දෙවිඳු පහසින් පිබිදී

දෙවිඳු පහසින් පිබිදී Be Holy by living our lives with Love.

07/12/2025
30/05/2025
👼👼👼Welcoming the Blessed Mother Mary to our Home.👼👼👼29/05/2025
30/05/2025

👼👼👼Welcoming the Blessed Mother Mary to our Home.👼👼👼
29/05/2025

11/04/2025

වික්ෂෝප සිකුරාදා දිනය අදයි ✝️

දේවවන්දනා වසරේ මහ සිකුරාදා ට පෙර සිකුරාදා දින වික්ෂෝප සිකුරාදා ලෙස හදුන්වනු ලබයි. මේ තුළින් ගැලවීමේ සැලැස්මට හිස නමා තම දිවිය දෙවිඳුන්ට යාගයක් ලෙස පුද දුන් කැඩුණු, බිඳුනු , වැයවූ භාග්‍යවත් මාතාවන් සමරනු ලබන අතර , ඕ තුමිය මෙලොව දිවි ගෙවූ පරිද්දෙන් ගැලවීමේ සැලැස්මට අවනතව දිවි ගෙවන්නටත් , ඒ අනුව ක්‍රියා කරමින් දිවි ගෙවන්නට අපට මෙහිදී ආරාධනා කරනු ලබයි.

ජනවන්දනාමය පැතිකඩ

වික්ෂෝප දේවමාතා බැතිය ලොව පුරා සීග්‍රයෙන් පැතිර ගියේ මධ්‍යතන යුගයේ දී ය. මෙම මංගල්‍යයට මූලිකවම මූලිකව ම බලපෑවේ එකල භක්ති අභ්‍යාස තුළ පැවති Mater Dolorasa හෙවත් වික්ෂෝප ස්ථාන බැතියයි. මෙමගින් ශුද්ධවූ ලියවිල්ල පදනම් වූ දේවමාතාවන්ගේ දිවියට සම්බන්ධ වික්ෂෝප සිද්ධීන් හතක් මෙනෙහි කරනු ලැබීය. අද ඒවා දේවමාතාවන්ගේ වික්ෂෝප සත ලෙස හදුන්වනු ලැබේ.
ඒවා නම්
1. සමිඳුන් දේව මාලිගාවේ දී පුද දුන් විට සිමියොන් දිවැසිවරයා ප්‍රකාශ කළ වදන්(ශු. ලූක් 2: 33 - 35).
2. හෙරොද්ගේ කඩු පහරින් ජේසු බිළිඳුන් බේරාගැනීම සඳහා වේදනාව පිරුණු හදවතකින් මිසරයට පලා යෑම (ශු. මතෙව් 2: 13 - 15).
3. දේව මාලිගාවේ දී ජේසු සමිඳුන් නැතිවීම (ශු. ලූක් 2: 41- 50)
4. කුරුස ගමනේදී මරියාවන්ට ජේසු සමිඳුන් මුණගැසීම (ශු. ලූක් 23: 27).
5. කල්වාරි කන්ද මුදුනේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පත්වීම
(ශු. ජුවාම් 19: 25 - 27).
6 ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ ශ්‍රී සිරුර කුරුසියෙන් බාන ලදුව තම උකුලේ හොවා ගැනීම (ශු. මාක් 15: 43 - 45).
7. උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය සොහොනක තැන්පත් කිරීම (ශු. ජුවාම් 19: 38 - 42).

