Mahamevnawa South Korea 마하매우나워선원

Mahamevnawa South Korea  마하매우나워선원 නමෝ බුද්ධාය!

මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය

ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුවීමත් සමඟ මහමෙව්නාව භාවනා අසපුව නම් වූ පුණ්‍ය භූමිය දෙව් මිනිස් ලෝකයට බිහිවුණා. ඉන්පසු ගත වූ මෙම දහසය වසරක් වූ කෙටි කාලය තුළදී ‘මහමෙව්නාව’ ලක්දිව ද දේශ දේශාන්තරයේ ද කීර්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්වුණා.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වන පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ තිස් වසරක් වූ පැවිදි ජීවිතයේ දී ලද අත්දැකීම් මුල් කරගෙන, දියත් කළ ධර්ම දූත සේවාව සුළු කලකින් ම දිවයින පුරා පැතිර ගියා. සරල සිංහල බසින් බුද්ධ දේශනා විස්තර කර දීම නිසා, සෑම වයස් කාණ්ඩයකම පසුවන සැදැහැවතුන් උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට පැමිණෙන්නට පටන් ගත්තා. මනස දියුණු කරගැනීම පිණිස හිත නැවෙන ආකාරයට භාවනාව ඉදිරිපත් කිරීමේ දී උන්වහන්සේ දැක් වූ දක්ෂතාවය, භාවනා පංති සොය සොයා ගිය පිරිසකට විශාල අස්වැසිල්ලක් වුණා. බුදුරජුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වන සේ ඉතා නිර්මාණශීලී ලෙස ධර්මය ඉදිරිපත් කිරීම නිසා මිහිරි ධර්මයේ රසය මිනිස් හදවත් තුළට දැනෙන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම, ත‍්‍රිපිටක ධර්මය ඇසුරු කරගනිමින් නිර්මල බුද්ධ වචනය ඒ අයුරින්ම ලබාදීමට කටයුතු කිරීම මහමෙව්නාවේ සුවිශේෂීම ලක්ෂණයයි. ඒ අනුව රට පුරා භාවනා කරන, ධර්මය ශ‍්‍රවණය කරන තරුණ පිරිසක් බිහිවුණා. ධර්මයට ලැදි, සිල් රකින දරු පිරිසක් බිහිවුණා. මේ දෙපිරිසම සමඟින්, ගෞතම බුදු සමිඳුන් විසින් මේ ලෝකයට හඬ ගා කියන ලද, එම ඒකායන ඉලක්කය නම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය වෙනුවෙන් ධර්මයේ හැසිරෙන වැඩිහිටි පිරිසක් ද බිහිවුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට, 600 කට අධික තරුණ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පිරිසක් ද, හැත්තෑ පහකට අධික තරුණ සිල් මෑණිවරු පිරිසක් ද, ලක්ෂ සංඛ්‍යාත ගිහි ශ‍්‍රාවක පිරිසක් ද, දේශීය සහ විදේශීය ශාඛා මධ්‍යස්ථාන 75 කට අධික ප්‍රමිණයක් ද දාහත් වසරක් වැනි මෙම කෙටි කාලය තුළ දී බිහිවුණා.

දේශීය අසපු ශාඛා ව්‍යාප්තිය

පොල්ගහවෙල, මාතර-අපරැක්ක, කඩුවෙල, මාලබේ, කුණ්ඩසාලය, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, බණ්ඩාරවෙල, මොණරාගල, කතරගම, ඉබ්බාගමුව, මඩවල උල්පත, රත්තොට, සිරිපාගම, එරත්න, බලංගොඩ, සූරියවැව, වළස්මුල්ල, පොල්පිතිගම, ගල්නෑව, ආණමඩුව, හොරණ, පොතුහැර, සේරුපිට, හුණුමුල්ල, සඳලංකාව, නිට්ටඹුව, මහව, ගාල්ල, බුත්තල, වැලිමඩ, බුලත්සිංහල, කන්තලේ, කොච්චිකඩේ, කැබිතිගොල්ලෑව, පින්නවල, බෝවත්ත, බිබිල, සහ අම්පාර යන ප්‍රදේශ වල ද දේශීය අසපු ශාඛා ස්ථාපිත වී තිබෙනවා.

එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, ඩුබායි, ඉතාලිය, ජර්මනිය යන විදේශ රටවල් තුළ ද මහමෙව්නාව භාවනා අසපු බිහි වුනා.

කොරියානු දේශයේ සේවයේ නියුතු පුතුන්ගේ ඉල්ලීම මත දකුණු කොරියාවේ අන්සාන් නුවර ද මහමෙව්නාව භාවනා අසපුවක් බිහිවුණා. අසපුව බිහිවීමට පෙර සිට ම රටේ විවිධ ප්‍රදේශ වල දහම් වැඩසටහන්, විවිධ වන්දනා පවත්වමින් නොයෙකුත් ගැටළු වලින් පීඩාවට පත්වී සිටින තරුණයින්ට එ්වායින් මිදී ජීවිතයට ධර්මය සම්බන්ද කර ගන්නා ආකාරය කියාදෙනවා.

බොහෝ බෞද්ධ රටවල්වල සහභාගීත්වයෙන් ඉන්දියාවේ බුද්ධගයා පුණ්‍ය භූමියේදී පැවැත් වූ ත‍්‍රිපිටක සජ්ඣායනාවට 2006, 2007, 2008 යන වසරවල ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ මහමෙව්නාව භාවනා අසපුවයි.

මහමෙව්නාව අසපු මූලස්ථානය පොල්ගහවෙල පිහිටා ඇති අතර, එය ශ‍්‍රී සම්බුද්ධ රාජ මාළිගාව නම් වු අසදෘශ විහාර මන්දිරයකින්ද, සිරි ගෞතම බෝධි මණ්ඩපයකින් හා සුන්දර සිරි ගෞතම දම්සක් මහා සෑයෙන් සුන්දර වී තියෙනවා.

මීට අමතරව දඹදෙනිය, වරකාපොළ, මාවතගම, අනුරාධපුරය, උඩුපිල, කඩුගන්නාව, කුලියාපිටිය යන ස්ථානයන්හි මහමෙව්නාව අනගාරිකා අසපු බිහිවී තියෙනවා.

ඒ අනුව රට පුරා බොහෝ පළාත් ආවරණය පරිදි විහිදී ඇති මහමෙව්නාව භාවනා අසපු නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සැලසී තිබෙන්නේ ඉමහත් වාසනාවක්. මේ වන විට මෙම බොහෝ අසපු ශාඛාවන් තුළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා, සුන්දර චෛත්‍ය රාජයාණන් වහන්සේලා, බෝධීන් වහන්සේලා වැඩසිටිනවා.

ගිහි උපාසක පින්වතුන් සඳහා නේවාසිකව බණ භාවනා ප්‍රගුණ කරගැනීමට පහසුවක් සලසමින් ගිහි සති භාවනා මධ්‍යස්ථානද පිහිටා තියෙනවා. උපාසක පින්වතුන් සඳහා තඹකන්ද, භාවනා කන්ද සති භාවනා මධ්‍යස්ථානයද, උපාසිකාවන් සඳහා මුතුගල අනගාරිකා අසපුව ඒ සඳහා වෙන්වී තිබෙනවා.

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යටතේ පැවිදි වූ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ද දිවයින පුරා විසිරී පවතින මහමෙව්නාව භාවනා අසපු මධ්‍යස්ථාන වල භාවනා වැඩසටහන් සිදුකරනු ලබනවා. එමෙන්ම රට පුරා බොහෝ විහාරස්ථාන වලද වැඩසටහන් සිදුවෙනවා. මේ සියලු වැඩසටහන් වලට ඉතා විශාල සැදැහැවතුන් පිරිසක් ධර්මශ‍්‍රවණය පිණිස ඒකරාශී වෙනවා. පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත් වන, භාවනා වැඩසටහන් වලට ඇතැම් දිනවල, 15000 කට අධික පිරිසක් ද සහභාගී වන අවස්ථා තිබෙනවා.

30/08/2026

නමෝ බුද්ධාය !!

ලේ දන්දීමේ පින්කම අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවේදී අද දින 9.00 සිට 4.00 දක්වා පැවැත්වේ..

29/08/2026

අසිරිමත් සත්බුදු වන්දනාව

29/08/2026

අසිරිමත් සම්බුද්ධ වන්දනාව

නමෝ බුද්ධාය...!!!🙏🌸🙏🌸අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සෑම සෙනසුරාදා දිනකම රාත්...
25/08/2026

නමෝ බුද්ධාය...!!!🙏🌸🙏🌸
අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.00 සිට පවත්වන්නට යෙදෙන අසිරිමත් සම්බුද්ධ වන්දනාව

මෙවර වන්දනාව සඳහා බැතිබර දායකත්වය දරන්නේ පින්වත් ගයාන් ඉශංක මහතා විසිනි

සෑම සෙනසුරාදා දිනකම පවත්වන සම්බුද්ධ වන්දනාව සඳහා දායකත්වය දැරීමේ අවස්ථාව ඇත.

විමසීම්
අසපුව-01039396378
ගිහාන්-01030656632

නමෝ බුද්ධාය..!!අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවේ  2026.08.22වෙනි දින පවත්වන්ට යෙදුනු  අසිරිමත් සර්වඥ ධාතු වන්දනාවේ  සැදැහැත...
24/08/2026

නමෝ බුද්ධාය..!!
අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවේ 2026.08.22වෙනි දින පවත්වන්ට යෙදුනු අසිරිමත් සර්වඥ ධාතු වන්දනාවේ සැදැහැති දායකත්වය දරන ලද්දේ ළහිරු චතුරංග සහ නිසංසලා යන දෙපළ විසිනි.

අසිරිමත් වන්දනාවෙන් රැස්වූ සියලු පින්, සියලුම බ්‍රහ්ම රාජයින්ටත්, සක් දෙවිඳුන්ටත්, විරුපාක්ෂ දෙව් මහරජ ඇතුලු සතරවරම් දෙවිවරුන්ටත්, ආලවක දෙවියන්ට, සුමන සමන් දෙවියන්ට, දකුණු කොරියාවට අධිගෘහිත පින් අනුමෝදන් වන සියළු දෙවිවරුන්ටත්, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ටත්, දකුණු කොරි⁣යාවට අධිගෘහිත නාග දේවතාවන්ටත් අනුමෝදන් වෙත්වා!

අපගේ ගුරුදේවෝත්තම කළ්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, දකුණු කොරියාවේ මහමෙව්නාව භාවනා අසපුවල වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ පින්වත් මහ සඟරුවනටත්, අනගාරිකා මෑණිවරුන්ටත්, ලෝ වාසි සියලු මහ සඟරුවනටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!

මේ පින්කමේ කටයුතු සදහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාටත්, ශ්‍රාවකදරුවෝ සියළු දෙනාටත්, උපකාර කරන කොරියානු ජාතිකයන් සියළු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා!

සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා..!

තෙරුවන් සරණයි..!




🅰️🅱️🆎🅾️💉🩸පිනක මහිමය හඳුනන්නෝ සුහද සිතින් පැමිණෙත්වා ! අන්සාන් මහමෙව්නා භාවනා අසපුවේ ලේ දන්දීමේ මහා පිංකම.2026 / 08  / 30...
24/08/2026

🅰️🅱️🆎🅾️💉🩸
පිනක මහිමය හඳුනන්නෝ සුහද සිතින් පැමිණෙත්වා !
අන්සාන් මහමෙව්නා භාවනා අසපුවේ ලේ දන්දීමේ මහා පිංකම.
2026 / 08 / 30 ඉරු දින උදෑසන 9:00 සිට සවස 4:00 දක්වා පැවැත්වේ.

"මියැදෙනා හදකට පණනලක් වන්නට…"ලේ බිඳක් දන් දී, මියැදෙනා ජීවිත රැක ගනිමු..
පින්වත් ඔබත් ලේ දන් දීමට මූලික සුදුසුකම් සපුරා ඇති අයෙකු නම් ඒ සදහා පින් සිතුවිලි පහල වේවා…!

ඔබගෙන් ලබාගන්නා ලේ බිඳෙන් වටිනා ජීවිත සුවපත් කරන මහගු පින්කමට සහභාගී වීමට පින්වත් ඔබ සියලු දෙනාට මෙත් සිතින් ආරාධනා.
තෙරුවන් සරණයි…!
경기 안산시 단원구 신길로8 (신길동 1612) 한중빌딩 801호
마하매우나워 선원

22/08/2026

සෑම සෙනසුරාදා දිනකම පවත්වන උතුම් සම්බුද්ධ වන්දනාව 🪷🪷🪷 පිණැත්තෝ සතුටින් අනුමෝදන් වේවා!! 🙏🙏🙏

නමෝ බුද්ධාය...!!!🙏🌸🙏🌸අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සෑම සෙනසුරාදා දිනකම රාත්...
19/08/2026

නමෝ බුද්ධාය...!!!🙏🌸🙏🌸
අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.00 සිට පවත්වන්නට යෙදෙන අසිරිමත් සම්බුද්ධ වන්දනාව

මෙවර වන්දනාව සඳහා බැතිබර දායකත්වය දරන්නේ පින්වත් ලහිරු මහතා සහ නිසංසලා යන අය විසිනි

සෑම සෙනසුරාදා දිනකම පවත්වන සම්බුද්ධ වන්දනාව සඳහා දායකත්වය දැරීමේ අවස්ථාව ඇත.

විමසීම්
අසපුව-01039396378
ගිහාන්-01030656632

නමෝ බුද්ධාය..!!අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවේ  2026.08.15වෙනි දින පවත්වන්ට යෙදුනු  අසිරිමත් සර්වඥ ධාතු වන්දනාවේ  සැදැහැත...
16/08/2026

නමෝ බුද්ධාය..!!
අන්සාන් මහමෙව්නාව භාවනා අසපුවේ 2026.08.15වෙනි දින පවත්වන්ට යෙදුනු අසිරිමත් සර්වඥ ධාතු වන්දනාවේ සැදැහැති දායකත්වය දරන ලද්දේ සුජිත් මහතා විසින්.

අසිරිමත් වන්දනාවෙන් රැස්වු සියලු පින්, සියලුම බ්‍රහ්ම රාජයින්ටත්, සක් දෙවිඳුන්ටත්, විරුපාක්ෂ දෙව් මහරජ ඇතුලු සතරවරම් දෙවිවරුන්ටත්, ආලවක දෙවියන්ට, සුමන සමන් දෙවියන්ට, දකුණු කොරියාවට අධිගෘහිත පින් අනුමෝදන් වන සියළු දෙවිවරුන්ටත්, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ටත්, දකුණු කොරි⁣යාවට අධිගෘහිත නාග දේවතාවන්ටත් අනුමෝදන් වෙත්වා!

අපගේ ගුරුදේවෝත්තම කළ්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, දකුණු කොරියාවේ මහමෙව්නාව භාවනා අසපුවල වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ පින්වත් මහ සඟරුවනටත්, අනගාරිකා මෑණිවරුන්ටත්, ලෝ වාසි සියලු මහ සඟරුවනටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!

මේ පින්කමේ කටයුතු සදහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාටත්, ශ්‍රාවකදරුවෝ සියළු දෙනාටත්, උපකාර කරන කොරියානු ජාතිකයන් සියළු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා!

සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා..!

තෙරුවන් සරණයි..!




Address

8, Singil-ro, Danwon-gu, Ansan-si, Gyeonggi-do
Ansan
15402

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa South Korea 마하매우나워선원 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share