Ranaviru Upahara Sri Dham rasa Darma Vidyalaya

Ranaviru Upahara Sri Dham rasa Darma Vidyalaya Official page of රණවිරු උපහාර ශ්‍රි ධම් රස ධර්ම විද්‍යාලය සබ්බ රසං ධම්ම රසං ජිනාති

ඔබටත්, පවුලේ සැමටත්, ලෝකවාසී සියල්ලන්ටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!🙏☀️🌞🌞
13/04/2025

ඔබටත්, පවුලේ සැමටත්, ලෝකවාසී සියල්ලන්ටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!🙏☀️🌞🌞

☸️ අද බක් පුර පසළොස්වක පොහොය දිනයයි ☸️බක් පුර පසළොස්වක පොහොය දිනය ලෝකවාසි බෞද්ධයන්ට ඉතාමත් වැදගත් දිනයකි.බුද්ධත්වයෙන් හත...
12/04/2025

☸️ අද බක් පුර පසළොස්වක පොහොය දිනයයි ☸️

බක් පුර පසළොස්වක පොහොය දිනය ලෝකවාසි බෞද්ධයන්ට ඉතාමත් වැදගත් දිනයකි.බුද්ධත්වයෙන් හතළිස්පස්වන වසරේදි බුදුරජාණන්වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කිරීම ,චුලෝධර මහෝධර නා රජුන් අතර මැණික් පුටුවක් සම්බන්ධව ඇතිවූ ගැටුම සංසිඳවීමට නාගදීපයට වැඩම කිරීම, මණිඅක්ඛිත නා රජු
බුදුරජාණන්වහන්සේට කැළණියට වඩින ලෙසට ආරාධනා කිරීම මෙම පොහොයේ සිදුවූ වැදගත් සිදුවීම් වේ.

☸️🙏

කොවුලිය මිහිලිසර වසන්තයට ආවඩන්, රක්ත වර්ණ එරබදු ගංකොමලිය දොස් දුරලන්,දිනිසුරු මිනයෙන් මේෂයට වඩි සූරිය සිංහලේ අවුරුදු...ආ...
07/04/2025

කොවුලිය මිහිලිසර වසන්තයට ආවඩන්,
රක්ත වර්ණ එරබදු ගංකොමලිය දොස් දුරලන්,
දිනිසුරු මිනයෙන් මේෂයට
වඩි සූරිය සිංහලේ අවුරුදු...
ආවඩා ආයු බෝ වේවා....!!

ධම්රස දුවා දරුවන්ගේ දක්ෂතා අගයනු වස් 2025 පෙබරවාරි 23 වන දින  පවත්වන ලද වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ මතක සටහන්.......
02/03/2025

ධම්රස දුවා දරුවන්ගේ දක්ෂතා අගයනු වස් 2025 පෙබරවාරි 23 වන දින පවත්වන ලද වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ මතක සටහන්.......

☸ උතුම් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.නවම් පොහොය ලෝකවාසි බෞද්ධ ජනතාවට ඉතාමත් වටිනා පොහොය දිනයකි.සැරියුත් , මුගලන්...
12/02/2025

☸ උතුම් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

නවම් පොහොය ලෝකවාසි බෞද්ධ ජනතාවට ඉතාමත් වටිනා පොහොය දිනයකි.සැරියුත් , මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රතිමෝක්ෂය සංඝයාට දේශනා කිරීම,බුදුහිමියන් පිරිනිවන්පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අත්හැරීමට ඉටා ගැනීම බුදුහිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම මෙම පොහොයේ සිදුවූ වැදගත් සිදුවීම් වේ.
මෙසේ උතුම් වන්නාවූ පොහොය දිනය ඔබ සැමට පින්බර නවම් පුර පසලොස්වක පොහෝ දිනක්ම වේවා!

නිදහසේ මහිමය සදාකාලිකවම අප සමග වේවා! අපි ශ්‍රී ලංකාවේ ආත්මය මුළුමනින්ම සමරමු. සුභ ශ්‍රී ලංකා නිදහස් දිනයක් වේවා.🇱🇰❤️    ...
03/02/2025

නිදහසේ මහිමය සදාකාලිකවම අප සමග වේවා! අපි ශ්‍රී ලංකාවේ ආත්මය මුළුමනින්ම සමරමු. සුභ ශ්‍රී ලංකා නිදහස් දිනයක් වේවා.🇱🇰❤️






☸දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි.....☸                                 මෙම උතුම් වූ පුර පසළොස්වක පොහොය දිනය ලෝ වාසි බ...
13/01/2025

