07/10/2026
🕰️ ඔයාගේ ගෙදරත් මෙහෙම ඔරලෝසුවක් තියෙනවාද?
ගෙදර තියෙන ඔරලෝසුවක
බැටරි බැහැලා හරි,
යන්ත්රයේ දෝෂයක් නිසා හරි,
කටු එක තැනක නතර වෙලා තියෙන්න පුළුවන්.
ඉතින් අපි ඒ වගේ ඔරලෝසු
“පස්සේ බැටරි දාගන්නම්…”
“පස්සේ හදාගන්නම්…”
කියලා පැත්තකට කරලා තියනවා.
ඒත් දවසින් දවස ගෙවිලා යද්දි, අපිට ඒක අමතක වෙනවා.
අන්තිමට වෙලාව නතර වූ ඔරලෝසුවක් අපේ ගෙදරම කොහේ හරි තැනක එහෙමම තියෙනවා. 🕰️
මෙමගින් සුබ දෙයක් කිය නොවෙන බවයි විශ්වාසය..
මේ දෙය ගැන පැරණි ගෘහ විශ්වාසවලින් අවධානය යොමු කළේ ඇයි?
මෙතන තියෙන්නේ හරිම සරල සංකේතයක්.
ඔරලෝසුවේ කටු නතර වුණාම, ඒවා එකම තැනක නතර වෙලා තියෙනවා.
ඒ නිසා Feng Shui වැනි ගෘහ සම්ප්රදායන් තුළ,
ක්රියා නොකරන හෝ
නතර වූ ඔරලෝසුව
“නැවතීම” සහ “ඉදිරියට නොයාම” වැනි අදහස්වලට සම්බන්ධ කරලා බලනවා.
ඒ කියන්නේ…
🔸 කටයුතු ප්රමාද වීම
🔸 එකම තැනක රැඳී සිටීම
🔸 ඉදිරියට යාමට අපහසු බවක් දැනීම
🔸 පරණ දේවල් අතහැර අලුත් දේකට යාමට නොහැකි වීම හෝ අලසකම
වගේ අදහස් සංකේතවත් කරන දෙයක් විදිහටයි මේක දකින්නේ.
හැබැයි මෙතන වැදගත්ම දේ මේකයි. ❤️
ඔරලෝසුවක් නතර වුණා කියලා අනිවාර්යයෙන්ම නරක දෙයක් සිදුවෙනවා කියන එකක් නෙවෙයි මේ කියන්නේ...
මේක සංකේතයක් විදිහට බලන්න පුළුවන්.
අපි හැමදාම දකින, නතර වෙලා තියෙන කටු දෙක අපිට නොදැනුවත්වම
“තවමත් මේක හදාගෙන නැහැ” කියන මතක් කිරීමක් හැඟ වෙනවා...
ඒ නිසා ගෙදර තියෙන නතර වූ ඔරලෝසුවක් තියෙනවා නම්,
🔧 හදාගන්න පුළුවන් නම් හදාගන්න.
🕰️ බැටරිය බැහැලා නම් අලුත් බැටරියක් දාන්න.
♻️ හදාගන්න බැරි නම් ඉවත් කරන්න.
මේ අදහස ඔරලෝසුවට විතරක් සීමා කරන්න ඕනෙත් නැහැ.
“පස්සේ හදාගන්නම්”
කියලා පැත්තකට කරලා තියෙන
කැඩුණු උපකරණ,
භාවිතා නොකරන දේවල්,
අලුත්වැඩියා කළ යුතු දේවල්
තියෙනවා නම් ඒවත් ටිකක් බලන්න.
මොකද අපි
ජීවත් වෙන අවකාශය පිරිසිදු කරලා,
වැඩ නොකරන දේවල් හදාගෙන,
අනවශ්ය දේවල් ඉවත් කරගන්න
එකෙන් අපේ දෛනික ජීවිතයේදී
පිළිවෙළට වගේම පිරිසිඳුව ඉන්න පුළුවන් වෙනවා..🌿
නිවස තුලට ධනාත්මක ශක්තින් ආකර්ෂණය කරගන්න පුළුවන් මේ අනවශ්ය දේ ඉවත් කර අවකාශය පිරිසිඳු කරගත් විට..
ඒ නිසා ඔබට විවේකයක් ලැබුණු වෙලාවක නිවස ඇතුලේ වගේම නිවසින් පිටත් පොඩ්ඩක් බලන්න.
“පස්සේ කරගන්නම්” කියලා කාලයක් තිස්සේ නතර කරලා තියෙන දෙයක් තියෙනවාද?
තිබුණොත්… අද ඒකෙන් එක දෙයක්වත් අවසන් කරන්න බලන්න..❤️
මේක පැරණි විශ්වාසයක් විදිහට පිළිගන්නවාද නැද්ද කියන එක ඔයාගේ කැමැත්ත තමයි ඉතින්...
ඒත් මේ පුංචි අදහසෙන් හරි ඔයාගේ ගෙදර තියෙන නතර වූ දෙයක් මතක් වුණා නම්,
ඒක අදම හදාගන්න එක ගොඩක් හොඳයි නේද ?🌸
ඉතින් හැමදාම වගේ
වටිනා දෙයක් දැනගන්න ලැබුණා නම් Like කරලා, ඔයාගේ අදහස අකුරු දෙක තුනකින් කියලා යන්න.♥️
තවත් කෙනෙක්ටත් මේ ගැන දැනගන්න පුළුවන් වෙන්න Share කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා....
ජයම වේවා.. ♥️
ආදරෙන්
Ruwi 🌸
✍️ Positive Path with Ruwi 🦋 04/10/2026
#පැරණිවිශ්වාස
#ගෘහවිශ්වාස
#හිතටදැනෙනදේ