පරගොඩ රජ මහා විහාරය

පරගොඩ රජ මහා විහාරය වියලී ගිය මිනිසත් කම, ධම් දියෙන් නැහැවීම උදෙසා......

25/12/2019
mahesh මහත්තයා ඇතුළුසියලුම පින්වත් ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කර සිටිමි
16/12/2019

mahesh මහත්තයා ඇතුළුසියලුම පින්වත් ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කර සිටිමි

13/12/2019
LANKABHIMANEEදේශපාලන මතවාද හා ජාතික ආගමික අන්තවාදයෙන් තොරව, ශ්‍රී ලාංකිකයින් ලෙස, ශ්‍රී ලාංකීය ඉතිහාසය, සෞන්දර්ය, කලාව,...
06/11/2019

LANKABHIMANEE
දේශපාලන මතවාද හා ජාතික ආගමික අන්තවාදයෙන් තොරව, ශ්‍රී ලාංකිකයින් ලෙස, ශ්‍රී ලාංකීය ඉතිහාසය, සෞන්දර්ය, කලාව, නවීන තාක්ෂණය ඇතුළු දේශීය වටිනාකම් පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීමට එකතුවෙමු.


2015-11-06
අෂ්ඨ ඵල බෝධි - දෙතිස් ඵල බෝධි

දඹදිවින් වැඩම කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයෙහි රෝපනය කිරීමෙන් පසුව,උන් වහන්සේගෙන් මුලින්ම හට ගත්තාවූ ශාඛා අට අෂ්ඨ ඵල බෝධීන්වහන්සේලා ලෙසත්, එම 8 න් හටගත්තාවූ ශාඛා 32, දෙතිස් ඵල බෝධීන් වහන්සේලා ලෙසත් හැඳින්වූ බව ඓතිහාසික පොත්පත් හා ලේඛණ වලද, ජන වහරෙහිද සටහන් වේ.

ශ්‍රී ලංකාවට බුදු දහම හුන්වා දීමට පුරෝගාමී වු මිහිඳු මහ රහතන් වහන්සේ, ශ්‍රී ලාංකික බෞද්ධයාට වන්දනා කිරීම සඳහා බෝධීන් වහන්සේ ගේ අඩුව දුටුවහ. තවද කාවන්තිස්ස රජුගේ බිසව අනුලා බිසව ඇතුළු කාන්තාවන් බුදු සසුනේ මහණකම් අපේක්ෂා කළද එයද මිහිඳු මහරහතන් වහන්සේට ඉටු කළ නොහැකි කාර්යයකි. ඒ අනුව ශ්‍රී මහා බෝධීන් වහන්සේනමක් වැඩමවීමට ආරාධනා කොට, ඒ සමග මෙහෙණි සසුන ආරම්භ කිරීමද අරමුණු කොට, මිහිඳු මහ රහතන් වහන්සේගේ ගිහි කළ සොයුරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ කැඳවීම සඳහා සිය පියාණන් හට විශේෂ දුතයකු ලෙස සුමන නම් ඇමතිවරයෙකු පිටත් කරන්නේ, කාර්ය සපුරා ආ විගස බුදු සසුනේ පැවිදි වීමට තමාට අවසර දෙන බවට තිස්ස රජුගේ පොරොන්දුවද රැගෙනය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ද සමග සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම වන විට, තිස්ස රජු කරවටක් දියඹට ගොස් ශ්‍රී මහා බෝධින් වහන්සේ හිසමත තබාලෙන වැඩැම්මවූ බවත්, අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේගේ මග පෙන්වීම අනුව අනුරාධපුර රාජධානියේ මහමෙව්නා උයනේ රජ ගෙදර දොරටුව අසල රෝපණය කළ බවත් බතිහාසයේ සඳහන්ය. පෙර බුදුන් වහන්සේලා පිටදුන් බෝධින් වහන්සේලා රෝපණය කර තිබුණේ ද මෙම ස්ථානයේම බව, වංශ කතාවල කියැවේ.

මෙම ශ්‍රී මහා බෝධි රෝපණ මංගල්‍යය සිදුවන්නේ බුද්ධ වර්ෂ 236 උඳුවප් මස පුර තුදුස්වක් දින සවස (උඳුවප් පුරපසළොස්වක දිනයට පෙර දිනයේදී ) ය.

ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ - අනුරාධපුරය

අෂ්ඨ ඵල බෝධීන් වහන්සේලා
-------------------------------------
එතැන් සිට දින 7 ක් ඇවෑමෙන් මහා ප්‍රතිහාර්යන් මධ්‍යයේ ශ්‍රී මහා බෝධියේ නැගෙනහිර දිශා ශාඛාවෙන් තවත් ඵලයක් හට ගනියි. එම ඵලයෙන් එම දිනයේදීම තවත් ඵල 8 ක් හටගත් බව වංශ කතාවන්ට අනුව කියැවෙයි. අප එය හඳුන්වන්නේ අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේ නමිනි.

මෙම නැගෙනහිර දිශා ශාඛාවෙන් තවත් ඵල තිස් දෙකක් හටගත් බව කියවෙන අතර, මහාබෝධි වංශ කතාවට අනුව එය සඳහන් වන්නේ මෙසේය. ‘‘ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එහි පංච මහා ශාඛාවන් වූ බෝ පල පසකින් හටගත් අංකුර සතොළසක් (හතලිහක්) විය. ඉන් ප්‍රථම ඵල බෝධීන් වහන්සේ අටදෙනම අෂ්ඨ ඵල බෝධින් වහන්සේ වන අතර ඉතිරි බෝධීන් වහන්සේ තිස් දෙක දෙතිස් ඵල රුහ බෝධින් වහන්සේලා ය.“

මෙපරිදි, වංශකතා වල සඳහන් වන පළමුව හට ගත් බෝ පැල අට, හුදී ජනයාගේ වන්දනා මානය පිණිස දිවයිනේ විවිධ පලාත්වල රෝපණය කරන ලදී. එම ස්ථාන නම්

1. දඹකොළපටුන (දඹුලුතොට)
2. තිවක්ක බමුණුගම (තන්තිරිමලේ)
3. ථූපාරාමය
4. ඉසුරුමුණි වෙහෙර (කසුන්ගිරි වෙහෙර)
5. මිහින්තලය (සෑගිරිය)
6. හඳුන්නරුව (සඳුන්ගම – යාල)
7. ප්‍රථමක චෙත්‍යය (නිවන්තක චේතිය – මල්වතු ඔය අසල)
8. කතරගම (වර්තමානයේ කතරගම දේවාලය අසල)

දඹකොළපටුන බෝධිය

කතරගම බෝධිය
මෙම බෝධීන් වහන්සේලාගේ ඓතිහාසික වටිනාකම තවත් ඉහල යාමට හේතුවක් වන්නේ, මිනිස් අතකින් රෝපනය කර, දීර්ඝතම ලේඛණගත ඉතිහාසයක් ඇති, ලෝකයේ පැරණිම වෘක්ෂ ලෙස මෙම බෝධින් වහන්සේලා හඳුනාගෙන තිබීමයි. මෙම අෂ්ඨඵල බෝධීන් වහන්සේලා ඉහත කී ස්ථාන වල රෝපණය කිරීම අලලා රසවත් කතාන්දරද ජනප්‍රවදයේ එයි.

දෙතිස් ඵල බෝධින් වහන්සේලා
----------------------------------------
දෙතිස්ඵල රුහ බෝධින් වහන්සේ ද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මාතෘ උරුමයට නෑකම් කියන සුවිශේෂී වූ ද ගෞරවනීය වූ ද බෝධින් වහන්සේලා ය.

මහා බෝධී වංශයට අනුව එම දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලා රෝපනය කරනු ලැබුවේ මෙසේය.

