සබ්බං පහාය ගමනීයං

සබ්බං පහාය ගමනීයං දහම් ගඟ සිඳෙන්න ළඟයි.අප්‍රමාදී වන්න

පිරිත යනු කුමක්ද ?      බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ධර්ම කොට්ඨාසය ශ්‍රී සද්ධර්මය යනුවෙන් හැඳින් වේ. ප...
01/01/2025

පිරිත යනු කුමක්ද ?


බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ධර්ම කොට්ඨාසය ශ්‍රී සද්ධර්මය යනුවෙන් හැඳින් වේ. පුරා වසර 45 ක කාල පරාසයක් තිස්සේ දෙවි බඹුන් මිනිසුන් ආදී කොට ඇති සියලුම සත්ත්වයින්ගේ ලෞකික ලෝකෝත්තර සුවයම බලාපොරොත්තුවෙන් උන්වහන්සේ විසින් දුක සේ අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍යය ධර්මය ලෝ සතුන් කෙරෙහි මහත් අනුකම්පාවෙන්ම දේශනා කළ සේක. එසේ දේශනා කරන ලද ධර්මය තුල අන්තර්ගතව ඇති විශේෂ දේශනා සමුහයක් ලෙස මෙම පිරිත් ධර්ම කොට්ඨාසය හඳුන්වා දිය හැක. පිරිත පිළිබඳව අධ්‍යනය කිරීමේ දී පහත කරුණු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය.

1.පිරිත යනු කුමක් ද?
2.පිරිත යනු කා විසින් කරන ලද දේශනාවක් ද?
3.කවර හේතුවක් නිමිතිකොටගෙන පිරිත භාවිතා කරන ලද්දේ ද?
4.කවර දිනයකදී එය ආරම්භ කරන ලද්දේ ද?
5.එහි ආනිසංස කවරේ ද?

පිරිත යනු කුමක් ද?

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටක ධර්මය තුල අන්තර්ගත වන ආරක්‍ෂක ධර්ම කොට්ඨාසය ‘පිරිත’ නම් වේ. මෙම පිරිත යන වචනයට අටුවා ධර්ම ග්‍රන්තයන්හිදී මෙසේ අර්ථකථන ලබා දී තිබේ.

1.මහා තේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති = පරිත්තං

තේජවන්ත බැවින් සත්ත්වයින්හට පැමිණෙන උවදුරු දුරුකරලන බැවින් ‘පරිත්ත’ නම් වේ.

2.පරිසමන්තතෝ තායති රක්ඛතීති = පරිත්තං

හාත්පසින් ආරක්‍ෂාව සලසන බැවින් ‘පරිත්ත’ නම් වේ.

3.අන්තරායං පරිහරන්තං තායතීති = පරිත්තං

අනතුරු වළක්වාලමින් ආරක්‍ෂාව ලබා දෙන බැවින් ‘පරිත්ත’ නම් වේ.

4.පරිතෝවා සබ්බූපද්දවතෝ තායතීති = පරිත්තං

හාත්පසින් සියලුම උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලබා දෙන බැවින් ‘පරිත්ත’ නම් වේ.

‘පරි පූර්ව ත්‍රා ධාතුවෙන්’ මෙම වචනය සෑදී ඇත. මෙහිදී පරිත්‍රාණ , පරිත්ත , පිරිත යන පද තුනම මේ සඳහා භාවිතා වේ. පරිත්‍රාණ යනු සංස්කෘත භාෂාවෙන් කරනු ලබන ව්‍යවාහාරය යි. පරිත්ත යනු පාළි භාෂාවෙන් කරනු ලබන ව්‍යවහාරය යි. පිරිත යනු සිංහල භාෂාවෙන් කරනු ලබන ව්‍යවහාරය යි. මේ වචන තුනම එකම අරමුණක් හැඳින්වීම සඳහා භාවිතා කරනු ලැබේ.

පිරිත කා විසින් කරන ලද දේශනාවක් ද?

පිරිත් දේශනාව වනාහි බුද්ධෝත්පාද කාලයෙහි මෙන්ම අබුද්ධෝත්පාද කාලයෙහි දී ද සිදුවී ඇති බව ත්‍රිපිටක ධර්මය තුලින් දැකගත හැක. අබුද්ධෝත්පාද කාලයෙහි දී පිරිත දේශනා කොට ඇති බවට ඇති හොඳම සාධකය වන්නේ සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ එන ජාතක පාළියට අයත් (ජාතක කතා පොතෙහි එන )වන ‘පංචගරු ජාතක’ කතාවයි. මෙම ජාතක කතාවට අනුව අමනුෂ්‍ය බියෙන් ආරක්ෂා වීමට පිරිත් ධර්මය භාවිතා කර ඇත. එය කෙටිකොට මෙසේ දැක්විය හැක.

බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙණෙකුන් රාජ්‍යය කරන කාලයෙහිදී අප බෝධිසත්ත්වයින් වහන්සේ එම රජතුමන්ගේ බාලම පුතණුවන් විය. එම රජතුමාට කුමාරවරු පන්සියයක් විය. දිනක් එම රජ නිවසට වැඩමකළ පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් අප බෝධිසත්ත්වයින් වහන්සේ තමන්ට මෙම රාජ්‍යයෙහි රජකම කවර දිනකදී ලැබෙන්නේ දැ යි විමසීය. එවිට පසේ බුදුවරුන් විසින් බෝධිසත්ත්වයින් වහන්සේට ජිවතුන් අතර සිටිනා කාලය තුලදී මෙම රාජ්‍යයෙහි රජකම නොලැබෙන බවත් , නමුත් දින සතක් ඇතුලත තක්‍ෂිලා නුවරට යා හැකිනම් එනුවර රජකම ලැබෙන බවත් කීහ. නමුත් එම ගමන අමනුෂ්‍ය ග්‍රහණයෙන් යුතු මහා භයංකර කාන්තාර ප්‍රදේශයක් පසුකර යා යුතු බවත් එහිදී බෝධිසත්ත්වයින් වහන්සේගේ ආරක්ෂාවට පසේ බුදුරජාණන් වහන්සේලා විසින් ජලය, නූල් හා වැලි පිරිත් කොට පිරිත් පැන්, පිරිත් නූල් හා පිරිත් වැලි ලෙස සකස්කොට දුන් බව දේශනා වේ. මෙම පිරිත් පැන්, නූල් හා වැලි වලින් ලද ආරක්ෂාවෙන් බෝධිසත්ත්වයින් වහන්සේ තමන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ගනිමින් දින සතක් ඇතුලත තක්‍ෂිලා නුවරට ගමන්කොට එහි රජකම ලබා ගත්තේය. වැඩි දුර විස්තර සඳහා මෙම ජාතකය අධ්‍යනය කරන්නේ මැනවි.

බුද්ධෝත්පාද කාලයන්හිදී බුදුරජාණන් වහන්සේලාම විසින් මෙම පිරිත් ධර්ම කොට්ඨාසය දේශනා කරන්නාහ. මෙම පිරිත වනාහි ශ්‍රාවක භාෂිතයක් හෝ දේව භාෂිතයක් හෝ ඍෂි භාෂිතයක් හෝ නොවන්නේය. පිරිත වනාහි සර්ව සම්පූර්ණයෙන්ම සුපිරිසිඳු මනාව දේශනා කරන ලද බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන්ම සිදුකරන ලද බුද්ධ භාෂිතයක්ම වන්නේය. එබැවින් පිරිත වනාහි බුද්ධ භාෂිතයක්ම වන්නේ ය. අප බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයෙහිදීම පිරිත් දේශනාව ආරම්භ විය. ඒ සඳහා පහත දැක්වෙන උදාහරණ ගෙනහැර දැක්වීමට හැක.

1.දීඝායු කුමාරයා අවරුද්ධක නම් යක්‍ෂයා විසින් මරණයට පත් වන්නට තිබියදී බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව රහතුන් වහන්සේලා 12 නමක් වැඩමවාගෙන නගර මධ්‍යයේ පිරිත් මණ්ඩපයක් සකස් කරගෙන පුරා සතියක කාල පරාසයක් තිස්සේ පිරිත් ධර්මය සජ්ඣායනා කරන්නට වූහ. අවසාන දිනයෙහි බුදුරජාණන් වහන්සේද එම පිරිත් මණ්ඩපයට වැඩම කොට පිරිත් ධර්මය සජ්ඣායනා කරන්නට වූහ. එම නිසා විවිධ මහේශාක්‍ය දෙවි දේවතාවන්ගේ පැමිණීමත් පිරිත් මණ්ඩපය මැද කුමාරයා තබා ඔහු වටා රහතුන් වහන්සේලා හා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරමින් පිරිත් ධර්මය දේශනා කළ නිසාත් දීඝායු කුමාරයාට ආරක්‍ෂාව ලැබුණේය. පසුව දින සතකින් මරණයට පත්වන්නට සිටි කුමාරයාට වසර 120 ක් ආයු වින්දනය කිරීමේ හැකියාව ලැබුණේය.

2.බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී බුදුරජාණන් වහන්සේගෙන් අර්හත්වය සඳහා කමටහන් ලබාගෙන භාවනා කිරීම සඳහා වනයට ගිය 60 ක් පමණ භික්‍ෂූන් වහන්සේලාට එම වනයෙහි විසූ විවිධ දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් පැමිණි භයානක උපද්‍රවයන්ගෙන් ආරක්ෂාවීම සඳහාත්, භාවනා කටයුතු සඳහා කමටහනක් ලෙසත් කරණීයමෙත්ත සූත්‍රය දේශනා කර ඇත. එයද ආරක්‍ෂක පිරිත් ධර්ම කොට්ඨාසයක් වශයෙනි.

3.බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී විශාලා මහ නුවර ඇතිවූ රෝග බිය, අමනුෂ්‍ය බිය හා දුර්භික්‍ෂ බිය යන තුන් බිය දුරුකිරීම සඳහා වජ්ජීන්ගේ ආරාධනයෙන් විශාලා මහා නුවරට වැඩම කොට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ට තුණුරුවන්ගේ අනන්ත ගුණ සඳහන්වන රතන සූත්‍රය උගන්වා එම තුන් බියෙන් මුදවනු පිණිස ආරක්‍ෂාව සලසනු පිණිස රතන සූත්‍රය දේශනා කරන ලදී. එම සූත්‍ර ධර්මය ඉගෙනගත් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවෙහි අඩංගු පිරිත් වතුර විශාලා මහා නුවර පුරාම වැඩම කරමින් නගරය පුරාම නැවතත් එම පිරිත් සූත්‍රයම සජ්ඣායනා කරමින් පිරිත් පැන් ඉසිමින් වැඩම කළහ. ඊට පසුව එතෙක් පැවති තුන් බිය පහවී සියලු දුක් නිමවී සෞභාග්‍ය උදා විය.

4.බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කාලයෙහිදී එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුන් සර්පයෙකුගේ දෂ්ඨනයට ලක්ව මරණයට පත් විය. මේ බව බුදුරජාණන් වහන්සේ දැනගත් විට සියලුම භික්ෂූන් වහන්සේලාගේ ආරක්‍ෂාව පිණිස සියලු සතුන්ගෙන් සිදුවන උපද්‍රවයන්ගෙන් මිදෙනු පිණිස ඛන්ධ පිරිත දේශනා කරන ලදී.

5.ජාතක කතා පොතේ එන ස්වර්ණමයුර ජාතකයෙහි සඳහන්වන ආකාරයට අප බෝධිසත්ත්වයන් වහන්සේ මයුර / මොණර උපතක උත්පත්තිය ලබා සියලු සත්ත්වයන්ගෙන් වන උපද්‍රවයන් දුරුකර ගැනීම පිණිස භාවිතා කළ පිරිත් සූත්‍ර ධර්මය මොර පිරිත නම් වේ. සියලුම උපද්‍රවයන්ගෙන් වැළකීම පිණිස මෙම සූත්‍ර දේශනාව භාවිතා කරනු ලැබේ.

6.රාහු අසුරයාගෙන් තමන්ට විපත් පැමිණි අවස්ථාවන්හිදී හිරු හා සඳ මණ්ඩලයන්ට අධිපති එහි වාසය කරන සියලු දෙවි දේවතාවුන් බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේව සිහිපත් කරන්නට වූහ. එවිට ඔවුනට හා ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් එම සුර්ය මණ්ඩලය හා සඳ මණ්ඩලය මුදන ලෙස රාහු අසුරයාට බුදුරජාණන් වහන්සේ විසින් කියන ලද ගාථාවන් අඩංගු ධර්ම කොට්ඨාසය සුරිය පිරිතෙහි හා චන්ද පිරිතෙහි අඩංගු වේ. මෙය විශේෂයෙන් දෙවිවරුන්ට භයක් තැතිගැනීමක් ඇතිවුණු විටදී භාවිතා කරනු ලැබේ.

7.ධජග්ග පිරිත වනාහි දෙවි දේවතාවුන්ගේ ආකර්ෂණය මහත් ලෙස ලබාගැනීමට හේතුවන සූත්‍ර දේශනාවකි. අසුර නිකායික දෙවියන් සමග සුර නිකායික දෙවියන් යුද්ධ කිරීමට සුදානම් වන ආකාරයත් එහිදී යුද්ධයට යන යම් දෙවියකුට බියක් තැතිගැනීමක් ඇති වුවහොත් දිව්‍ය ලෝකයට අධිපතීත්වයන් දරන ශක්‍ර, ඊසාන, වරුණ, ප්‍රජාපතී යන දෙවියන්ගේ ධජයන් දෙස බලන ලෙසත් එවිට එසේ ඇති වූ බිය තැතිගැනීම දුරුවන බවත්, ශක්‍ර දෙවියන් සියලු දෙවියන්ට පැවසූහ. මෙය නිමිතිකරගෙන බුදුරජාණන් වහන්සේ විසින් එය එසේ නොවන බවත් එයට හේතුව ඒ දෙවිවරුන් රාග, ද්වේශ, මෝහයන්ගෙන් යුක්තවන නිසා බවත්, නමුත් යමෙක් රාග, ද්වේශ, මෝහ නැසූ බුදුරජාණන් වහන්සේ ද ස්වාක්ඛාත වූ ධර්ම රත්නය ද සුපටිපන්න වූ රහතුන් වහන්සේලාද සිහිපත් කරයි නම් එවිට පමණක් යමෙකුට ඇති වූ භය තැතිගැනීම නියම වශයෙන්ම දුරුවන බවත් දේශනා කළ සේක. එබැවින් මෙම ධජග්ග පිරිතද අන්තරායකර තත්වයකදී පරිහරණය කිරීම පිණිස ආරක්‍ෂක පිරිත් සුත්‍රයක් ලෙස දේශනා කරන ලදී.

8.ඇතැම් අවස්ථා වලදී මහරහතුන් වහන්සේලාද තවත් අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ ද කායික ගිලන් බවට පත් වූ අවස්ථාවන්හිදී ශාන්තිකර සුවය ලබාදීමට සමත්වන්නා වූ පිරිත් ධර්මයන් දේශනා කර ගත්හ. මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ගිලන්ව වැඩසිටිනා අවස්ථාවකදී මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිලන්ව වැඩවසන අවස්ථාවක මහා කස්සපත්ථේර බොජ්ඣංග සූත්‍ර දේශනාවද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහ. ගිරිමානන්ද තෙරුන් වහන්සේ ගිලන්ව වැඩවසන අවස්තාවකදී බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද මහා තෙරුන් වහන්සේට දේශනා කරන ලදුව පසුව ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් එම ගිරිමානන්ද සූත්‍රය ඉගෙනගෙන ගිරිමානන්ද තෙරුන් සමීපයෙහි සිට දේශනා කළ විට එය ශ්‍රවණය කළ උන්වහන්සේ සුවපත් විය. එසේම අප බුදුපියාණන් වහන්සේ ගිලන්ව වැඩවසන අවස්ථාවක චුන්ද මහරහතන් වහන්සේ ලවා චුන්දත්ථේර බොජ්ඣංග සූත්‍රය සජ්ඣායනා කරවාගත් බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත. මෙවැනි පිරිත් සූත්‍ර දේශනාවන් රෝගයන්ගෙන් ඇතිවන උවදුරු දුරුකර ගැනීම පිණිස භාවිතා කිරීමට අනුදැන වදාළහ.

9.ධර්මයට කැමති උසස් අමනුෂ්‍යයන් මෙන්ම ධර්මයට අකමැති උසස් අමනුෂ්‍යයන් ද සිටිති. ධර්මයට අකමැති අමනුෂ්‍යයන් විසින් විවිධ අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන සිවුවනක් පිරිසට විවිධාකාරයෙන් කරදර දුක් විපත් ඇතිකිරීමට උත්සාහවත් වෙති. මේ පිළිබඳව දැනසිටි චාතුම්මහාරාජිකයට අධිගෘහිත සතරවරම් දෙවියන් විසින් කරන ලද ආරාධනයෙන් හා දැනුවත් කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ විසින් මෙම ආටානාටිය සූත්‍ර දේශනාව සිදුකරන ලදී. මෙම සූත්‍ර දේශනාවෙන් වෙස්සවණ මහා දෙවු රජ විසින් එවැනි කරදරකාරී අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය, එවැනි යකුන්ට යක්‍ෂ සමාගමෙන් දෙනු ලබන දඬුවම්, එවැනි වැරදි ඉදිරිපත්කරන ආකාරය පිළිබඳව දේශනා කර ඇත. එසේම මෙම සූත්‍රය විශේෂයෙන් බුද්ධ ශ්‍රාවකයන්ගේ ආරක්‍ෂාව පිණිසම කරන ලද විශේෂ ආරක්‍ෂක පිරිත් දේශනාවකි.
කවර හේතුවක් නිමිති කොටගෙන පිරිත භාවිතා කරන ලද්දේ ද?

පිරිතට ආරාධනා කිරීමේදී,

‘විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා

සබ්බ දුක්ඛ විනාසය පරිත්තං බ්‍රෑත මංගලං,

විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා

සබ්බ භය විනාසය පරිත්තං බ්‍රෑත මංගලං,

විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා

සබ්බ රෝග විනාසය පරිත්තං බ්‍රෑත මංගලං’

යනුවෙන් ගාථා ධර්මයන් තුනක් සජ්ඣායනා කරමින් පිරිත් සූත්‍ර දේශනාවන් ආරම්භ කරන ලෙස මහා සංඝයාට ආරාධනා කරයි. මෙම ගාථා තුනෙන් මංගල සම්මත පිරිත දේශනා කරන මෙන් ඉල්ලා සිටින අතරම එයට හේතු පාදකවන අරමුණු/හේතු කිහිපයක් විස්තර කරයි.

1.විපත්ති පටිබාහාය - විපත් දුරුකර ගැනීමට

2.සබ්බ සම්පත්ති සිද්ධියා - සියලු සම්පත් / යහපත සිදුකර ගැනීමට

3.සබ්බ දුක්ඛ විනාසය - සියලු දුක් නැතිකර ගැනීමට

4.සබ්බ භය විනාසය - සියලු භය නැතිකර ගැනීමට

5.සබ්බ රෝග විනාසය - සියලු රෝග නැතිකර ගැනීමට

මංගල සම්මත වූ පිරිත් ධර්මය දේශනා කරන ලෙස ඉල්ලීම සිදු කරයි ( පරිත්තං බ්‍රෑත මංගලං). දුර්භික්‍ෂ, රෝග, අමනුෂ්‍ය ආදී විවිධ කරුණු වලින් පැමිණෙන්නා වූ විවිධ දුක් ගැහැට නිසා ඇතිවන සියලුම ආකාරයේ කරදර වලින් වැළකීම පිණිස මම ආරක්‍ෂක පිරිත් ධර්මයන් දේශනා කිරීම්, සජ්ඣායනා කිරීම් සිදු කරනු ලැබේ.

කවර දිනයකදී එය ආරම්භකරන ලද්දේ ද?

ඉහත දක්වන ලද ආරක්ෂාකාරී පිරිත් දේශනාවන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවාසය කරන කාලයෙහිදීම විවිධ අවස්ථාවන්ට උචිත ලෙස පරිහරණය කරන ලදී. මෙසේ සලකා බලන කළ පිරිත් ධර්මයන් ආරම්භ වී දැනට වසර දෙදහස් පන්සීය පනහකටත් ( 2550 ) වැඩි කාල පරාසයක් ගත වී ඇත.

එහි ආනිසංස කවරේ ද?

පිරිත් දේශනාවෙහි අඩංගු වන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන්ගේ අනන්ත ගුණයන්ය. එම ත්‍රිවිධ රත්නයෙහි ගුණයන් වනාහි පරම සත්‍යය ධර්මතාවයක් වන්නේය. එය ලෝකයේ කිසිවෙකුටත් කිසිම අවස්ථාවක අසත්‍යයි කියා ප්‍රකාශ කළ නොහැක. බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්නට ලැබෙන අනන්ත වූ නව අරහාදී බුදු ගුණයන්ද ධර්ම රත්නයෙහි දක්නට ලැබෙන ස්වාක්ඛාතාදී දහම් ගුණයන්ද මහ රහතුන් වහන්සේලා තුල දක්නට ලැබෙන සුපටිපන්නතාදී අනන්ත ගුණයන්ද එක් කොට මෙම පිරිත් ධර්මය දේශනා කර ඇත. එහි ආනිසංස ලෙස,

1.රෝග බිය දුරු කිරීමට හේතුවන බව

2.දුර්භික්‍ෂ බිය දුරු කිරීමට හේතුවන බව

3.අමනුෂ්‍ය බිය දුරුකිරීමට හේතුවන බව

4.සිතෙහි ඇතිවන බිය තැතිගැනීම දුරුකිරීමට හේතුවන බව

5.තුණුරුවන්ගේ ආරක්‍ෂාව, ආශිර්වාදය ලබා ගත හැකි බව

6.පිරිත් ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන දෙවියන්ගේ ආශිර්වාදය, ප්‍රිය බව ලැබීමට හේතුවක් වන බව

7.සිතෙහි නිරාමිස සැනසීම, සතුට ඇතිකිරීමට හේතුවන බව

8.සත්ත්වයින්හට ප්‍රිය වන බව

9.ආයු වර්ධනයට හේතු වන බව

ආදිය දැක්විය හැක.

මීට අමතරව ‘මිලින්ද ප්‍රශ්නය නම් ධර්ම ග්‍රන්ථයෙහි එන පිරිත් ප්‍රශ්නයෙහි දී’ පිරිතෙහි ආනිසංස පිළිබඳව මෙසේ සඳහන් කර ඇත.

නැවත මිලින්ද මහා රජුන් විසින් මෙසේත් අසන ලදී. නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ විසින් මෙසේත් වදාරණ ලදී.

‘න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ

න පබ්බතානං විවරං පවිස්ස

න විජ්ජති සෝ ජගතිප්පදේසෝ

යත්ථට්ඨිතෝ නප්පසහේථ මච්චු’

යම් තැනක සිටි සත්ත්වයා මරණ තෙමේ අභිභවනය නොකෙරේද, (හෙවත් මැඩගෙන නොසිටීද), (කෙසගක් පමණ වූ ද) එසේ වූ භූමි ප්‍රදේශයක් නැත. ආකාශයෙහි ද මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයක් නැත. සමුද්‍රමධ්‍යයෙහි ද මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයක් නැත. පර්වත විවරයකට ප්‍රවිෂ්ඨ වුවද මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයක් නැත.

(සූත්‍ර පිටකය. ඛුද්දක නිකාය. ඛුද්දක පාඨ. ධම්මපද පාළිය. 09 වන පාප වර්ගය. 13 වන ගාථාව. බු:ජ:ත්‍රි:පිටුව - 123/124)

මෙසේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ විසින් නැවතත් රතන සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත .... ආදී පිරිත් දේශනාවන් දේශනා කළ සේක. ඉදින් පිරිත් සූත්‍ර දේශනාවන්ගෙන් මරණයෙන් මිදීමක්, ආයු වර්ධනය කිරීමක් සිදු කරන්නේ නම් ‘න අන්තලික්ඛෙ න සමුද්ධමජ්ඣේ ...’යන ගාථාව වැරදි විය යුතුය. එම ගාථාව නිවැරදි නම් පිරිතෙන් ලද හැකි ආනිසංස වැරදි විය යුතුය. මෙම කරුණු දෙක කෙසේ ගැලපෙන්නේ දැ යි මිලින්ද රජු විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් විමසීය. එවිට නාගසේන මහරහතන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

‘මහරජ, අප බුදුරජාණන් වහන්සේ විසින් ධම්මපදයේ එන ඉහත ගාථාවද එසේම පිරිත් දේශනාවන්ද දේශනා කළ වදාළ සේක. ඒ වදාළ පිරිත වනාහි සාවශේෂ ආයු ඇත්තා වූ වයස් සම්පන්න වූ පහ වූ අකුසල කර්මාවරණ ඇත්තාහු හටය. මහරජ, ක්‍ෂය වූ ආයු ඇත්තා හට මරණයට පත් නොවීම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් හෝ නැත්තේය. මහරජාණෙනි, යම්සේ වියලී ගියා වූ දිරා ගියා වූ තෙත් ස්වභාවය පහව/ඉවත්ව ගියා වූ ජිවිතෙන්ද්‍රිය වැලකුනා වූ ගසකට නියමිත ආයුෂ ගෙවිගියා වූ මරණයට පත් වූ ගසකට පැන් කළ සිය දහස් ගණනක් වත් කලද එහි තෙත් බවක් හෝ පත්‍ර වර්ධනය වන බවක් හෝ නොවන්නේය. මහරජ, එපරිද්දෙන්ම පිරිත් කරණයෙන් ආයුෂ ක්ෂීණ බවට පත් වූවහු ගේ ජීවිතය රදා පැවැත්ම පිණිස කළ හැකි ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත. මහරජ, සකල පෘථිවියෙහිම යම් බෙහෙතක් ඇත්ද, ඒ සියලු බෙහෙත් ක්ෂීණ ආයු ඇත්තා හට ආයුෂ වර්ධනයට හේතුකාරකයක් නොවන්නේය.

මහරජ, වයස් සම්පූර්ණ වූ පහ වූ අකුසල කර්මාවරණ ඇත්තා වූ සාවශේෂ ආයුෂ ඇත්තා වූ පුරුෂයා පිරිත විසින් ආරක්ෂා කරන්නේය. රකින්නේය. ඒ ආයු ඇත්තා උදෙසාම බුදුරජාණන් වහන්සේ විසින් පිරිත අනුදැන වදාළ සේක. මහරජ, යම්සේ ගොවිතැන් කරන්නා වූ ගොවියෙකු ධාන්‍ය පැසුණු කල්හි කරලින් යුක්ත කුඹුරට ජලය යෙදීම වළක්වන්නේය. වැස්සෙන් උපකාර ලබා ඒ තරුණ ගොයම වැඩෙන්නේය. මහරජ, එපරිද්දෙන්ම ක්‍ෂය වූ ආයුෂ ඇත්තා හට පිරිත් ක්‍රියාවෝ නොකොට තබන ලද්දාහ. වළක්වන ලද්දාහ. වයස් ඇත්තා වූ යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහු හට පිරිත දේශනා කරන ලදී. මේ නිසා පිරිත් දේශනාවෙන් සත්ත්වයෝ මරණයට පත් නොවී ආරක්ෂා වේ යැ යි කියන ලදී.

මහරජ, පිරිත් දේශනා කරන කල්හිදී මෛත්‍රී පූර්වාංගමව පවත්වන්නා වූවන්ගේ ශබ්දය පැතිරෙන්නේය. දිව වියලෙන්නේය. චිත්තය පෙරළෙන්නේය.නෙළුම් කකුලක් වැනි හදවත පෙළෙන්නේය. උගුර ගොරෝසු ස්වභාවයක් ගන්නේය. ඒ පිරිත් කියන්නවුන්ගේ පවත්වන ඒ උපක්‍රමයන් නිසා රෝගීන්ගේ සියලු ව්‍යාධි දුරුවන්නේය. කරන ලද පිරිත් ධර්මයෙන් යුතු ආරක්‍ෂාව ඇති පුරුෂයා හට නාගයින් දෂ්ඨ නොකරන්නේය. දෂ්ඨ කිරීම සඳහා විවර කළ මුඛය පියා ගන්නේය. සොරුන් විසින් තලන්නට ගත් මුගුර පවා නොපැමිණෙන්නේය. ඒ සොරුන් මුගුරු දමා අවුත් මිතුරු වෙති. කුපිත වූ නාග හස්තීන් තමන් ලඟට පැමිණියත් හානි නොකරන්නේය. දිලිසෙන මහා ගිනි ජාලාවක් වුවත් ලගට පැමිණියද නිවී යන්නේය. නොදැන නමුත් අනුභව කරන ලද විෂ වුවද අමෘතය හා සමාන වන්නේය. ආහාරයක් බවට හෝ පත් වන්නේය. නසනු කැමැත්තා වූ වරදකරුවෝ ලඟට පැමිණ දාසයන් මෙන් වන්නේය. පයට පෑගුණු මළ පුඩුව පවා ක්‍රියාත්මක නොවන්නේය.

මහරජ, මයුර ජාතකයෙහි කරන ලද පිරිත් ඇති මයුරයාගේ/මොණරාගේ පයට අවුරුදු හත්සියයක් මුළුල්ලේ උගුල් ඇටවුවද අල්ලා ගන්නට නොහැකි විය. පිරිත් නොකරන ලද දිනයේදී පමණක් වැද්දාට හසු විය.

මෙසේ නාගසේන මහරහතන් වහන්සේ විසින් දේශනා කළ කල්හිදී මිලින්ද රජු විසින් මෙසේ නැවතත් අසන ලදී. ‘කිමෙක්ද නාගසේනයන් වහන්ස, සියලු දෙනාවම පිරිත විසින් ආරක්ෂා කරයිද?’ එවිට මහරහතන් වහන්සේ විසින් ‘මහරජ, පිරිත විසින් ඇතැම් අයෙකුන් ආරක්ෂා කරයි, ඇතැම් අයෙකුන් ආරක්ෂා නොකරයි යනුවෙන් දේශනා කළහ. තවද මහරජ අකුසල කර්මාවරණයෙන් ද රාගාදී වූ ක්ලේශාවරනයෙන් ද නොඇදහීමෙන්ද යන කරුණු තුන ඇත්තා හට පිරිත් ආරක්ෂාවක් නොවන්නේ ය. මහරජ, සකල සත්ත්වයින්ම නොහැර ආරක්ෂා කරන්නා වූ පිරිත තමා විසින්ම කරගත් දෙයින් ආරක්‍ෂාව දුරුකරන්නේය’.

පිරිතෙහි හා ධර්ම දේශනාවක ඇති වෙනස :-

පිරිත් දේශනාවක සම්පූර්ණයෙන්ම පාහේ අඩංගු වන්නේ පිරිසිඳු බුද්ධ වචනයයි. පිරිත් දේශනාවක කිසිම හේතුවක් නිසාවත් පිරිත සජ්ඣායනා කරනු ලබන භික්‍ෂූන් වහන්සේලාගේ අර්ථ දැක්වීම් අඩංගු නොවේ. නමුත් ධර්ම දේශනාවකදී යම් කිසි සූත්‍ර කොට්ඨාසයක් මාතෘකා වශයෙන් තබාගෙන ත්‍රිපිටක බුද්ධ වචනය හා අටුවා ආදී ධර්ම ග්‍රන්ථ ද ගුරු තනතුරෙහි තබාගෙන ධර්ම දේශනාව සිදු කරනු ලබන යම් භික්ෂුවක් වේ ද ඔහුගේ ද අත්දැකීම් ද ඒ හා මුසු කරමින් එම සූත්‍ර ධර්මය විස්තර කර ධර්මය දේශනා කරනු ලැබේ. එහිදී බහුල ලෙස තමන් විසින් එකතුකරගත් ධර්ම දැනුමද උපයෝගී කරගනිමින් තමන්ගේ වචනයෙන් ධර්මය දේශනා කරනු ලැබේ. නමුත් පිරිත් දේශනාවකදී දේශකයාණන් වහන්සේලාගේ වචනයක් ලෙස භාවිතා වන්නේ ‘ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං’... මෙම සත්‍යය වචනයෙන් ඔබට යහපතක්ම වේවා ! යන ප්‍රකාශය පමණි.එමනිසා පිරිත් දේශනාවකට කිසිම අවස්ථාවකදී දේශකයාණන්ගේ වචනයක් අඩංගු නොවේ. එබැවින් පිරිත යනු සුපිරිසිඳු බුද්ධ වචනයම වේ.

සතර බණවරෙහි ඇති වැදගත්කම:-

ජාතක කතා පොත, ධම්මපදය මෙන්ම සාමාන්‍ය ජනතාව අතර වඩාත් ජනප්‍රිය මෙන්ම නිතර නිතර පරිහරණය කරනු ලබන ධර්ම ග්‍රන්ථයකි ‘පිරිත් පොත’. මේ නිසාම මෙම පිරිත් පොතට ‘පිරිත් පොත් වහන්සේ’ යන ගෞරව නාමයද ලැබී ඇත. බෞද්ධයන් අතර විශේෂයෙන් ශ්‍රද්ධාව ජනනය කිරීමට විශේෂයෙන් සමත් වූ ධර්ම ග්‍රන්ථයක් ලෙස ද පිරුවානා පොත් වහන්සේ හැඳින්විය හැක. මේ නිසාම ගිහි, පැවිදි සියලු දෙනාම මෙම පිරිත් ධර්මය කටපාඩමින් ආරක්ෂා කරන්නට වූහ. විශේෂයෙන් මෙම ශාසනයෙහි පැවිද්ද බලාපොරොත්තුවන සියලු දෙනාම විසින් මෙම පිරිත් පොත පැවිද්දට පෙර කටපාඩම් / වනපොත් කලයුතුම අංගයක් ලෙස ශාසනික රීතියක් අද වන තුරුත් පවතී. එසේම ගිහි පින්වතුන් ද තම තමන්ට පහසු වේලාවක් දිනපතා යොදාගනිමින් දිනකට එක් වරක්වත් නිවසේ සියලු දෙනාම එකට එක් වී අවම තරමින් තුන් සූත්‍රය හෝ කරණිය මෙත්ත සූත්‍රයවත් කියන්නට පුරුදුවී සිටියහ. එය දිනපතා අංගයක් ලෙස භාවිතා වන්නට විය. මේ නිසාම පිරිත් සූත්‍ර දේශනාවන් සමගම බැදී ගිය වතාවත්ද විශේෂයෙන් බිහිවන්නට විය. එසේම අතීත රජ සමයෙහි පටන් පිරිත් පොත හා සමගම පරිහරණය සඳහා සතර බණවර අටුවාවක්ද සතර බණවර සන්නයක්ද බිහි වූහ. දඹදෙණිය යුගයෙහිදී දෙවන පැරකුම්බා රජුගේ රාජ්‍ය කාලයෙහිදී අනෝමදස්සී මහා තෙරුන් වහන්සේගේ ආරාධනයෙන් ආනන්ද වනරතන මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් විසින් සතර බණවර අටුවාවද, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය කාලයෙහිදී අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් සතර බණවර සන්නයද ලියූ බව ශාසන ඉතිහාසයෙහි එන ප්‍රකට කරුණකි.

පිරිතෙහි ඇති ආනුභාවය :-

ඒ ඒ පිරිත් සූත්‍ර දේශනාවන්ට ආවේනික ආනුභාව ශක්තියක් විශේෂයෙන් දක්නට ඇත. පිරිත් දේශනාවෙහි ඒකාන්ත වශයෙන්ම විශේෂිත ආනුභාව ශක්තියක් ඇත. එහි පවත්නා ශබ්ද තරංග ඇතිකිරීමේ විශේෂිත භාවයත්, දේශකයාගේ චිත්තය හා කයත් වචනයත් හසුරුවන ආකාරයත්, ශ්‍රාවකයාගේ චිත්ත ප්‍රසාදය හා ශ්‍රද්ධාවත්, තුණුරුවන්ගේ සත්‍යය බලයත් නිසා පිරිත් සූත්‍ර දේශනාවක ඇති ආනුභාවය තවත් වැඩි වේ.

බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කර වදාළ ප්‍රථම අවස්ථාවේ දී දස දහසක් සක්වල මහත් ලෙස කම්පනයට පත්විය. එයට හේතුව එම සූත්‍ර දේශනාවේ ආනුභාවය සක්වල දස දහසකට බල පවත්නා බවයි. එසේම විශේෂයෙන් ‘රතන සූත්‍රය, චන්ද පිරිත, ධජග්ග පිරිත, මෝර පිරිත, ආටානාටිය පිරිත’ යන සූත්‍ර ධර්මයන් පහ වනාහි කෝටි ලක්ෂයක් සක්වලට ආනුභාවය පතුරුවාලන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත. මෙම පිරිත් සූත්‍රයන්ගෙන් මෙන්ම සෙසු සූත්‍ර ධර්මයන්ගෙන්ද කරනු ලබන පිරිතෙන් නිරන්තරයෙන්ම ආරක්‍ෂාව ලබා ගත හැකි බව ප්‍රකට ප්‍රත්‍යක්‍ෂ කරුණකි.

(පිරිත පිළිබඳ අවබෝධයක් ලබාදීම උදෙසා උපුටා කළ සටහනකි.)

26/12/2024

ලොව සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා

26/12/2024
නමෝ බුද්ධාය සැවත් නුවර වාසය කල එක් මිනිසෙක් උදය වරුවේ හරක් සොයමින් ගොස් මධ්‍යාහ්න වූ පසු කුස ගින්න උහුලාගනු නොහැකිව අසල ...
11/07/2024

නමෝ බුද්ධාය

සැවත් නුවර වාසය කල එක් මිනිසෙක් උදය වරුවේ හරක් සොයමින් ගොස් මධ්‍යාහ්න වූ පසු කුස ගින්න උහුලාගනු නොහැකිව අසල ඇති විහාරයකට ගියේය. එහි වැඩ සිටින සංඝයා වහන්සේලාට වැද ගරු බුහුමන් දක්වා පසෙකට වී සිටියේය. එහිදී ඔහුට කුසපුරා කෑම බීම ලැබුණී. රසවත් අහරින් කුස පුරවාගත් ඔහු මෙසේ සිතන්නට විය. මේ තෙරුන් වන්සේලා කිසි වැඩක් නොකර වෙහෙසක් නොමැතිවම දිනපතා රස බොජුන් වළදයි. මා දවස පුරාම වෙහෙසී වැඩ කලත් මෙවැනි කෑමක් නොලැබෙයි. ඒනිසා මමත් පැවිදි විය යුතයි. මෙසේ සිතා පැවිදි වූ ඔහු ටික දිනයක් ගත වන විට ක්ෂය වී ගිය සිරුර වෙනුවට තර වූ පැහැපත් සිරුරක් හිමි විය.

මේවිට ඔහුට බිරිද මතක් විය. ගිහි කල කම් සැප විදි අයුරු මතක වී රාගයෙන් මුසපත් ව සිවුරු හැර ගිහි විය. මෙසේ හයවරක් පැවිදි වී හයවනරක් සිවුරු හළේය. ඔහු සිතට වහල් වී කටයුතු කරන බැවින් චිත්ත හත්ථ නමින් ප්‍රසිද්ධ විය.

ඔහු තමාගේ ගැබිනි බිරිද පෝෂණය කරන්නට බොහෝ වෙහෙසවී වැඩ කළේය. මේ අතර දරු ගැබ මෝරා වැඩුනේය. දිනක් ගැබිබර වූ ඇය සිරුරේ ඇති වූ අපහසුතාවක් නිසා නිදන්නට විය. නිදිබර නිසා ඇග රෙදි ඉවත් වී කටින් කෙල වැගිරෙමින් තිබිණි. කුඹුරේ බොහෝ වෙහෙස වී වැඩ කල සිවුරු හල සැමියා නිවසට පැමිණිය විට මෙතෙක් බොහෝ ආශා කල තම බිරිද පෙනුනේ ඉදිමී ගිය මළ සිරුරක් ලෙසය. එම අවස්ථාවේ දැඩි ලෙස කළකිරුණු ඔහු ත්‍රිලකුණු මෙනෙහි කරමින් විහාරය කරා යන අතරම සෝවාන් පල එළඹියේය.

සත්වන වර පැවිද්ද ලබා බොහෝ වෑයමෙන් භාවනා කල උන්වන්සේ රහත් පල ලැබුහ. නමුත් ඒ බව නොදත් සෙසු තෙරුන් වහන්සේලා නැවතත් ගෙදර යනු ඇතැයි ඇනුම්පද කියන්නට වූහ. එවිට උන්වහන්සේ පැවසූවේ මාගේ ගෙදර ගමන තබා සසර ගමන වත් නොමැති බවයි. මේ පුවත් සැලවූ බුදුන් වහන්සේ

රාගයෙන් නොතෙත් වූ කිපීමෙන් දැඩි නොවු රහතුනට කෙලෙසුන් කෙරෙනන් බියක් නැති බව වදාළ සේක.

සැවැත්නුවර “තිස්ස” නමින් තෙරුන් වහන්සේ නමක් වැඩ වාසය කළහ. වස් කාලය එළඹුනාට පසුව වස්කාලය ගතකිරීමට සුදුසු ස්ථානයක් සොයමින්...
04/07/2024

සැවැත්නුවර “තිස්ස” නමින් තෙරුන් වහන්සේ නමක් වැඩ වාසය කළහ. වස් කාලය එළඹුනාට පසුව වස්කාලය ගතකිරීමට සුදුසු ස්ථානයක් සොයමින් සිටි තිස්ස හාමුදුරුවන් වහන්සේට එක්තරා ගමක පොඩි වෙහෙරක වස් සමාදන් වෙන්න අවස්ථාව ලැබුණා. උන්වහන්සේ වස්කාලය තුළ කිසියම් අධ්‍යාත්මික තත්වයකට පත්වෙනවාය කියන අධිෂ්ඨානය සිතේ තබාගෙන වස් සමාදන් වුණත්, උන්වහන්සේට ආධ්‍යාත්මික පක්ෂයේ දියුණුව නිවැරැදිව කරගන්න බැරි වුණා. වස් සමාදන් වීමේ කටයුතු කාරණා නිවැරැදිව සිදු කළා.

ගිහි ඇත්තන්ගේ වැඩ කටයුතු බහුල වීමත් , විහාරස්ථානයේ වැඩකටයුතු බහුල වීමත් නිසාම උන්වහන්සේගේ අධ්‍යාත්මික පැත්තේ වැඩකටයුතු පමා කරන්න හේතු වුණා. නමුත් විහාරයේ කඨින පින්කම මහ ඉහළින් විශාල වශයෙන් සිදු කළා. වස් අවසානයේ උන්වහන්සේට ගිහි ඇත්තන්ගෙන් සිවුරු රෙද්දක් පිරිකර හැටියට ලැබුණා. මෙය අට රියනක් පමණ විශාල සිවුරු රෙද්දක්. මෙම රෙදි කඩ ඉතාම වටිනා කමින් යුක්ත වූ එකක් වුණා. එම ස්වාමින් වහන්සේට තිබෙන ගෞරවය භක්තිය නිසාම මේ ආකාරයට වටිනා සිවුරු රෙද්දක් උන්වහන්සේට පූජාකිරීමට පන්සලේ දායකයන් කල්පනා කළා. තිස්ස හාමුදුරුවන් වස් සමාදන් වී අවසන් වෙලා සැවැත් නුවරට වැඩම කළාට පසුව එම වස් පිළිය හෙවත් වස් සමාදන් වීම වෙනුවෙන් ලැබුණ සිවුරු රෙද්ද ප්‍රවේශම් කරමින් ආරක්ෂා කරන ක්‍රමයක් උන්වහන්සේ කල්පනා කළා. එම සිවුරු රෙද්ද ඉතාමත් වටිනාකමකින් යුක්ත වූ එකක් වීම එයට හේතුවුණා. මේ ආකාරයෙන් කල්පනා කරන්න උන්වහන්සේට එකවරම සිහියට ආවේ තමන්ගේ නැගණියයි. එම රෙදි කඩ නැගණියට ගෙන දුන්නොත් ඉතා හොඳින් ආරක්ෂාකරයි කියලා කල්පනා වුණා.

ඒ අනුව මෙම රෙදි කඩ තමන්ගේ නැගණියට දීල “මම මෙම රෙද්දෙන් සිවුරක් මසාගන්නයි සිතාගෙන ඉන්නේ ඒ සඳහා තව කල් තිබෙන නිසා ඒ වන තෙක් ඔබ මේ සිවුර ැ රෙද්ද ප්‍රවේශම් කර තබාගන්න ලෙසට” පවසනු ලැබුවා. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කිරීමෙන් පසුව, එම නැගණියත් ඉතාම ගෞරවයෙන් එම සිවුරු රෙද්ද ප්‍රවේසම් කරල තබන්නට සූදානම් වෙලා නැවත වතාවක් එම සිවුරු දෙස බලන විට මෙම සිවුරු රෙද්ද හරිම වටින රෙදිකඩක් බව තේරුණ නිසා ඇය මෙම සිවුර කිසියම් ආකාරයකට තුනී කරල තුනී සිවුරක් ලෙස සකස්කරල නවල තියා තිබ්බා. ඊට පසුව දවසක තිස්ස හාමුදුරුවන් වැඩම කරල එම සිවුරු රෙද්ද නැගණියගෙන් ඉල්ලා ගනු ලැබුවා. තමන් වහන්සේ ලබාදුන්න රෙදිකඩ නොවන බවට උන්වහන්සේට පෙනුණා. මෙම සිවුරු රෙද්ද මම ලබාදුන්නු සිවුර නොවෙයි නේද? කියමින් තිස්ස හාමුදුරුවන් වහන්සේ තම නැගණියගෙන් විමසන විට ඔය රෙද්ද හරිම ඝන රෙද්දක් නිසා එය තුනී කරල සකස් කළ බවට නැගණිය පිළිතුරු දෙනු ලැබුවා.

ඒ ආකාරයට ප්‍රකාශ කලාට පසුව එම හාමුදුරුවන් වහන්සේ මෙම රෙදිකඩ රැගෙන ගොස් සිවුරක් මසනු ලැබුවා. සිවුරක් මහලා, නවලා එම සිවුර පන්සලේ තැබුවා. උන්වහන්සේ ගේ සිවුරු හරිම වටිනා රෙද්දකින් මහපු නිසාම එහි වැඩි වටිනාකමක් තිබෙන බවට වැටහෙනවා. උන්වහන්සේ සිවුර පිළිබඳව ආසාවෙන් එය උදේ වරුවෙත් රැගෙන ඒ දෙස බලනවා. නැවත පසු දිනත් උදේට සිවුර දෙස ආසාවෙන් බලනවා විනා සිවුර පොරවා ගත්තේ නැහැ. මෙම සිවුර පොරවා ගතහොත් සිවුර කිළිටි වෙයි. එනිසා පසුව දවසක පොරවා ගන්නවා යැයි සිතමින් සිවුරට ආදරෙන් සිවුර පසෙකින් තියලා තිබ්බා. මේ ආකාරයට ටික කලක් ගත වන විට තිස්ස හාමුදුරුවන් හදිසියේ අසනීප වෙලා අපවත් වුණා. උන්වහන්සේ අසනීප වූ අවස්ථාවෙත් උන්වහන්සේට වැඩිපුරම මතකයට පැමිණුනේ උන්වහන්සේ ඉතාම ආදරයෙන් ආරක්ෂා කරනු ලැබු කඨින චීවරයයි. වස් සමාදන් වීමේදි පන්සලේ දායකයන් පූජාකරනු ලැබු කඨින චීවරයට ආසාවෙන් අපවත් වූණ නිසා එම සිවුරු රෙද්දෙහි කාවෙක් වෙලා උප්පත්තිය ලැබුවා. මේ ආකාරයට කාවෙක් ලෙස උප්පත්තිය ලබපු මෙම ස්වාමීන් වහන්සේ දින හතක් ඒ ආකාරයට සිවුරේ වාසය කරනු ලැබුවා. ඉන්පසුව එම සතා මිය පරලොව ගියාට පසුව තුසිත දෙව්ලොව උප්පත්තිය ලැබුවා. මෙම සිදුවීම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ කළ ධර්ම දේශනාව වුණේ මිනිසාගේ මනස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවයි. වස්කාලය තුළ පන්සලේ හතර පේරුවේ දායක කාරකාදීන් භික්ෂූන් වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරනවා. භික්ෂූන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කරන විට එම සිවුපසය ලබන භික්ෂූන් වහන්සේලාගේ හිත අල්පේච්ඡතාව අරමුණු කොටගෙන අධ්‍යාත්මික පැත්ත දියුණු කරන්නත් පුළුවන් වගේම බහුඉච්චතාවය පාදක කරගෙන කාමසුකල්ලිකානුයෝගී පැත්ත දියුණු කරන්නත් පුළුවන්. ලැබෙන සිවුපසයම තමන්ගේ මනස අනුව ඒ ඒ පැත්තට සිත යොමු කරන්න පුළුවන්. තිස්ස හාමුදුරුවන්ට එක්තරා ආකාරයක ශෝකි තත්ත්වයක් උදාවුණේ. වස් සමාදන්වීම හොඳින් නිවැරැදිව ඉටු කරනු ලැබුවත්, ගිහියන්ට අවශ්‍ය උපදෙස් කරුණු කාරණා හොඳින් නිවැරැදිව ලබා දුන්නත්, තමාගේ අධ්‍යාත්මික පක්ෂයේ දියුණුව කරා ළඟාවීමට නොහැකි වුනා. ඒ වගේම එම සිවුපසයෙන් ලබපු ආසාව තෘප්තිය නිසාම එම සිවුරෙහි කාවෙක් ලෙස උප්පත්තිය සකස්කර ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මලකඩ හටගනු ලබන්නේ යකඩයක් තුළ බවයි. යකඩයක් නැතිව මළකඩ හටගන්නේ නැහැ. මලකඩ හටගනු ලබන්නේ යකඩයෙන් යකඩය නිසයි මළකඩ හටගනු ලබන්නේ යකඩය නිසා යකඩයේම හැදෙන මළකඩ විසින් පළමුවෙන්ම විනාශ කරනු ලබන්නේ එම යකඩයමයි. මේ ආකාරයට මිනිසාගේ මනස යහපත් පැත්තට නැඹුරු කළාට පසුව යහපත් ප්‍රතිඵලත් අයහපත් පැත්තට යොමු කළ විට අයහපත් ප්‍රතිඵලත් ලබාගන්නට පුළුවන්ය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරමින් දේශනා කළා.

☸️☸️ දෙමව්පියන්ට ණය ගෙවන්නේ කෙසේද? ☸️☸️☸️☸️ උපුටා ගන්නා ලද්දකි 🙏🙏🙏 ☸️☸️මහණෙනි,ලෝකයේ දෙන්නෙකුට කළගුණ සළකලා නිම කරන්න බැහැ...
03/07/2024

☸️☸️ දෙමව්පියන්ට ණය ගෙවන්නේ කෙසේද? ☸️☸️

☸️☸️ උපුටා ගන්නා ලද්දකි 🙏🙏🙏 ☸️☸️

මහණෙනි,ලෝකයේ දෙන්නෙකුට කළගුණ සළකලා නිම කරන්න බැහැ .

ඒ කව්රුන්ද ;

මවටත් පියාටත්ය ,

අවුරුදු 100 ක් ජිවත්වෙන යම්කිසි පුත්‍රයෙක් තමන්ගෙ දෙමව්පියන්ට කළගුණ සැලකීම කියන ඒ උපස්ථානය කරන්න බලාපොරොත්තුවෙන් මාපිය දෙදෙනා - ඒ ඉතාමත්ම ජරාජීර්ණ වූ මාපිය දෙදෙනා- දෙවුරේ හිඳුවාගෙන ඒ අයගේ මළ මුත්‍ර ශුද්ධ කරමින් අවුරුදු සියයක් සියලුම වතාවත් කරමින් නෑම් ඇඟ ඉලීම් ආදි ඒ උපස්ථාන කරමින් අවුරුදු සියයක් අරගෙන ගියත් ඒත් බෑ මවුපියන්ට කළ දේට ප්‍රත්‍යුපකාර කරලා නිම කරන්න" ඒ විදියට බුදුපියාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කරනවා.

ඊළඟට ප්‍රකාශ කරනවා "මහණෙනි යම්කිසි පුත්‍රයෙක් තමාගේ මවත් පියාත් මේ සත් රුවනින් පිරුණු මහපොළවේ අධිපතිකමට චක්‍රවර්ති රාජ්‍යයට පත් කළත් එහෙම නැත්නම් මේ මුළු මහත් පොළොවට අධිපති රජකමට පත් කළත් ඒත් බෑ සෑහෙන පමණ මව්පියන්ට ඒ ණය ගෙවන්නට.

මොකද ඒකට හේතුව ?

මවුපියො කියන්නේ දූ දරුවන් ඇති දැඩි කළ ලෝකය දක්වාලන ඒ විදියෙ උතුම් සේවයක් කරපු, උදව්වක් කරපු, කොටසක්. ඊලඟට බුදුපියාණන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.

"නමුත් මහණෙනි, යම් කිසි පුත්‍රයෙක් ශ්‍රද්ධාව නැතිව තමන්ගේ මව්පියන් ශ්‍රද්ධා සම්පත්තිය පිහිටුවනවා නම්, ශීල සම්පත්තිය නැති මවුපියන් ශීල සම්පත්තියෙහි පිහිටුවනවා නම්, ත්‍යාග සම්පත්ති නැති මව්පියන් එහෙමත් නැත්නම් මසුරු මවුපියන් ත්‍යාග සම්පත්තියේ පිහිටුවනවා නම්, ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවනවා නම් අන්න ඒ පුත්‍රයා ඒ මවුපියනට කළගුණ සැලකුව පමණක් නොවේ, සෑහෙන පමණ කළගුණ සැළකුවා පමණක් නොවේ, පමණටත් වඩා කළගුණ සැළකුවා වෙනවා" කියලා ඒ විදිහට බුදුපියාණන් වහන්සේ වදාළා.

ඔබේ පවුලේ බර ඔවුන් මත පටවන්න එපා.
ඔවුන් ගෙදර දොරේ වැඩකරුවන් සේ සලකන්න එපා.
ඔවුන් ඔබව කුඩා කලේ ඇතිදැඩි කලා.
ඔබට කෑම බීම දුන්න.
ඔබ අඬනකොට නැලෙව්වා.
ඔවුන්ට වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුනේ නෑ.
සිතේ සැහැල්ලුවක් තිබුනේ නෑ.
දැන් ඔවුන් වයසට ගියාමත් ඔවුන්ගේ සිතේ සැහැල්ලුව ඔබ උදුරගන්න එපා.
ඔබේ දරුවන්ගේ වැඩ, ගෙදර දොරේ වැඩ, ඉවුම් පිහුම් වැඩ, ආදී මෙකි නොකී වැඩ ඔවුන් පිට පටවන්න එපා. එහෙම කලොත් ණය ගෙවනවා වෙනුවට ඔබ කරන්නේ තව තවත් ණයකාරයෙක් වෙන එකයි.

සසරේ ණයකාරයෙක් නොවී, ණය ගෙවාදමන්නෙකු වන්න.

තෙරුවන් සරණයි ....

☸️ FB මගින් උපුටා ගන්නා ලද්දකි ☸️

☸️☸️☸️ මෙවැනි තවත් දහම් කරුණු කියවීමට හා දැනගැනීමට අපගේ ගෘපය හා එක්වන්න 🙏🙏🙏 ☸️☸️☸️

https://www.facebook.com/groups/780757743307595/?ref=share_group_link&exp=7ffb

☸️ උතුම් ධර්ම දානය පිණිස බෙදා හරින්න 🙏🙏🙏 ☸️

තමන්ගේ අනියම් පෙම වෙච්චි වල්ලි අම්මාව යාළු කරගන්න බැරිව දහ අතේ කල්පනා කර කර උන්නු කතරගම දෙයියන්ට තමන්ගෙ පවුල් ජීවිතේ රැක...
30/12/2023

තමන්ගේ අනියම් පෙම වෙච්චි වල්ලි අම්මාව යාළු කරගන්න බැරිව දහ අතේ කල්පනා කර කර උන්නු කතරගම දෙයියන්ට තමන්ගෙ පවුල් ජීවිතේ රැකගන්න භාර වෙලා,

ඒකට උපක්‍රමයක් දීලා තාමත් හන්දියක් ගානේ හොඬවැලක් එක්ක අසරණවෙලා ඉන්න ගණදෙවියො නුවණට අධිපති කියලා හිතාගෙන ඒක පෙන්වලා දරුවන්ට අකුරු කියවලා,

දරුවො ලැබෙන්න කියලා සෙල්ලකතරගම ගිහින් තොටිල්ල පද්දලා,

ෆෙන්ෂුයි පිළිමයක් ගෙනත් තට්ටෙයි බඩයි අතගෑවාම සල්ලි හම්බෙයි කියලා බලන් ඉඳලා,

සායි බාබා කටින් බිත්තර දාද්දි ඒ මනුස්සයගෙ පින්තුරේ ගෙනත් ගෙදර එල්ලගෙන,

පුල්යාර රූපයේ නලලෙ හිලක් හදලා, කැටේ බඩේ තියලා, පිටේ දොරක් දාලා ඒකට පඬුරු දාලා කිරි වලින් නාවලා,

සිරිධම්ම හිමි බුදු වුණා කිව්වාම සාධු කියලා,

බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ නෑ කිව්වම ඒකටත් සාදු කියලා,

බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවෙ කිව්වම ඒකටත් සාදු කියලා,

බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ශේප කරපු ජෝතීශ්‍ය නැකතට හැම වැඩක්ම පටන් අරන් නහුතෙටම කෙලවගෙන,

බුදුරජාණන් වහන්සේ හැමදේම අත් හැරිය බෝධීන් වහන්සේ ලඟට ගිහින් මේ ලෝකෙ තියෙන හැම සැප සම්පතක්ම ඉල්ලලා,

කොහේ හරි ඉන්න නැකැත් කාරයෙක් අපලයක් තියෙනව කිව්වම යටසායක් හරි ජංගියක් හරි කපල හදපු කොඩි බෝධීන් වහන්සේගේ අතු වල එල්ලලා,

කේන්දරේ කොටු වලට හිර වෙලා තරු අස්සෙ තමන්ගෙ අනාගතේ හොයලා,

කේන්දර කාරයෙක් ගැලපෙන්නෙ නෑ කියල කිව්ව පලියට අවුරුදු ගානක අවංක ආදරය කිසිම හිරිකිතයක් නැතිව අතෑරලා දාලා,

කාලිංඝමාගගෙන් ආපු සිංහල අලුත් අවුරුද්දක් කියල එකකින් හැමෝම එකට වැඩ අල්ලලා, කෑම කාලා,අනිත් උන්ටත් කවලා,

පොඩි හරි නරකක් ජීවිතේට වේගෙන එන කොටම දේවාල අස්සෙ රිංගලා පොල් ගෙඩි ඔලුව වටේ කරකවගෙන,

වස්දොස් යන්න කියලා දකින දකින අලියගෙ බඩ යටින් රිංගලා, 😂

ගංජා වලට මොලේ කරවෙලා කියවන සන්නස්ගලගේ කථා වැඳගෙන අහන් ඉඳලා,

බ්‍රදර් චාල්ස්ගෙන් බණ අහලා,

පබාලව, අනර්කලීලව පාර්ලිමේන්තු යවලා,

තාත්තා අම්මා මැරණාම පෙරේත ගොට්ටෙ අරක්කු කාලක් තියලා,

අම්මගෙ පර්ස් එකෙන් හොරකම් කරපු 99 කාඩ් එකකින් Internet ඇවිල්ලා,

හොරු, මිනීමරුවො කියල දැන දැනත් 74 අවුරුද්දක් උන්ටම චන්දෙ දීලා දැන් නහුතෙටම කෙලවගෙන ඉන්න ගමන් ලංකාවෙ ඉතිහාසයටත් බැනලා,

අපෙන් අහනවා තුන් ලොවක් නිවනෙන් සැනසූ භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සඥාව උපදවලා පූජාවක් කළාම ටූත් පික් තිබ්බෙ ඇයි කියලා 😂 පව්කාරයො

මතක තියාගනින්... බෞද්ධයා විතරයි තමන්ගේ ආගමට බැන බැන දඟලන්නෙ..
ඒ ගැන තර්ක කරන්නෙ.
මේ වගේ පූජාවන් කරන කෙනා දන්නව දන් දෙන එකේ වටිනාකම.
ඒ කෙනා දුප්පත් මිනිස්සුන්ට දන් දෙන්නත් දෙපාරක් හිතන්නෙ නැහැ..
ඔය බනින ගොඩක් මිනිස්සු කිසිම මනුස්සයෙක්ට අබ ඇටේක තරම්වත් දෙයක් දීපු මිනිස්සු නෙවෙයි..
ගොඩක් අයට දුප්පත් අසරණ මිනිස්සු මතක් වෙන්නෙ මේ වගේ පූජාවන් දැක්කමයි, ස්වමීන්වහන්සේලාට ලැබෙන දානය, පිරිකර දැක්කමයි..

අන්තිමට සංයුක්ත නිකායේ ගාමිනී සංයුක්තයේ තියෙන ගාථාව ලියන්නම්.

"බමුණ, මම කල්ප අනූ එකක් ආපස්සට හැරී බලමි. මේ අනූඑක් කල්පය තුල දන්දීම නිසා දුප්පත්ව උපත් ලැබූ කිසිවෙකු මම බුදුඇසින් නොදකිමි"
====================================

30/12/2023

තෝර මාළු කෑල්ලක් කන්නයි ,V8 එකක යන්නයි මහණ වෙන්න ඕනි කියල සමහර නිරා රැඩිකල් උන් හුල්ලනවා අදම එන්න මම මහන කරන්නම්.මහන වෙලා මහන උනාම සැප විදින්න පුලුවන් කියල හිතෙනව නම් හූල්ල හුල්ල ඉන්න එපා...අදම මහන වෙන්න.
ඉතින් එතනම තියනවා එයාලට ඕව නොලැබෙන කතන්දරේ ..

ඒ කොහොමද ?

දැන් ඔය තෝර මාළු හෝ වාහන හාමුරුවො තමන්ගේ සල්ලි වලින් ගන්නේ නෑනේ .. කවුරු හරි පුජා කරන්න එපැයි .. එහෙම පුජා කරන්නත් ඒ මනුස්සයට ඊට වඩා භව බෝග සම්පත් තියෙන්නේ ඕනිනේ ..
ඉතින් ඒ මනුස්සයට එහෙම පුජා කරන්න පුරුද්ද තියෙනව කියන්නේ ගිය ආත්ම වලත් දන් දීල කියන එකනෙ .. ඒ පුණ්‍ය විපාකයෙන් තමයි ලැබිල තියෙන්නේ

මේ ආත්ම වලත් අග්‍ර දක්ඛිණෙය්‍ය සංඝරත්නයට දානේ දෙනවා කියන්නේ ඒ අයට සසරේ ආයේත් භව බෝග සම්පත් ලැබෙනවා කියන එක ..

අනිත් අතට හුල්ලන අයට මේ ජිවිතේ භව බෝග ලැබිලත් නෑ .. ඇයි සසරේ දී දාන වලට හූල්ලලා රැස් කරගත්ත පුරුද්දට ..

මේ ජිවිතේ හුල්ලන හින්දා ආයේ ලැබෙන්නෙත් නෑ ..

දුකෙන් දුකටම යනවා ..

තව ඉන්නවා තමන්ට ලැබිල තියෙද්දිත් භික්ෂුන් වහන්සේලා ට දන් දෙන එකට හුල්ලන එක .. ඒ මිනිස්සු ඉස්සර පින් කරලා .. ඒත් දන්නේ නෑ තමන්ට භව බෝග ලැබුනේ තමන්ම ඉස්සර දුකසේ හෝ දන් දීපු නිසා කියල ..
මේ ආත්මේ රැඩිකල් නිරාලගේ තෙල කාල තියන පිනත් නැති කරගෙන හුල්ලලා ශාප කරලා පවුත් රැස් කරගන්නවා ..

බුදු සසුනක් ලැබිල පිනට ගරහන කෙනෙක් වීම මොන තරම් අවාසනාවක් ද ?

අනික තමයි තෝර මාළු කන්න මහණ වෙන්න ඕනි කිව්වට හැමෝටම එහෙම මහණ වෙන්න ලැබෙන්නේ නෑ . ඒකට සසරේ ඉතා බලවත් පිනක් තියෙන්නේ ඕනේ ..

එතකොට හාමුදුරුවෝ ඒක අරගෙන දේශපාලනයට කඩේ යනවනම් ?
එහෙම වෙන්නේ ඉතාම සුළු පිරිසයි .. බහුතරයක් ස්වාමින් වහන්සේලා ඉතා කරුණාවෙන් මිනිස්සුන්ට ධර්මය කියා දෙනවා .. ප්‍රජා සේවය කරනවා ..

වැරදියට පාවිච්චි කරන අය ඒ ඒ කර්ම අරන් යයි ..

ඒක දෙන දේශපාලකයා හෝ පුද්ගලයා දෙන්නේ වැරදි අරමුණකින් නම් ඒකත් එයාල අරන් යයි ..

නමුත් 99% සමස්ත සංඝරත්නය හෝ දායකයන් කරන්නේ හරි චේතනාවෙන් . වාහනයක හෝ භික්ෂුන් වහන්සේලා ගමන් පහසුව සලසා ගෙන යම් සේවයක් කරනවා ඒ හොඳ දකින්න පුරුදු වෙන්න .. මේ කාලේ කවුරුත් පයින් යන්නේ නෑනේ .. . ඒක නිසා පිනට , ලැබීමට ගරහන කෙනෙක් වෙන්න එපා .. අනුන් දෙන දානයටත් සතුටු වෙන්න පුළුවන් හිතක් ඇති කරගන්න

****

“යත්ථ ච දින්න මහප්ඵල මාහුචතුසු සුචීසූ පුරිස යුගේසූඅට්ටච පුග්ගල ධම්මදසාසේසංඝමිමං සරණත්ථුමුපේමි”

“යම් කෙනෙකුට පිදීමෙන් මහත් ප්‍රතිඵල ලැබේද, ඒ පාරිශුද්ධ වූ මාර්ග ඵල ලාභී උත්තමයන් වහන්සේලා යුගල වශයෙන් වූ හතර දෙනාටයි. උන්වහන්සේලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙකු වේ. ඒ සංඝයා වහන්සේලා සාදරයෙන් සරණ යමි.”

******

මානුසිකා ච සම්පත්ති – දේවලෝකේ ච යා රති,
යා ච නිබ්බානසම්පත්ති – සබ්බමේතේන ලබ්භති

“මිනිස් ලොව යම් සම්පත්තියක් වේ ද, දෙව්ලොව යම් සම්පත්තියක් වේ ද, යම් උතුම් නිර්වාණ සම්පත්තියක් වේ ද, ඒ සියල්ල ම පින විසින් ම ලබාදෙයි”.
(නිධිකණ්ඩ සූත්‍රය – ඛු.නි. 1)

******
පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

“යම් පුද්ගලයෙක් පිනක් කරයි නම් ඒ පින නැවත නැවතත් කරන්න. පින් කිරීම ගැන කැමැත්තක් උපදවා ගන්න. ඒ මක් නිසා ද යත්, පින යනු සැපයට ම කියන නමකි”
(ධම්ම පදය – පාප වර්ගය)

Address

Ahangama
80650

Telephone

+94713440083

Website

Alerts

Be the first to know and let us send you an email when සබ්බං පහාය ගමනීයං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සබ්බං පහාය ගමනීයං:

Share