සැක් පූනන් - දේවානුභාවයේ වචන

සැක් පූනන් -  දේවානුභාවයේ  වචන New Covenant Christian truths by Zac Poonen in Sinhala.

14/09/2026

INTRODUCING A FREE TOOL: www.askcfc.com

What can you do with this tool?

1. Ask a question

Type a question in your own words. AskCfc assembles an answer from 9,400+ CFC sources (sermons, books, articles, and Q&A sessions). Each answer lists the sources used, so you can study further. Answers are available in 32 languages and can be shared on WhatsApp and other apps. Answers are assembled by AI from CFC sources.
[AI can make mistakes. So please check the sources cited before you share or act on it.]

2. Browse questions already answered

Search 3,600+ questions grouped by topic. These Q&A pairs come from the previous CFC Q&A sessions. Answers have the link to the original source. Supports Tamil and Telugu languages also.

3. Study the Bible

Study the Bible deeply with overviews from the Through the Bible series (all 66 books) and commentary from the Verse by Verse series (the entire New Testament and eight Old Testament books). Supports Tamil and Telugu languages also.



CFC - BANGALORE

Ask questions and get AI-powered answers from Zac Poonen's sermons, books, and Word for the Week articles.

සතියට වදනක්විනිශ්චය නොකරන්නසැක් පූනන්   |   13 සැප්තැම්බර් 2026🎧 සවන් දීමට:  https://youtu.be/DM6ek5Lu7gU🌐 වෙබ් අඩවියට: ...
13/09/2026

සතියට වදනක්

විනිශ්චය නොකරන්න

සැක් පූනන් | 13 සැප්තැම්බර් 2026

🎧 සවන් දීමට: https://youtu.be/DM6ek5Lu7gU

🌐 වෙබ් අඩවියට: https://sinhala.cfcindia.com/

▶ යූටියුබ් නාලිකාවට: https://www.youtube.com/-colombo5200

"නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය. නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද? නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද? වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහකරන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට නුඹට හොඳ හැටි පෙනෙන්නේය" (මතෙව් 7:1-5).

අප සැමවිටම අපවම විනිශ්චය කරගැනීමටත්, අන් අයව කිසිවිටෙකත් විනිශ්චය නොකිරීමටත් නිරන්තරයෙන් මතක් කරගැණීමේ අවශ්‍යතාවයක් අප සැමටම ඇත.

අප සැමටම ආත්ම විමසීමේ දීමනාව තිබිය යුතුය - නමුත් ආත්ම විමසීම යනු ආත්මික ගුණාංගයක් වන අතර, එය මාංශික ක්‍රියාවක් වන අන් අය විනිශ්චය කිරීමෙන් ඉතා වෙනස් වේ.

රෝම 14 වන පරිච්ඡේදය යනු අප සියලු දෙනාම නිතර මෙනෙහි කළ යුතු පරිච්ඡේදයකි - එමගින් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට බොහෝ ක්ෂේත්‍රයන්හි ලබා දෙන නිදහස පිළිබඳව නැවත නැවතත් අපට මතක් කර දෙනු ලැබේ.

පිටතින් හෝ ඇතුළතින් අප අන් අයව විනිශ්චය කරනු ලැබිය හැකි අවස්ථාවන් සඳහා උදාහරණ කිහිපයක් මෙන්න. මෙවැනි කරුණුවලදී අප අන් අය ගැන මත පළ නොකළ යුතුය (හෝ අපගේ මනසෙහි පවා මත නොතබාගත යුතුය) :

• යමෙකුට කාර් එකක් (හෝ කාර් දෙකක්!) හිමි කර ගත හැකිද නැද්ද යන්න - නැතහොත් එය කුමන වර්ගයේ එකක් විය යුතුද යන්න.

• යමෙකුගේ නිවස කොතරම් විශාල හෝ අලංකාර නොවිය යුතුද යන්න.

• යමෙකුට තම නිවසේ මිල අධික උපකරණ තිබිය හැකිද යන්න.

• යමෙකු තම දරුවන්ට ලබා දිය යුත්තේ කුමන මට්ටමේ අධ්‍යාපනයක්ද යන්න.

• වැඩි වේතනයක් ලබා ගැනීමට යමෙකු වෙනත් ස්ථානයකට යා හැකිද, නැතහොත් වෙනත් රටකට සංක්‍රමණය විය හැකිද යන්න.

• යමෙකුට කොපමණ දේපළ හිමි කර ගත හැකිද නැතහොත් ඔහුගේ බැංකු ගිණුමේ කොපමණ ඉතිරිකිරීම් තිබිය යුතුද යන්න (සටහන: අප උදෙසා පොළොවෙහි තැන්පත් රැස් කර නොගත යුතුය (මතෙව් 6:19); නමුත් අපගේ දරුවන් උදෙසා රැස් කිරීමට අපට අණ කර ඇත (2 කොරින්ති 12:14; 1 තිමෝති 5:8)).

• යමෙකුට මිල අධික හෝටල්වල/ආපනශාලාවල නැවතී සිටිය හැකිද (හෝ අනුභව කළ හැකිද) යන්න.

• සහෝදරියකට ආභරණ, හෝ මිල අධික සාරි/ඇඳුම් ( කොතරම් "මිල අධික" දැයි තීරණය කරන්නේ කවුද?), හෝ සල්වාර්-කමීස, හෝ කාන්තා කලිසම් ඇඳිය හැකිද යන්න. (බයිබලය කාන්තාවන්ට විනීත(විලිබිය ඇති) විලාසිතාවෙන් සැරසීමට අණ කරයි - එබැවින් ශරීරය නිරාවරණය වන, තදින් ඇලෙන සුළු, උත්තේජනීය ඇඳුම් ඇඳීමට එරෙහිව අප සහෝදරියන්ට අනතුරු ඇඟවිය යුතුය).

• පුරුෂයන්ට දිගු කොණ්ඩයක් තිබිය හැකිද යන්න. (ස්වභාව ධර්මය "කොට කොණ්ඩයක්" ලෙස පවසයි, නමුත් දෙවියන්වහන්සේ මේ ගැන කිසිවක් නොපවසනසේක - 1 කොරින්ති 11:14. තවද "දිගු" හෝ "කොට" යනු කුමන ප්‍රමාණයදැයි තීරණය කරන්නේ කවුද?).

• ස්ත්‍රීන්ට කොට කොණ්ඩයක් තිබිය හැකිද යන්න. (දිගු කොණ්ඩය ඇගේ ගෞරවයයි, නමුත් මෙය දෙවියන්වහන්සේ විසින් අණ කර නැත - 1 කොරින්ති 11:15. තවද "කොට" හෝ "දිගු" යනු කුමන ප්‍රමාණයදැයි තීරණය කරන්නේ කවුද?

• යමෙකුට තම කොණ්ඩය සායම් කළ හැකිද යන්න.

• සහෝදරියකට ඕනෑම වර්ගයක රූපලාවණ්‍යය (make-up) භාවිත කළ හැකිද යන්න.

• යමෙකුට රූපවාහිනියෙන් ක්‍රීඩා නැරඹිය හැකිද නැද්ද යන්න (අධික ලෙස නැරඹීම පුද්ගලයෙකුගේ ස්වාමීන්වහන්සේ සමඟ ගමනට බාධාවක් වනු ඇත, මන්ද ක්‍රීඩාව ඉතා පහසුවෙන් දේවතා රූපයක් බවට පත්වේ - අප මේ ගැන ජනයාට අනතුරු ඇඟවිය යුතුය).

• යමෙකුට රූපවාහිනියක් තිබිය හැකිද නැද්ද යන්න (ගැටලුව වන්නේ ඔහු නරඹන්නේ කුමක්ද යන්නයි).

• විවාහ සහකරුවෙකු තෝරාගැනීමේදී යමෙකුට සමාජික, ආර්ථික හා අධ්‍යාපනික මට්ටම් සැලකිල්ලට ගත හැකිද යන්න. [සටහන: සියලුම ක්ෂේත්‍රවල (ආත්මය, ප්‍රාණය සහ ශරීරය) "සමාන වියගහක්" තිබිය යුතු බැවින්, කල්පනාකාරී ඇදහිලිවන්තයන් මෙම "ප්‍රාණික" සාධක ද සැලකිල්ලට ගනු ඇත.]

• යමෙකුගේ විවාහ මංගල්‍යය අධික ලෙස වියදම්කාරී සහ උත්කර්ෂවත් එකක් වූවාද යන්න.

