Samadhe Viharaya-Firenze

Samadhe Viharaya-Firenze Samadhe Maha Viharaya institute is a Buddhist temple located
Via Carlo del Prete,10,50127
Florence

Tempio, di tradizione Theravada, è aperto a tutti coloro i quali siano realmente interessati alla pratica il buddhism

21/02/2025
31/01/2025

කාරුණික පිංවත්නි

Firenze සමාධි මහා විහාරස්ථානයට 25 වසරක් පිරීම නිමිති කොට 2025 මැයි මස 11 වන ඉරුදින වෙසක් උත්සවයට සමගාමිව සංවත්සරය සැමරීමට කටයුතු සංවිධානය කෙරෙමින් පවතී
එම උත්සවයේදී සමරු කළාපයක් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වෙමු.
කවරේ පසු පිටුවට ඇතුල් පිටු දෙක යුරෝ 250
A4 ඇතුල් පිටුවක් යුරෝ 100
භාග පිටුවක් යුරෝ 50
කාල පිටුවක් යුරෝ 35
මෙම කටයුත්ත සාර්ථක ගන්නට ඔබගේ සහයෝගය ලබා දෙන්නේනම් බොහෝම පිං.
ව්හාරස්ථ දායක සභාව .

එමෙන්ම වෙසක් සීල සමාදානය 2025 මැයි මස 4 වන ඉරිදා උදෑසන 7.00 ට සිදු කිරීමට බලාපොරොත්තු වේ

04/01/2025

අන‍්නදො බලදො හොති වත්‍ථදො හොති වණ‍්ණදො,
යානදො සුඛදො හොති දීපදො හොති චක‍්ඛුදො.
සො ච සබ‍්බදදො හොති යො දදාති උපස‍්සයං,
අමතංදදො ච සො හොති යො ධම‍්මමනුසාසතීති.

අහාර දෙන්නේ බලය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නේ වර්ණය දෙන්නේ වේ. යාන දෙන්නේ සැප දෙන්නේ වේ. පහන් දෙන්නේ ඇස් දෙන්නේ වේ. යමෙක් අවාස දේ ද, හෙතෙමේ සියල්ල දෙන්නේත් වේ. යමෙක් ධර්මානුශාසන කෙරේ ද, හෙතෙමේ අමෘතය දෙන්නෙක් වේ.

Firenze සමාධී මහා විහාරයට අඩුපාඩුවක්ව පවතින සංඝාවාස ගොඩනැගිල්ල මිළ දී ගැනීමට අවස්ථාව උදාවි ඇති බැවින් එම කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස ඔබගේ ආධාර උපකාර ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිට්මු.

සම්බන්ධ කර ගැනීමට:-
විහාරාධිපති හිමි - 0554377833
3277294126
උප සභාපති (සමන් පෙරේරා මයා) 3388440519

ලේකම් ( අජිත් පුංචිහේවා මයා)
3881040014
උප ලේකම් (හේමන්ත කුමාර මයා )3923075784
භාණ්ඩාගාරික (සිරිවර්ධන සිල්වා මයා ) 3292761066
උප භාණ්ඩාගාරික (ඉන්දික ක්‍රිෂාන්ත මයා )
3394652001
ප්‍රධාන සංවිධායක (ලලිත් හෙට්ටිආරච්චි මයා ) 3351790145

මේසේ සිදු කර ගන්නා වු උතුම් පිනෙහි ආනුභාවයෙන් ඔබටත් පවුලේ සියලුම දෙනාටත්

තබන තබන පියවරක් පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටලු අවම වන්නටත් මේ පින හේතු වාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණ දෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා.

සසර පුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා.

මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබන්නත් හේතු වේවා...

නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන් දෙන්නට සිත් පහලවේවා, දුන් දෙයක කිසි කලෙකසිත් නොඇලෙන්නටත්, දන් දෙන්නට සිතන සෑම විටකම දාන වස්තූන් පහල වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා,අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා...

බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල්තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා.

තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතරවරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය ඒ අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර‍,රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් ,තිරිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක්, ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක් සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවා.

තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තත්පරයක් පාසා රත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වා, පිත්, සෙම් තුන්දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා...

සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා...

දෙදෙව්ලොවට අධිපති,සක්දෙවිදුන්, සුමන සමන් දෙවියන් ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂාකරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. ඔබ යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේ අවබෝධකරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, ශීල සමාධි ප්‍රඥා ආදී වූ ත්‍රි ශික්ෂාවන් වර්ධනය කරගෙන පතන බෝධියකින් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.‘

අපද පතන යම් බෝධියක් වේද ඒ බෝධියෙන්ම නිර්වාණ අවබෝධයට මේ පින හේතු වාසනා වේවා....

සියලු සතුන් ලොව සුවපත් වේවා ...

සාධු සාධු සාධු ...🙏🙏🙏🌻

තෙරුවන් සරණයි !
විහාරාධිපති හිමි
සහා විහාරස්ථ දායක සභාව
Firenze නගරය, ඉතාලිය.

04/12/2024

ව්ශේෂ දැන්වීමයි
සමාධි විහාරස්ථානයට අඩුපාඩුව පවතින සංඝාවාසය ගොඩනැගිල්ල මිලට ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දෙසැම්බර් මස 8 වන ඉරු දින සවස 5.00 ට පැවැත්වේ . පිංවත් දායක කාරකාදීන්ගේ පැමිණීම බලාපොරොත්තු වෙමු
මෙයට
විහාරාධිපති හිමි හා දායක සභාව

08/11/2024

Indirizzo

Via Carlo Del Prete, 10
Florence
,50127

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Samadhe Viharaya-Firenze pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta Il Luogo Di Culto

Invia un messaggio a Samadhe Viharaya-Firenze:

Condividi