( වර්තමාන ජන වන්දනාව තුළ වික්ෂෝප සත ලෙස ව්‍යවහාරයේ පවතින්නේ මේවා වේ.)
මෙම භක්ති අභ්‍යාසය මුලින්ම ආරම්භ වූයේ තාපසාරාම තුළය . මහසිකුරාදා දින වික්ෂෝප මාතාවන්ගේ ප්‍රතිමාවන් රැගෙන යමින් ඒ වටා මෙම භක්ති අභ්‍යාසය ආරම්භ වූ බව සඳහන් වේ. ක්‍රි.ව. 1221 දී මහ සිකුරාදා දින මෙම භක්තිය අභ්‍යාසය ජර්මනියේ පැවැත් වූ බවට සාධක ඇත . එහෙත් මෙය ශු. සභාවේ මංගල්‍යයක් ලෙස නිර්දේශ කරනු ලැබුවේ ක්‍රි.ව. 1423 දීය. ඒ කාලයේදී මෙම මංගල්‍යය මහ සිකුරාදා මහ සිකුරාදාට කලින් සිකුරාදා දින සමරනු ලැබූ අතර අද ද ජනවන්දනාව වසර තුළ මෙම දිනය වික්ශෝප සිකුරාදා ලෙස හැඳින්වේ.

ක්‍රි.ව. 1570 වසරේ දී එනම් ත්‍රිදෙන්තීනූ මන්ත්‍රණ සභාවෙන් පසුව මෙම මංගල්‍යය දේව මාතා සැමරුම් මංගල්‍යයත් ලෙස හඳුන්වා දෙනු ලැබීය. තවද මෙම භක්ති අභ්‍යාසය ප්‍රචලිත කිරීමට පුනරුද යුගයේ දී නිර්මාණය වුණු සුප්‍රකට මයිකල් ආන්ජලෝ නම් කලාකරුවා විසින් නිර්මාණය කරන ලද පියෙටා ප්‍රතිමාව සුවිශාල දායකත්වයක් දැක්වීය.

ක්‍රි.ව. 1814 දී ජනවන්දනාව වසරේ සැමරුම් මංගල්‍යයක් ලෙස නිර්දේශ කරනු ලැබුවේ හත්වන පියුස් ශුද්ධෝත්තම පියතුමන් විසිනි. ක්‍රි.ව. 1913 දී ශු. දසවන පියුස් ශුද්ධෝත්තම පියතුමන් විසින් මෙම මංගල්‍යය සැප්තැම්බර් මස 14 වන දින එනම් ශ්‍රී කුරුසියේ විජයග්‍රහණයේ මංගල්‍යයට පසුදින සැමරිය යුතු බවට නිර්දේශ කළ අතර, දෙවන වතිකාන මන්ත්‍රණ සභාවෙන් පසු ද මෙම මංගල්‍යය දේවමාතා මංගල්‍යයන් අතර අනිවාර්යය අනුස්මරණ මංගල්‍යයක් ලෙස නිර්දේශ විය. තවද මෙම මංගල්‍යය සඳහා කිවයුතු ගී කාණ්ඩයක් ද පවතී. එනම්

1. Stabat mater dolorósa
juxta Crucem lacrimósa,
dum pendébat Fílius.

2. Cuius ánimam geméntem,
contristátam et doléntem
pertransívit gládius.

3. O quam tristis et afflícta
fuit illa benedícta,
mater Unigéniti!

4. Quae mœrébat et dolébat,
pia Mater, dum vidébat
nati pœnas ínclyti.

5. Quis est homo qui non fleret,
matrem Christi si vidéret
in tanto supplício?

6. Quis non posset contristári
Christi Matrem contemplári
doléntem cm Fílio?

7. Pro peccátis suæ gentis
vidit Iésum in torméntis,
et flagéllis súbditum.

8. Vidit suum dulcem Natum
moriéndo desolátum,
dum emísit spíritum.

9. Eja, Mater, fons amóris
me sentíre vim dolóris
fac, ut tecum lúgeam.

10. Fac, ut árdeat cor meum
in amándo Christum Deum
ut sibi compláceam.

11. Sancta Mater, istud agas,
crucifíxi fige plagas
cordi meo válide.

12. Tui Nati vulneráti,
tam dignáti pro me pati,
pœnas mecum dívide.

13. Fac me tecum pie flere,
crucifíxo condolére,
donec ego víxero.

14. Juxta Crucem tecum stare,
et me tibi sociáre
in planctu desídero.

15. Virgo vírginum præclára,
mihi iam non sis amára,
fac me tecum plángere.

16. Fac, ut portem Christi mortem,
passiónis fac consórtem,
et plagas recólere.

17. Fac me plagis vulnerári,
fac me Cruce inebriári,
et cruóre Fílii.

18. Flammis ne urar succénsus,
per te, Virgo, sim defénsus
in die iudícii.

19. Christe, cm sit hinc exíre,
da per Matrem me veníre
ad palmam victóriæ.

20. Quando corpus moriétur,
fac, ut ánimæ donétur
paradísi glória. Amen.

මෙහි සිංහල අනුවාදනය වන්නේ "දේව කන්‍යා නිමල මවුනි ..." යන අප අතර ජනප්‍රිය ගීතිකාව වේ. එය ශු. බොන්වැන්චර් මුනි තුමා විසින් රචනා කරන ලද රචනයක් ලෙස සැලකේ. තවද බොහෝ රටවල් වල අදත් වික්ෂෝප දේවමාතාවන් වහන්සේගේ මංගල්‍යය පැරැණි සිරිතට අනුව මහසිකුරාදා ට කලින් සිකුරාදා සමරන අතර , වික්ෂෝප දේවමාතාවන් ඉතාලියේ මොලාඩි සහ මෝලිසි නගරයන්හි සහ පිලිපීනයේ දූපත් රාශියක ද , ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක ද නාම සාන්තුවරිය ලෙස නම් කර ඇත.

දෙවන වතිකාන මන්ත්‍රණ සභාවෙන් පසුව ශ්‍රී කුරුසියේ විජයග්‍රහණයේ මංගල්‍යයට පසුදින මෙම මංගල්‍යය සමරන්නට නිර්දේශ කළ අතර , අද වික්ෂෝප දේවමාතාවන් වහන්සේගේ මංගල්‍යය දේවවන්දනා වසරේ දේවමාතාවන් අරඹයා සමරන මංගල්‍යයන් අතුරින් සැප්තැම්බර් මස 15 වන දින සමරනු ලබයි.

සටහන - අසේල දසනායක

"මරි මව් උකුල"දේව මාතා දර්ශන පිලිබඳ ප්‍රදර්ශනය.උළුඅම්බලම් දේවස්ථානය.08.09.2024.
17/09/2024

"මරි මව් උකුල"
දේව මාතා දර්ශන පිලිබඳ ප්‍රදර්ශනය.
උළුඅම්බලම් දේවස්ථානය.
08.09.2024.

මැයි මංගල්‍යය.කිරිමැටියාන.2024/05/31
05/06/2024

මැයි මංගල්‍යය.
කිරිමැටියාන.
2024/05/31

08/03/2024
31/01/2024

අද දේව පණිවිඩය

* දණ ගසන්න. අත්දෙක ඉහළට ඔසවා හෝ වැඳගෙන ප්‍රථමයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේට මේ යාච්ඤාව කියමින් ආරාධනා කරන්න.

(01.) ශුද්ධාත්මයාණන් වහන්සේට යාච්ඤාව

"ශුද්ධාත්මයාණන් වන දෙවියනි, වැඩම කර ඔබගේ විශ්වාසකයන්ගේ හෘදයන් පුරවාලුව මැනව.
ඔබගේ ප්‍රෙමයේ ගින්න ඔවුන් තුළ දැල්වුව මැනව.
ඔබවහන්සේගේ ජීවදායක ආත්මය යැව්ව මැනව, එවිට ඔවුහු මවනු ලබන්නෝය.
තවද ඔබවහන්සේ පෘථිවියේ විශාලකම අලුත් කර වදාරණ සේක.

යාච්ඤා කරම්හ

ශුද්ධාත්මයාණන්ගේ ආලෝකයෙන් විශ්වසිකයන්ගේ හෘදයන් පැහැදෙව්වා වූ දෙවියනි, එම ශුද්ධාත්මයාණන් තුළ සියල්ල ගැන හරි තේරුම් ගැනීම ලබන්නටත්, උන්වහන්සේගේ ශුද්ධ වූ සැනසිල්ලෙන් ප්‍රීති සන්තෝෂ වෙන්නටත්, අපට සලස්වා වදාළ මැනව. මේකීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තු තුමන් උදෙසාම අපට ලැබේවා. ආමෙන්."

(02) උදය ආරාධනාව

"සියලු දේ මවා පාලනය කරන්නාවූ දෙවී ස්වාමිනී, ඔබගේ කරුණා අනුහසින් මා ලැබූ උපකාර රාශිය උදෙසා ද,විශේෂයෙන් පසු ගිය රාත්‍රියේ මා නසින්නට ඉඩනොදී ආරක්ෂා කළ නිසා ද අනේක වරක් ඔබවහන්සේට මා ස්තූතිවන්ත වෙමි. ඔබවහන්සේගේ අන පනත් ශේෂයක්වත් නොවරදවා මේ දවස ගතකරන ලෙස පොරොන්දු වී මාගේ කල්පනා වචන ක්‍රියා සියල්ලම ඔබවහන්සේට ස්තෝත්‍ර කොට පුදමි. එසේ හෙයින් මාගේ ගතට හා ප්‍රාණයට යම් විපතක් නොයෙදී ඔබවහන්සේගේ කැමැත්ත පරිදි ධර්මයෙන් පැවත මා මෝක්ෂ සුගතියට සුදුස්සකු වන පිණිස කරුණාකර වදාළ මැනව. ආමෙන්."

(03.) කෙටි භාවනාව (දෙවිඳුන්ගේ ආදරය ගැන මෙනෙහි කිරීම)

🙂 දැන් ශුද්ධ වූ බයිබලය අතට ගෙන් මොහොතක් ඉඳගන්න.

(ඉඳගෙන ගීතාවලිය පොත පෙරලන්න. ගීතාවලිය පොතේ ඔබ පෙරලුවාම ලැබෙන ගීතය හෝ වෙනත් ඕනෑම ගීතයක් මේ උදෑසන භාවනාවට ගත හැකිය.)

මට අද උදෑසන පෙරලනවිට ලැබුනු ගීතය දැන් ඔබට පෙන්වන්නට ගන්නවා. පෙරලන්න ගීතාවලිය 32

* ඔබ ගීතාවලිය 32 පෙරලගත්තායින් පසුව ඉඳගෙනම සිටියදී හෙමින් මෙහි වචන කියවාගෙන යන්න.

"කමාව ලැබීමේ වාසනාව

1 අපරාධයට සමාව ද පාපයට සමාව ද ලත් මිනිසා ආසිරි ලද්දෙකි.

2 වරදක් ගැන සමිඳුන්ගෙන් චෝදනාවක් නොලබන, වංක සිතක් නොමැති මිනිසා ආසිරි ලද්දෙකි.

3 මාගේ වරද ගැන නිහඬ ව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම් ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේ ය.

4 දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක;

මාගේ ශක්තිය පහ ව ගියේ ය.

ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.

5 මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි.

''හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි''යි කීමි.

ඔබ ද මාගේ පාප දො‍්ෂ කමා කළ සේක.

6 එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා!

ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.

7 මා රැකවරණය ඔබ ය;

දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක.

විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.

8 ''නුඹට උගන්වන්නෙමි;

යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි;

මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.

9 අශ්වයෙකු හෝ කොටළුවෙකු හෝ මෙන් මෝඩ නොවන්න;

උන් දමනය කිරීමට කටකලියාව හා පටිය අවශ්‍ය ය.

නැතහොත් නුඹට උන් පාලනය කළ නොහැකි ය.''

10 දුදනන් හට බොහෝ දුක් දොම්නස් ඇත.

එහෙත්, හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නා දිව්‍ය කරුණාවෙන් වට වී සිටියි.

11 දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න.

අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න."

