Bhante Samitha Akurala & Dhamma Nikethanaya Buddhist Centre UK

Bhante Samitha Akurala & Dhamma Nikethanaya Buddhist Centre UK Buddhist Scholar Monk Secular Teacher in Mindfulness Meditation Psychotherapy Counselling & Education

සසර නිවන ගමන...කළණ  මිතුරු ඇසුර.Saṁsāra Nibbāna Journey... Spiritual Friendship.
15/06/2026

සසර නිවන ගමන...
කළණ මිතුරු ඇසුර.
Saṁsāra Nibbāna Journey...
Spiritual Friendship.

13/06/2026

Vesak Poya Programme 2026 Celebrated with devotion, faith & Wisdom

ශ්‍රද්ධාවෙන්, ප්‍රඥ්ඥාවෙන් සහ බැතියෙන් සැමරූ වෙසක් පෝය වැඩ සටහන 2026

සාතිශය සංවේගය...Deepest Sympathies...සංඛාරා නහි සස්සතා - සංස්කාරයෝ සදාතනිකව පවත්වා ගත නොහැකිය. Sankhara Nahi Sassata - C...
13/06/2026

සාතිශය සංවේගය...
Deepest Sympathies...

සංඛාරා නහි සස්සතා - සංස්කාරයෝ සදාතනිකව පවත්වා ගත නොහැකිය.
Sankhara Nahi Sassata - Conditions are not eternal.

අපහට ඉතාමත් සෙනෙහසින් කල්‍යාන මිත්‍රත්වයෙන් ආචාර්යෝත්තම ස්වාමින් වහන්සේ නමක් වූ
සම්බුදු සසුන බබුලුවාලූ කීර්තිමත් සංඝ පීතෘන්වහන්සේ නමක් වූ
අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ මහා විහාරය ඇතුළු විහාර පරපුරේ විහාරාධිපති,
ගා/ශික්‍ෂාලංකාර පිරිවෙනේ කෘත්‍යාධිකාරි,
අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක ධුරන්දර,
ආචාර්ය කොස්ගොඩ සුභූති අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට
උතුම් නිවන් සුවය ලැබේවා!

One of our dearest spiritual teacher who always treated us with utmost affection and a renowned Buddhist Monk who shined the Samma Sambuddha Sasana,
Head Monk of Ambalangoda Randombe Sangharaja Maha Vihara and few
other temples in Sri Lanka,
Director of G / Shikshalankara Maha Pirivena &
Senior Deputy Chief Prelate of Amarapura Siri Sadhamma Wansa Maha Nikaya,

Most Venerable Kosgoda Subhuthi Anunayaka Maha Thero
May he attain blissful Nibbana!

අස්සකෝ ලෝකෝ - සබ්බං පහාය ගමනීයං
කිසිවක් අපට අයිති නැත - සියල්ල හැරදා යා යුත්තෝ වෙමු.

Assako loko sabbam pahaya gamaniyam
No ownrship in this word. All have to pass on, leaving everything behind.

එක්සත් රාජධානියේ වැඩ සිටින පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ ඇතුළු
ලෙච්වර්ත් ධම්ම නිකේතනය බෞද්ධ මධ්‍යස්ථානයේ සහ
මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ සියළු දායක පිරිස.

Venerable Akurala Samitha in The United Kingdom and all devotees at Letchworth Dhamma Nikethanaya Buddhist Centre and Milton Keynes Vihara

11.06-2026

12/06/2026

සීලවන්තං ගුණවන්තං ගාථාව
Seelawanthan Gunawanthan Gatha

සිරිමත් මහ සඝ රුවන බැතියෙන් වන්දනා කරමු.
Let’s worship the Great Sangha (Noble Sons of Lord Buddha)

සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.

සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.

සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් බදු වූ ස්වාමින් වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.

සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.

sīlavantaṁ guṇavantaṁ
puññakhettaṁ anuttaraṁ
dullabhena mayā laddhaṁ
vandituṁ passituṁ varaṁ.

sāri puttādi therānaṁ
āgataṁ paṭipāṭiyā
saddhā sīla dayā vāsaṁ
buddha puttaṁ namā mahaṁ.

I pay my homage to the Great Sangha (the sons of the Buddha) with reverence, who are virtuous, attribute good qualities, a field of merit beyond compare and a rare privilege for me to have.

