Sri Lankan Catholics in Holy Land

Sri Lankan Catholics in Holy Land Official Page for Sri Lankan Community in Holy Land (Israel)
Here you find information about our community and get updated on events happening.

27/04/2026
08/05/2025


🚧267 වන සුදතුම් පියාණන්ව තෝරා පත් කර ගනි...
Vatican News
St. Sebastian's Church Jayabima Negombo

08/05/2025
08/05/2025

White smoke! The 133 Cardinal electors gathered in the Vatican’s Sistine Chapel have elected the new Pope. He will appear soon at the central window of St. Peter’s Basilica.

21/04/2025

Pope Francis has died, Vatican says in video statement

14/11/2024
23/03/2024

🙏✝️හෙටින් ආරම්භ වන ශුද්ධවූ සතිය ✝️🙏

ක්‍රිස්තියානි ඇදහිල්ල හා සම්ප්‍රදායන් අනුව ශු. සතිය කිතුනු හැමෝටම වසරේ ඉතාමත් වැදගත් සතියක් වේ. එය චතාරික සමයේ අවසන් දින කිහිපයයි. එය ක්‍රිස්තුන් වහන්සේගේ නිහතමානි මනුෂ්‍යත්වය, පුජකත්වය හා මහානුභාසම්පන්න දෙවිකත්වය ලොවට හෙළි කළ අමරණිය සතියකි. ගොබ් ඉරිදා ජයග්‍රාහී ලීලාවෙන් ජෙරුසලමේ නුවරට වැඩම කල ජේසුස් වහන්සේ තම ප්‍රාණය පුජා කිරීමට පෙර දින වූ මහා බ්‍රහස්පතිනදා තම ගෝලයන් සමග වලදන ලද රාත්‍රී භෝජනය මෙම සතියේ පුජනිය වත්පිළිවෙත් වල ප්‍රධාන තැනක් ගනියි.

උන්වහන්සේ පුපය රැගෙන තුති පුදා එය කඩා තම ශාවක පිරිසට දෙමින් ” මේ මාගේ ශරීරයයි. අනුභව කරන්න. මා සිහි කිරීම පිණිස මෙය ඉෂ්ඨ කරන්න ” යැයි වදාළේ මෙදිනය. මෙහිදී ජේසුස් වහන්සේ පුජකයාණන් බවට පත්වූ සේක. ගුරු දේවයාණන් වුවත් ශාවකයන්ගේ පාද සෝදා සිප ගත් සේක. මිදී රස පාත්‍රය ගෙන ඊට ආසිරි ගන්වා එය තමාගේ රුධිරය බවට පත් කර පානය කරන්න යයි කි සේක. ක්‍රිස්තුන් වහන්සේ එදා කල දේ අද ශු. සතියේ මහා බ්‍රහස්පතින්දා සවස දිව්‍ය පුජා වේලෙහි මුළු ලොවම කිතුනුවෝ තම දේවස්ථාන වලට වී ඉමහත් බැතියෙන් හැම වසරකදීම සිහිපත් කරති.
ශු. සතියේ තවත් වැදගත් දිනක මහා සිකුරාදා. ජේසුස් වහන්සේ කපාල කදු මුදුනේ කුරුස ගසක තුන් පැයක් එල්ලී සිට තම ප්‍රාණය ලෝක සත්වයා වෙනුවෙන් පුජා කල දිනයයි. එය මහා සිකුරාදා නමින් හදුන්වනු ලබයි. එහෙත් ඉංග්‍රීසි බසින් එය හදුන්වනු ලබන්නේ Good Friday ලෙසය. මෙදින කිතුනුවෝ තම ස්වාමින් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් මනස්ථාපනයෙන් ගත කරයි. එක්වරු ශිලය රකිති. සවස් භාගයේ දේවස්ථානයේ දුක්ප්‍රාප්ති මෙහෙයට සහභාගී වෙති. පාදනමස්කාරයේ යෙදෙති. කුරුසිය සිපාචාර කරති. අවසානයේ ජේසුස් වහන්සේගේ ශ්‍රී දේහය පාමුල වැද වැටි එතුමාණන්ට ගෞරවය දක්වති.

බොහෝ රටවල මහා සිකුරාදා ප්‍රසිද්ධ නිවාඩු දිනයක්ය. ක්‍රිස්තුන් වහන්සේගේ මරණයේ සුවිශේෂී අවස්ථා විදහා දක්වන පාස්කු නාට්‍ය මෙදින තැන තැන වේදිකා ගත වේ. පසන් ලතෝනි ගායනා මෙහිදී ඉදිරිපත් කිරීම සිරිතකි. ශු. සභාව හා සභා පාලකයන් උදෙසාත් රටේ රාජ්‍ය පාලකයන් හා අන්‍යාගමිකයන් උදෙසාත්, රෝගීන් , සිරකරුවන්, පිදිතයන්, වන්දබුවන් ,අනාථවුවන් උදෙසාත් මහා සිකුරාදා දින දේවස්ථානය තුල විශේෂ යාච්ඤාවක් පැවැත්වෙයි.
පසුදින එළබෙන සෙනසුරාදා දිනද කිතුනුවන්ට ඉතා වැදගත්ය. මෙදවස ආලේලුයියා සෙනසුරාදා වශයෙන් හදුන්වනු ලබයි. එදින රාත්‍රී යාමයෙහි පැවැත්වෙන පුජා මෙහෙය ආලෝකයේ හා ජලයේ මංගල්‍ය රාත්‍රිය හැටියට හැදින්වේ. ඊජිප්තු දේශයෙහි සෑහෙන කාලයක් පාරාවෝගේ දරුණු පාලනයට නැතුව සිටි හෙබ්‍රෙව් ජනයා රතු මුහුද මැදින් පොරොන්දු දේශයට පැමිණි ආනන්ද ජනක රාත්‍රිය මෙදින සිහිපත් කෙරේ.

සියලු පහන් නිවා දමා මුළු දේවස්ථනයම අදුරේ තබා මහා දොර ලග ගිනි දල්වා මේ ගිනි දැල්ලෙන් පුජා ප්‍රසාදී තුමා පාස්කු පහන දැල්වීම සිරිතකි. මේ ඉටිපන්දමේහි කටුවකින් කුරුසියේ ලකුණු සටහන් කර ග්‍රීක භාෂාවෙන් පළමු හා අවසාන අකුරද සටහන් කරයි . අල්ෆා හා ඔමේගා ඒ අකුරුය. වතුරෙන් පිරුණු ඒ ජල බදුන් තුලට පාස්කු ඉටි පන්දම බස්වා ආසිරි ගැන්වීමද මෙම රාත්‍රි මෙහෙයට ඇතුලත්ය. ආසිරිපැන් නමින් හදුන්වන්නේ මෙම ආශිර්වාද කල ජලයයි. බැතිමත්හු මෙම ජලය භාජන, බෝතල වලට පුරවා තම නිවෙස් වලට ගෙන යති. යක්ෂ දේශ වලින් ආරක්ෂා වීමටත්, රෝගීන් හා තම නිවෙස් හෝ ගොඩනැගිලි ආශිර්වාද කිරීම වැනි දේ සදහා මෙම ආසිරි පැන් යොදා ගනී. තවද ප්‍රසාද ස්නාපන පොරොන්දු අලුත් කිරීම , යක්ෂයා ප්‍රතික්ෂේප කිරීම තුලින් නව ජීවිතයකට ප්‍රවිෂ්ඨ වීමේ ක්‍රියාදාමය ආලේලුයියා සෙනසුරාදා මෙහෙය තුල සිදු කෙරෙන ප්‍රධාන ක්‍රියාවකි.

ශු. සතියේ කුඨ ප්‍රාප්තිය පාස්කු ඉරිදායි. ක්‍රිස්තුන් වහන්සේ තම දෙවිකත්වය මනුසතට ප්‍රකාශ කරමින් මරු පරදා මළවුන්ගෙන් උත්ථාන වීම මෙදින අනුස්මරණය කෙරේ. පාස්කුව ජයග්‍රහණයේ මංගල්‍යයකි. තමන් මරණු ලැබුවද, මළවුන්ගෙන් උත්ථාන වී ජිවතුන් හා එක් වන බව ක්‍රිස්තුන් වහන්සේ කලින් පවසා වදාළ සේක. තවද නැගිට වදාළ ක්‍රිස්තුන් වහන්සේ දින සතලියක් තම සගයන් හා නෑ හිතවතුන් සමග ජිවත් වූ සේක.

ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන නොවුවා නම්, ක්‍රිස්තියානි ආගමක් නැත. ගුරු දේවයාණන් සියැසින් දුටු ක්‍රිස්තු ශාවකයෝ ඊට සාක්ෂි දැරුහ. ලියා තැබුහ. ක්‍රිස්තු ධර්මය ඇදහිල්ලක් හා විශ්වාසයක් බවට පත්වුයේ ක්‍රිස්තුන් වහන්සේ මෙම මළවුන්ගෙන් නැගිටීමත් සමගය. මෙයාකාරයෙන් බලන විට ශුද්ධවූ සතිය ක්‍රිස්තු ඇදහිල්ලේ හා විශ්වාසයේත් පදනමයි.

fans Son of God - ජේසුගෙ දරුවෙක් Highlight ජේසුගේ දරුවෙක් - Son of God

21/02/2024

Necmart වෙළඳ සැල සේවයට රියදුරු කෙනෙක් අවශ්‍ය 25-35 අතර වඩාත් සුදුසුය ‍,මාදම්පේ ගලහිටියාව +972503196911 WhatsApp call

Address

Shemuel Hanagid 26
Jerusalem
91000

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Catholics in Holy Land posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share