Kyushu Lanka Maha Viharaya

Kyushu Lanka Maha Viharaya මව්බිමෙන් පිට තොකියොවෙන් දුර ක්‍යූෂූ අපේ පංසල "ක්‍යූෂූ ලංකා මහා විහාරය."

මේ උදාවී තිබෙන්නේ...දෙව් බඹ  සුර නරන් තුටින් පින් පුරන පින්බර වස්සාන සමයයි....මෙත් සිතින් ඔබ සැමට ආරාධනා!!!
01/09/2026

මේ උදාවී තිබෙන්නේ...
දෙව් බඹ සුර නරන් තුටින් පින් පුරන පින්බර වස්සාන සමයයි....
මෙත් සිතින් ඔබ සැමට ආරාධනා!!!

30/08/2026

"අයං වස්සාන කාලෝ"

💐ආශිර්වාද ගිලන්පස සම්බුද්ධ පූජා පින්කම.
💐 අධිෂ්ඨාන බෝධි වන්දනාව..

🌸සැදැහැති දායකත්වය

ධනුක විජයගුණවර්ධන මහත්මා ඇතුළු පවුලේ සැම.

🌸ආශිර්වාද ප්‍රාර්ථනා
නිලූකා පෙරේරා මහත්මියට,
රමණි අල්විස් මෑණියන්ට,
නන්දසිරි පෙරේරා පියතුමන්ට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා!

පවුලේ සැමට ආශිර්වාද වේවා!

කෝසල නානායක්කාර මහත්මා ඇතුළු පවුලේ සැමට,
💐විහාරස්ථ සියලු දායක පින්වතුන්ටත්,
ලෝ වැසි රට වැසි සැමටත් ආශිර්වාද වේවා!

වසංගත රෝග උවදුරු,
ස්වභාවික ව්‍යසන නොම වේවා!

සියලු සත්ත්වයෝ කායික මානසික සුවයෙන් වැඩේවා!
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!

28/08/2026
අවිවේකී  ජීවිතයට  අධ්‍යාත්මික සැනසුම පිණිසක්‍යුෂූ ලංකා පුද බිමෙන් ඔබට පිදෙන පින්බර වස්සානයේ සඳහම් අමා වැස්ස...මෙත් සිතින...
26/08/2026

අවිවේකී ජීවිතයට අධ්‍යාත්මික සැනසුම පිණිස
ක්‍යුෂූ ලංකා පුද බිමෙන් ඔබට පිදෙන
පින්බර වස්සානයේ සඳහම් අමා වැස්ස...
මෙත් සිතින් ඔබ සැමට ආරාධනා!
#2026年


Kyushu Lanka Maha Wihara Daham Pasala

"අයං වස්සාන කාලෝ"ආශිර්වාද වේවා!💐 ආශිර්වාද ගිලන්පස සම්බුද්ධ පූජාව...අධිෂ්ඨාන බෝධි පූජා පිංකම...ආනුභාව සම්පන්න සෙත් පිරිත්...
24/08/2026

"අයං වස්සාන කාලෝ"

ආශිර්වාද වේවා!

💐 ආශිර්වාද ගිලන්පස සම්බුද්ධ පූජාව...
අධිෂ්ඨාන බෝධි පූජා පිංකම...
ආනුභාව සම්පන්න සෙත් පිරිත් දේශනාව...
(2026.8.23 ඉරු දින)

වස්සාන කාලයේ අප වෙහෙරේ සති අග ඉරු දින සවස පවත්වන ආශිර්වාද පින්කම සඳහා සැදැහැති දායකත්වය මෙම දින සිදු කළේ ධනුක විජයගුණවර්ධන මහත්මා ඇතුළු පවුලේ සැම විසිනි.සකල ලොව වැසියන්ගේ ආමිස පූජාවෙන් ද ප්‍රතිපත්ති පූජාවෙන්ද පිදුම් ලබනට සුදුසු වූ ඒ භාග්‍යවත් වු අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුම්, සිසිල් පැන්, ගිලන්පස,පූජාවන්ගෙන් සමලංකෘතව සැදැහැ සිත් උපදවා පින්කම සිදු කළහ.සැදැහැසිත් උපදවා ගෙන ගෞරවයෙන් කරන පූජාවන්ගේ ආනිසංස විමාන වත්ථු පුවත් තුළින් අපට කියා දෙන්නේ දෙව්සැප විඳින දෙවිවරුන්ය.
එක කැවුමක්, තල මිටක්,උක් දණ්ඩක්,වැට කොළු මලක් වැනි දෙයකින් පවා සම්බුදු රදුන්ට, මග පල ලැබූ උතුමන්ට කළ පිදුම් නිසා මහත් සැප ඇති, මහත් බල ඇති දිව්‍ය ආනුභාවයන් ලබන්නට පැහැදුනු සිතින් කළ පින් කම් හේතු වුණු වග ධර්මයේ සඳහන්ය.සසර භව ගමනේ දීර්ඝායුෂ සහිතව නිරෝගී සැප ලැබෙන තව බොහෝ ආනිසංස පිරි ගිලන්පස සම්බුද්ධ පූජා පින්කමත්, සිතට සැනසුම ගෙනෙන අධිෂ්ඨාන බෝධි පූජාව පින්කමත් ඔබට පින් ඵල රැස් කරගන්නට ලද මහත් පුණ්‍ය භෝගයකි.

දුර සිට හෝ දැක බලා සිතෙහි සැනසුම උපදවා වෙහෙසකර ජීවිතයට ආධ්‍යාත්මික විවේකයක් එක් කර ගන්නා ලෙස ඔබ සැමට පින් සිතින් සිහිපත් කරමු.

මෙදින සිදුකළ පින්කමෙහි පුණ්‍යාශිර්වාදය,

ධනුක විජයගුණවර්ධන මහත්මා ඇතුළු පවුලේ සැමටත්,
රමණී අල්විස් මෑණියන්ටත්,
නන්දසිරි පෙරේරා පියාණන්ටත් නිරෝගී සුව පිණිස වෙත්වා!

පින්කම සඳහා සහභාගි වූ හේරත් මහත්මා ඇතුළු පවුලේ සැමටත්,
සජිත් තිලක්ෂණ මහත්මා ඇතුළු පවුලේ සැමටත්,
දුර සිට පින්කම දැක බලා සහභාගි වූ ඔබ සැමටත් නිරෝගී සුව පිණිස වෙත්වා!

විහාරස්ථ සියලු දායක පින්වතුන්ටත්,
මාසික කැපකරු පුණ්‍යාධාර පවත්වන,
විදුලි ආලෝක පූජා,ගෑස්, ජල, ධර්ම සන්නිවේදන පහසුකම් වෙනුවෙන් පුණ්‍යාධාර පවත්වන පින්වත් සැමටත් ආශිර්වාද පිණිස වෙත්වා!

ඔබ සැම නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

අනන්ත සසරේ පරලොව සැපත් නෑ හිත මිතුරන්ට,

සක්‍ර දෙවියන් සතර වරම් දෙවිවරු සාසන මාමක ලෝක පාලක දෙවිවරු,
ජපන් දේශයට අධිගෘහිත පින් කැමති දෙවිවරු මේ පින් තුටු සිතින් අනුමෝදන් වෙත්වා!

සිව්සස් දහම් අවබෝධයට පාරමී ධර්මයක් වේවා!

ඉදිරි දිනයන්හි පින්කම් සඳහා ගිලන්පස පූජාවෙන්,මල් පූජාවෙන් දායකත්වය භාර ගැනීමට කැමැති පින්වතුන් විහාරස්ථානය අමතන්න.

ඔබ අරමුණු සඵල කර ගැනීමට සෙත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වන පින්වතුන්ගේ නම් සඳහන් කරන්න.

තෙරුවන් සරණයි!

23/08/2026

💐උදෑසන ආශිර්වාද පූජාව...
🌸සම්බුද්ධ පූජාව සහ ආනුභාව සම්පන්න ජය පිරිත් දේශනය......

💐සැදැහැති දායකත්වය.

ඉශාන් මධුසංක මහත්මා සහ ආශා උද්‍යානි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් සැම,
අයේෂ් මහත්මා ඇතුළු පවුලේ පින්වත් සැම,

💐ආශිර්වාද ප්‍රාර්ථනා

උදෑසන දහවල් දානමය පුණ්‍ය කර්මය සිදු කරන ඉශාන් මධුසංක මහත්මා ප්‍රමුඛ පවුලේ සැමට ආශිර්වාද වේවා!

අයේෂ් මහත්මා ඇතුළු පවුලේ සැමට ආශිර්වාද වේවා!

විහාරස්ථානයට මාසිකව දන් පහන් පවත්වන,
මාසික විදුලිය ආලෝක පූජාව සිදුකරන,
සම්බුදු සසුනේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරමින් විහාරස්ථානයට කැපකරු පුණ්‍යාධාර පවත්වන,
මාසික ගෑස්, ජල, දුරකථන, ධර්ම සන්නිවේදන පහසුකම් වෙනුවෙන් පුණ්‍යාධාර පවත්වන ,
විහාරස්ථ දියුණුවට නන් අයුරින් දායක වන සැදැහැති පින්වත් සැමට ආශිර්වාද වෙත්වා!

ස්වභාවික ව්‍යසන නොම වේවා!
වසංගත රෝග උවදුරු දුරු වේවා!
සිතුවිලි පහන් වී මෙත් සිත පැතිරේවා!

අනන්ත සසරේ ගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා!

සක්‍ර දෙවියන් සතර වරම් දෙවිවරු, ශාසන මාමක ලෝක පාලක දෙවිවරු ජපන් දේශයට අධිගෘහිත පින් කැමති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා!

සිව්සස් දහම් අවබෝධයට දාන පාරමී ධර්මයක් වේවා!

සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
සාදු! සාදු! සාදු!

23/08/2026

"අයං වස්සාන කාලෝ"
ආශිර්වාද ගිලන්පස සම්බුද්ධ පුජාව
අධිෂ්ඨාන බෝධි පුජා පිංකම....

සැදැහැති දායකත්වය :
ධනුක විජේගුණවර්ධන මහත්මා ඇතුළු පවුලේ සැම...

ආශිර්වාද ප්‍රාර්ථනා :

රමණි අල්විස් මෑණියන්ට නීරෝගී සුවය වේවා!
නිලුකා පෙරේරා මහත්මියට නීරෝගී සුවය උදාවේවා!
නන්දසිරි පෙරේරා පියාණන්ට ආශිර්වාද වේවා!
පවුලේ සැමට සෙත් වේවා!

විහාරස්ථ දායක පින්වත් සැමට,
රට වාසී,ලෝක වාසී සැමට ආශිර්වාද වේවා !

සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

住所

太宰府市御笠3-8/33
Onojo-shi, Fukuoka
8180110

営業時間

月曜日 06:00 - 18:00
火曜日 06:00 - 18:00
水曜日 06:00 - 18:00
木曜日 06:00 - 18:00
金曜日 06:00 - 18:00
土曜日 06:00 - 18:00
日曜日 06:00 - 18:00

ウェブサイト

アラート

Kyushu Lanka Maha Viharayaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Kyushu Lanka Maha Viharayaにメッセージを送信:

ショートカット

共有する

カテゴリー