Hilda Jayewardenaramaya Buddhist Monastery - BCC

Hilda Jayewardenaramaya Buddhist Monastery - BCC We help people to find inner tranquility with the light of the Buddha's teaching. Weekly Mindfulness meditation programs available.

07/31/2026
පින්වතුණි,වස්සාන පූජා දායකත්වයට මෙත් සිතින් ආරාධනා! ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඊයේ(ජූලි 26 ඉරිදා) අප විහාරස්ථ...
07/28/2026

පින්වතුණි,

වස්සාන පූජා දායකත්වයට මෙත් සිතින් ආරාධනා!
ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඊයේ(ජූලි 26 ඉරිදා) අප විහාරස්ථානයේ පැවති සීල, භාවනා හා ධර්ම වැඩසටහන ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් වූ අතර, එහි අවසාන අංගය ලෙස වස් ආරාධනා පිංකම ද ඉතා ගෞරවාන්විතව සිදු කෙරිණි.

එළඹෙන ජූලි 30 වැනි දින සිට වස් කාලය ආරම්භ වන බව සියලු පින්වතුන් වෙත සතුටින් දැනුම් දෙමු.

මෙවර දායක සභාව සහ සැදැහැවතුන් වෙනුවෙන් විහාරවාසී මහා සංඝරත්නය වෙත වස් ආරාධනාව සිදුකරනු ලැබුවේ කසුන් හා පවිත්‍රා අත්තනපොළ පවුල, චන්ද්‍රා එදිරිසිංහ හා කෙන් ඇඩම් පවුල, ගයත්‍ර හා සුගන්දි පවුල, ෂෙහාන් හා ඉලුෂා පවුල ඇතුළු එම පවුල්වල දූ දරුවන් විසිනි.
මෙම ගෞරවනීය ආරාධනය පිළිගෙන පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මහගම සුනීත ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය නාගස්වැවේ සුමනරතන ස්වාමීන් වහන්සේ ජූලි 30 වැනි දින වස් සමාදන් වීමට නියමිතය.

වස් කාලය පුරා විහාරවාසී ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා යටතේ සැදැහැවතුන්ගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා විවිධ පින්කම් සහ ධර්ම වැඩසටහන් සංවිධානය කර ඇත.

සෑම ඉරිදා දිනකම සවස 5.00 සිට 6.30 දක්වා වස්සාන පූජාව සහ ධර්ම දේශනය පැවැත්වෙන බැවින්, පහසු දිනයක් තෝරාගෙන එම පූජාව සඳහා දායකත්වය ලබාගෙන මෙම උතුම් පුණ්‍ය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ඔබ සැමට ආදරයෙන් හා මෙත් සිතින් ආරාධනා කරමු.

වස්සාන පූජා දායකත්වය ලබා ගැනීම සඳහා පහත දැක්වෙන සබැඳිය (Link) භාවිතා කළ හැකිය.
https://docs.google.com/document/d/1Vk3a53uwfmZ-oLcmKIyIfQTBWvICw9xCLRJOKHkYAbQ/edit?usp=sharing

07/15/2026
Some moments of the 2nd Outdoor Meditation Sunday July 12th at the backyard of Hilda Jayewardenaramaya temple
07/15/2026

Some moments of the 2nd Outdoor Meditation Sunday July 12th at the backyard of Hilda Jayewardenaramaya temple

Address

1481, Heron Road
Ottawa, ON
K1V6A6

Alerts

Be the first to know and let us send you an email when Hilda Jayewardenaramaya Buddhist Monastery - BCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Hilda Jayewardenaramaya Buddhist Monastery - BCC:

Shortcuts

Share