Srilanken Watford Chatholic Chaplaincy

Srilanken Watford Chatholic Chaplaincy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Srilanken Watford Chatholic Chaplaincy, Religious organisation, Rickmansworth.

12/06/2024
11/06/2024

Share your videos with friends, family, and the world

11/06/2024

*දවසේ ආරම්භ යැදුම...*

සැනසිලිදායකයාණන් වන සමිදාණෙනි‍,
තවත් දිනක නැවුම් බව රැගෙන අප වෙත පැමිණි ඔබ වහන්සේට සදා ස්තුතී ප්‍රශංසා වේවා!
දයාබර දෙවි සමිදුනි‍, විඩාබරව වේදනාකාරීව දිවි ගෙවන ඔබ වහන්සේගේ දරුවන් සැම වෙතට ගැළවීමේ පණිවිඩය ජනතා හද ගැස්මට ළඟා කරලීමට ඔබ වහන්සේගේ දූත කාර්යේ නියැලෙන දරුවන් සැමව දේව වරප්‍රසාදයන්ගෙන් සවිමත් කළ මැනව.
කරුණාබරිත පියාණනි, අභියෝග රැසක් තුළ ඉදිරියට පා තබන කිතු දහම රැක ගැනීමට මහත් වෙහෙසක් දරන ශුද්ධවු සභාවේ කැප වී වැය වී තම දූත කාර්යයට පණ පොවන සැමට පැමිණෙන අභියෝගයන්ට නිර්භයව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය හා ප්‍රඥව ලබා දුන මැනව. එමෙන්ම පියාණනි‍, පවතින කාළගුණය හේතුවෙන් පීඩාවට පත් වී සිටින සියලු දෙනාට අවශ්‍ය උපකාර ලබා දීමට හා උදව් උපකාර කළ හැකි ජනතාවට පරාර්ථකාමී සිතුවිලි සිත් තුළ රෝපණය කළ මැනව.
එලෙසම සියලු දරුවන්ගේ මාතාව ලෙස පිදුම් ලැබූ දයාබර මෑණියනි‍,
දෙමව්පියන්ගේ නොමනා ක්‍රියවන් නිසා මානසිකව පමණක් නොව කායිකව ද පීඩා විදින සියලු දරුවන්ට අහිමි වී ගිය මව්පිය සෙනේහස නැවත උරුම කර දීමට මෑණියනි පිහිට වුව මැනව.
~ ආමෙන් ~

11/06/2024

අද අපි ශු බයිබලයෙ පුරාණ ගිවිසුම නැතිනම් පුරාණ ගිවිසුමේ පොත් ගැන පොඩ්ඩක් ඉගෙන ගමු.

ශු බයිබලයේ පුරාණ ගිවිසුමේ පොත් කීයක් තිබෙනවාද?

පුරාණ ගිවිසුමේ ඇති පොත් ගනන 46ක්

මෙම පොත් 46 කොටස් 5 ට බෙදා වෙන්කළ හැක

1. පංච පුස්තකය
මෙහි ඇති පොත් ගනන 5කි

2. ඉතිහාස පොත්
මෙහි ඇති පොත් ගනන 16කි

3.ප්‍රඥා සාහිත්‍ය
මෙහි ඇති පොත් ගනන 7කි

4. දිවැසිවර ග්‍රන්ථ
මෙහි ඇති පොත් ගනන 17කි

5.එළිදරව් සාහිත්‍ය
මෙහි ඇති පොත් ගනන 1කි

අපි අද ශු බයිබලයේ පලමු පොත් 5 ගැන ඉගෙන ගමු.

පංච පුස්ථකය යනු බයිබලයේ පලමු පොත් පහට කියන නම වන අතර, බොහෝ බයිබල් විද්වතුන් මෙය මෝසේස් විසින් ලියු බවට විශ්වාස කරයි. කෙසේ වුවත් මෙහි කතෘ ගැන පැහැදිළි හැදින්විමක් නොතිබුනත්, එහි බොහො කොටස් මොසේස් ලියු බව පැහැදිලි කරයි. (නික්මයාම17:14; 24:4-7; ගණන් කථාව 33:1-2; දිවිතිය කථාව 31:9-22). එසේම යේසුස් වහන්සේ ද ලුක් 24:44 පරණ ගිවිසුම මෝසේස්ගේ ව්‍යවස්ථා පොත ලෙස හැදින්වු සේක. සමහර වගන්ති දෙස බැලු විට, මෝසේස් නොව තවත් කතෘ කෙනෙකු විසින් මෙම පංච පුස්ථකය ලියා තිබෙන බව අපට හැඟෙයි. උදාහරණයක් වශයෙන් ද්විතිය කථාව 34:5-8 මෝසේස්ගේ මරණය හා භුමිදානය යන ඒවා වේ. නමුත් බයිබල් විද්වතුන් පවසන්නේ මෙම පොත් වල බහුතරයක් මෝසෙස් ලියු බවයි. දෙවියන්වාන්සේ මෝසේස්ට එළිදරව්වී කල යැයි සිතන අතර මෙම පොත් වල කතෘන් කවුරු වූවත්, ප්‍රධාන කතෘ දෙවියන්වහන්සේ වන සේක. එසේම මෙම පොත් අදටත් එසේම පවතියි.

“Pentateuch” යන වචනය ග්‍රීක වචන වල එකතුවකි. “five,” යනු පහ ය. මෙම පංච පුස්ථකය, පළමු කාණ්ඩ තුනෙන් එකකට අයත්, යුදෙව්වරුන්ගේ ත්‍රිපිටකයට සමාන වේ. ක්‍රි.ව. 200 කට පමණ ඈත අතීතයේ, පෙන්ටටියුක් යන නම පළමු පොත් පහ සඳහා ටර්ටියුලියන් නැමැත්තා විසින් නම් කරනු ලදි. ව්‍යවස්ථාව යන අර්ථය ගෙන දෙන, ටෝරා නම් හෙබ්‍රෙව් වචනයද දෙනු ලැබේ. උත්පත්ති, නික්මයාම, ලෙවි කථාව, ගණන් කථාව සහ ද්විතිය කථාව මෙම පොත් පහ වේ.

යුදෙව්වරු පරණ ගිවිසුම කොටස් 3 කට බෙදන ලදි. ව්‍යවස්ථාව, දිවැසිවරු සහ ලියවිලි යනුය. ව්‍යවස්ථාවේ, මැවිල්ලේ පසුබිම අඩංගු වන අතර, දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම් සහ තෝරාගත් ජාතිය වන යුදෙව්වරුන් ගැන සඳහන් වේ. එසේම සීනායි කන්දේදී ඊශ්‍රායෙල් සෙනගට දෙන ලද ව්‍යවස්ථාවද අඩංගු වේ. විවිධ නම් වලින් මෙම පොත් පහ විස්තරවේ. යොෂුවා 1:7, ව්‍යවස්ථා පොත ලෙස හැඳින්වේ. මෝසෙස් විසින් දෙනු ලැබු ටෝරාව නිසා, මෝසෙස්ගේ ව්‍යවස්ථාව ලෙස හැඳින්වේ (1 රාජාවලිය 2:3).

පෙන්ටටියුක් නම් බයිබලයේ පළමු පොත් පහ දෙවියන් වහන්සේගේ ආරම්භක ප්‍රගතිය මනුෂ්‍යට එළදරව් කළ සේක. උත්පත්ති පොතෙහි මැවිල්ලේ ආරම්භය, මනුෂ්‍යාගේ වැටීම, ගැළවීමේ පොරොන්දුව, මනුෂ්‍යාගේ සංස්කෘතිය සහ දෙවියන්වහන්සේ තෝරාගත් ජාතිය වන ඊශ්‍රායෙල් සමඟ ගිවිසුමේ සම්බඳතාවය මෙහි අඩංගු වේ. ඊශ්‍රායෙල් ජනතාවගේ වහල් කමින් නිදහස් විමේ ගිවිසුම සහ පොරොන්දු දේශයට යෑම සඳහා සූදානම, නික්මයාම පොතෙහි සදහන් වේ. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුවූ ලෙස (උත්පත්ති 15:13) අවුරුදු 400 ක වහල්කමින් ඊශ්‍රායෙල් ජනතාව නිදහස් කර පොරොන්දු දේශයට ගෙන ගිය සේක් යැයි සඳහන් වේ. සීනායි කන්දේදි ඊශ්‍රායෙල් සෙනග සමග දෙවයන් වහන්සේ ඇති කළ ගිවිසුමද, මණ්ඩපය සැදීම සඳහා සැලැස්මද, දස පනත දීම සහ ඊශ්‍රායෙල් සෙනග උන්වහන්සේට නමස්කාර කළ යුතු ක්‍රමද මෙම පොතේ සඳහන් වේ.

ගිවිසුම් ලත් සෙනගක් වූ ඊශ්‍රායෙල් සෙනග දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතු විධි සහ ඔවුන් කෙරෙහි ආණ්ඩු කිරීම ගැන උපදෙස් ලෙවි කථා පොතෙහි සඳහන් වේ. යේසුස්වහන්සේගේ සම්පූර්ණවූ කුරුසි පූජාවට පෙර දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනග කෙරෙහි ඇති දැක්ම සඳහා තිබෙනා පූජා ක්‍රම මෙම පොතෙහි සඳහන් වේ.

අවුරුදු 40 ක කාන්තාර ගමන සහ එහි සිදුවූ අවස්ථා, දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට උපදෙස් සහ උන්වහන්සේගේ ගිවිසුම ලත් සෙනග ලෙස ජීවත්වීම ගැන ලෙවි කථාවේ සඳහන් වේ. ද්විතිය කථාව පංච පුස්ථකයේ අවසාන පොත වේ. මෙම පොත දෙවැනි ව්‍යවස්ථාව ලෙස ද හැඳින්වේ. මෙහි ඊශ්‍රායෙල් ජනතාව පොරොන්දු දේශයට යාමට පෙර මෝසෙස් විසින් කියනු ලැබු අවසාන වචනද සඳහන් වේ (ද්විතීය කථාව 1:1). ද්විති කථාවේ දෙවියන් වහන්සේ විසින් සීනායි කන්දෙදි දෙනු ලැබු ව්‍යවස්ථාව ගැන නැවත නැවතත් සඳහාන් වේ. ඊශ්‍රායේල් සෙනඟ ඔහුන්ගේ නව ජීවනයට ඇතුල්වීමත් සමගම දෙවියන් වහන්සේ විසින් දෙන ලද දස පනත හා ආශිර්වාද ලබා ගැනිමට හැකි බවත්, අකිකරු වුවොත් ලැබෙන ශාපය ගැනත් මෝසේස් සිහි කරයි. පංච පුස්ථකයේ අඩංගු පොත්වල ඓතිහාසික සිදුවීම් ඇතුලත්වු බැවින් එය ඓතිහාසික පොත් බවට හැඳින්වේ. මෙම පොත් පහ ටෝරා නැතහොත් ව්‍යවස්ථාව නමින් හැඳින්වු නමුත් ඊට වඩා තේරුමක් ඇතුලත් පොත් වේ. දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්මට මෙම පොත් පහ පසුබිමක් වේ. බයිබලේ සඳහන් අනිකුත් පොත් ලෙසම පොරොන්දු දිවැස්වැකි සහ අවසාන වශයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පුර්ණත්වය ගැනද පංච පුස්ථකයේ සඳහන් වේ.

19/05/2024

06/05/2024

"දේව මාතාවෝ." - Mary, Mother of God- THEOTOKOS.
============================================
මරියාවන් සදහා කතෝලික සභාවේ බහුලව භාවිතා වන නාමය, මෙම නාමයයි . මරියතුමිය 'දේව මාතාවන්' {THEOTOKOS} ලෙස පිළිගැනීම කතෝලික සභාවේ මරියාවන් පිලිබදව ඇති දෙවන විශ්වාසයේ දේව ධාර්මික ප්‍රකාශය(Dogmatic Proclamation )වේ. ජේසු බිලිදාණන් වඩාගෙන සිටින ප්‍රතිමා හෝ පින්තූර වලින් හුවා දැක්වෙන්නේ මරියාවන් පිලිබදව ප්‍රකාශවන මෙම නාමයයි. මෙම නාමයට දිගු ඉතිහාසයක් ඇත. තුන්වන ශත වර්ෂය අවසානයේ පටන් විවිධ පුද්ගලයින් විසින් මෙම නාමය මරියාවන් සදහා භාවිතා කර ඇති බව ඉතිහාසය තුල ඉතා පැහැදිලිය. නමුත් කොන්ස්තන්තිනෝපල් හි නෙස්ටෝරියස් (ක්‍රි.ව.386-450) විසින් ජේසුට මනුෂ්‍යත්වයක් හා දේවත්වයක් ඇති නමුත් මරියාවන් විසින් ලොවට බිහි කලේ මනුෂ්‍යත්වය පමණක් බවත් ඒ නිසාම මරියාවන් 'දේව මාතාවන්' නොව 'ක්‍රිස්තු මාතාවන්' ලෙස පමණක් හැදින්විය යුතු බව ප්‍රකාශ කරන ලදී. ඔහුගේ මෙම මත වාදය බොහෝ දේව ධර්මවාදීන් විසින් ප්‍රතික්ෂේප කල අතර එහි පෙරමුණේ සිටියේ ඇලෙක්ස්සැන්ද්‍රියාවේ සිරිල් ( ක්‍රි.ව.376-444) ය. නෙස්ටෝරියස් ගේ මතවාදය ප්‍රධාන වශයෙන් ශු.ලියවිල්ල තුල අඩංගු වී ඇති දෙවිදාණන්ගේ මාංශගතවීම ප්‍රතික්ෂේප කරන ප්‍රකාශයක් විය. සභාවේ විශ්වාසයේ ඉගැන්වීම් පිලිබදව ඇතිවූ මෙම තත්වය නිසා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සදහා සභා මුලිකයන් තුර්කියේ එෆේසස් (Ephesus ) නුවර එකතු වූ අතර එය කතෝලික සභාවේ 3 වන මන්ත්‍රණ සභාව විය.1වන මන්ත්‍රණ සභාව ජෙරුසලෙම් මන්ත්‍රණ සභාවයි( ක්‍රියා 15). මෙම එෆේසස් මන්ත්‍රණ සභාවේ දීර්ඝ සාකච්චාවකින් පසුව ක්‍රි.ව.431 දී , ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු පුර්ණ වශයෙන් මනුෂ්‍යත්වය හා දේවත්වය ආරම්භයේ පටන්ම එකට බද්ධව පවතින තැනැන්වහන්සේ බවත්, මරියවන්ගේ කුසෙහි පිලිසිදගත්තේ ඒ තැනැන්වහන්සේ බවත්, ඒ නිසාම මරියාවන් 'දේව මාතාවන්' ලෙස ප්‍රකාශ කිරීම නිවැරදි බවත් ප්‍රකාශ කරන ලදී. මෙහිදී මරියාවන්ට දුන් විශේෂ නාමය 'THEOTOKOS' විය. මෙය ග්‍රීක වදනක් වන අතර එහි අරුත නම් THEO - දෙවියන්වහන්සේ. TOKOS උසුලන්නා,දරාගන්නා යන්නයි. එබැවින් THEOTOKOS යනු මරියාවන් පිළිබද ප්‍රකාශවූ විශ්වාසයේ ප්‍රකාශයක් පමණක් නොව, ක්‍රිස්තුස් වහන්සේ පිළිබදවද ප්‍රකාෂවූ විශ්වාසයේ ප්‍රකශයක්ද වේ. දේව මාතාවන් ධර්මයාණෝ තම කුසෙහි පිලිසිදගත් මොහොතේ පටන් කුරුසියේ මරණය දක්වා ජේසු සමිදුන් සමග බද්ධව සිටියාක් මෙන් අපටද ධර්මයාණන් සමග බද්ධව සිටිමින් එම ධර්මය ලොවට ප්‍රකාශ කරන්නට දේව මාතාවෝ අද අප කැදවන්නීය.

මරියනී දේව මාතාවෙනී,
අප නිසා යාච්ඤා කළ මැනවි.

~ උපුටා ගැනීම ~
ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියන දේව මාතාවන් පිළිබද ලිපි එකතුවෙන්.....

06/05/2024
06/05/2024

ශු. දොමිනික් සාවියෝ තුමා ( 1842 – 1857 )

ශු. දොමිනික් සාවියෝ තුමා, ශු. ජෝන් බොස්කෝ තුමාගේ ප්‍රථම ශිෂ්‍යයන්ගෙන් කෙනෙකි. ඔවු උපත ලැබුවේ 1842 අප්‍රේල් මස 02 වන දින ඉතාලියේ, මුර්තාන නගරයේ පිහිටි මුරිඅල්ඩෝ ග්‍රාමයේය. ඔවුගේ පියා චාල්ස් සාවියෝ වන අතර ඔහුගේ මව බ්‍රිජෙට්ය. දොමිනික් ළමා විය තම ගෘහයේ ගත කළේය. සාමකාමී වාතාවරණයක් ඇති තම ගෘහයේ ඉතා භක්තිමත් දෙගුරුන්ගෙන් ආත්මික පෝෂණය ලැබූ දොමිනික් දෙවියන් වහන්සේගේ මහත් ආලෝකයක් සහ වරප්‍රසාදයක් ලැබීමට භාග්‍ය ලැබුවේය. ඔහුගේ මිසම භාර ජෝන් පියතුමා ද මේ දරුවාගේ හදවත තුල දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ප්‍රේමයක්ද දෙව්මව් කෙරෙහි ගැබුරු භක්තියක්ද දැක්වීමට සහයෝගය දුන්නේය.

කුඩා කල සිට පාන්දර පහට දේවස්ථානයට ගොස් දිව්‍ය පුජාවට උදව්වීම ඔහුගේ පුරුද්දක් විය. ඉන්පසු සැහෙන වෙලාවක් යාච්ඤාවේ යෙදීමටද අමතක නොකළේය. වැස්සේ හෝ තද අව්වේ හෝ කිලිපොලා යන තද ශිත කාලයේ හෝ බොහෝ උෂ්ණ කාලයේදී හෝ මේ දරුවා නොවරදවා දේවස්ථානයේ කටයුතුවලට සහභාගීවීම සදහා පැමිණියේය.

​දොමිනික් පිරිමි ළමුන්ගේද ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන ලමුන්ගේද සාන්තුවරයාය. ඒ මන්දයත් අවුරුදු 7 සිට මිසම භාර පියතුමාගෙන් ජෙසුව ලබන්නට දෙන ලෙස නිතර නිතර ඉල්ලා සිටි නමුත් පියතුමා දැන්වූයේ වයස අවුරුදු 12 වනතුරු සිටින ලෙසය. ඔහුගේ භක්තියත්, ආශාවත් දුටු පියතුමා දිනක් ඔහුට මෙසේ කිය. ” මම පාස්කුවට ඔබට ලස්සන තෑග්ගක් දෙන්නට යනවා. එදින මම ඔබට ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය මගින් ජේසුව දෙනවා. දොමිනික් උඩ පැන අත්පොලොසන් දී ප්‍රථම පිම්මේ දුවගොස් තම දෙමාපියන්ට මේ ආරංචිය දැන්විය. ඉන්පසු සැමදාම මහත් භක්තියකින් ඔහු දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත්තේය.

පසුව ඔහු ජෝන් බොස්කෝතුමාගේ ආයතනයට ඇතුල් විය. දෙවියන් වහන්සේගේ සේවයෙහි නිරතවිමද අන්‍යයන් ලවා උන්වහන්සේට ප්‍රේම කිරීමට උගැන්වීමද බලවත් අපෝස්තලික සේවයක් බව මෙම දරුවා ජෝන් බොස්කෝ පියතුමාගේ මග පෙන්වීම යටතේ උගත්තේය. ජෝන් බොස්කෝ ආයතනයේ සිට ළමුන්ට සැබෑ ක්‍රිස්තියානි ජිවිතයක් ගත කිරීමට තම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔහු ආදර්ශමත් විය.

එහෙත් ඔහු බරපතල ලෙස රෝගාතුර විය. එබැවින් ජෝන් බොස්කෝ පියතුමා ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහුගේ මාපියන් වෙතට ඔහු යවන ලදී. තම ගෘහයේදී ද නොකඩවා ශුද්ධවන්ත යාච්ඤාමය ජිවිතයක් ගත කරන ලදී.

වර්ෂ 1857 මාර්තු මස 9 වන දින ඔහු මරණාසන්නව සිටි අවස්ථාවේදී අලංකාර දර්ශනයක් දැක, ශබ්ද නගා මෙලෙස කිවේය. ” අහෝ කොතරම් අලංකාර දර්ශනයක් දැන් මට පෙනේද ? ”

ඔබත් දොමිනික් සාවියෝ තුමා මෙන් ජේසුව භක්තියෙන් ලබනවාද ? දොමිනික් සාවියෝ තුමාගේ යාච්ඤා මධ්‍යස්තකම ඉල්ලා යාච්ඤා කිරීමෙන් ගර්භනී මව්වරුන්ට පහසු දරු ප්‍රසුතියකට උදව්වූ බව අවස්ථා කිහිපයකින් ඔප්පු විය.

𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි

06/05/2024

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සෑම දරුවෙක්ටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සහ ප්‍රඥාව නොමදව ලැබේවා.

✝️♥️🙏

Address

Rickmansworth

Website

Alerts

Be the first to know and let us send you an email when Srilanken Watford Chatholic Chaplaincy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share