Kande Viharaya - කන්දේ විහාරය

Kande Viharaya - කන්දේ  විහාරය Kande viharaya Temple Kalwamodara Aluthgama. Tallest sitting Buddha statue in the world(48m / 160ft)
(3)

රාත්‍රියක කන්දෙවිහාර පිළිම වහන්සේ..🙏කන්දෙවිහාර බුදුපිළිම වහන්සේගේ ආනුභාවයෙන් සැමට යහපතක්ම වේවා..!!
22/01/2026

රාත්‍රියක කන්දෙවිහාර පිළිම වහන්සේ..🙏
කන්දෙවිහාර බුදුපිළිම වහන්සේගේ ආනුභාවයෙන් සැමට යහපතක්ම වේවා..!!

කන්දෙවිහාර බුදුපිළිම වහන්සේ...🙏
20/01/2026

කන්දෙවිහාර බුදුපිළිම වහන්සේ...🙏

කෙලෙස් සැඩපහර මතින් එතෙරව නිවන්පුර වෙත වැඩම වන්නට උට්ඨානවීර්යය වඩන සියලුම ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...
18/01/2026

කෙලෙස් සැඩපහර මතින් එතෙරව නිවන්පුර වෙත වැඩම වන්නට උට්ඨානවීර්යය වඩන සියලුම ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...

රාත්‍රියක බෝ සමිඳුන්..🙏
16/01/2026

රාත්‍රියක බෝ සමිඳුන්..🙏

ශ්‍රී සද්ධර්මය පිරිහීමට හේතුව
14/01/2026

ශ්‍රී සද්ධර්මය පිරිහීමට හේතුව

මේ ගෙවී යන්නේ..ජීවිතේ අනියත බවතදින්ම හිතටතේරුම් කරපු කාලයක්..රැස් කල යුත්තේ බිඳෙන් බිඳ හෝපිනක් බව වැටහුණ කාලයක්ධනයට ,බලය...
12/01/2026

මේ ගෙවී යන්නේ..
ජීවිතේ අනියත බව
තදින්ම හිතට
තේරුම් කරපු කාලයක්..

රැස් කල යුත්තේ බිඳෙන් බිඳ හෝ
පිනක් බව වැටහුණ කාලයක්
ධනයට ,බලයට වඩා...
මනුස්සකම වටින බව..
තේරුම්කල කාලයක්...

එක් නිමේෂයකින් සියල්ල..
අහිමිව යා හැකි බව...
ස්භාව ධර්මය විසින්...
තේරුම් කර දුන් කාලයක්..

රාත්‍රියක කන්දෙවිහාර පිළිම වහන්සේ..🙏කන්දෙවිහාර බුදුපිළිම වහන්සේගේ ආනුභාවයෙන් සැමට යහපතක්ම වේවා..!!
10/01/2026

රාත්‍රියක කන්දෙවිහාර පිළිම වහන්සේ..🙏
කන්දෙවිහාර බුදුපිළිම වහන්සේගේ ආනුභාවයෙන් සැමට යහපතක්ම වේවා..!!

ප්‍රශංසා කිරීමට නොහැකි නම් , අවමන් නොකර සිටින්න 🙏
08/01/2026

ප්‍රශංසා කිරීමට නොහැකි නම් , අවමන් නොකර සිටින්න 🙏

හිම මත තැබූ නොසැලෙන පියවර සහ මනසින් කය දිනූ විස්කම! ☸️🪷🙏මනුෂ්‍යත්වය වෛරයෙන් සහ ගැටුම්වලින් පීඩා විඳින යුගයක, නිහඬව තබන ප...
06/01/2026

හිම මත තැබූ නොසැලෙන පියවර සහ මනසින් කය දිනූ විස්කම! ☸️🪷🙏
මනුෂ්‍යත්වය වෛරයෙන් සහ ගැටුම්වලින් පීඩා විඳින යුගයක, නිහඬව තබන පා සටහන් දහස් ගණන් වචනවලට වඩා බලවත් විය හැකිය.
2025 වසරේ ඔක්තෝබර් 26 වන දින, අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත් (Fort Worth) නගරයේ මාවත් දිගේ දිග හැරුණේ එවන් වූ අසිරිමත් දසුනකි.
ලෝක සාමය උදෙසා කැපවුණු බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්, සැතපුම් 2,300ක දැවැන්ත දුරක් ගෙවා වොෂින්ටන් ඩී.සී. වෙත ළඟා වීමේ අරමුණින් තම "සාම පාගමන (Peace Walk)" ආරම්භ කළහ.
මෙම ගමන හුදු පාගමනක් නොව, මිනිස් සිරුරේ දරාගැනීමේ සීමාවන් පරීක්ෂා කෙරෙන, මනස සහ සොබාදහම අතර පවතින ගැඹුරු බැඳීම විදහා දක්වන අධ්‍යාත්මික සංග්‍රාමයකි.
මෙම ගමනේ වඩාත්ම විශ්මයජනක ලක්ෂණය වන්නේ, අමෙරිකාවේ කටුක ශීත සෘතුව මධ්‍යයේ වුවද, මෙම භික්ෂූන් වහන්සේලා ශීත සෘතු පාවහන් (Winter Boots) පැළඳීමකින් තොරව ගමන් කිරීමයි.
ටෙක්සාස් හී වියළි පොළොවේ සිට වොෂින්ටනය දක්වා විහිදෙන මාර්ගය හිමෙන් වැසී, උෂ්ණත්වය සෙල්සියස් අංශක බින්දුවට වඩා බෙහෙවින් පහළ බසින විට, සාමාන්‍ය මිනිසෙකුට පාවහන් රහිතව තත්පර කිහිපයක් පවා වැලි කැටයක් මත සිට ගැනීම දුෂ්කරය.
එහෙත්, මෙම ශීතල පරාජය කරමින්, "අලෝක (Aloka)" නම් වූ සාම සුනඛයාද පෙරටු කරගෙන, උන්වහන්සේලා දිනකට සැතපුම් විස්සකට වඩා වැඩි දුරක් හිම සහ අයිස් මතින් පියවර තබති.
මෙය සැබවින්ම කළ හැකි දෙයක්ද යන සැකය ඕනෑම අයෙකුට ඇති වීම ස්වාභාවිකය.
විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, අධික ශීතලකදී පාවහන් රහිතව ඇවිදීම ශරීරයට මාරාන්තික විය හැකිය.
සාමාන්‍යයෙන් අපේ සිරුරේ අන්ත අවයව වන පතුල් සහ අත්ල ශීතලට නිරාවරණය වූ විට, රුධිර නාල හැකිලීම (Vasoconstriction) සිදුවේ.
මෙහි අරමුණ වන්නේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීමයි.
එහෙත්, රුධිරය ගලා යාම අඩුවීම නිසා පතුල්වල පටක මිදී ගොස් "Frostbite (මෙහි සිංහල වචනය දන්න අයෙක් කමෙන්ට් කරන්න)" ඇති විය හැකිය.
නමුත් මෙම භික්ෂූන් වහන්සේලා මෙම අභියෝගය ජය ගන්නේ වසර ගණනාවක ධ්‍යාන සහ විදර්ශනා භාවනා පුහුණුව මගිනි.
මෙහි ඇති විද්‍යාත්මක රහස පවතින්නේ "මනසින් කය පාලනය කිරීම (Autonomic Nervous System Control) තුළයි.
භාවනානුයෝගීව සිටින විට, සිරුරේ පරානුකම්පී ස්නායු පද්ධතිය (Parasympathetic Nervous System) සක්‍රීය වන අතර, එමගින් රුධිර පීඩනය සහ හෘද ස්පන්දනය පාලනය කරමින් ශරීරයේ උෂ්ණත්වය ස්ථාවරව තබා ගැනීමට උපකාරී වේ.
ටිබෙට් භික්ෂූන් අතර පවතින "Tummo" වැනි හුස්ම ගැනීමේ ක්‍රම මගින් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සැබවින්ම ඉහළ නැංවිය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී ඇත.
එමෙන්ම, පතුල පොළොවේ ස්පර්ශ වන සෑම මොහොතකම ඇති වන වේදනාව, වේදනාවක් ලෙස නොව හුදු සංවේදනයක් ලෙස පමණක් දැකීමට හුරු කළ මනස, මොළය වෙත යවන වේදනා සංඥා අවහිර කිරීමට සමත් වේ.
මෙම ගමන පුරාවටම අලෝක සුනඛයා දෙන පණිවිඩයද සුවිශේෂී වේ.
මිනිසා සහ සත්වයා යන දෙකොට්ඨාසයටම සාමකාමී ලෝකයක ඇති අයිතිය අලෝක සංකේතවත් කරයි.
පෙබරවාරි 12 වන දින වොෂින්ටන් ඩී.සී. වෙත ළඟා වීමට නියමිත මෙම ගමනේ ආරම්භය, ලෝකයට කියා දෙන්නේ සැබෑ සාමය උදා කර ගත හැක්කේ බාහිර ලෝකය ජය ගැනීමෙන් නොව, තමාගේම මනස සහ ශරීරය ජය ගැනීමෙන් බවයි.
ටෙක්සාස් හී හිරු රශ්මියෙන් පටන් ගෙන, මාරාන්තික ශීතල හරහා ඇදී යන මෙම පා සටහන්, ලෝකයේ පවතින කෲරත්වය ඉදිරියේ තබන මහා අවිහිංසාවාදී ප්‍රකාශනයකි.
ටෙක්සාස් ප්‍රාන්තයේ සිට ඇරඹුණු මෙම ඓතිහාසික සාම පාගමන ප්‍රාන්ත කිහිපයක් පසු කරමින් වොෂින්ටන් ඩී.සී. දක්වා ගමන් කිරීමේදී, එය හුදු දුරක් ගෙවා යෑමක් පමණක් නොව, ඇමරිකානු ජන සමාජය තුළ ප්‍රබල ආධ්‍යාත්මික වෙනසක් ඇති කළ චාරිකාවක් බවට පත් විය.
හාමුදුරුවන් වහන්සේලා ඇතුළු පිරිස සෑම දිනකම අලුයම අවදි වී, තම දෛනික සැතපුම් ප්‍රමාණය සම්පූර්ණ කිරීම සඳහා හිමෙන් වැසුණු තාර පාරවල් මත පියවර තැබූහ.
සාමාන්‍යයෙන් ඇමරිකානු වැසියන් මෙවැනි දසුන්වලට පුරුදු වී නැතත්, හිම වැටෙන මාවත්වල සිවුරු දරාගත්, පාවහන් රහිතව, සන්සුන්ව ගමන් කරන මෙම කණ්ඩායම දුටු විට ඔවුන් තුළ ඇති වූයේ මහත් ගෞරවයකි.
බොහෝ පිරිස් තම නිවෙස්වලින් බැහැරට පැමිණ උන්වහන්සේලාට අවශ්‍ය උණුසුම් පාන වර්ග, ආහාර සහ ගිලන්පස පූජා කළහ.
ඇතැම් පිරිස් සාමය වෙනුවෙන් කෙරෙන මෙම කැපකිරීම දැක සංවේදී වී කඳුළු පිරුණු දෑසින් ඔවුන් දෙස බලා සිටි අතර, තවත් පිරිසක් සැතපුම් කිහිපයක් ඔවුන් සමඟ පයින් ගමන් කරමින් තම සහයෝගය පළ කළහ.
මෙම පාගමන අවසානයේදී වර්ෂ 2026 පෙබරවාරි 12 වන දින ඇමරිකාවේ හදවත බඳු වූ වොෂින්ටන් ඩී.සී. නගරය වෙත ළඟා වීමට නියමිතව ඇත.
වොෂින්ටනයට ළඟා වූ පසු, ඔවුන්ගේ අවසාන ඉලක්කය වන්නේ ජාතික ස්මාරකය (National Monuments) අසලදී ලෝක සාමය වෙනුවෙන් වූ තම නිහඬ පණිවිඩය මුදා හැරීමයි.
දේශපාලනික හෝ ආගමික භේදයකින් තොරව, ලෝකයේ පවතින සියලුම ගැටුම්වලට පිළිතුර "අවිහිංසාව" සහ "අභ්‍යන්තර සාමය" බව ඔවුන් එහිදී ලොවට ප්‍රකාශ කරනු ඇත.
දින 120ක මෙම අපිරිමිත කැපකිරීම තුළින් ඔවුන් ඔප්පු කිරිමට සූදානම් වෙන්නේ, මනස ශක්තිමත් නම් ඕනෑම බාහිර බාධකයක් හෝ ස්වභාවධර්මයේ රළු පීඩනයක් වුවද උපේක්ෂාවෙන් ජයගත හැකි බවයි!