• ආදී වශයෙන්...

මේවා ක්ෂේත්‍ර කිහිපයක් පමණි. තවත් බොහෝ දේ ඇති බව මට විශ්වාසයි. මෙම තීරණ බොහොමයක් රඳා පවතින්නේ එක් එක් පවුලේ ආදායම මතය - තවද ඇදහිලිවන්තයන් අතර ආදායම සැලකිය යුතු ලෙස වෙනස් වේ. විශාල නගරයක ඉතා සරල කාර් එකක්, ගෙයක්, අධ්‍යාපනයක්, රැකියාවක් හෝ විවාහ මංගල්‍යයක්, දුප්පත් ගමක ජීවත් වන අයගේ මිනුම්දණ්ඩට අනුව අධික වියදම්කාරී සහ සුඛෝපභෝගී ලෙස සැලකිය හැකිය. එබැවින්, අපට එකිනෙකා විනිශ්චය කළ නොහැක.

විවාහ මංගල්‍යයක ප්‍රමාණය තීරණය වන්නේ දෙපාර්ශ්වයේම දෙමාපියන්ගේ ධනය මෙන්ම පූර්ණ හෘදයාංගම භාවය මතය. අඩ හදවතින් සිටින එක් දෙමාපියෙකුගේ, මනාලයෙකුගේ හෝ මනාලියගේ අදහස වුවද සාමය උදෙසා, මෙම කරුණෙහි අවසාන තීරණයට බලපෑ හැකිය. එබැවින්, යමෙකු විවාහ මංගල්‍යයක් පවත්වන්නේ කෙසේද යන්න ගැන අප කිසිවෙකු විනිශ්චය නොකළ යුතුය.

අන් අයගේ අධික වියදම්කාරී බව විනිශ්චය කිරීමට අපට ප්‍රවණතාවක් ඇත්තේ අපම සරල වන ක්ෂේත්‍රවල පමණි. ඉහත සඳහන් ක්ෂේත්‍රවලින් එකක අන් අයව විනිශ්චය කරන බොහෝ දෙනෙක් වෙනත් ක්ෂේත්‍රයකින් තමන්ම අඩුපාඩුකම් කරති - නමුත් ඔවුන්ගේ විනිශ්චය කිරීමේ ආත්මය ඔවුන්ව අන්ධ කරන බැවින්, ඔවුන්ට තමන්ගේම අඩුපාඩු දැකිය නොහැක. එබැවින්, අන් අයගේ ඇස්වල තිබෙන රොඩ්ඩ විනිශ්චය කිරීමෙන් වැළකී සිටීම හොඳමය.

අප "අපගේම වැඩක් බලාගැනීමට" ඉගෙන ගත යුතු අතර මෙවැනි කරුණුවලදී අන් අය කළ යුත්තේ කුමක්දැයි පැවසීමෙන් වැළකිය යුතුය. එසේ නොවුවහොත්, අප "අනුන්ගේ කාරණාවලට අතපොවන" ස්ව-ධර්මිෂ්ඨ පරිසිවරුන් බවට පත්වනු ඇත (1 පේතෘස් 4:15). සෑම කෙනෙකුටම තම තමන්ගේ හෘදසාක්ෂියට අනුව ක්‍රියා කිරීමට ඉඩ හැරීම හොඳමය.

සභාව තුළ, සභාවට බලපාන පැහැදිලි පාපකාරී හැසිරීම් පිළිබඳ කරුණක් නම් හැර, අප මූලික වශයෙන් කතා කළ යුත්තේ පාපයට එරෙහිව සහ මුදලට ඇති ප්‍රේමයට එරෙහිවය; තවද යමෙකු අපගෙන් උපදෙස් ඉල්ලන විට පමණක් උපදෙස් දිය යුතුය.

කෙසේවෙතත්, මූල්‍යමය කරුණුවලදී, සියලුම ඇදහිලිවන්තයන් තම මූල්‍යමය පවුර තුළ සිටීමට අප දිරිමත් කළ යුතුය. ණය වීම යනු දෙවියන්වහන්සේ අප වටා ගොඩනඟා ඇති මූල්‍යමය තාප්පය කඩා දැමීම වැනිය. දේශනාකාරයා 10:8 බලන්න. [එහි "සර්පයා දෂ්ට කිරීම" සඳහා භාවිත කර ඇති හෙබ්‍රෙව් වචනය "නෂාක්" (nashak) වන අතර, එය "ණය" සඳහා වන හෙබ්‍රෙව් වචනය වන "නෂා" (nasha) යන්නට ඉතා සමාන වේ.] වැළැක්විය නොහැකි අවස්ථාවලදී හැර (හදිසි අවස්ථා සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා, හෝ ගෙයක් මිලදී ගැනීමේදී/තැනීමේදී හෝ වාහනයක් මිලදී ගැනීමේදී වැනි), හැකි තාක් දුරට ණය වීමෙන් වළකින ලෙස අප ඇදහිලිවන්තයන් දිරිමත් කළ යුතුය. තවද ඔවුන් ණය ගන්නේ නම්, හැකි ඉක්මනින් තම ණය ආපසු ගෙවීමට ඔවුන්ව දිරිමත් කළ යුතුය (රෝම 13:8).

කෙසේවෙතත් මෙයින් අදහස් කරන්නේ පහත සඳහන් දේවල් වැනි කරුණු ගැන බයිබලය පැහැදිලිව උගන්වන දේ අප නොඋගැන්විය යුතු බව නොවේ:

• සභාව පීඩාව මැදින් ගමන් කිරීම - [සභාව සහ පීඩාව බලන්න],

• යාච්ඤා කිරීමේදී/ ධර්මවාක්‍ය ප්‍රකාශ කිරීමේදී ස්ත්‍රීන් හිස වසා ගැනීම - [ස්ත්‍රීන් සඳහා හිස වැසීම සහ හිස්වැසීම් - ආත්මික ප්‍රකාශන දෙකක් බලන්න]

• ආදී වශයෙන්...,

මෙම කරුණු පිළිබඳව ඇතැම් ඇදහිලිවන්තයන්ට වෙනස් මත තිබේ නම්, අප ඔවුන්ව විනිශ්චය නොකරන්නෙමු. නමුත් බයිබලය පැහැදිලිව උගන්වන දේ අප තවමත් සභාව තුළ උගන්වන්නෙමු.

භාර්යාවන් මූලික වශයෙන් "ගෙදර වැඩ කරන අය" විය යුතු බව පැහැදිලිව සඳහන් කරන තීතස් 2:4,5 ගැන සලකා බලන්න. අප එය ඉගැන්විය යුතුය. නමුත් බයිබලය භාර්යාවකට ගෙදරින් පිටත රැකියාවක් කිරීම තහනම් නොකරයි. එබැවින්, අපද එය තහනම් නොකළ යුතුය. ස්වාමියා ආබාධිතයෙකුව සිටීම, හෝ රැකියාවක් සොයා ගැනීමට නොහැකිවීම ආදිය නිසා භාර්යාව රැකියාවකට යාම අවශ්‍යතාවයක් වන අවස්ථා බොහෝමයක් ඇත. එබැවින් රැකියාවට යන භාර්යාවක් අප කිසිවිටෙකත් විනිශ්චය නොකළ යුතුය.

නැතහොත් නත්තල් සහ පාස්කු සැමරීම ගැන සලකා බලන්න. මෙම උත්සවවල අන්‍යාගමික ආරම්භය ගැන අපම ඒත්තු ගෙන(දැනුවත්වී) තිබිය හැක. නමුත් වෙනත් ඇතැම් ඇදහිලිවන්තයන් මෙම කාරණය ගැන සම්පූර්ණයෙන්ම නොදැන සිටිය හැක.

අපගේ හැඟීම අප තදින් අල්ලාගත යුතුය. නමුත් මෙම දවස් සමරන අයව අප විනිශ්චය නොකළ යුතුය. රෝම 14:4-6 හි එය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරයි.

රෝම 14 හි ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අපට ලබා දී ඇති නිදහස තම සාමාජිකයන්ට නොදෙන ඕනෑම සභාවක් ව්‍යවස්ථාපිත (legalistic) එකකි.

විනිශ්චය කිරීම යනු දෙවියන්වහන්සේගේ වචනයේ සත්‍යතාවයන් ප්‍රකාශ කිරීමට වඩා වෙනස් දෙයක් බව සලකා බැලීම වැදගත්ය. අපගේ සභාවල අප දෙවියන්වහන්සේගේ මුළු උපදේශයන් දේශනා කළ යුතුය. අපව "ව්‍යවස්ථාපිතයන්" (legalists) ලෙස හඳුන්වනු ඇතැයි බියෙන් දෙවියන්වහන්සේගේ සත්‍යයේ කිසිදු කොටසක් ගැන අප නිශ්ශබ්දව නොසිටිය යුතුය. නමුත් මෙම ප්‍රධාන නොවන කරුණු ගැන අප උගන්වන දේ ඇතැමුන් පිළිගෙන අනුගමනය නොකරන්නේ නම්, අප ඔවුන්ව විනිශ්චය නොකළ යුතුය. ඔවුන්ගේ ක්‍රියාවන් සභාවට බලපාන්නේ නැත්නම්, අප ඔවුන්ගේ විනිශ්චය දෙවියන්වහන්සේට භාර කළ යුතුය.

කෙසේවෙතත්, එක් මහත් අනතුරක් නම්, යේසුස් වහන්සේම සහ උන්වහන්සේගේ ස්වරූපයට සමාන වීමට වඩා, ඉහත සඳහන් කළ ප්‍රධාන නොවන ඇතැම් කරුණු කෙරෙහි අප වඩාත් උද්‍යෝගිමත් වීමයි.

ඉහත සඳහන් කළ කරුණු බාහිර කරුණු වේ. නමුත් දෙවියන්වහන්සේ හදවත දෙස බලන සේක - අපට එය දැකිය නොහැක. එබැවින්, අප දෙවියන්වහන්සේට බිය විය යුතුය - එවිට අප "තමන්ගේ ඇසට පෙනෙන ලෙස විනිශ්චය නොකර, තමන්ගේ කනට ඇසෙන ලෙස තීන්දු නොකර, ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නෙමු" (යෙසායා 11:3, 4).

අප දැඩිලෙස "ප්‍රේමය පසුපස හඹා යන්නේ නම්" (1 කොරින්ති 14:1) සහ අපගේ ස්වාමීන්වහන්සේගෙන් "මෘදුකම සහ යටහත්කම ඉගෙන ගැනීමට" උද්‍යෝගයෙන් සොයන්නේ නම් (මතෙව් 11:29), අන් අයව විනිශ්චය කිරීමේ මෙම උගුලෙන් අප ගළවනු ලබන්නෙමු.

ලෝකයේ වඩාත්ම සතුටින් සිටින ජනයා වන්නේ සැමවිටම තමන්වම විනිශ්චය කරගන්නා, කිසිවිටෙකත් අන් අයව විනිශ්චය නොකරන අයයි.

©Zac Poonen – [email protected]
කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළ යුතුය.
ඔබට මෙය ආශීර්වාදයක් වූයේ නම්, තව සහෝදර/සහෝදරියකට කොපියක් ලබා දීමෙන් සුභාරංචියේ පංඟුකාරයකු වන්න.

Inquiries (විමසීම්):

LANKA - CHRISTIAN FELLOWSHIP CHURCH
Daduru Oya – Chilaw & Wattala Colombo Sri Lanka.
Tel: ක්‍ෂේමාල් පින්ටෝ ( +94 776 344 328), ක්ලෝඩ් කෙම්ප්ස් ( +94 773 631 575)
Rizanth Francis (+94 773 951 116)

සතියට වදනක්පටු මාර්ගය සොයාගන්නන් ඉතා ස්වල්පයසැක් පූනන්   |   06 සැප්තැම්බර් 2026🎧 සවන් දීමට:  https://youtu.be/gra6sFFF4...
06/09/2026

සතියට වදනක්

පටු මාර්ගය සොයාගන්නන් ඉතා ස්වල්පය

සැක් පූනන් | 06 සැප්තැම්බර් 2026

🎧 සවන් දීමට: https://youtu.be/gra6sFFF4MA

🌐 වෙබ් අඩවියට: https://sinhala.cfcindia.com/

▶ යූටියුබ් නාලිකාවට: https://www.youtube.com/-colombo5200

“පටු දොරටුවෙන් ඇතුල්වන්න. මක්නිසාද විනාශයට ගෙන යන දොරටුව පළල්ය, මාර්ගයද පුළුල්ය. ඒ පළල් දොරටුවෙන් හා පුළුල් මාර්ගයෙන් ඇතුල්වන්නෝ බොහෝ දෙනෙක්ය” (මතෙව් 7: 13-14).

විනාශය යනු සදාකාලික නිරයයි. යේසුස් වහන්සේ 'කන්ද උඩ දේශනාවේදී' නිරය ගැන කථා කළ සේක් ද? උන්වහන්සේ නිසැකවම ඒ ගැන කථා කළසේක. උන්වහන්සේ ඒ පිළිබඳව අවස්ථා තුනකදී සඳහන් කළසේක. අපි දැන් විනාශයට මඟ පාදන ආකාරය දෙස බලමු. මතෙව් 5: 22 හි යේසුස් වහන්සේ මෙසේ වදාළසේක: "ඔබ ඔබේ සහෝදරයා කෙරෙහි කෝප වන්නේ නම්, ඔබ අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වන්නෙහිය. එම කෝපය වචන බවට පත්වන්නේ නම්, ඔබ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වන්නෙහිය. එය තවදුරටත් දරුණු කෝපයේ වචන දක්වා දුරදිග යන්නේ නම්, විනාශය ගෙන දෙන නිරයට යාමට තරම් ඔබ වරදකරුවෙකු වන්නෙහිය." තවද, මතෙව් 5: 29 හි යේසුස් වහන්සේ මෙසේ වදාරනසේක: "යම් මිනිසෙකු කාන්තාවක් දෙස කාමුක ආශාවෙන් යුතුව බලන්නේ නම්, ඔහු තම දකුණු ඇස උගුළා දැමීම වඩා යහපත්ය. එසේ නොකළහොත්, ඔහුව නිරයට හෙළනු ලැබිය හැකිය. ඔබේ දකුණු අත ඔබව ලිංගික පාපයකට යොමු කරන්නේ නම්, එය කපා දැමීම වඩා යහපත්ය." එසේ නොකළහොත් - මතෙව් 5: 30 හි සඳහන් පරිදි - ඔබව නිරයට හෙළනු ලැබිය හැකිය. විනාශයට යන මාර්ගය එයයි. පාලනයක් නොමැති කෝපය සහ පාලනයක් නොමැති ලිංගික ආශාව යන මාර්ගය පුළුල් මාර්ගයක් වන අතර, බොහෝ දෙනෙකු ඒ ඔස්සේ ගමන් කරති. කෝපයෙන් පිරුණු, ලිංගික කාමුකත්වයෙන් හා පාලනය කළ නොහැකි පාපී ලිංගික ආශාවන්ගෙන් වෙලී ගිය, දුප්පත් කාන්තාවන්ව සූරාකන්නන් වැනි අයගෙන් ලෝකය පිරී පවතී. එය විනාශයට යන පුළුල් මාර්ගයයි.

යම් පුද්ගලයෙකු තමන් 'නැවත උත්පාදනයවූ කිතුණු-භක්තිකයෙකු' යැයි පැවසුවද, අන්තර්ජාලයේ අසභ්‍ය දර්ශන නරඹන්නේ නම්, අසරණ ස්ත්‍රීන්ව අවභාවිත කරමින් ප්‍රයෝජන ගන්නේ නම් කුමක් සිදුවේද? එම කිතුණු-භක්තිකයා තම කෝපය පිටතට ප්‍රකාශ කරන්නේ නම් කුමක් සිදුවේද? එය විනාශයට මඟ පාදන ක්‍රියාවකි. ඔහු තමන්ව කිතුණු-භක්තිකයෙකු ලෙස හෝ ක්‍රිස්තියානි නොවන අයෙකු ලෙස හඳුන්වා ගත්තද, ඉන් කිසිදු වෙනසක් සිදු නොවේ. ඔහු ගමන් කරමින් සිටින්නේ විනාශය කරාය; එය පුළුල් මාර්ගයයි.

මෙම දේවලින් ජයගන්නා අයට පමණක් සදාකාල ජීවනයට ඇතුළු වියහැකි බව පැවසීම වෙනුවට ඔවුන් ඊට වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කර "අප එතරම් පටු ආකල්ප දරන්නට අවශ්‍ය නැතැයි පවසන දේශකයින් විසින් සමහරවිට එම මාර්ගය පුළුල් කරනු ලබති. නැත, ඔවුන් එම දොරටුව යේසුස් වහන්සේ ඉගැන්වූවාට වඩා පුළුල් කරති. ජීවනයට යන මාර්ගය ඉඳිකටු සිදුරක් වැනි බව යේසුස් වහන්සේ පැවසූ සේක. ඔටුවෙකුට ඉඳිකටු සිදුරක් තුළින් යා හැකිද? නොහැකිය. තමන් සතු දේ ගැන ආඩම්බර වන ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය හිමිකර ගැනීමට වඩා, ඔටුවෙකුට ඉඳිකටු සිදුරක් තුළින් යාම පහසු බව යේසුස් වහන්සේ පැවසූ සේක. අපගේ ධනවත්කම යනු හුදෙක් භෞතික ධනය පමණක් නොවේ. එය අපගේ බුද්ධිය විය හැකිය; එසේම ශුද්ධ ලියවිල්ල දෙස බලනවිට අප ඉදිරිපත් කරන බුද්ධිමය තර්ක ද ඊට ඇතුළත් වියහැකිය." බුද්ධිමය තර්ක මගින් අපි දෙවියන් වහන්සේගේ වචනවල ඇති බැරෑරුම් බව මඟ හරින්නෙමු. විනාශයට මඟ පෙන්වන පුළුල් මාර්ගය ඔස්සේ ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවිය නොහැක. නමුත් ජීවනයට මඟ පෙන්වන දොරටුව කුඩාය, මාර්ගයද පටුය. යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේදී දේශනා කළේ එම මාර්ගය ගැනය. උන්වහන්සේ පවසන්නේ මෙයයි: "මා මෙතෙක් මෙහි පැවසූ සියල්ල ඉතා පටු දොරටුවක් සහ ඉතා පටු මාර්ගයක් වැනිය; නමුත් එය ජීවනයට මඟ පෙන්වන මාර්ගයයි. එය සොයා ගන්නේ ඉතාම ස්වල්ප දෙනෙකි." කන්ද උඩ දේශනාවේ විස්තර කර ඇති මාර්ගය විශාල ජනකායක් විසින් තෝරා ගනු ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවාද? කිසිසේත්ම නැත.

කන්ද උඩ දේශනාව ක්‍රිස්තියානි නොවන අය හෝ ක්‍රිස්තුන් වහන්සේගේ ගෝලයන් නොවන අය සඳහා අදහස් කරන ලද්දක් නොවේ. එය අදහස් කර ඇත්තේ පසුතැවිල්ල සහ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම තුළින් තම ජීවිතයේ අත්තිවාරම දමාගත්, නැවත උපත ලැබූ සහ දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් වූ අය සඳහාය. යමෙකු එම පළමු පියවර නොගෙන කන්ද උඩ දේශනාව අනුගමනය කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔහු අත්තිවාරමක් නොමැතිව නිවසක් ගොඩනඟන පුද්ගලයෙකු වැනිය. නමුත් මෙහිදී කථා කරන්නේ ස්වාමීන් වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කරන ගෝල‍යින් ගැනය. මෙය ඉතා පටු දොරටුවක් බවත්, එය සොයාගන්නා අය ඉතා ස්වල්ප දෙනෙකු පමණක් බවත් ඔවුන්ට වැටහෙනු ඇත. මතෙව් 5-7 පරිච්ඡේදවල ලියා ඇති දේට කීකරුවීමට විශාල ජනකායක් වේගයෙන් පැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු නොවෙමි.

දහස් ගණනක් ජනතාව රැස්ව සිටින දැවැන්ත සභාවන් දකිනවිට, ජීවනයට මඟ සොයාගත් "අල්ප දෙනා" මොවුන්දැයි ඔබට සිතෙන්නට පුළුවන. එසේත් නැතහොත්, මොවුන් ව්‍යාජ දේශකයින් විසින් නොමඟ යවනු ලැබ, විනාශයට මඟ පාදන පුළුල් මාර්ගයේ ගමන් කරන්නන් ද? ඔවුන්ව විනිශ්චය කිරීමට අපි අදහස් නොකරමු. කුඩා ප්‍රදේශයක වෙසෙන තිස් දහසක් ජනතාව 'කන්ද උඩ දේශනාවේ' ඉගැන්වීම්වලට කීකරු වීමටත්, යේසුස් වහන්සේව අනුගමනය කිරීමටත් කැමති නම් මම ඉමහත් සතුටට පත්වෙමි. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමට කැමති තුන් ලක්ෂයක ජනතාවගෙන් සමන්විත සභාවක් තිබේ නම් මම සතුටු වන්නෙමි. නමුත් පොළොව මතදී ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය නොකර, හුදෙක් ස්වර්ගයට යාමට පමණක් කැමති තුන් ලක්ෂයක ජනතාවක් සිටීම ගැන නම් මම සතුටු නොවෙමි. මා නිරීක්ෂණය කර ඇති පරිදි, බොහෝ සභාවල රැස්ව සිටින ජනයාට අවශ්‍ය වන්නේ පොළොව මතදී ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය නොකර ස්වර්ගයට යාමටයි. එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ සභාව නොවේ. එය නිරයේ දොරටු විසින් අනිවාර‍්‍යයෙන්ම ජයගනු ලබන සභාවකි; එහි දේශකයින් විසින් එම දොරටුව කොතරම් පුළුල් කර තිබේද යත්, කිසිදු වටිනාකමක් හෝ කැපකිරීමක් නොදරා විශාල ජනකායකට එහි ඇතුළු විය හැකිය. මුදලට ආදරය කරන අතරම දෙවියන් වහන්සේටද ආදරය කරන බව සිතා සිටීමට තරම් එම දොරටුව පුළුල් ය. ඔවුන් එම දොරටුව පුළුල් කර ඇති අතර, එම සභාවෙහි යේසුස් වහන්සේගේ ගෝලයින් බිහිකරන බවට තමන්වම රවටා ගනිමින් සිටිති.

යේසුස් වහන්සේ 'කන්ද උඩ දේශනාව' අවසානයේදී පැහැදිළි කළේ, ජීවනයට මඟ පෙන්වන එම දොරටුව ඉතා කුඩා බවත්, එම මාර්ගය ඉතා පටු බවත් අප ඉතා පැහැදිළිව වටහාගත යුතුය. සැබවින්ම එය සොයාගන්නෝ ඉතාම ස්වල්ප දෙනෙකු පමණි.

ඊළඟ මොහොතෙම උන්වහන්සේ පවසන දේ නම්, "ව්‍යාජ අනාගතවක්තෘවරුන් ගැන ප්‍රවේශම්වන්න" යන්නයි (මතෙව් 7: 15). මෙම ඡේදයේ සන්දර්භය තුළ එම ව්‍යාජ අනාගතවක්තෘවරුන් කවුරුන්දැයි අප වටහා ගත යුතුය. මෙම ව්‍යාජ අනාගතවක්තෘවරුන් යනු සභාවට පැමිණ වෙනත් ආගමක් ගැන කථා කරමින්, වෙනත් ආගමක ශුද්ධ ග්‍රන්ථයකින් ඉගැන්වීම් ආරම්භ කරන්නන් ද? නැත. ව්‍යාජ අනාගතවක්තෘවරුන් යනු "බැටළු වෙස්ගෙන එන්නන්" ය. බැටළු වෙස් ගැනීම යන්නෙන් අදහස් වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙකු සහ ක්‍රිස්තුස් වහන්සේගේ බැටළුවෙකු ලෙස පෙනී සිටීමයි. ඔවුන් පැමිණෙන්නේ බැටළු වෙස්ගෙන ය; ඔවුන් බැටළුවන් මෙන් පෙනේ. ඔවුන් අත බයිබලය රැගෙන පැමිණියද, ඔවුන් (ගැළවීමේ) මාර්ගය පුළුල් කර ඇත. ඔවුන් ශුද්ධ ලියවිල්ලේ අණපනත්වලට විවිධ අර්ථකථන ලබා දෙමින්, "මෙම අණ අත්‍යවශ්‍ය නොවේ" හෝ "එයින් අදහස් වන්නේ හරියටම මෙය නොවේ..." යැයි පවසති. ශුද්ධ ලියවිල්ලේ ඇති බොහෝ දේ සම්බන්ධයෙන් ඔවුන් මෙවැනි අර්ථකථන ඉදිරිපත් කිරීමට උත්සාහ කර ඇත. "සෑමවිටම ස්වාමීන් වහන්සේ තුළ ප්‍රීති වන්න" යනුවෙන් සඳහන් පිලිප්පි 4: 4 වැනි පදයකට ඔවුන් මුහුණ දෙන විට, "එයින් අදහස් වන්නේ දවසේ පැය 24 පුරාම හෝ සතියේ දින 7 පුරාම යන්න නොවේ; එයින් අදහස් වන්නේ සාමාන්‍යයෙන් හෝ බොහෝ අවස්ථාවලදී ප්‍රීතියෙන් සිටීමයි" යැයි ඔවුහු පවසති. "කිසිම දෙයක් ගැන කනස්සලු නොවන්න" යනුවෙන් පිලිප්පි 4: 6 හි සඳහන් වූ විට, "එයින් අදහස් වන්නේ 'කිසිම දෙයක්' යන්න නොවේ; එයින් අදහස් වන්නේ සාමාන්‍යයෙන් ඔබ කනස්සලු වීමෙන් වැළකී සිටියයුතු බවයි" යැයි ඔවුහු පවසති. "සියලු දේ ගැන ස්තූති කරන්න; මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඔබ ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත එයයි" යනුවෙන් 1 තෙසලෝනික 5: 18 හි සඳහන් වූ විට, "එයින් ඇත්ත වශයෙන් අදහස් වන්නේ සෑම කුඩා දෙයක්ම ගැනම ස්තූති කිරීම නොවේ" යැයි ඔවුහු පවසති.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ ඔබ සිටගන්නා අවසාන දිනයේදී, දෙවියන් වහන්සේ පැවසූ දේ හරියටම එලෙසම අදහස් කළ බවත්, ක්‍රිස්තුස් වහන්සේ පැවසූ දේ හරියටම එලෙසම අදහස් කළ බවත් ඔබට වැටහෙනු ඇත. බයිබලයේ ඇති මෙම වචන ඔබ විශ්වාස නොකරන්නේ නම්, අවංකවම ක්‍රියා කරමින් එම වචන කපා හැරීමට හෝ බයිබලයේ අදාළ පිටු ඉරා දැමීමට ඔබට සිදුවනු ඇත.

