07/09/2020
ශ්‍රී සෙනෙවිරත්න රණවීර උතුමානන්ගේ ප්‍රෙකාශන
*ඔබ කියනදේ ඔබේ යටිහිත ඉටුකරනවා .
*යටිහිතට හොදක් හෝ නරකක් කියා බේදයක් නැත .
*යටිහිතට ඇත්තේ ක්‍රියාදාමයක් පමනයි.
* ඔබ ඉල්ලන්නේ මොනවාද ,ඔබ අපේක්ෂා කරන්නේ මොනවාද, ඒවා ලබා දීමට යටි හිත වගබලාගනී.
* එම නිසා විහිලුවටවත් අසුබය නිර්මාණය කිරීමෙන් වලකින්න.
ඉහත ප්‍රෙකාශන පැහැදිලි කිරීම.
සමහරු විහිලුවට වගේ නිතර නිතර සුබ දේවල් හා අසුබ දේවල් කියන්න පුරුදු වෙලා තියනවා. සුබ දේවල් කිව්වාට කමක් නහැ. නමුත් අසුබ දේවල් කියන්න හොද නැහැ .ඒ මොකද , නිතර නිතර කියනකොට, ඔබ කියන දේ යටිහිතට කාවදිනවා. එවිට ඔබ අපේක්ෂා කරන දේ, ඔබේ යටි හිත ඉෂ්ඨකරලා දෙනවා. ඒකදී ඔබට අනතුරක් වෙන දේවල්, කරදරයක් වෙන දේවල් , ඔබ දුකට පත්වෙන වැනි දේවල් තමයි මිනිස්සු හුගක්ම බාවිතා කරන්නේ.කෙටියෙන් කියනවානම් රිනාත්මක සිතිවිලි , රිනාත්මක වචන වැනි දේවල් බාවිතාකිරීමෙන් තමන්ට අවාසිදායක දේවල් තමයි සිදුවෙන්නේ.
අසුබ වචන නිතර කියනකොට, ඒක පුරුද්දකට යනවා. නිතර කියනකොට, කියනකොට, ඒක ඉටුවෙන්න බලනවා. බොහෝ දුරට ඒ දේවල් ඉටුවෙනවා.ඒකට හේතුව සිතීම හා කීම යනු කිරීම මෙන්ම කරන දෙයකි .මම කියලා තියනවා "පලමුව ශක්ති ලෝකයේ සිදුවූ දේ පසුව ද්‍රව්‍යමය තලයේ සිදුවන්නේය" කියලා. ශක්ති ලෝකය කියන්නේ, මේ ලෝකයත් ශක්ති ලෝකයක් තමයි. ද්‍රව්‍යමයවූ තලය (ද්‍රව්‍යමයවූ දේවල් ) තමයි මිනිස්සුන්ට පේන්නේ. නමුත් මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ ශක්තියෙන් .ශක්තියෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ සියලූම දේවල් .අපි හිතන එක ශක්තියක්. සිතිවිලි කියන්නේත් ශක්තියක්. මේ, සිතිවිලි යනු ක්‍රියාවක්. සිත නැමති ශක්තිය නිසා ඇතිවූ ක්‍රියාකිරීමක්. ඒ කියන්නේ, මනසින් ක්‍රියාකිරීමක් (කරන්න දෙයක්). ඒක කර්මයක්.ප්‍රතමයෙන් ශක්ති ලෝකේ සිදුවූ දේ, පසුව ද්‍රව්‍යමය තලයේ සිදුවෙනවා. අසුබය දිගින් දිගට, නිතර භාවිතා කරන්න ගිහාම, පසුව ඔබට එය අත්විඳීමට සිදුවෙනවා. අන්න ඒකයි යටි හිතත් එක්ක විහිලු කරන්න එපා කියන්නේ. විහිලුවටවත් නරක දේවල් හොද නැහැ .
ඒකේ අනිත් පැත්ත ගත්තහම, හොද දේවල් හිතනකොට, හිතන දේවල් කියනකොට, කියන දේවල් කරනකොට, ඒකෙන් හොද ප්‍රතිපල ලැබේවා.
මූලික ශක්ති නැත්තම් ඔබේ යටි හිතෙන් යමක් හිත්නකොට, කියනකොට හොද දේවල් හොද ප්‍රෙතිපළ දෙනවා වගේ නරක දේවල් නරක ප්‍රෙතිපළ දෙනවා. ඒක නිසා තමයි සිතත් එක්ක විහිලු කරන්න එපා කියලා කියන්නේ. මොකද, යටි හිතට හොදක් හෝ නරකක් නැත. යටි හිතට ඇත්තේ ක්‍රියාදාමයක් පමනයි. විහිලුවටවත් නරක දේවල් හිතන්න එපා.
ශ්‍රී සෙනෙවිරත්න රණවීර උතුමානන් .