I bow to the Great Sangha (the sons of the Buddha), who are descended from great Theras such as Sariputta, who live with faith, virtue, and kindness.

මෙමා සිදු කළ සියළු පිං ඵල සමිදු ගුණයට එකතු වේවා...
සුසිල් දිවියේ පිරූ අපමණ කුසල් සම්පත් මට ලැබේවා...
නොදැන වූ යම් දොසක් වේ නම් නොදැන මාහට කමා වේවා...
පිරූ ගුණ සිල් දම් බෙලෙන් හිමි සසුන් ගුණයේ නිරත වේවා...

09/06/2026

Congratulatory Blessings from Venerable Akurala Samitha to
London Buddhist Vihara Centenary Celebration 1926-2026

සියවස සමරණ ලංඩන් බෞද්ධ විහාරයට පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේගේ සුභාශිර්වාද 1926-2026

London Buddhist Vihara celebrates 100th year. As an esteemed Buddhist Centre, I wish to convey my blessings and congratulations for the centenary sacred celebration of London Buddhist Vihara.

2026 වසරේදී සියවස සමරණ ලංඩන් බෞද්ධ විහාරයට අපගේ හෘදයාංගම සුභාශිම්ෂන පුද කිරීමට කැමතියි. ආසියාවෙන් පිටත එහෙමත් නැත්තම් බටහිර සහ යුරෝපයේ ආරම්භ කරන ලද පළමු විහාරස්ථානය ලෙස 1926 වසරේදී බෝධි සත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා විසින් ආරම්භ කරන ලද ලංඩන් බෞද්ධ විහාරය වර්ථමානයේ කීර්තිමත්ම විහාරස්ථානයක් ලංඩන් බෞද්ධ විහාරය ථෙරවාද බෞද්ධ මූලස්ථානයක් ලෙස සුවිශේෂ සේවාවක් සිදු කරනු ලබනවා.

එම සේවාවන් අගය කරමින් සියළු විහාරස්ථාන අතර මූලස්ථානය ලෙස රාජ්‍ය තාන්ත්‍රික, රාජකීය වගේම අන්තර් ආගමික සාමාජික පිලිගැනීමකට ලංඩන් බෞද්ධ විහාරය පාත්‍රවී තිබෙනවා.

මෙම ඓතිහාසික අවස්ථාවේ මෙම සම්භාවනීය තත්වය උදෙසා උදාර සහ මහත් කැපවීමෙන් විශිෂ්ඨ සේවාවක් සිදු කල ඉතිහාසය පුරා වැඩ සිටිය අති ගෞරවණිය නායක ස්වාමින් වහන්සේලාටත්, වර්ථමාන විහාරාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය ශාස්ත්‍රපති බෝගොඩ සීලවිමල නායක ස්වාමින් වහන්සේටත්, නියේජ්‍ය විහාරාධිපති ඒ වගේම දහම් පාසැලේ ප්‍රධාන ආචාර්ය සහ රාහුල පුණ්‍යායතනයේ ප්‍රධාන අනුශාසක අති පූජ්‍ය ශාස්ත්‍රපති තවලම බන්දුල මාහිමිපාණන් වහන්සේටත්, සියළු නේවාසික ස්වාමින් වහන්සේලාටත්, මහාබෝධි සංගමයේ භාරකාර මණ්ඩලයටත්, සියළු දායක පිංවතුන්ටත් අපගේ කෘතඥතාවය පුද කිරීමට කැමතියි.

London Buddhist Vihara was established in 1926 by the visionary leader, historical Sri Lankan Buddhist, a major reformer and a revivalist; Sir Anagārika Dharmapāla.

This the first Buddhist Centre established in Europe or Outside Asia.

We all are eternally grateful for the Founder Sir Anagārika Dharmapāla for initiating such a profound foundation in London the centre of the world. While we remember with deepest gratitude all renowned Most Venerable monks and members of the community who contributed enormously for the present progress, we truly admire the excellent work of present head monk Most Venerable Bogoda Seelawimala Sangha Nayaka Maha Thero the Chief Prelate of the United Kingdom and also the excellent work of the deputy head monk, the principle of London Buddhist Vihara Dhamma School and the founder of Rahula Trust Charity, Most Venerable Tawalama Bandula Maha Thero and Also all other venerable monks, Trustees and other members of the Vihara. Their dedication, vision and hard work to preserve, promote and propagate the prestigious services of London Buddhist Vihara, made a real difference to present progress.