👉 ඉන්පසු ඔබ මෙය කියවාගෙන ගියායින් පසු තව එක වරක් හිතින් තේරුම් ගනිමින් වචනය කියවාගෙන යන්න. ඔබ වචනය තේරුම් ගනිමින් කියවාගෙන යන අතරතුර ඔබගේ හිතට ගිය වාක්‍යයක් හෝ වාක්‍ය කිහිපයක් හමු වූ විට එය මතක තියාගන්න. නැත්නම් කොලයක ලියාගන්න. මන්ද උදෑසනින්ම ඔබ ලෝකයට යන්නට ප්‍රථම දේව ආදරයෙන් පිරිලා එළියට යන්නට ලැබෙන ශක්තිය ලැබෙන වාක්‍යය වෙන්නේ ඔබගේ හිතට ගිය වචනයයි.

උදාහරණයකින් ඔබට වටහාගන්නට මගේ හිතට දැනුනු වාක්‍ය මම පෙන්වන්නම්.

මා රැකවරණය ඔබ ය;

දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක.

විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.

8 ''නුඹට උගන්වන්නෙමි;

යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි;

මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.

දුදනන් හට බොහෝ දුක් දොම්නස් ඇත.

එහෙත්, හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නා දිව්‍ය කරුණාවෙන් වට වී සිටියි.

11 දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න.

අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න."

👆 මෙය තමා මගේ හිතට ගිය වාක්‍යයන් වෙන්නේ.. අපි හිතමු අපි හැමෝටම මේ වචන ටික හිතට දැනුනා කියලා.. ඊටපස්සෙ මේ අපගේ පියාණන් වහන්සේ උදෑසනම අපට පෙන්වූ කියාදුන්නු ඒ ආදරය මේ වචනටික නැවත මෙනෙහි කරමින් ස්තූති කළයුතු වෙනවා.

"ඔව් පියාණෙනී, මගේ රැකවරණය ඔබයි. ඔබවහන්සේ සියලු කරදර වලින් මා ආරක්ෂා කරන සේක. ඔබවහන්සේට ස්තූතියි. ගොඩාක් ස්තූතියි පියාණෙනී, මා යා යුතු මග ඔබ මට පෙන්වා දී ඔබ මට අද දවස තුළදීත් කියාදෙනවා කියා ඔබ පොරොන්දුව වෙනවා. මම අතරමං වෙන්නේ නැහැ. ඔබවහන්සේට මම ණයගැතියි. ස්තූතියි තාත්තේ.. ඔබවහන්සේගේ ආදරය දැනමුතුකම් ඔබවහන්සේගේ දෙනෙත බැල්ම මා කෙරෙහි ඇති නිසා මම බය නිවෙමි. මම ලෝකයට ඔබවහන්සේගේ ආදරයෙන් පිරිලා ඔබවහන්සේගේ රැකවරණයේ රැස්වළල්ලෙන් වටවෙලා ලෝකයට අද දිනදී යන නිසා මම බය නැහැ පියාණෙනී, ඔබවහන්සේගේ ආදරය රැකවරණය බැල්ම මට දවස පුරාම තියෙනවා. මම එය අදහනවා. මම ඔබවහන්සේගේ ආදරය තුළ ඔබවහන්සේගේ ආදරයත් එක්ක ලෝකයට ගිහින් ජිවත් වෙනවා. තව මට මොනවද අවශ්‍ය පියාණෙනී, මගේ දවස සාර්ථකයි. මන්ද ඔබ කෙරෙහි විශ්වාසය තබන අයව ඔබවහන්සේගේ දිව්‍ය කරුණාවෙන් අපව නිතරම ලෝකය තුළ හිටියත් කොහේ ගියත් අප වටකරගෙන තිබෙන නිසා අපගේ සියලුදේ සාර්ථක වෙනවා පියාණෙනී.. හැම උදෑසනකම මෙලෙස ඔබවහන්සේගේ ආදරයෙන් දිව්‍ය කරුණාවෙන් පිරිලා ලෝකයට ගමන් කරන්නට මම කැමතියි තාත්තේ.. මට දැන් තේරෙනවා, හැම උදෑසනකම මේ පුංචි වෙලාව ඔබවහන්සේත් එක්ක ගතකිරීමේ අවශ්‍යතාවය කඳු මුදුනට නැගීමේ අවශ්‍යතාවය මට දැන් තේරෙනවා පියාණෙනී.. මට හැම උදෑසනකම ලෝකයට යන්නට ප්‍රථම ඔබගේ ආදරයෙන් පිරෙන්න ඕනේ.. ඔබවහන්සේගේ දිව්‍ය කරුණාවෙන් පිරෙන්න ඕනේ.. එතැන තමයි මගේ දවසත් ජීවිතයත් සාර්ථක වෙන්නේ කියලා මට දැන් දැනෙනවා පියාණෙනී.. ස්තූතියි ජේසූ, ස්තූතියි පියාණෙනී, ස්තූතියි ශුද්ධාත්මයාණෙනී, ස්තූතියි ශුද්ධ වූ ත්‍රීත්ව ඒක දෙවිඳුනී, ඔබවහන්සේට සදා ප්‍රශංසා වේවා! මහිමය වේවා! ගෞරවය වේවා! නමස්කාර වේවා! ආලේලූයා..

