Tempio Buddhista Lankaramaya Milano

Tempio Buddhista Lankaramaya Milano Associato all'Unione Buddhista Italiana. Establish a Buddhist society in Milan that is independent and supports spiritual and social needs.

18/08/2026
වස් ආරාධනා පිංකම ඉතාලිය ,මිලානෝ ලංකාරාමය. 2026 ජූලි මස 05 වන ඉරු දින සවස 5.00ටලංකාරාමාධිපති "සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාච...
25/06/2026

වස් ආරාධනා පිංකම
ඉතාලිය ,මිලානෝ ලංකාරාමය.

2026 ජූලි මස 05 වන ඉරු දින සවස 5.00ට

ලංකාරාමාධිපති "සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය"
පූජ්‍ය ගරු ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ලංකාරාමය ආරම්භ කර 30 වෙනි වස් ආරාධනා පිංකම.

දායකත්වය-: ලංකාරාම සැදැහැවත් දායක සුපින්වතුන්....

සංවිධානය-: හික්කඩුවේ සමන් ප්‍රියංකර මහතා....

ඔබ සැමට ආරාධනා !

ශ්‍රී ලංකා බෞද්ධ සංගමය

ලංකාරාමය වෙසක් පිංකම් මාලාවේ අසිරිමත් ආමිස පූජාවෙන් පසු හරවත් ප්‍රතිපත්ති පූජාව අසිරිමත් වෙසක් පොහෝදින පැවත්වූ "සිල් සිය...
07/06/2026

ලංකාරාමය වෙසක් පිංකම් මාලාවේ
අසිරිමත් ආමිස පූජාවෙන් පසු
හරවත් ප්‍රතිපත්ති පූජාව
අසිරිමත් වෙසක් පොහෝදින
පැවත්වූ
"සිල් සියපත"
සීල භාවනා පිංකම 🙏

යුරෝපයේ පවත්වනු ලබන සුවිශේෂී වෙසක් බත් දන්සල ______ඉතාලිය මිලානෝ ලංකාරාම විහාරස්ථානයෙහි වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් මහා බ...
27/05/2026

යුරෝපයේ පවත්වනු ලබන සුවිශේෂී වෙසක් බත් දන්සල
______
ඉතාලිය මිලානෝ ලංකාරාම විහාරස්ථානයෙහි වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් මහා බත් දන්සල
මැයි මස 24 ඉරු දින
අති සාර්ථකව සිදු කරන ලදී...

විහාරාධිපති පූජ්‍ය ගරු ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවරත් දන්සල පැවැත්වීමේ සංවිධාන කටයුතු බෞද්ධ සංගමයෙහි සභාපති ලකී ලලිත්චන්ද්‍ර මහතාගේ හා
බත් දන්සලේ ප්‍රධාන සංවිධායක හික්කඩුවේ සමන් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

හික්කඩුවේ සමන් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වන මෙම දන්සල මෙවර පැවැත්වූයේ 18 වන වරටය.....

දන්සලෙහි ආහාරපාන සූදානම් කිරීම , දන්සලට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවකට මඩු කූඩාරම් ආසන ඇතුළු පහසුකම් සැලසීම, සිසිල් පැන් තේ පැන් සංග්‍රහ ا සංවිධානය කිරීම, ඉතාමත් විධිමත් ලෙස ආහාරපාන බෙදාහැරීම ඇතුළු සියලු කටයුතු හික්කඩුව නියෝජනය කරමින් මිලානෝ ජීවත්වන තරුණ පිරිස ඇතුළු ලංකාවේ නන් දෙසින් පැමිණ මිලානෝ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ මෙහෙයවීමෙන් සිදු විය...

මෙම දන්සලෙහි විශේෂත්වය වන්නේ
ආගම් භේදයකින් ජාති භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතු බවයි..... ඉතාලි ජාතිකයන්ද සැලකිය යුතු ප්‍රමාණයක් තම කුඩා දරුවන් සමග පැමිණ බුදු තෙමඟුල සමරන ශ්‍රී ලාංකිකයන්ගේ නොමසුරු පරිත්‍යාගයන්ගේ ආශ්වාදය ලබාගත්හ...
මෙවරත් බත් දන්සල සඳහා හය දහසකට වැඩි පිරිසක් සහභාගි වීම ද විශේෂත්වයකි....

ඒ අනුව ශ්‍රී ලාංකිකයන් විසින් ලංකාවට අයත් බෞද්ධ විහාරස්ථානයක යුරෝපයේ සිදු කරනු ලබන අති විශාලම බත් දන්සල බවට පත්ව තිබීමද සුවිශේෂී කරුණකි.....

මෙවරත් බත් දන්සල සඳහා විවිධ ආකාරයෙන් ආධාර උපකාර කළ සැමට
වෙසක් මංගල්‍යයෙහි ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු.....

මිලානෝ ලංකාරාමස්ථ
ශ්‍රී ලංකා බෞද්ධ සංගමය

ඉතාලිය,මිලානෝ, ලංකාරාම විහාරස්ථානයෙහි 2026 වර්ෂයෙහි වෙසක් පුණ්‍යෝත්සවය නිමිති කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර මංගල්‍යය...
25/05/2026

ඉතාලිය,මිලානෝ, ලංකාරාම විහාරස්ථානයෙහි 2026 වර්ෂයෙහි වෙසක් පුණ්‍යෝත්සවය නිමිති කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර මංගල්‍යය මැයි මස 23 සෙනසුරාදා මිලානෝ නගරයෙහි වීථි සංචාරය කර ලංකාරාම විහාරස්ථානයට ගෙවදින ලදී...

විහාරාධිපති පූජ්‍ය ගරු ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීම හා අනුශාසනා පරිදි විහාරස්ථ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද පෙරහර සඳහා මිලානෝ නගරයේ බ්ලූම් ජාත්‍යන්තර පාසල, සෙන් ජෝසප් ජාත්‍යන්තර පාසල, ධාරා රංගායතනය, ශාස්ත්‍රා රංගායතනය, ලංකාරාම දහම් පාසල නියෝජනය කරමින් පෙරහැර අංග වර්ණවත් කරන ලදී...

මිලානෝ නගරය ඇතුළු අවට නගරවල සැදැහැවතුන්, කණ්ඩායම් වශයෙන් ඒකරාසි වී පෙරහරට විශේෂ දායකත්වයක් ලබාදීම සිදු විය. ශ්‍රී සර්වඥ ධාතු කරඬුව වැඩම වූයේ විහාරස්ථ බෞද්ධ සංගමයෙහි ගරු සභාපති
ලකී ලලිත් චන්ද්‍ර මහතා හා වෙසක් මහා බත් දන්සලෙහි ප්‍රධාන සංවිධායක හික්කඩුවේ සමන් ප්‍රියංකර මහතා විසිනි.....

පෙරහැර ගමන් කරන ප්‍රධාන පිවිසුම් මාර්ගය ඇතුළු ලංකාරාම පූජාභූමියෙහි බෞද්ධ කොඩි ධජ පතාක සහිත වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි වලින් අලංකාර කර ආලෝක පූජාව සහිත සම්බුද්ධ පූජාව පවත්වා සැමට ආශිර්වාද කිරීම සිදු විය....

වෙසක් පෙරහර මංගල්‍යයේ ආශිර්වාදයෙන් හැමදෙනාටම සියලු යහපතම සැලසේවා !

Indirizzo

Via Pienza 8
Milan
20142

Orario di apertura

Lunedì 05:00 - 22:00
Martedì 05:00 - 22:00
Mercoledì 05:00 - 22:00
Giovedì 05:00 - 22:00
Venerdì 05:00 - 22:00
Sabato 05:00 - 22:00
Domenica 05:00 - 22:00

Telefono

+393294761784

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Tempio Buddhista Lankaramaya Milano pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi