදී ❛❛ සසුන් කෙත අස්වද්දමු ❜❜ මිතුරු කැළ සිදු කළ සුදු වැලි ඇතිරීමේ පිංකම....

දේවානම්පියතිස්ස රාජ සමයට සමකාලීන ඉතිහාසයකට උරුමකම් කියන, ශ්‍රී ලංකාවේ අතිශය පැරණි හා පූජනීය පුදබිමක් වන බෙල්ලන්විල රජමහා විහාරයේ, දෙතිස්ඵල බෝධීන් වහන්සේ වැඩ සිටින බෝධි මළුව සහ ස්තූප මළුව වැලි ඇතිරීම ඉතාමත් ගෞරවයෙන් හා ශ්‍රද්ධාවෙන් යුතුව ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ විසින් පසුගිය දෙනෙක සිදුකරන ලදි. කිහිපවරක් පිරිසිඳු කර, විශේෂ ක්‍රමයකින් පෙරහන් වලින් පෙරා ගත් සකසා ගත් වැලි වර්ගයක් වීම මෙම පිංකම විශේෂ වීමට තවත් එක් හේතුවකි.

❛❛ සසුන් කෙත අස්වද්දමු ❜❜ මිතුරු කැළහි අප මිතුරු පිරිස 200 කට අධික පිරිසක් හා එදින එම පුණ්‍ය භූමියට පැමිණි සැදැහැති පිරිස් සමඟ එක්ව, භාග්‍යවතුන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ සජ්ඣායනය කරමින්, උන්වහන්සේගේ අනන්ත වූ සීල, සමාධි, ප්‍රඥාදී ගුණ සමුදාය සිහිපත් කරමින්, හදවත් පුරා ශ්‍රද්ධාවත් සොම්නසත් උපදවා ගනිමින් මේ උතුම් පින්කම සිදු කරන ලදී. කුඩා දරුවන්, තරුණ තරුණියන්, වැඩිහිටි මව්පියන් ඇතුළු බොහෝ දෙනෙකුට තම ජීවිත කාලය තුළ එක් වරක් හෝ සිදුකර ගැනීමට ලැබෙන දුර්ලභ මහේශාක්‍ය පුණ්‍යකර්මයක් මෙවරත් සිදුකර ගැනීමට භාග්‍ය උදා විය.

වැලි ඇතිරීමේ පිංකමට සමඟාමීව එදින පහන් වැටවල් පිරිසිඳු කිරීම ඇතුලු විහාරයේ ශ්‍රම පූජාවක්ද අප විසින් සිදුකරන ලදි.

දිනෙන් දින, මාසයෙන් මාසය, දහස් ගණන්, ලක්ෂ ගණන් සැදැහැති පිරිස් මේ පුණ්‍ය භූමිය වන්දනා කිරීමට මේ සෑ මළුවට පිය නගන සෑම අවස්ථාවකම, ඔවුන්ගේ දෙපා යට පෑගෙන වැලි කැටයක් කැටයක් පාසා අප සියලු දෙනාටම අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් රැස්වන බව සිහිපත් වන විට හදවත පුරා උපදින්නේ අසීමිත චිත්ත ප්‍රීතියකි. මේ සියලු පිං ඔබ සැම කියවා දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!

පිංකමෙන් ජනිත වුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ද, මේ සඳහා උපකාර කර ජයන්ත මහතා පුලස්ති මහතා ඇතුළු සියලු පිරිසට ද, උදෑසන ආහාරය සම්පාදනය කළ වරුණි අක්කා ඇතුළු සියලූ පිරිසට දහවල් ආහාරය ලබාදීම පිණිස කටයුතු කළ දිස්නා අක්කා ඇතුළු ඒ සියලු පිරිසට ද, කිත්සිරි අයියා ඇතුළු ❛❛ සසුන් කෙත අස්වද්දමු ❜❜ සියලු පිරිසටද , පිංකම් සඳහා මූල්‍යමය දායකත්වය දරණ සැමටද, පිංකම සඳහා උතුම් කාය පූජාවෙන් සම්බන්ධ වූ සැමටද, දැකබලා අනුමෝදන් වන පින්කැමති ඔබ සියල්ලන්ට ද, සියලුම පුණ්‍ය ධර්මයෝ උතුම් නිවන් පිණිසම හේතු වේවා!!!

සාදු ! සාදු !! සාදු !!!

තෙරුවන් සරණයි!!!

Address

No79 Kandewatta Road Battaramulla
Anuradhapur
10120

Alerts

Be the first to know and let us send you an email when සසුන් කෙත අස්වද්දමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සසුන් කෙත අස්වද්දමු:

Shortcuts

Share