Akurana Sri Gangarama Temple

Akurana Sri Gangarama Temple The temple is a peaceful place for dhamma activities including meditation for anyone in and visiting

07/05/2024
14/03/2019

දැනට වසර 300කටත් වඩා ඉපැරණි ඉතිහාසයකට හිමිකම් කියන අකුරණ ගංගාරාම විහාරස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල හලාවත මාර්ගයේ හෙට්ටිපොළ නගරයට කිලෝමීටර අටකට පමණ දුරින් කොලමුණු ඔය ඉවුරේ පිහිටි රමණීය විහාරස්ථානයකි. කුඹුක් වදුලු වලින් වට වූ වනපෙත හා ඊට යාබද පුරාණ වෙහෙරගල, අකුරණ ඇල්ලේ පාලම, අනුහස් සහිත ඇල්ලේ බ්‍රාහ්මණ බණ්ඩාර දේවාලය ද සහිත මෙම පුණ්‍ය භූමිය ග්‍රාමීය පරිසරයක පිහිටි සුන්දර ස්ථානයකි. පළිඟු විහාරය, ගල්ටැම්පිට තනා ඇති කැටයම් සහිත දැවමුවා උපෝෂථගාරය, දෙ මහල් පුස්තකාලය සහිත දානශාලාව, චෛත්‍ය රාජයා, බුදු මැදුර, ධර්ම ශාලාව හා ඉපැරණි සංඝාවාසය යන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම විහාරස්ථානය තුළ සමස්ත ප්‍රදේශයට ම ආලෝකයක් ඇති වන අයුරින් 60’ x 60’ක් තරමේ උමං විහාරයක්, අඩි 38ක් දිග පරිනිර්වාණ මඤ්චකයක් හා දෙ තිස් රියන් උස සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීම ආරම්භ කොට ඇත. වසර හයකට නො වැඩි කාලයක් තුළ නිම කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය සඳහා මුදලින් රුපියල් මිලියන 25ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කෙරේ.

දිවයිනේ නා නා ප්‍රදේශවල ඉදි කොට ඇති මෙවන් නිර්මාණ පිළිබඳ ව සලකන විට අප ප්‍රදේශයේ ජනතාව ද එක්සත් ව එක්සිත් ව කටයුතු කරන්නේ නම් මෙවන් නිර්මාණ කිරීම අරුමයක් නො වේ. එතෙර මෙතෙර සංචාරකයන්ගේ ආකර්ෂණය ද ලැබෙන පරිදි මේ නිර්මාණය කරන්නට අපි අපේක්ෂා කරමු, ඒ මගින් මේ පිටිසර ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ද විශාල දායකත්වයක් ලැබෙතැයි විශ්වාස කරමු.

එවන් දුර දැක්මක් ඇති ව අප ආරම්භ කර ඇති මෙම සත්කාර්යයට ඔබගේ / ඔබ ආයතනයේ නො මද සහයෝගය අපි මෙත් සිතින් බලාපොරත්තු වෙමු.

මේ වගට,
කුඹල්වල පියතිස්ස නායක ස්ථවිර
විහාරාධිපති හා සභාපති

අපගේ ගිණුම් අංකය:
118754427259
සම්පත් බැංකුව
හෙට්ටිපොල ශාඛාව

Xoom භාවිත කරන්නේ නම් ලිපිනය:
Gangaramaya, Akurana
Kuratihena
Kurunegala, Kurunegala
Sri Lanka

දූර කථන අංකය:
+94712703001

Music: https://www.bensound.com

Address

Gangaramaya
Akurana

Telephone

+94323322463

Website

Alerts

Be the first to know and let us send you an email when Akurana Sri Gangarama Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share