☸දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි.....☸

මෙම උතුම් වූ පුර පසළොස්වක පොහොය දිනය ලෝ වාසි බෞද්ධ ජනතාවට ඉතාමත් වටිනා පොහොය දිනයකි.බුදුරජාණන්වහන්සේ ප්‍රථම වරට ලංකාවට වැඩම කිරීම, නාග ගෝත්‍රිකයන්ගේ සහ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ආරවුල් සමථයකට පත් කිරීම ,තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහස් ජටිලයන්ට බුදු හිමියන් විසින් දහම් දෙසීම , බිම්බිසාර රජුගේ ඉල්ලීමට බුදු හිමියන් උරුවෙල් දනව්වේ සිට රජගහනුවරට වැඩම කිරීම ,ආරාම පූජා කිරීම සුදුසු යැයි බුදුරදුන් භික්ෂූන් අමතා නියම කිරීම මෙම පොහොයේ සිදුවූ වැදගත් සිදුවීම් වේ.

ලෝ සතුන්ගේ සියලු දුක් නිමා වී ලෝකයාට සෙත සැලසෙන පින්බර දුරුතු පොහෝය දිනයක් වේවා!

දවසින් දවස ගෙවිලා ගිහින් නව වසරකුත් උදා වෙලානොයෙක් බාධා කම්කටොලු මැද්දේආව ජිවිත ගමනේ දුක මෙන්ම සතුටද ඉතිරි වෙන්න ඇතිඉටු ...
31/12/2024

දවසින් දවස ගෙවිලා ගිහින්
නව වසරකුත් උදා වෙලා
නොයෙක් බාධා කම්කටොලු මැද්දේ
ආව ජිවිත ගමනේ
දුක මෙන්ම සතුටද ඉතිරි වෙන්න ඇති
ඉටු කරගන්න බැරිවුණ බලාපොරොත්තු
හිතමත ඉතිරි වෙලා ඇති
ඒ සියල්ල මේ වසරේ සඵල කර ගන්න ගමන්ම
තවත් දහසක් ප්‍රාර්ථනා එක්ක
සියලුම බලාපොරොත්තු ඉටුවෙන
හැම ප්‍රාර්ථනාවක්ම සඵල වෙන
සුභම සුහ නව වසරක් වේවා......

මේ ධම්රස ධර්ම විද්‍යාලයේ අපේ පැතුමයි........

බටපොල කුඹුරුවත්ත රණවිරු උපහාර ශ්‍රී ධම්රස ධර්ම විද්‍යාලයේ වාර්ෂික දහම් චාරිකාව මේ වසරේ අනුරාධපුරය පුණ්‍ය භූමිය කේන්ද්‍ර ...
31/12/2024

බටපොල කුඹුරුවත්ත රණවිරු උපහාර ශ්‍රී ධම්රස ධර්ම විද්‍යාලයේ වාර්ෂික දහම් චාරිකාව මේ වසරේ අනුරාධපුරය පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන සංචාරය කෙරිණි. එහිදී අප විසින්, රුවන්වැලිසෑය
ශ්‍රී මහා බෝධිය
ථූපාරාමය
අභයගිරිය
ජේතවනාරාමය
සමාධි පිළිමය
කුට්ටම් පොකුණ
සඳහිරු සෑය
ඉසුරුමුණිය යන ස්ථාන වැද පුදා ගන්නා ලදී..





ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි…උතුම් වූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ සැදැහැවතුන්ට ඉතා වැදගත් පොහෝ දිනයකි. මෛත්‍රී ...
15/11/2024

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

උතුම් වූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ සැදැහැවතුන්ට ඉතා වැදගත් පොහෝ දිනයකි. මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස පිළියෙල වීම, බුදු රජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම, අග්‍රශ්‍රාවක සැරියුත් මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණය, පසු වස් විසු භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම යනාදි වැදගත් ශාසනික කරුණු රැසක් සිදු වූ පොහොය දිනයකි.

එමෙන්ම පසුවස් සමාදන් ව සිටි භික්ෂූන් වහන්සේලා වස් පවාරණය සිදු කිරීම හා ලෝකයේ වෙසෙන බෞද්ධජනතාවට අවසන් කඨින මහෝත්සවය පැවැත්විය හැකි අවසන් දිනයද ඉල් පුර පසළොස්වක පොහෝ දිනය ලෙස සැලකේ.

සිල් සුවඳින් හදවත් ඒකාලෝක වන විශ්වයම නිවී සැනසෙන පින්බර ඉල් පුර පුන් පොහොය දිනයක් වේවා!

Address

Batapola
Ambalangoda

Opening Hours

07:30 - 13:30

Telephone

+94782083555

Website

Alerts

Be the first to know and let us send you an email when Ranaviru Upahara Sri Dham rasa Darma Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ranaviru Upahara Sri Dham rasa Darma Vidyalaya:

Share