London Buddhist Vihara has touched many hearts as an inspirational spiritual and cultural hub to many walks of life including government officials and diplomatic dignitaries. It has never been a destination. It has always been a mission (process) that rises and reaches beyond paradigms. We are indebted to the founder and all other abbots and devotes (members of the community) throughout the history who contributed generously to the present spiritual culmination of London Buddhist Vihara.

London Buddhist Vihara renders yeoman service to the community. Throughout the year it hosts various number of regular programmes such as cultural, spiritual, interfaith, mental health, social welfare activities, child sponsorship, relief Aid and blessings services. I am personally very proud to witness and support the great work of London Buddhist Vihara at this historic juncture of marking the 100 years mile stone of excellent service.

Inception of this vihara (temple) was a timely need when we carefully study the Involvement of Sir Henry Steel Olcott, Mrs Helena Blavatsky and others of the Theosophical Society and also the philanthropist Madam Mary Foster. Though this was long time ago, this purpose is still and more than before deeply relevant to the present climate of the world.

London Buddhist Vihara situated in the heart of London, the one of the prestigious city in the world, is not just a centre for Buddhists. Being a centre for Theravada school of Buddhism, London Buddhist Vihara continues to create a living bridge to all Buddhist denominations and Cultures, Mindfulness Meditation, Buddhist Education, Interfaith & social cohesion and even diplomatic relations.

We are pleased to see the service in motion at London Buddhist Vihara progressing from strength to strength abide by the foremost advice of the Lord Buddha;
“for the welfare of the many (Bahujana Hitaya), for the happiness of the many (Bahujana Sukkhaya), through compassion to the world (Lokanukampaya)”.

With deep gratitude, we admire the hard work and tireless contributions of The Head Monk of the London Buddhist Vihara and the Chief Prelate of the United Kingdom, Most Venerable Bogoda Seelawimala Sangha Nayaka Thero and also the Deputy Head Monk, the principle of London Buddhist Vihara Dhamma School and founder Member and Trustee of Rahula Trust Charity Most Venerable Tawalama Bandula Maha Thero and all other resident venerable monks, Trustees of Maha Bodhi Society and other members of London Buddhist Vihara.

All the monks and devotees of London Buddhist Vihara throughout the history adorably identified its vision and mission and foresee the future and prepare a ground for today, for all of us to proudly celebrate this historic mile stone of the journey of London Buddhist Vihara in the history of the Buddhist world.

May London Buddhist Vihara continue to shine bright!
May it live long with spreading the fame of Dhamma fragrance to every corner of the world and beyond.

Theruwan Saranai!
May there be the blessings of the Noble Triple Gem!

“Sukha Sanghassa Sāmaggi”
“The purity, unity, amity, stability and frequent congregations of Sangha (Noble Order of Monks) by all means are an abundant blessing to this universe.

"Chiran Titthatu Lokasmin - Samma Sambuddha Sasanan"
"Long may securely last in the whole universe, the teachings and the order of the Gauthama Lord Buddha".

it is with greatest honour and humility I convey my blessings to the Head Monk, Deputy Head Monk and all at London Buddhist Vihara.
A Very Happy, Successful and Prosperous Anniversary!
Wish you all a Remarkable and Historic Centenary Celebration!

Thank you.

Venerable Akurala Samitha
Letchworth Dhamma Nikethanaya Buddhist Centre
Milton Keynes Vihara

Sir Anagārika Dharmapāla Venerable Sri Devamitta Dharmapala (1864–1933)
Most Venerable Narada Nayaka Maha Thero (1898-1983)
Most Venerable Professor Hammalawa Saddhatissa Nayaka Maha Thero (1914–1990)
Most Venerable Dr Medagama Vajiragnana Nayaka Maha Thero (1928-2006)
Most Venerable Bogoda Seelawimala Nayaka Maha Thero (2004 onwards)
Most Venerable Tawalama Bandula Nayaka Maha Thero (1988 onwards)
Madam Mary Elizabeth Mikahala Robinson Foster (1844–1930)

03/06/2026

A Very Happy Birthday to
Our Most Venerable Tawalama Bandula Maha Thero.

ශාස්ත්‍රපති අති පූජ්‍ය තවලම බන්දුල පණ්ඩිත ස්වාමින් වහන්සේට
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා!

No one is born happy, but everyone is born with ability to create happiness.

කිසිවකුගේ උපත සතුටක් නොවුනාට සෑම කෙනෙක්ම සතුට ඇති කරගැනීමේ හැකියාවෙන් උපත ලබා ඇත.

"ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි" ගැඔුරු නුවණින් යුත් බුදු රජාණන් වහන්සේ විසින් මැනවින් දේශනා කරන ලද ආර්ය සත්‍යයන් ප්‍රත්‍යක්ෂ කර ගනිමින් සුවහසක් දන සුවපත් කරන උතුම් සංඝරත්නයක ගුණ දරණ සම්බුදු සසුන ශෝභාමත් කරන එක්සත් රාජධානියේ ලංඩන් බෞද්ධ විහාරාධිකාරී අප කළ්‍යාන මිත්‍ර ආචාර්යෝත්තම ශාස්ත්‍රපති අති පූජ්‍ය තවලම බන්දුල පණ්ඩිත ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ ජන්ම දිනයක් වේවා! චිරං ජයතු‍! සුඛී දීඝායුඛෝ භව!

Wishing A Very Happy Birthday to Our dearest Spiritual teacher Most Venerable Tawalama Bandula Maha Thero, deputy head monk of London Buddhist Vihara, who brightens up the Sammā Sambuddha Sāsana (Buddhist Community Dispensation)! As mentioned in Rathana Sutta, "Gambhīrapaññena sudesitāni" Realizing the noble truths so well preached by the wise Lord Buddha, possessing the virtues of a noble Sangha jewel that heals thousands hearts.

Our Most Venerable Tawalama Bandula Maha Thero is a great and a very senior monk who renders a yeoman service being the deputy head monk of London Buddhist Vihara, the principle of London Buddhist Vihara Dhamma School and the managing trustee of the Rahula Trust Charity!

At present he is one of the longest residence monk in the United Kingdom among the present community monks living the United Kingdom. Over 4 decades he actively engaged in social, spiritual, cultural, interfaith, welfare and various other work selflessly. He supports many needy children in many parts of the world. He is a very supportive monk for the other temples and monks in the UK as well as Europe and Sri Lanka. Acquiring academic credentials from Sri Lanka, India and UK he bears a wealth of vast learning, wisdom and highly experienced life. He is a great asset to our community the west. He fluently speaks English, Hindi and few other languages and also well known Dhamma speaker.

chiran jayathu! Long may shine the fame of our nayaka hamuduruvo.!
Sukhi Deegayu Ko Bhava!
May our Nayaka Hamuduruvo live long with good health.!

Dear All,උතුම් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් මැයි මස 30 වන සෙනසුරාදා සවස 6ට විශේෂ ආශිර්වාද බෝධි පූජාවක් සහ සෙත් පිරිත් දේශණ...
30/05/2026

Dear All,

උතුම් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන්
මැයි මස 30 වන සෙනසුරාදා සවස 6ට
විශේෂ ආශිර්වාද බෝධි පූජාවක් සහ සෙත් පිරිත් දේශණයක් පැවැත්වේ.

ඒ සදහා සහභාගී වීමට ඔබ සැමට මෙත් සිතින් ආරාධානා!

We Cordially Invite You to attend the Special Vesak Full Moon Poya Day Programme with Bodhi Pooja & Blessings Chanting on
Saturday 30th May 2026 at 6PM.

සියඵ සිත් පහන් වේවා! සැමට සෙත් වේවා!
May all minds be peaceful!
May grace be upon you all!

සැමට පිංබර වෙසක් දිනයක් වේවා!
Wishing you all A Very Happy Vesak Full Poya Day!

වෙසක් සම්බුද්ධ ජයන්තිය
Vesak Sambuddha Jayanthi Anniversary!
2026

🌷 සම්බුදු උප්ත්තිය (Birth Of Lord Buddha): 2650

🌷සම්මා සම්බුද්ධත්වය (Enlightenment): 2615

🌷පරිනිර්වාණය (Great Passing in Parinibbana): 2570

සියලු අකුසල් වලින් දුරුවීම හෙවත් භාවනා අරමුණක සිත පැවැත්වීම.
Be free from all unwholesome and focus on wholesome!

කුසල් කිරීම හා දියුණු කිරීම හෙවත් පංච නීවරණ යටපත් කිරීම.
Develop skilful merits by eradicating five hindrances.

තම සිත පිරිසිදු කිරීම හෙවත් සතර සතිපට්ඨානය තුල සිටීම.
Purify the mind by establishing in four frames of mindfulness!

සියලු බුදු රජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි!
The Admonition of All Lord Buddhas!

තෙරුවන් සරණයි!
May the Noble Triple Gem Bless you all.

Bhante Samitha Akurala and all at the Buddhist Centre
පූජ්‍ය අකුරළ සමිත ස්වාමීන් වහන්සේල සහ විහාරස්ථානයේ සියළු දෙනා
💐🙏💐🙏💐🙏

21/05/2026

Death & Dying Care Support in Buddhism
මරණය සහ මියයන අවස්ථාවේදී වැදගත් වන බෞද්ධ ආගමික සිරිත් විරිත්

What death and dying means in Buddhism
A Conversation with Bhante Samitha Akurala & Padma Wijeratne
The Culture of Dying Matters

No one deserves to die alone

Dying Matters Awareness Week Campaign
Buddhist Belief in Death and Dying

Anne Robson Trust put these videos together with the help Venerable Bhante Samitha Akurala and Padma Wijeratne, Buddhist Chaplains at NHS.

මරණය සහ මියයන අවස්ථාව සෑම කෙනෙක්ටම ඉතා වැදගත් නිසා බෞද්ධ ආගම දහම අනුව ඒ අවස්ථාවේ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න කෙටියෙන් පැහැදිලි කිරීමට මෙම වීඩියෝව අපි සකස් කලෙමු.

The purpose of these videos to bring companionship and support to people at the end of their life.

This video can help with healthcare organisations to help them set up teams of specialist volunteers who sit with patients in their final days and hours, so they are not alone.

Volunteers in NHS, Hospice and other health care settings sit with people from a wide variety of cultures and faiths. Each community has its own traditions and customs surrounding death and dying. This video explains the Buddhist perspectives.

සෑම සෞඛ්‍ය සේවා ආයතනයකම ස්වේච්ඡා සේවකයින් ජීවිතයේ අවසන් මොහොත ගත කරන පුද්ගලයන් ලග සිටිමින් ඉතා වටිනා සේවයක් සිදු කරයි.

සෑම පුද්ගලයෙකුටම ආවේනික මරණාසන්න මොහොතේ දී වැදගත් විශ්වාස සහ විවිධ සංස්කෘතික අංග තිබිය හැකිය.

මෙම වීඩියෝව බෞද්ධයෙකු මරණය සහ මිය යන අවස්ථාවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබද කෙටි පැහැදිලි කිරීමක් සිදු කරයි.

ඒ නිසා මියයන පුද්ගලයා තනියම ඒ දුෂ්කර අවස්ථාවට මුහුණ නොදෙන අතර අවසන් අවස්ථාවේ ගෞරවණීය ලෙස ඒ දේ සිදුවීම මහත් ආශිර්වාදයක් වෙයි.

How does your faith influence the way you think about death and dying?

Are there any rituals or beliefs that are followed as someone reaches the end of their life?

Could you tell us about the importance of Karma in Buddhism?

Are there any rituals or traditions that are followed after someone has died?

Cloud you tell us how death and dying are understood within Buddhism?

Is there a specific mourning period that's followed after someone dies?

Is there anything you'd like people who are't Buddhist to understand about Buddhism?

19/05/2026

ලූටන් සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල 2026
Luton Sri Lanka New Year

Luton Sri Lankan Welfare Association organized their Sri Lankan New Year Celebration for the third time on Saturday 11th...
19/05/2026

Luton Sri Lankan Welfare Association organized their Sri Lankan New Year Celebration for the third time on Saturday 11th April 2026 at Church of the sacred Heart Hall in Luton.

Bhante Samitha Akurala and other resident monks attended the ceremony.

ලූටන් ශ්‍රී ලංකා සුභසාධක සංගමය ඔවුන්ගේ ශ්‍රී ලංකා අලුත් අවුරුදු උත්සවය තුන්වන වරටත් 2026 අප්‍රේල් 11 වන සෙනසුරාදා ලූටන් හි පවත්වනු ලැබුවා.

අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ අනෙකුත් නේවාසික භික්ෂූන් වහන්සේලා උත්සවයට සහභාගී වූහ.