බයිබලය දෙවියන් වහන්සේගේ වචනය යැයි පවසමින්, ඒ අනුව ක්‍රියා නොකරන්නේ නම් ඔබ වංක වූත් මූණිච්චා කාරයකුත් වන්නේය. දෙවියන් වහන්සේ මෙම මූණිච්චාව විනිශ්චය කරනු ඇත. දෙවියන් වහන්සේ අවංක පුද්ගලයෙකුට ප්‍රේම කරන සේක. බොහෝ අදේවවාදීන් අවංක බැවින්, මූණිච්චාකාර කිතුණු-භක්තිකයින්ට වඩා ඔවුන්ට දෙවියන් වහන්සේ ප්‍රේම කරන බව මම විශ්වාස කරමි. ඔවුන් දෙවි කෙනෙකු සිටින බව විශ්වාස නොකරති ; ඔවුන් ක්‍රියා කරන්නේද දෙවි කෙනෙකු නොමැති ලෙසිනි. ලෝකයේ සිටින ව්‍යාපාරිකයෙකු පවසන්නේ මුදල් මිස වෙනත් දෙවියෙකු නොමැති බවයි. ඔහු මුදල් වන්දනාමාන කරන අතර, ඒ සම්බන්ධයෙන් ඔහු අවංකය. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ බවත් බයිබලය දෙවියන් වහන්සේගේ වචනය බවත් පවසන කිතුණු-භක්තිකයින්, ලෞකික මිනිසුන් මෙන් ජීවත් වන්නේ නම්, ඔවුහු මූණිච්චාකරුවන්‍ වෙති. ක්‍රිස්තුස් වහන්සේ පොළොව මත වැඩසිටි සමයේදී, අන් සියල්ලන්ටම වඩා කුහකයින්ව මූණිච්චාකරුවන්‍ව හෙළා දුටු බව මතක තබාගන්න. කාමමිථ්‍යාචාරයේ යෙදුණු කාන්තාව ගැළවීම ලැබුවාය. කුරුසියේ සිටි සොරා ගැළවීම ලැබුවේය. මිනීමරුවා ගැළවීම ලැබුවේය. නමුත් මූණිච්චාකරුවෝ නිරයට ගියහ.

©Zac Poonen – [email protected]
කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළ යුතුය.
ඔබට මෙය ආශීර්වාදයක් වූයේ නම්, තව සහෝදර/සහෝදරියකට කොපියක් ලබා දීමෙන් සුභාරංචියේ පංඟුකාරයකු වන්න.

Inquiries (විමසීම්):

LANKA - CHRISTIAN FELLOWSHIP CHURCH
Daduru Oya – Chilaw & Wattala Colombo Sri Lanka.
Tel: ක්‍ෂේමාල් පින්ටෝ ( +94 776 344 328), ක්ලෝඩ් කෙම්ප්ස් ( +94 773 631 575)
Rizanth Francis (+94 773 951 116)

https://youtu.be/gra6sFFF4MA
06/09/2026

https://youtu.be/gra6sFFF4MA

පටු මාර්ගය සොයාගන්නන් ඉතා ස්වල්පය | Few Will Find the Narrow Way -W...

සතියට වදනක්අන් අයට සේවය කිරීම සඳහා ආත්මික දීමනා ඉල්ලා සිටින්නසැක් පූනන්   |   30 අගෝස්තු 2026🎧 සවන් දීමට:  https://youtu...
29/08/2026

සතියට වදනක්

අන් අයට සේවය කිරීම සඳහා ආත්මික දීමනා ඉල්ලා සිටින්න

සැක් පූනන් | 30 අගෝස්තු 2026

🎧 සවන් දීමට: https://youtu.be/5q3tQWdc9Vc

🌐 වෙබ් අඩවියට: https://sinhala.cfcindia.com/

▶ යූටියුබ් නාලිකාවට: https://www.youtube.com/-colombo5200

“ඔබගෙන් යමෙකු වෙත මධ්‍යම රාත්‍රියෙහි මිත්‍රයෙක් පැමිණියායැයි සිතමු: ඔහුව ප්‍රේමයෙන් පිළිගෙන, ඔහු ආහාර ගෙන සිටිනවා දැයි ඔබ අසයි. ඔහු නැතැයි කී විට ඔබ ශීතකරණය බලා එහි හෝ නිවසේ කිසිදු ආහාරයක් නැතිබව දුටුවිට ඔබ කුමක් කරන්නේද? ඔබ ඔබේ අසල්වාසියා වෙත යන්නේය. “ (ලූක් 11:5)

දැන්, මෙය ඉතා දුර්ලභ දෙයකි. මධ්‍යම රාත්‍රියේදී තමන්ගේ අසල්වැසියා වෙත ගොස්, ඔහුව අවදිකර තමාගේ මිතුරාට කෑම ඉල්ලන්නේ අයෙක් කලාතුරකිනි, නමුත් මෙම පුද්ගලයා එසේ කරයි. ඔහු ගොස්, අසල්වැසියාගේ ගෙදර දොරට තට්ටු කර, “කරුණාකර මට රොටි තුනක් ණයට දෙන්න. මම හෙට ඒවා ආපසු දෙන්නෙමි, නමුත් දැනට ඒවා මට ණයට දෙන්න. මාගේ ඉතා හොඳ මිතුරෙකු මාගේ ගෙදරට ඇවිත් සිටියි, ඔහු ඉදිරියෙහි තබන්ට කිසිම කෑමක් මට නැත”යි කියයි. එවිට ගෙතුළ සිටින මනුෂ්‍යයා තමාට හෝ තමාගේ දරුවන්ට කරදර නොකරන ලෙස පවසයි, මන්ද ඔවුන් සියලු දෙනාම යහන්ගතව සිටිති, “නුඹ මධ්‍යම රාත්‍රියේ අපට කරදර කරමින්, අප සියල්ලන්වම අවදි කරවමින්, දිගින් දිගටම දොරට තට්ටු කරමින් සිටින්නෙහිය.” නමුත් මෙම පුද්ගලයා තමාට අවශ්‍ය දේ ලැබෙන තෙක් දොරට තට්ටු කිරීම නතර නොකරයි, අසල්වැසියාට නිදාගැනීමට ඉඩ නොදෙයි.

ස්වාමීන්වහන්සේ මෙසේ පවසනසේක: “ඔහු තමාගේ මිත්‍රයා වන බැවින් නැගිට නොදුන්නත්, මොහුගේ ලැජ්ජා නැතිකම සහ නොනවත්වා ඉල්ලීම නිසා නැගිට, ඔහුට ඕනෑ තරම් දෙන්නේයයි නුඹලාට කියමි.” මෙය කොතරම් ලස්සන ප්‍රකාශයක්ද, “ඔහුට ඕනෑ තරම් [අවශ්‍ය ප්‍රමාණයට].”

ශුද්ධාත්මයාණන්වහන්සේගේ බෞතිස්මය - දෙවියන්වහන්සේගේ වචනය ඵලදායි ලෙස උගන්වන තැනැත්තෙකු වීමට සහ කථා කිරීමේ හැකියාව ලබා ගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය - මම සෙවූ කාලය මට මතකය. මම කිතුනුවෙකු වී දෙවියන්වහන්සේගේ වචනය බෙදා ගැනීමට පටන් ගත් විට ඉතා ලැජ්ජාශීලී පුද්ගලයෙකු ලෙස සිටියෙමි. මට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය අවශ්‍ය බවත්, මට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය ලැබුණහොත් මම වෙනස්ම පුද්ගලයෙකු බවට පරිවර්තනය වන බවත් මම දැන සිටියෙමි. සිදු වූයේද හරියටම එයමය. ඔබත් ඔබ උදෙසා නොව, අන් අය උදෙසා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලවත් ස්වභාවොත්තර ආලේපය සඳහා දෙවියන්වහන්සේව එලෙස සොයන්නේ නම්, සහ “ස්වාමීනි, මෙම සෙනඟට කවන්නට මට රොටි දුන මැනව (ලූක් 11:8 හි අප මෙම ප්‍රකාශය දුටුවෙමු)”යි කියමින් නොනවත්වාම තට්ටු කරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔබට අවශ්‍ය ප්‍රමාණයටම [ඕනෑ තරම්] දෙනු ඇත (ලූක් 11:13). මම මෙහිදී සඳහන් කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ ගැනය. අප දෙවියන්වහන්සේගෙන් ඉල්ලිය යුත්තේ කුමක්ද යන්න යේසුස්වහන්සේ පැහැදිලි කළ සේක. “අන් අයට සේවය කිරීම සඳහා මට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය දුන මැනව. මාගේ අවශ්‍යතා ඉටු වී ඇත, අපි ලූක් 18 පසු කර ඇත්තෙමු, දැන් මම සිතන්නේ අන් අයගේ අවශ්‍යතා ගැනය.” සැබෑ කිතුනුවා යනු ඒ තැනැත්තාය.

බෝහෝ විට, මිනිසුන් ශුද්ධාත්ම බලය සොයන්නේ තමන්ගේ කොඳු ඇට පෙළ දිගේ යම් කිසි සිරිසිරියක්, යම් විදුලි සැරයක් වැනි හැඟීමක්, අන්‍යභාෂාවෙන් කථා කිරීමක් හෝ තමන්ගේම ප්‍රයෝජනය සඳහා යමක් ලබා ගැනීමටය. අප ශුද්ධාත්ම දීමනා සෙවිය යුත්තේ අන් අයට ආශීර්වාද කිරීමට හැකිවීම සඳහා ය. මම ශුද්ධාත්ම දීමනා උදෙසා දෙවියන්වහන්සේව සෙවූ කාලය මට මතකය. ඒ අන් අයට සේවය කිරීමටය, දෙවියන්වහන්සේ මට අන්‍යභාෂා කථා කිරීමේ දිමනාව දුන්නද, ඒ මා තුළ නිරන්තර ප්‍රබෝධයක් පවත්වා ගැනීමටය, මන්ද අන්‍යභාෂාවෙන් කථාකරන්නා තමාම වර්ධනය කරගන්නා බව බයිබලයේ සඳහන් වේ. මට අවශ්‍ය වූයේ අන් අයට සේවය කරන විට සෑම විටම ප්‍රබෝධමත්ව සිටීමට හැකි වන පරිදි මාවම වර්ධනය කර ගැනීමටය. එමනිසා, අන්‍යභාෂා දීමනාව පවා අන් අයට යහපතක් කිරීමට, මාව ප්‍රබෝධමත්ව තබා ගැනීමට සහ මාව ගොඩනඟා ගැනීමට විය. ආත්මයේ කිසිම දීමනාවක් මාගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා පමණක් නොවූ අතර, එය අන් අයට ආශීර්වාදයක් වීමට මග පාදන පුද්ගලික වර්ධනයක් සඳහා විය.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ සියලු දීමනා අන් අය උදෙසාම අභිප්‍රාය කර ඇති බව අප මතක තබා ගත යුතුය. ආත්මික ඵල වලින් ප්‍රයෝජන ලබන්නේ මමය. මට ප්‍රීතිය හෝ සමාධානය තිබේ නම්, එයින් ප්‍රයෝජන ලබන්නේ මමය, ඔබ නොවේ. නමුත්, මට ශුද්ධාත්ම දීමනා තිබේ නම්, ඒ අනාගතවාක්‍ය කීම වේවා, සුවකිරීම වේවා, වෙනත් ඕනෑම දීමනාවක් වේවා, එම දීමනාවන්ගෙන් අන් අයට ප්‍රයෝජන ලැබේ. අපට මේ දෙකම අවශ්‍යය. ඔබ දෙවියන්වහන්සේගෙන් ඉල්ලිය යුතුය, තවද ඔබට විශ්වාසය (ඇදහිල්ල) තිබිය යුතුය.

“එබැවින් නුඹලා නපුරු නුමුත් නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නෙහු නම්, ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට උන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ කොපමණ වැඩියෙන් දෙනසේක්ද” (ලූක් 11:13). අප පැමිණෙන්නේ අපගේ පියාණන්වහන්සේ වෙතට බවට ඇදහිල්ල අපට තිබිය යුතුය. අප පැමිණෙන්නේ ලේකම්වරයෙකු හරහා ලඟාවිය යුතු, එතරම් දුරස්ථව සිටින යම් සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා (CEO) වෙතට නොවේ. අප පැමිණෙන්නේ අපගේ ස්වර්ගීය පියාණන් වෙතටය, උන්වහන්සේ අපට නොදී සිටින්නේ කුමක්ද? උන්වහන්සේට අපට නොදී සිටිය හැකි කිසිම යහපත් දෙයක් කොහෙත්ම නැත. දෙවියන්වහන්සේ අපට යම් දෙයක් දීම සුදුසු යයි නොදකින සේක් නම්, එය අපට යහපත් නොවන බව අපට නියත වශයෙන්ම විශ්වාසකල හැක.

පාවුල් අපොස්තුළුවරයාට වරක් තමාගේ ශරීරයේ රෝගයක් තිබූ අතර, ඔහු එය මාංසයේ කටුවක් ලෙස හැඳින්වීය. එය ඉවත් කරන ලෙස ඔහු තුන් වරක් යාච්ඤා කළේය (2 කොරින්ති 12). දෙවියන්වහන්සේ එය ඉවත් නොකළ සේක, එය තමාගේ යහපත පිණිස බව ඔහු වටහා ගත්තේය, මන්ද එය ඔහුව යටහත්ව සහ තැලුනාවූ බිඳුනාවූ හදවතකින් තැබීය. දෙවියන්වහන්සේ සෑම විටම අපට යහපත් දේ දෙන සේක, දෙවියන්වහන්සේ අපට එසේ යහපත්ව, අතිශයින්ම යහපත්ව සිටින විට, අප කුමක් කළ යුතුද? අප අන් අයට යහපත්ව සිටිය යුතුය.

“ස්වාමීනි, මා විසින් සේවය කළ යුතු මෙම සෙනඟගේ අවශ්‍යතාවය සපුරාලීමට මට උපකාර වන දේ මට දුන මැනව.” ඔබේ සභාවේ සිටින සෙනඟ කෙරෙහි, ඔවුන්ව දේවභක්තික ජීවිතයකට යොමු කිරීමට, යේසුස්වහන්සේ අණ කළ සියල්ල කිරීමට ඔවුන්ට මගපෙන්වීමට, කන්ද උඩ දේශනාවේ ප්‍රමිතීන්ට අනුව ජීවත් වීමට ඔවුන්ට මගපෙන්වීමට ඔබට බරක් ඇති විට, ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය ඉල්ලනු ඇත, එම සෙනඟගේ අවශ්‍යතාවලට ගැලපෙන, යක්ෂයාගේ ග්‍රහණයෙන් ඔවුන්ව මුදාගෙන දේවභක්තික ජීවිතයකට ඔවුන්ව ගෙන එන ස්වර්ගයෙන් පැමිණෙන අනාගතවාක්‍යමය වචනයක් ඔබ ඉල්ලනු ඇත. තවද ඔබ ඔවුන්ට සැබවින්ම ප්‍රේම කරන්නේ නම්, ඔබ නොනවත්වාම ඉල්ලනු ඇත.

මධ්‍යම රාත්‍රියේ තමාගේ අසල්වැසියාගේ ගෙදරට ගිය මේ තැනැත්තා තමාගේ ආගන්තුකයාට ප්‍රේම කළ බව ඔබට නොසිතෙන්නේද? එදින රාත්‍රියේම ඔහුට කෑම ලබා දීමට තරම් දැඩි අභිප්‍රායක් ඇති වීමට නම් ඔහු ඒ ආගන්තුකයාට එතරම්ම ප්‍රේම කරන්නට ඇත. අපගෙන් වැඩිදෙනෙකු, ආගන්තුකයා පැමිණි රාත්‍රියේ අප ළඟ කෑම නොතිබුණි නම්, ඔහුට කියන්නේ, "මට කණගාටුයි, නමුත් අපට කෑම නැත, එබැවින් දැන් නිදාගනිමු, මම උදේට ඔබට යමක් දෙන්නෙමි" කියාය. නමුත් මෙම මනුෂ්‍යයා තමාගේ කුසගින්නේ සිටි ආගන්තුකයාට කොතරම් ප්‍රේම කළාද යත්, ඔහු මෙසේ කීවේය: "මාගේ අසල්වැසියා ඉදිරියේ මට ලැජ්ජා වන්නට සිදු වුවද, මම අද රාත්‍රියේම ඔබට යමක් ලබා දෙන්නෙමි." නොනවත්වාම (නොපසුබටව) දෙවියන්වහන්සේ වෙතට ගොස්, "ස්වාමීනි, මෙම සෙනඟට සේවය කිරීම සඳහා මට ශුද්ධාත්ම දීමනාවක් දුන මැනව"යි පැවසීමේ අලංකාර චිත්‍රයක් මෙයින් මනාව පැහැදිලි වේ.

©Zac Poonen – [email protected]

කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළ යුතුය.
ඔබට මෙය ආශීර්වාදයක් වූයේ නම්, තව සහෝදර/සහෝදරියකට කොපියක් ලබා දීමෙන් සුභාරංචියේ පංඟුකාරයකු වන්න.

Inquiries (විමසීම්):

LANKA - CHRISTIAN FELLOWSHIP CHURCH
Daduru Oya – Chilaw & Wattala Colombo Sri Lanka.
Tel: ක්‍ෂේමාල් පින්ටෝ ( +94 776 344 328), ක්ලෝඩ් කෙම්ප්ස් ( +94 773 631 575), Rizanth Francis (+94 773 951 116)

Advice for Young People යෞවනයන්ට අවවාද👆🏽2008 Conference
28/08/2026

Advice for Young People
යෞවනයන්ට අවවාද

👆🏽2008 Conference

සතියට වදනක්යේසුස් වහන්සේ පවිත්‍ර සභාවක් ගොඩනඟමින් සිටින සේකසැක් පූනන්   |    23 අගෝස්තු 2026🎧 සවන් දීමට:  https://youtu....
22/08/2026

සතියට වදනක්

යේසුස් වහන්සේ පවිත්‍ර සභාවක් ගොඩනඟමින් සිටින සේක

සැක් පූනන් | 23 අගෝස්තු 2026

🎧 සවන් දීමට: https://youtu.be/sXy5rhFs9jI

🌐 වෙබ් අඩවියට: https://sinhala.cfcindia.com/

▶ යූටියුබ් නාලිකාවට: https://www.youtube.com/-colombo5200

අපගේ CFC සභාවලදී, ඔබ මියගිය පසු ස්වර්ගයට යන්නේ කෙසේද යන්න පිළිබඳව අපි දේශනා නොකරමු. යේසුස් වහන්සේ අපට පැවසුවේ ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන ලෙසත් - උන්වහන්සේ අපට අණ කළ සියල්ල ඔවුන්ට උගන්වන ලෙස මිස නිරයෙන් බේරී ස්වර්ගයට යන්නේ කෙසේද යන්න ගැන නොවේ!! නමුත්, අවාසනාවකට මෙන්, අද වන විට ශුභාරංචිය දේශනා කිරීමේදී වැඩිපුරම අවධානය යොමු කරන්නේ ඔබ මියගිය පසු ස්වර්ගයට යන්නේ කෙසේද යන්න කෙරෙහිය. මම එම ශුභාරංචිය දේශනා නොකරමි, මන්ද මිනිසුන්ව ස්වර්ගයට ගෙන යාමට මට උනන්දුවක් නැත. එය දෙවියන් වහන්සේගේ කාර්යයයි. මම උත්සාහ කරන්නේ මෙලොවදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ගෝලයන් ඇති කිරීමටත්, ඉන්පසු යේසුස් වහන්සේ අණ කළ සියල්ලටම කීකරු වීමට ඔවුන්ට ඉගැන්වීමටත්ය. මතෙව් 28:18-20 හි ස්වාමීන් වහන්සේ අපට ඉතා පැහැදිලිව දුන්නේ එම පණිවුඩයයි. පසුගිය වසර 50 තිස්සේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල පිහිටි අපගේ CFC සභාවලදී අපි කිරීමට උත්සාහ කළේද එයයි.

මාගේ ශුභාරංචිය නම්, මෙලොවදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු වන්නේ කෙසේද යන්න සහ දිනපතා උන්වහන්සේව අනුගමනය කරන්නේ කෙසේද යන්නයි. ජීවනයට ගෙන යන කුඩා දොරටුවක් සහ පටු මාර්ගයක් ඇති බව යේසුස් වහන්සේ පැවසූ සේක (මතෙව් 7:14). අපගේ පාප ගැන පසුතැවිලි වී, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උත්ථානය කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපට එම පටු දොරටුවෙන් ඇතුළු විය හැකිය. ඉන්පසු සෑම දිනකම අපගේ කුරුසිය ඔසවා අපගේම ස්ව කැමැත්තට මැරෙමින්, අපගේ ජීවිත තුළ ක්‍රිස්තුස් වහන්සේට මුල් තැන දෙමින්, උන්වහන්සේව අනුගමනය කිරීමට අපි කැඳවනු ලැබ සිටිමු. ඉහත පදයෙන් යේසුස් වහන්සේ ඉගැන්වූ ජීවනයේ සහ ගෝලයෙකු බවට පත්වීමේ මාර්ගය එයයි – තවද අපගේ සියලුම සභාවල අප උගන්වන සදාකාලික ජීවනයේ මාර්ගයද එයයි.

ගෝලයකු බවට පත්වීම සම්බන්ධයෙන් යේසුස් වහන්සේ ලූක් 14:26 හි මෙසේ පැවසූ සේක: "යමෙක් මා වෙතට ඇවිත්, තමාගේ පියාද මවද භාර්යාවද දරුවන්ද සහෝදරයන්ද සහෝදරියන්ද තමාගේම ජීවිතයද අත්නොහරින්නේ නම්, ඔහුට මාගේ ගෝලයා විය නොහැකිය." යේසුස් වහන්සේ එම පදයේ පැවසූ පරිදි, ඔබේ ප්‍රේමවන්තයන්ට ද්වේෂ කිරීම ගැන කිසිවෙකු දේශනා කරනවා ඔබ කොපමණ වාරයක් අසා ඇද්ද? ස්වාමී වූ යේසුස් වහන්සේගේ ගෝලයෙකු වීම සඳහා වන අංක එකේ කොන්දේසිය එයයි. තවද යේසුස් වහන්සේ අපට අණ කළේ සෑම තැනකම ගෝලයන් ඇති කරන ලෙස මිස, ආගම් මාරු කරන්නන් ඇති කිරීමට නොවේ. එබැවින්, අපට ගෝලයන් කිරීමට අවශ්‍ය නම්, වෙනත් කිසිවක් ඉගැන්වීමට පෙර, ගෝලයකු බවට පත්වීම සම්බන්ධයෙන් මෙම අංක එකේ කොන්දේසිය අපි පළමුව ඔවුන්ට ඉගැන්විය යුතුය.

ළමයෙකු පාසලකට ඇතුළත් වූ විට, ඔහුට මුලින්ම උගන්වන්නේ භෞතික විද්‍යාව හෝ රසායන විද්‍යාව නොවේ. නැත. ඔහුට මුලින්ම උගන්වන්නේ අක්ෂර මාලාවයි – අ ආ ඇ ඈ... එමෙන්ම, අපගේ සභාවට එකතු වන අයටද පළමුකොටම ගෝලයෙකු බවට පත්වීමේ අක්ෂර මාලාව ඉගැන්විය යුතුය – එනම් යේසුස් වහන්සේට උත්තරීතර ලෙස ප්‍රේම කිරීමයි. එම කොන්දේසිය ඉටු කිරීමට අකමැති අයට මුලදීම පැහැදිලිව පැවසිය යුත්තේ, ඔවුන්ට ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් විය නොහැකි බවයි. තවද දෙවන පන්තියේ ගෝලයන් කියා කොටසක් නැත. සිටින්නේ එක් පන්තියක ගෝලයන් පමණි – එනම් “තමාගේ පියාද මවද සහෝදරයාද සහෝදරියද භාර්යාවද දරුවන්ද තමාගේම ජීවිතයද අත්හරින (ද්වේෂ කරන)” අයයි (ලූක් 14:26).

යේසුස් වහන්සේගේ මෙම ඉල්ලීම, ශුද්ධ වූ ලියවිල්ලෙහි ඇති “නුඹේ පියාටත් මවටත් ගෞරව කරපන්න” සහ “ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරපල්ලා” යන අනෙකුත් ආඥාවන් සමඟද, එමෙන්ම අපගේ දරුවන්ට සහ සහෝදර සහෝදරියන්ට ප්‍රේම කිරීමේ ආඥාවන් සමඟද අප සන්සන්දනය කර පෑහිය යුත්තේ කෙසේද?

යේසුස් වහන්සේ උන්වහන්සේගේ පණිවුඩවල යම් කාරණයක් පැහැදිලි කිරීමට බොහෝ විට උපමා භාවිතා කළ සේක. එබැවින්, මාගේ පවුලේ සාමාජිකයන්ට ප්‍රේම කිරීම සහ අත්හැරීම (ද්වේෂ කිරීම) යන මෙම පරස්පර විරෝධී බව පෙනෙන ආඥාවන් වටහා ගැනීමට මම උපමාවක් සෙවීමට උත්සාහ කළෙමි! මට එය පැහැදිලි කර දුන් උපමාව මෙයයි; මගේ පියා, මව, භාර්යාව, දරුවන්, සහෝදරයන් සහ සහෝදරියන් කෙරෙහි ඇති මාගේ ප්‍රේමය තාරකාවල එළියට මම උපමා කරමි – එය දීප්තිමත්ය, පැහැදිලිය, එහි කිසිදු අන්ධකාරයක් නැත – එය අපගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි තිබිය යුතු ප්‍රේමයේ චිත්‍රයකි. නමුත් උදෑසන සූර්යයා පායන විට තාරකා අදෘශ්‍යමාන වේ. ඒවා තවමත් එතැනම තිබේ, නමුත් අපට ඒවා පෙනෙන්නේ නැත. එමෙන්ම, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මාගේ ප්‍රේමය සූර්යයාගේ එළිය මෙන් විය යුතුය, එම එළිය හමුවේ මගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි ඇති ප්‍රේමය මැකී ගොස් නොවැදගත් බවට පත්වන්නේය. මගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි ඇති මාගේ ප්‍රේමය තවමත් එතැනම පවතී (උදෑසන තාරකා තවමත් තිබෙන්නාක් මෙන්). නමුත් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මාගේ ප්‍රේමය කෙතරම් ශ්‍රේෂ්ඨද යත්, අනෙක් සියල්ලන්ටම දැන් ප්‍රේම කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති මාගේ ප්‍රේමය තුළින් පමණි. එනම්, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මාගේ ප්‍රේමය කොතරම් විශාලද යත්, මගේ භාර්යාවට හෝ මගේ දෙමාපියන්ට හෝ මට සමීප කිසිවෙකුට මාත් ක්‍රිස්තුස් වහන්සේත් අතරට පැමිණීමට මම කිසි විටෙකත් ඉඩ නොදෙමි. මින් පසුව මම අනෙක් සියල්ලන්ට ප්‍රේම කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති මාගේ උත්තරීතර ප්‍රේමය තුළින් පමණි.

“මම මාගේ සභාව ගොඩනඟන්නෙමි” කියා යේසුස් වහන්සේ පැවසූ සේක. එය ගොඩනැඟිය හැක්කේ උන්වහන්සේට පමණි. අපි උන්වහන්සේගේ ශරීරයේ අවයව පමණක් වෙමු – එක් අයෙක් දිවක් වැනිය, තවකෙකු අතක් වැනිය, තවත් කෙනෙකු කකුලක් වැනිය. එතරම් ප්‍රමුඛ නොවන ඇතැම් විශ්වාසවන්තයින් ශරීරයේ සැඟවුණු අභ්‍යන්තර අවයව වැනිය. නමුත් ස්වකීය ශරීරය ගොඩනඟන හිස වන්නේ ක්‍රිස්තුස් වහන්සේය. අපට කළ හැක්කේ උන්වහන්සේගේ ශරීරයේ අවයව ලෙස උන්වහන්සේ විසින් පාලනය කරනු ලැබීමට, මෙහෙයවනු ලැබීමට සහ භාවිතා කරනු ලැබීමට අපව උන්වහන්සේට කැප කිරීම පමණි. අත්වලට සහ කකුල්වලට තමන් විසින්ම කිසිවක් කළ නොහැක. කළ යුත්තේ කුමක්දැයි අතට පවසන්නේද, යා යුත්තේ කොතැනටදැයි කකුල්වලට පවසන්නේද හිසයි. අප ක්‍රිස්තුස් වහන්සේට යටත් විය යුත්තේ එලෙසය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ක්‍රියාත්මක වන්නේද ගොඩනඟනු ලබන්නේද එලෙසය. තවද අපි අවධාරණය කිරීමට උත්සාහ කළේ ද එයමය.

නමුත් දෙවියන් වහන්සේ යමෙකුව තරමක් දුරට හෝ භාවිතා කිරීමට පටන් ගත් විට සහ යම් ස්ථානයක ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනඟනු ලැබීමේ ආශ්චර්යය ඔහු දකින්නට පටන් ගත් විට, ඇති වන ලොකුම අනතුර නම් ආත්මික උඩඟුවයි. දෙවියන් වහන්සේ අපට ආශීර්වාද කරන විට, උඩඟුකම කෙළවරේ සිට සැඟවී බලා සිටියි. එම ප්‍රදේශයේ සභාව ගොඩනඟන ලද්දේ අප විසින්ම යැයි හෝ එම මිනිසුන්ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන ආවේ අපම යැයි සිතීමට අපි පටන් ගත හැකිය. දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෙකු හෝ සභාවක් ආඩම්බර වූ විට, දෙවියන් වහන්සේ වහාම එම පුද්ගලයාට සහ එම සභාවට එරෙහි වීමට පටන් ගන්නා සේක.

අපගේ ජීවිතවලින් දෙවියන් වහන්සේට ගෞරව කිරීමටත්, මෙම අවසාන දවස්වල උන්වහන්සේගේ සභාව ගොඩනැඟීමටත් හැකි වන පරිදි, අපි සැමදෙනාම දෙවියන් වහන්සේට භය වී දිනපතා උන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලය සොයමුද!

ආමෙන්.

©Zac Poonen – [email protected]
කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළ යුතුය.
ඔබට මෙය ආශීර්වාදයක් වූයේ නම්, තව සහෝදර/සහෝදරියකට කොපියක් ලබා දීමෙන් සුභාරංචියේ පංඟුකාරයකු වන්න.

Inquiries (විමසීම්):

LANKA - CHRISTIAN FELLOWSHIP CHURCH
Daduru Oya – Chilaw & Wattala Colombo Sri Lanka.
Tel: ක්‍ෂේමාල් පින්ටෝ ( +94 776 344 328), ක්ලෝඩ් කෙම්ප්ස් ( +94 773 631 575)
Rizanth Francis (+94 773 951 116)

Adresse

Paris

Heures d'ouverture

Mercredi 20:30 - 22:00
Dimanche 16:30 - 18:30

Téléphone

+33610991777

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque සැක් පූනන් - දේවානුභාවයේ වචන publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter Le Lieu De Culte

Envoyer un message à සැක් පූනන් - දේවානුභාවයේ වචන:

Raccourcis

Partager