ගිනි ගන්නා ලෝකයක නිවී සැනසෙන හැටි: බුදු දහමෙන් කියාදෙන ජීවන කලාවඅද අපි ජීවත් වෙන්නේ හරිම පුදුම ලෝකයකයි. උදේ ඇහැරෙන මොහොත...
05/01/2026

ගිනි ගන්නා ලෝකයක නිවී සැනසෙන හැටි: බුදු දහමෙන් කියාදෙන ජීවන කලාව

අද අපි ජීවත් වෙන්නේ හරිම පුදුම ලෝකයකයි. උදේ ඇහැරෙන මොහොතේ ඉඳන් රෑ නින්දට යනකම් අපි කරන්නෙම මොකක් හරි දෙයක් පස්සේ දුවන එක විතරයි. හොඳ රස්සාවක්, ලස්සන ගෙයක්, අලුත් වාහනයක් පස්සේ දුවන මේ තරඟයේදී අපි හැමෝටම අමතක වෙන පුංචි තැනක් තියෙනවා. ඒ තමයි "අපි මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්න නේද?" කියන කාරණය. හැබැයි පුදුමෙ කියන්නේ, අපි හිතන දේවල් ලැබුණාට පස්සෙත් අපිට ඒ සතුට වැඩි කාලයක් තියාගන්න බැරි එකයි. මෙන්න මේ ගැටලුවට මීට වසර 2500කට කලින් බුදුරජාණන් වහන්සේ බොහොම අපූරු, ඒ වගේම ප්‍රායෝගික උත්තරයක් ලබා දුන්නා.

බුදු දහම කියන්නේ හුදෙක් පන්සලට ගිහින් මල් පූජා කරලා එන ආගමික වත්පිළිවෙතක් පමණක්ම නෙවෙයි. එය අපේ මනස කළමනාකරණය කරගන්නා ආකාරය කියාදෙන අති විශිෂ්ට මනෝ විද්‍යාවක්. අපි ගොඩක් වෙලාවට දුක් වෙන්නේ එක්කෝ අතීතය ගැන හිතලා, නැත්නම් අනාගතය ගැන බය වෙලා. "අනේ මට එදා එහෙම වුණානේ" කියලා අතීතයේ පණ නැති මතකයන් එක්ක ඔට්ටු වෙන අපි, "හෙට මොනවා වෙයිද" කියලා අනාගතය ගැන අනියත බියක් ඇති කරගන්නවා. බුදු හිමියන් දේශනා කළේ මේ දෙකම අතහැරලා "මේ මොහොතේ" (Present Moment) ජීවත් වෙන්න කියලයි. ඔබ හුස්ම ගන්නේ මේ මොහොතේ නම්, ඔබේ ජීවිතය තියෙන්නෙත් මේ ගෙවෙන තත්පරයේ පමණයි. මේ මොහොතේ සතුටින් ඉන්න පුරුදු වුණොත්, මුළු ජීවිතයම සතුටින් ගත කරන්න පුළුවන් බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

ඒ වගේම අපේ හිතේ සැනසීම නැති කරන ප්‍රධානම දේ තමයි "අල්ලා ගැනීම" එහෙමත් නැත්නම් දැඩි ආශාව. අපි පුද්ගලයින්ව, දේවල්ව, සහ තනතුරු දැඩිව අල්ලාගෙන ඉන්නවා. ඒ දේවල් වෙනස් වෙද්දී අපි කඩා වැටෙනවා. බුදු දහමේ උගන්වන "අනිත්‍ය" කියන සංකල්පය ජීවිතයට ළං කරගත්තොත් මේ ප්‍රශ්නයට ලේසියෙන්ම මුහුණ දෙන්න පුළුවන්. ලෝකයේ කිසිම දෙයක් සදාකාලික නෑ කියන ඇත්ත අපි තේරුම් ගත්තොත්, යම් දෙයක් නැති වුණාම හෝ වෙනස් වුණාම ලොකු කම්පනයක් ඇති කරගන්නේ නැතුව "ඒක ලෝක ස්වභාවය" කියලා හිත හදාගන්න අපිට පුළුවන් වෙනවා. අන්න ඒ අවබෝධය තුළ තියෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්.