සිය දේශනය පැවැත්වූ අකුරළ සමිත ස්වාමින් වහන්සේ යහපත් පුරවැසියින් බිහිකිරීමටත් සාමය සහ සහජීවනයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීමටත් එකිනෙකාගේ මුල් සංස්කෘතික සහ සාමාජීය පරිසැරයන් වැදගත් වන බවත් ඒවා මේ රටේ හැදී වැඩෙන දූදරුවන්ට අත්විදීමට සැලස්වීම ඉතා වැදගත් කාරණයක් බවත් සිහිපත් කළහ.
ශ්‍රී ලංකාවේ වසර 3,000 කට වඩා පැරණි උසස් ශිෂ්ටාචාරය පිළිබිඹු කරමින් සිදු කරණ මෙබදු උත්සව සාම්ප්‍රදායික ආචාර ධර්ම, සිරිත් විරිත්, එකානෙකා අතර එකමුතුකම, සොබාදහමට කෘතඥතාව පළ කිරීම, පවුල් සබඳතා ශක්තිමත් සහ විවිධ ජනතාව එකමුතුකම ඇති කරන ආදී අනේක වටිනාකම් වලට නැවත ජීවයක් දීමක් ලෙස සැලකිය හැකිබවත් සිහිපත් කලහ.

සැමට සාමය, සතුට සහ සමෘද්ධිමත් ශ්‍රී ලාංකික අලුත් අවුරුද්දක් වේවායි උන් වහන්සේ ආශිර්වාද කලහ.

Sri Lankan New Year brings communities together in Luton
By David Jonathan

Published 13th Apr 2026, 11:40 BST
https://www.lutontoday.co.uk/news/opinion/sri-lankan-new-year-brings-communities-together-in-luton-6572505

Mr David Jonathan from Luton Today Paper reported as below.

Sri Lankan New Year brings communities together in Luton

Nearly 200 people attended the third Luton Sri Lankan New Year celebration, organised last weekend by an upcoming local community organization, the Luton Sri Lankans Welfare Association (LSLWA).

The event brought together families, children, and guests from diverse backgrounds to celebrate Sri Lankan culture, heritage, and unity.

Attendees enjoyed a rich programme of traditional music, dance performances, colourful cultural costumes, fun games for children, and delicious Sri Lankan food, with warm hospitality.

Religious leaders from the Letchworth Dhamma Nikethanaya Buddhist Temple graced the occasion and extended the traditional greeting Ayubowan – wishing everyone a long and happy life. The Venerable Akurala Bhante Samitha welcomed all and commended the LSLWA for its vital role in fostering a strong, supportive community environment, particularly for children growing up away from their homeland.

He emphasised the importance of maintaining emotional and cultural connections to one’s roots to nurture responsible citizens and harmonious communities. Reflecting on Sri Lanka’s 3,000 years old civilisation, he highlighted traditional values of unity, gratitude to nature, strong family ties, and community based celebrations bringing people of all backgrounds together.

He offered blessings for peace, happiness, and a prosperous Sri Lankan New Year for all.

The event was hosted by the Catholic Church of the Most Sacred Heart of Jesus in Stopsley. The Parish Priest Rev Fr Allan R Jones CRIC warmly welcomed all and reflected on the New Year as a universal time for renewal, reflection, and hope. Acknowledging that different cultures celebrate New Year at different times, he stressed the shared purpose of learning from the past while embracing the future.

Bedfordshire Police and Crime Commissioner John Tizard praised the celebration as an excellent example of cultural pride and contribution, highlighting Luton’s diversity of heritage and faith. He applauded the Sri Lankan community for celebrating their culture while respecting others, reinforcing unity, peace, and mutual respect. He also reaffirmed the police commitment to equal protection for all.

Deputy Mayor of Luton, Councillor Shahanara Naser, also recognised the LSLWA’s strong community impact, particularly its focus on empowering young people through inclusive activities that build confidence, leadership, and social responsibility, contributing to safer, more connected neighbourhoods.

The celebration concluded on a joyful note, wishing all Sri Lankans in Luton a very Happy and Prosperous New Year.

Address

Dhamma Nikethanaya Buddhist Centre, 69, Pix Road
Letchworth
SG61PZ

Opening Hours

Monday 6am - 10pm
Tuesday 6am - 10pm
Wednesday 6am - 10pm
Thursday 6am - 10pm
Friday 6am - 10pm
Saturday 6am - 10pm
Sunday 6am - 10pm

Alerts

Be the first to know and let us send you an email when Bhante Samitha Akurala & Dhamma Nikethanaya Buddhist Centre UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Bhante Samitha Akurala & Dhamma Nikethanaya Buddhist Centre UK:

Share