🙂❤️👉 සහෝදර සහෝදරියනී, ඔබත් මෙලෙස විනාඩි පහක් දේව වචනය උදෑසනම අවදිවෙලා මෙනෙහි කළාම හැමදාම පියාණන්ගේ ආදරයෙන් නැහැවිලා ලෝකයට යන්නට ඔබට ශක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ නිසා මෙහි වැදගත්කම හා අවශ්‍යතාවය අඳුනාගන්න. ඉන්පසුව

(04.) ඔබට ආදරය කරුණාව වැස්සවූ ඒ අපගේ පියාණන් වහන්සේට උන්වහන්සේගේ දරුවෝ වන අපත් උන්වහන්සේට ආදරෙයි කියලා අපගේ අත් දෙක ඉහළට ඔසවා පියාණන් සිහිකර ඇස් වසාගෙන එක ස්වර්ගයේ වැඩසිටින යාච්ඤාවක් එක පරමණ්ඩල යාච්ඤාවක් කියන්න.

* ස්වර්ගයේ වැඩසිටින 1
* නමෝමරිය 3
* පිතා පුත්‍රයා
* ඔබගේ නලල බිම තබා අවසානයේදී ජේසුට මෙසේ නමස්කාර කරන්න.

"ක්‍රීස්තුනී ඔබට නමස්කාර කොට ස්තූති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබවහන්සේගේ ශ්‍රී කුරුසයෙන් ඔබවහන්සේ ලෝකය ගලවාගත් සේක "

* සාන්ත කුරුසේ..

🙂❤️ ජේසුගෙ ආදරයෙන් ඇහැවිලා ඉන්පසු ඔබට ලෝකයට පා තැබිය හැක.

👆🙂 කොහොමද එය. දවසම ශක්තිමත් දවසම සාර්ථකයි නේද, ඒ වගේම හැම දවසකම එලෙස කරනකොට අපේ ජීවිතයම සාර්ථකයි. ජේසු ලෝකයා අතරට ගිහින් ඒ මහා ප්‍රාතිහාර්‍යය සිදුකළේ හැමදාම නැගිට්ට ගමන් පියාණන් හමුවෙලා උන්වහන්සේගේ ආදරය මෙනෙහි කරලා මේ දේ කළ නිසයි. අපටත් එහි වැදගත්කම හා වටිනාකම පෙන්වාදෙමින් එලෙස විනාඩි 5ක් උදෑසන නැගිට්ට ගමන් ඉඳගෙන වචනය මෙනෙහි කරන්නටත් ජීවිතය දේව ආදරය කරුණාව තුළින් ජයගන්නටත් ඔබට මට ආරාධනා කරනවා.

ආමේන්.😌

ජේසු පිහිටයි !!!🙏🙂❤️👍

26/01/2024

කුසගින්නෙන් නිදනා දරුවො
දුකහා ගැටෙනා දිළිඳු දනෝ
පාපයෙ රෝගයෙ සිරවුවෝ
කුසලනය තුළ එසවෙන්නෝ.. 🌍🙏

Address

58, Hakogress
Tel Aviv

Website

Alerts

Be the first to know and let us send you an email when දෙවිඳු පහසින් පිබිදී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share