අවසාන වශයෙන්, බුදු දහම අපිට කියාදෙන්නේ අනුන් එක්ක තරඟ කරලා දිනනවාට වඩා තමන්ගේ හිත දිනන එක වටිනා බවයි. ක්‍රෝධය, වෛරය කියන්නේ රත් වූ අඟුරු කැටයක් වගේ. අනුන්ට ගහන්න හිතාගෙන ඒක අතට ගත්තොත් ඉස්සෙල්ලාම පිච්චෙන්නේ තමන්ගේ අතයි. ඒ නිසා තරහව අතහැරලා, හැමෝටම මෛත්‍රිය කරන කෙනාට කායිකවත් මානසිකවත් ලොකු සුවයක් දැනෙනවා. මේ ධර්මය තියෙන්නේ පොත්වල ලියලා තියන්න නෙවෙයි, ජීවිතයට එකතු කරගන්නයි. පුංචි වෙලාවක් අරගෙන හිත නිවෙන විදිහට හිතන්න පුරුදු වුණොත්, මේ ගිනි ගන්නා ලෝකයේ වුණත් ඕනෑම කෙනෙකුට සිසිල් විලක් වගේ සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්.

🙏
03/01/2026

🙏

සතිපට්ඨාන භාවනාවේ අනුසස්“චත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා අපාරාපාරං ගමනාය සංවත්තන්ති.”මහණෙනි, වඩනා ලද්දා ව...
02/01/2026

සතිපට්ඨාන භාවනාවේ අනුසස්

“චත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා අපාරාපාරං ගමනාය සංවත්තන්ති.”

මහණෙනි, වඩනා ලද්දා වූ නැවත නැවත වඩනා ලද්දා වූ මේ සසර සතිපට්ඨානයෝ සංසාරය නමැති මෙතෙරින් නිවන නමැති පරතෙරට යාම පිණිස පවත්නාහුය” යනු එහි තේරුම යි.

“යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා විරඬා. විර‍ඩො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමි.”

“මහණෙනි, යම් කෙනකුන් විසින් නො වඩා හැර දැමීම් වශයෙන් සතර සතිපට්ඨානයෝ වරදන ලද්දාහු ද ඔවුනට නො වරදවා ම නිවනට පැමිණෙන ආර්‍ය්‍ය මාර්ගය නො ලැබීම් වශයෙන් වරදින්නේ ය.” යනු එහි අදහසයි.

“චතුසු භික්ඛවෙ, සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිත චිත්තා විහරථ මා වො අමතං පනස්ස.”

“මහණෙනි, තෙපි සතර සතිපට්ඨානයන්හි මනා කොට පිහිට වූ සිත් ඇතිව මාසය කරව්, ලැබිය හැකි නිවන නැති කර නො ගනිව්” යනු එහි අදහස ය.

දිනක් අනුරුද්ධ මහරහතන්වහන්සේ උන්වහන්සේ මහානුභාව සම්පන්න වීමේ හේතු විචාළ මහණ පිරිසකට මෙසේ වදාළ සේක.

