Wales Buddhist Vihara

Wales Buddhist Vihara Theravadic Buddhist Monastery

වේල්ස් බෞද්ධ විහාරයේ ඇසළ පොහොය පිංකම සහ වස් ආරාධනා පිංකම 2026වේල්ස් බෞද්ධ විහාරස්ථානයේ 2026 වර්ෂයේ වස් ආරාධනා පිංකම වේල...
29/07/2026

වේල්ස් බෞද්ධ විහාරයේ ඇසළ පොහොය පිංකම සහ වස් ආරාධනා පිංකම 2026

වේල්ස් බෞද්ධ විහාරස්ථානයේ 2026 වර්ෂයේ වස් ආරාධනා පිංකම වේල්ස් බෞද්ධ විහාරස්ථානයේ සහ බ්‍රිස්ටල් බෞද්ධ විහාරස්ථානයේ පූජනීය මහාසංඝරත්නයේ ගෞරවණීය වැඩමවීමෙන් සිදු කරන්න‍ට යෙදුණි.

විහාරස්ථානය ආරම්භ කිරීමෙන් පසු සිව්වන වතාවට සිදුවන මෙවර වේල්ස් බෞද්ධ විහාරස්ථානයේ කඨිණ පුණ්‍යමහෝත්සවයේ, ප්‍රධාන දායකත්වය දරන්නේ කාඩිෆ් ප්‍රදේශයේ පදිංචි පින්වත් රසික් අපෝන්සු මහත්මා, ශානිකා අසුරාරච්චි මහත්මිය සහ සෙනුල් අපෝන්සු පුතණුවන් ඇතුළු පවුලේ පින්වතුන් විසිනි.

Photo Credit - Buthsarani Weerasinghe

තෙරුවන් සරණයි
වේල්ස් බෞද්ධ විහාරය

වේල්ස් බෞද්ධ විහාරස්ථානයේ 2026 වර්ෂයේ වස් ආරාධනා පිංකම,🗓 දිනය: 2026 ජූලි මස 25 වන සෙනසුරාදා🕕 වේලාව: සවස 4.00 සිට📍 ස්ථානය...
23/07/2026

වේල්ස් බෞද්ධ විහාරස්ථානයේ 2026 වර්ෂයේ වස් ආරාධනා පිංකම,
🗓 දිනය: 2026 ජූලි මස 25 වන සෙනසුරාදා
🕕 වේලාව: සවස 4.00 සිට
📍 ස්ථානය: St Fagans Village Hall, Cardiff CF5 6DU

මෙම වර්ෂයේ ප්‍රධාන දායකත්වය
Cardiff ප්‍රදේශයේ පදිංචි
☸️රසික අපෝන්සු මහත්මා
☸️ශානිකා අසුරාරච්චි මහත්මිය
☸️සෙනුල් අපෝන්සු පුතණුවන්
ඇතුලු පවුලේ පින්වතුන් විසින්…

සැදැහැවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා..!
තෙරුවන් සරණයි!

ESALA POYA PROGRAM 2026
14/07/2026

ESALA POYA PROGRAM 2026

වේල්ස් බෞද්ධ විහාරස්ථානය මගින් සංවිධානය කරන ලද පොසොන් පෝය පිංකම 2026.06.20 වන සෙනසුරාදා දින බ්‍රිස්ටල් සහ වේල්ස් විහාරස්...
23/06/2026

වේල්ස් බෞද්ධ විහාරස්ථානය මගින් සංවිධානය කරන ලද පොසොන් පෝය පිංකම 2026.06.20 වන සෙනසුරාදා දින බ්‍රිස්ටල් සහ වේල්ස් විහාරස්ථානයන්හි පූජනීය මහා සංඝරත්නයේ ගෞරවණීය වැඩමවීමෙන් සහ වේල්ස්හි ජීවත්වන සැදැහැවත් පින්වතුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුණි.
මෙම උතුම් පිංකමේ ප්‍රධාන දායකත්වය දරණු ලැබුවේ පින්වත් වෛද්‍ය අසංක විජයවර්ධන මහතා සහ අදීෂා ලියනගුණවර්ධන මහත්මිය විසිනි.
මෙම උතුම් පිංකම සඳහා වෙහෙස මහන්සිවූ‍, කැපවූ
🌷පිංකම සංවිධානය කළ සියලු දෙනාටමත්,
🌷වැඩසටහනේ සැරසිලි‍, පිරිසිදු කිරීම ආදියෙන් සහයෝගය දැක්වූ සියලු දෙනාටමත්‍,
🌷ළමා වැඩසටහන සදහා සහයෝගය ලබාදුන් සියලු දෙනාටමත්
🌷දන්සල් සංවිධානය කළ සියලුදෙනාටමත්
🌷පින්වත් ඔබ තුළ කුසල් ඇතිකරවීමේ අපගේ උතුම් උතසාහයටත් කැපවීමටත් වටිනාකමක් එක්කිරීම පිණිස කොතෙකුත් බාධක‍, අවහිරතා‍, අපහසුකම් මැද වුවද පැමිණ සහභාගීවූ පින්වත් සියලු දෙනාටමත්
🌷දරුවන්ට පිං සිදු කරගැනීම පිණිස අවස්ථාව සළසා දුන් සියලු දෙමවුපියන්ටත්
🌷පැමිණ සහභාගීවීමට නොහැකිවූ සියලු දෙනාටමත්
අප විසින් ශ්‍රද්ධාසම්පන්නවූ මෙත් සිතින් කරන ලද මේ උතුම් කුසලය තමන් කළ කුසලයක් සේ අනුමෝදන් වේවා…!

තෙරුවන් සරණයි…!
වේල්ස් බෞද්ධ විහාරය

POSON POYA PROGRAM 2026Date: Saturday 20th of June 2026Time: 2.30 PM - 6.00 PMVenue:Rhydyfelin Community CentreDyffryn R...
15/06/2026

POSON POYA PROGRAM 2026

Date: Saturday 20th of June 2026

Time: 2.30 PM - 6.00 PM

Venue:
Rhydyfelin Community Centre
Dyffryn Rd, Rhydyfelin, Pontypridd CF37 5RW

The program of the day:

* Observing of Seela
* Buddha Vandana
* ⁠Boodhi Pooja
* ⁠Meditation
* ⁠Dhamma Discussion
* Dhamma Deshana
* Pirith Chanting
* Sharing merits

With Dansal

The Sponsors of this program are Dr. Asanka Wijayawardhana, Dr. Adeesha Liyanagunawardhane and Family in Cardiff

(Refreshments and Dansal will be served for the participants)

🙏 You are all warmly invited

Budu Saranai..!
Wales Buddhist Vihara

වේල්ස් බෞද්ධ විහාරස්ථානය මගින් සංවිධානය කරන ලද වෙසක් උදානය සීල සමාදාන පිංකම 2026.05.24 ඉරිදා දින බ්‍රිස්ටල් සහ වේල්ස් වි...
31/05/2026

වේල්ස් බෞද්ධ විහාරස්ථානය මගින් සංවිධානය කරන ලද වෙසක් උදානය සීල සමාදාන පිංකම 2026.05.24 ඉරිදා දින බ්‍රිස්ටල් සහ වේල්ස් විහාරස්ථානයන්හි පූජනීය මහා සංඝරත්නයේ ගෞරවණීය වැඩමවීමෙන් සහ වේල්ස්හි ජීවත්වන සැදැහැවත් පින්වතුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුණි.

මෙම උතුම් පිංකමේ ප්‍රධාන දායකත්වය දරණු ලැබුවේ පින්වත් හසන්ගනී ද සිල්වා මහත්මිය සහ නිමේෂන් සතසිවම් මහත්මා විසිනි.

මෙම උතුම් පිංකම සඳහා වෙහෙස මහන්සිවූ‍, කැපවූ
🌷පිංකම සංවිධානය කළ සියලු දෙනාටමත්,
🌷දානය පිළියෙළ කිරීමෙන් සහයෝගය දැක්වූ සියලු දෙනාටමත්
🌷වැඩසටහනේ සැරසිලි‍, දානය පූජාකිරීම‍, පිරිසිදු කිරීම ආදියෙන් සහයෝගය දැක්වූ සියලු දෙනාටමත්‍,
🌷ළමා වැඩසටහන සදහා සහයෝගය ලබාදුන් සියලු දෙනාටමත්
🌷දන්සල් සංවිධානය කළ සියලුදෙනාටමත්
🌷පින්වත් ඔබ තුළ කුසල් ඇතිකරවීමේ අපගේ උතුම් උතසාහයටත් කැපවීමටත් වටිනාකමක් එක්කිරීම පිණිස කොතෙකුත් බාධක‍, අවහිරතා‍, අපහසුකම් මැද වුවද පැමිණ සහභාගීවූ පින්වත් සියලු දෙනාටමත්
🌷දරුවන්ට පිං සිදු කරගැනීම පිණිස අවස්ථාව සළසා දුන් සියලු දෙමවුපියන්ටත්
🌷පැමිණ සහභාගීවීමට නොහැකිවූ සියලු දෙනාටමත්
අප විසින් ශ්‍රද්ධාසම්පන්නවූ මෙත් සිතින් කරන ලද මේ උතුම් කුසලය තමන් කළ කුසලයක් සේ අනුමෝදන් වේවා…!

Photo Credit - Radiant Reflections, Naweesha Gamage
https://www.facebook.com/share/1Hp4oxyCSe/?mibextid=wwXIfr

තෙරුවන් සරණයි…!
වේල්ස් බෞද්ධ විහාරය

26/05/2026

වේල්ස් බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පුණ්‍යමහෝත්සවය 2026

☸️ මහා වෙසක් දන්සල 2026 ☸️
15/05/2026

☸️ මහා වෙසක් දන්සල 2026 ☸️

VESAK POYA PROGRAM 2026Date: Sunday 24th of May 2026Time: 8.00 AM - 6.00 PMVenue:St Martin's SchoolHillside, CaerphillyC...
14/05/2026

VESAK POYA PROGRAM 2026

Date: Sunday 24th of May 2026

Time: 8.00 AM - 6.00 PM

Venue:
St Martin's School
Hillside, Caerphilly
CF83 1UW

The program of the day:

* Observing of Seela
* Buddha Vandana
* ⁠Sambuddha Pooja
* ⁠Meditation
* ⁠Dhamma Discussion
* Dhamma Deshana
* Pirith Chanting
* Sharing merits

The Sponsors of this program are Mrs. Hasangi de silva and Mr. Nimeshan sathasivam

🙏 You are all warmly invited

Budu Saranai..!
Wales Buddhist Vihara

Address

Cardiff

Opening Hours

Monday 7am - 9pm
Tuesday 7am - 9pm
Wednesday 7am - 9pm
Thursday 7am - 9pm
Friday 7am - 9pm
Saturday 7am - 9pm
Sunday 7am - 9pm

Alerts

Be the first to know and let us send you an email when Wales Buddhist Vihara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Wales Buddhist Vihara:

Share