Mahamevnawa Daegu 마하매우나워 선원 대구

Mahamevnawa Daegu 마하매우나워 선원 대구 නමෝ බුද්ධාය !

ගෞතම සම්බුදු සසුනෙ තෘතීය ශ්‍රාවක වු, ධුත ගුණයෙන් අග්‍ර වු අපගෙ මහා කාශ්‍යප මහරහතන් වහන්සෙ උදෙසා සිදුකරන ලද අසිරිමත් වන්ද...
13/08/2026

ගෞතම සම්බුදු සසුනෙ තෘතීය ශ්‍රාවක වු, ධුත ගුණයෙන් අග්‍ර වු අපගෙ මහා කාශ්‍යප මහරහතන් වහන්සෙ උදෙසා සිදුකරන ලද අසිරිමත් වන්දනාව 2026.08.09 වන දින පවත්වන ලදී.

මෙම වන්දනාව සඳහා දායකත්වය දරණු ලැබුවේ තේගු නොංගොං ප්‍රදේශයේ වාසය කරන සුපුන් මහත්මා විසිනි.

රැස් වු සියලු පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වේවා..!

12/08/2026

මියැදෙනා හදකට පනනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු.
අගෝස්තු 16 වන ඉරු දින උදෑසන 10.00 සිට සවස 04.00 දක්වා තේගු පර්වොල්තං ලේ බැංකුවේදී.
ලිපිනය - 대구 중구 중앙대로 390 센트럴엠 빌딩 201호
නෙවි - 053 252 2315

විමසීම් - 010-4996-7887
010 2157 8870
010-3264-7755

09/08/2026
🔴 රන්කොත් වෙහෙර අනුරූ මල් සෑ වන්දනාවඅපගෙ මව්බිමේ තිබෙන පූජනීය මහානුභාව සම්පන්න සෑ රජාණන් වහන්සේනමක් වන රන්කොත් වෙහෙර සෑ ...
04/08/2026

🔴 රන්කොත් වෙහෙර අනුරූ මල් සෑ වන්දනාව

අපගෙ මව්බිමේ තිබෙන පූජනීය මහානුභාව සම්පන්න සෑ රජාණන් වහන්සේනමක් වන රන්කොත් වෙහෙර සෑ රජානන් වහන්සෙ සිහිපත් කරගනිමින් නිර්මාණය කරන ලද රන්කොත් වෙහෙර අනු රූ මල් සෑ වන්දනාව 2026.08.01 වන දින තේගු මහමෙව්නා භාවනා අසපුවේදී පවත්වන ලදී.

මෙම වන්දනාව සඳහා දායකත්වය තේගු ඔක්පො ප්‍රදේශයේ වාසය කරන පින්වත් කංචන මහතා විසින් දරන ලදි.

රැස් වු සියළු පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වේවා..!

තේගු නොංගොං ප්‍රදේශයේ වාසය කරන චතුර මහතාගෙ සහ මල්ෂා මහත්මියගෙ මූලීකත්වයෙන් ආර්‍යය මහසංඝරත්නය උදේසා පවත්වන ලද සංඝගත දක්ෂි...
04/08/2026

තේගු නොංගොං ප්‍රදේශයේ වාසය කරන චතුර මහතාගෙ සහ මල්ෂා මහත්මියගෙ මූලීකත්වයෙන් ආර්‍යය මහසංඝරත්නය උදේසා පවත්වන ලද සංඝගත දක්ෂිණාව 2026.08.02 වන දින ඔවුන්ගෙ නිවසේදී සිදු කරන ලදී.
නව නිවසකට පදිංචිය සඳහා පැමිණීමත්, මල්ෂා මහත්මියගෙ කුසෙ සිටින දරුවාට සෙත් පැතීම උදෙසාත්, චතුර මහත්මාගෙ උපන්දිනය වෙනුවෙනුත් මෙම දානමය පින්කම සිදු කරන ලදී.
එම දෙපලගෙ යහළු හිත මිතුරන්ගෙ සහභාගිත්වයෙන් මෙම පින්කම සිදු කරල ලද අතර අන්සාන්, තේගු, කිමෙ මහමෙව්නා භාවනා අසපුවල වැඩ වාසය කරන ලද පින්වත් ස්වාමීන් වහන්සේලා මෙම පින්කමට වැඩම කරන ලදී.

රැස් වු සියළු පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වේවා..!

නෙල්ක මහතා සහ එම මහත්මිය විසින් තේගු මහමෙව්නා භාවනා අසපුවේ 2026.08.03 දින උදෑසන දානය සදහා දායකත්වය දරන ලදී. රැස් වූ සියල...
03/08/2026

නෙල්ක මහතා සහ එම මහත්මිය විසින් තේගු මහමෙව්නා භාවනා අසපුවේ 2026.08.03 දින උදෑසන දානය සදහා දායකත්වය දරන ලදී.

රැස් වූ සියලුම පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වේවා!...🙏🙏🙏

රසංග මහතා සහ නිෂූ මහත්මිය විසින් 2026.08.02 දින තේගු මහමෙව්නා භාවනා අසපුවේදී  බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය උදෙසා පවත්වන ලද උදෑ...
03/08/2026

රසංග මහතා සහ නිෂූ මහත්මිය විසින් 2026.08.02 දින තේගු මහමෙව්නා භාවනා අසපුවේදී බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය උදෙසා පවත්වන ලද උදෑසන සංඝගත දක්ෂිණාව සදහා දායකත්වය දරන ලදී.

රැස් වූ සියලුම පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වේවා!...🙏🙏🙏

නිර්මල මහතා සහ මනුජය මහතා විසින් තේගු මහමෙව්නා භාවනා අසපුවේ 2026.07.26 දින උදෑසන ක්ෂීර පායාස දානය සහ උදෑසන දානය සදහා දාය...
03/08/2026

නිර්මල මහතා සහ මනුජය මහතා විසින් තේගු මහමෙව්නා භාවනා අසපුවේ 2026.07.26 දින උදෑසන ක්ෂීර පායාස දානය සහ උදෑසන දානය සදහා දායකත්වය දරන ලදී.

රැස් වූ සියලුම පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වේවා!...🙏🙏🙏

නමෝ බුද්ධාය...!☸️"අයං වස්සාන කාලෝ" මේ වස්සාන කාලයයි.... ඇසළ පුන් පොහොයත් සමගින් ආරම්භ වන වස්සාන කාලය මූලික කරගෙන තේගු මහ...
31/07/2026

නමෝ බුද්ධාය...!☸️

"අයං වස්සාන කාලෝ" මේ වස්සාන කාලයයි....

ඇසළ පුන් පොහොයත් සමගින් ආරම්භ වන වස්සාන කාලය මූලික කරගෙන තේගු මහමෙව්නාව භාවනා අසපූවේ පින්වත් ස්වාමින් වහන්සේලා සඳහා වස් ආරාධනා කිරීමේ පින්කම ජූලි මස 26වන ඉරුදින සවස් කාලයේ බෝහෝ සැදෑහැවත් උපාසක උපාසිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.

උතුම් සම්බුද්ධ වන්දනාවන් සිදු කිරීමෙන්ද,ධර්මශ්‍රවණයෙන්ද,සංඝයා විෂයෙහි වස් ආරාධනාවන් සිදු කිරීමෙන්ද, රැස්කළ උදාර වූ පින සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා!
සාදු! සාදු !! සාදු !!!

උතුම් බුද්ධ උපස්ථානයන්,
සංඝෝපස්ථානයන් සිදුකරමින්,රැස් කල උදාර වූ පුණ්‍ය ධර්මයන්,
අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්,සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනුමෝදන් වෙත්වා!
මෙම උදාර වූ පින්කම
නන් අයුරින් උදව් උපකාර කළ, වෙහෙස මහන්සි වූ සියලු පින්වතුන්ටත්,පින්කමට සහභාගී වූ සියලු පින්වතුන්ටත්,
පවුල් වල සැමටත් අනුමෝදන් වෙත්වා!
මෙම පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වන ඔබ සැමටත් මෙම උතුම් පින්කමෙන් රැස් වූ සියලු පින් අනුමෝදන් වෙත්වා!
මේ සියලු පුණ්‍යානුභාවයෙන් සැමගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා! පරලොව සුගති සැප සැලසේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ සියලු පින් හේතු වේවා!!!

තෙරුවන් සරණයි!

Address

대구 달성군 논공읍 용호로1길 5-7 3층
Daegu
42986

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Daegu 마하매우나워 선원 대구 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Daegu 마하매우나워 선원 대구:

Shortcuts

Share