“ඇවැත්නි, සතර සතිපට්ඨානයන් මැනවින් වැඩූ නිසා මම මහානුභාව ඇත්තේ වෙමි. ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් මැනවින් වැඩූ නිසා මම කල්ප දහසක් අතීතානාගත දෙක දක්නෙමි, මම නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමෙහි සමත් වෙමි. තනි වූ මම බොහෝ දෙනකු සේ පෙනී සිටීමට ද සමත් වෙමි, පියවි ඇසට නො පෙනෙන දෑ දැකීමට ද සමත් වෙමි, පියවි ඇසට පෙනෙන දෑ නො පෙනෙන සේ වැසීමට ද සමත් වෙමි, බිත්ති තාප්ප කඳු විනිවිද යාමට ද සමත් වෙමි, පොළොවෙහි දියෙහි මෙන් ගිලීමට හා මතුවීමට ද සමත් වෙමි, පොළොවෙහි ගමන් කරන්නාක් මෙන් ජලය මතුයෙහි ගමන් කිරීමට ද සමත් වෙමි, පක්ෂියකු මෙන් අහසෙහි ගමන් කිරීමට ද සමත් වෙමි. මහානුභාවසම්පන්න චන්ද්‍ර‍ සූර්‍ය්‍යයයන් අත ගෑමට ද සමත් වෙමි. බ්‍ර‍හ්මලෝකය දක්වා ඇති මේ ලෝකය තමා ගේ වශයෙහි පැවැත්වීමට ද සමත් වෙමි, මෙ ලොව ඇත්තා වූ ද අන්‍ය ලෝකයන්හි ඇත්තා වූ ද පියවි කනට නො ඇසෙන ශබ්ද ඇසීමට ද සමත් වෙමි, පරසිත් දැන ගැනීමට ද සමත් වෙමි, සරාගාදි වශයෙන් සත්ත්වයන් ගේ සිත් විභාග කොට දැන ගැනීමට ද සමත් වෙමි, මේ මේ දෙය මේ මේ දෙයට හේතුය මේ මේ දෙය මේ මේ දෙයට හේතු නො වේ ය යි හේතු අහේතූන් තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි, අතීතානාගත වර්තමාන කර්මයන්ගේ විපාක ප්‍ර‍ත්‍ය වශයෙන් හා හේතු වශයෙන් තත්ත්වාකාරයෙන් දනිමි. සත්ත්වයන් ඒ ඒ ගති වලට පැමිණෙන ප්‍ර‍තිපදාවන් තත්ත්වාකාරයෙන් දැන ගැනීමට සමත් වෙමි. සත්ත්වයන් ගේ නානා අධිමුත්තීන් දැන ගැනීමට ද සමත් වෙමි. අන්‍ය සත්ත්වයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් වැඩුණු නො වැඩුණු බව තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි. ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ හානභාගිය භාවය හා විශේෂභාගිය භාවය ද ඒවායින් නැඟී සිටීමේ හේතු ද තත්ත්වාකාරයෙන් දනිමි. තමන් අතීතයේ උපන් ජාති පිළිවෙල තත්ත්වාකාරයෙන් දැන ගැනීමට ද සමත් වෙමි. තම තමන් ගේ කර්මානුරූප ව ඒ ඒ භවයට පැමිණෙන සත්ත්වයන් තත්ත්වාකාරයෙන් දැකීමට ද සමත් වෙමි, සකලාශ්‍ර‍වයන් ක්ෂය කොට අර්හත්වයට ද පැමිණ සිටිමි” යනුවෙනි. මේ ප්‍ර‍වෘත්තිය සංයුත්තනිකායේ අනුරුද්ධ සංයුක්තයෙහි සඳහන් වී තිබේ.

සතර සතිපට්ඨානයන් මනා කොට වඩන තැනැත්තා ඒ ජාතියේ දී ම ඔහුගේ පාරමිතාවේ හා වීර්‍ය්‍යයේ සැටියට සත්දින පටන් සත් වස දක්වා කාලය තුළ දී කාමරාග ව්‍යාපාදයන් නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කොට අනාගාමිත්වයට හෝ සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කොට අර්හත්වයට හෝ පැමිණෙන බව මහාසතිපට්ඨාන සූත්‍රයෙහි වදාරා තිබේ.

හිතවතුන්ට කළ යුතු උසස් උපකාරය

“යෙ භික්ඛවෙ, අනුකම්පෙය්‍යාථ. යෙ ච සොතබ්බං මඤ්ඤෙය්‍යුං මිත්තා වා අමච්චා වා ඤාති වා සාලොහිතා වා, තෙ වො භික්ඛවෙ, චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා සතිපට්ඨපෙතබ්බා.”

යනුවෙන් තථාගතයන් වහන්සේ “මහණෙනි, මිතුරු වූ හෝ අසල් වැසි වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යමකුට තෙපි අනුකම්පා කරන්නහු ද යමෙක් තොප ගේ වදන් අසතැයි සිතත් ද ඔවුන් සතර සතිපට්ඨානයන් වැඩීමෙහි යොදවව්” යයි වදාළ සේක. එබැවින් හිතවතකුට කළ යුතු වූ උසස් ම උපකාරය හැකි නම් සතිපට්ඨාන භාවනාවෙහි යෙදවීම ය. සතිපට්ඨාන භාවනාව සත්ත්වයාට මහත් වූ පිහිටකි.

බෝධිපාක්ෂික ධර්ම විස්තරය
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ

Address

Kaluwamodara
Aluthgama
12090

Alerts

Be the first to know and let us send you an email when Kande Viharaya - කන්දේ විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share