මහියංගනය

බෙල්ලන්විල විහාරය
1. මල්වැස්සා වෙහෙර
2. තන්ත්‍රිමලය
3. මුහුදුබඩ මහාජල්ලික කෙවුල්ගම
4. කොට්ටියාරම
5. පොළොන්නරුව
6. මාතලේ රුසීගම
7. රුහුණු රට මාගම
8. විල්වල
9. මහියංගනය
10. සේරුවිල සමීපයේ නයින්ගේ විල්ගම් වෙහෙර
11. ඌව බදුල්ලේ මුතියංගනය
12. එම රට බුත්හල භප්පෝරු වෙහෙර
13. රුහුණු රට සිතුල්පව්ව
14. තංගල්ලේ වනවාස වෙහෙර
15. වැලිගම වෙහෙර
16. පරගොඩ
17. මැද්දේගම
18. ගණේගම
19. කොත්මලේ පුසුල්පිටිය
20. මායාරට වතුර
21. බෙලිගල
22. බෙල්ලන්විල
(වර්තමාන බෙල්ලන්විල විහාරය)
23. වදුරව
24. වට්ටාරම
25. රජ මහා විහාරය (?)
26. සුලුගල්ල
27. රැස්වේරුව
28. කටියාව
29. ගිරිබා වෙහෙර
30. යාපව්ව
31. කසාගලු වෙහෙර
32. ඇඹලව රහත් ගල් වෙහෙර

අතීතයේ ලංකාවේ ග්‍රාමයන් හැඳින්වූ සමහර නාමයන් වර්තමානය වන විට වෙනස්වීම් වලට භාජනය වී ඇත. එම නිසා මෙහි සමහර ග්‍රාම නාමයන්, සමඟ බද්ධ වූ තැන් කොතැනදැයි නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.

එසේම නොයෙකුත් උපද්‍රවයන්, පාරිසරික විපර්යාසයන්, සතුරු ආක්‍රමණ, මෙන්ම සමහර යුගයන්හි නොසලකා හැරීම් හමුවේ ඇතැම් පැරැණි බෝ වෘක්ෂයන් මේ වන විට විනාශ වී තිබේ. නමුත් බෝධීන් වහන්සේ හා සම්බන්ධ වූ බොහෝ ස්ථානයන්හි පූජනීයත්වය තවමත් නොකෙලෙසී පවතියි.

එම පැරැණි බෝ වෘක්ෂ රාජයන්ගේ ගෞරවනීය නාමයන් සංකේතවත් කරමින් වැඩ වසනා නව බෝ වෘක්ෂයන් එම පැරැණි මතකය අවදි කරවමින් පූජනීයත්වය එලෙසම රඳවා තබා ගැනීමට සමත් වී තිබේ.

බහුතර බෞද්ධ ජනතාව මෙම බෝධි රෝපණ පූජාවන්ට දක්වන්නේ මහත් වූ ගෞරවයක් වන අතර බෝධින් වහන්සේ නමක් නොමැති විහාරස්ථානයක් ඇත්නම් එතැන පවතින්නේ මහත් අඩුවකි. ඒ තරමට අපගේ සංස්කෘතියත් බෝධි වෘක්‍ෂයත් අතර ඇත්තේ නොගිලිහෙන අපමණ වූ ගෞරවනීය සහසම්බන්ධයකි.

මෙම ලක්දිව් තලයේ සතර දිග් භාගය පුරා මෙසේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා රෝපණය කිරීමෙන් පෙර රජ දරුවන් බලාපොරොත්තු වූවේ බුද්ධ ශාසනයේ ව්‍යප්තියයි. බෝ වෘක්ෂයට පුදසත්කාර කරන බැතිබර බෞද්ධයන් බුදුන් වහන්සේට කරන පූජෝ

ඓතිහාසික පරගොඩ රජමහා විහාරයේ 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා පැවැත්වෙන                                                   ...
06/11/2019

ඓතිහාසික පරගොඩ රජමහා විහාරයේ
2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා පැවැත්වෙන ......."සාදු දන්ත දා ධාතු වන්දනා"........
පිංකම සදහා ධාතු වන්දනාව සහ ප්‍රදර්ශනය සදහා බුදුන් වහන්සේගේ සහ මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඉතා බහුමානයෙන් පිළිගැනීමට සුදානම් වෙමින්...
සැදැහැවත් ඔබ සැමට ආරාධනා ...

වාර්ෂික කඨින මහා පින්කම් අපේ විහාරස්ථානයේ
04/11/2019

වාර්ෂික කඨින මහා පින්කම් අපේ විහාරස්ථානයේ

Adresse

Democratic Republic Of The
80130

Téléphone

0712693819

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque පරගොඩ රජ මහා විහාරය publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager