Sri Lanka Buddhist Monastery - Brisbane Australia

Sri Lanka Buddhist Monastery - Brisbane Australia SLBM is a glorious resourceful and evolving Temple offering most of the essential facilities required of a Theravada Buddist Temple.

Sri Lanka Buddhist Monastery (Brisbane) Inc., is a tax-exempt not-for-profit religious organisation (ABN 92 494 080 782) incorporated in Queensland. More popularly known as Sri Lankarama Maha Viharaya, the monastery is situated in the western suburb of Ellen Grove and its premises has been blessed with a flourishing Bo-Tree which not only evokes the deep devotion in the minds of people, but also l

ifts the aesthetics of the surrounding serene environment. SLBM is maintained by the Buddhist community and it serves the spiritual needs of a large number of devoted Buddhists residing in suburban Brisbane and also, other provincial cities and towns in Queensland. The volunteer work of the Resident monks and the supportive role played by the laity by way of monetary donations help the long-term sustenance and progressive development of the monastery.

Kindly be advised the venue for the 'Youth Discussion Session' tomorrow (12th September) will be at the Sathi Grove (128...
11/09/2026

Kindly be advised the venue for the 'Youth Discussion Session' tomorrow (12th September) will be at the Sathi Grove (128 Considine Street, Ellen Grove, QLD 4078).

06/09/2026
06/09/2026
සිවුරු පිළිබඳ දතයුතු කරුණුසිවුරේ ආරම්භය 🙏සියවස් 25ක් ගතවුවද  කිසිදු වෙනසකට පත් නොවූ ලොව පැරණිම ඇඳුම ලෙස සිවුරට ඇත්තේ සුව...
06/09/2026

සිවුරු පිළිබඳ දතයුතු කරුණු

සිවුරේ ආරම්භය 🙏

සියවස් 25ක් ගතවුවද කිසිදු වෙනසකට පත් නොවූ ලොව පැරණිම ඇඳුම ලෙස සිවුරට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එයින් පැවසෙන තවත් දෙයක් වන්නේ අනුන්ගේ යහපත වෙනුවෙන් කැපවූවන්ගේ පරමාදර්ශී උත්තම සංකේතයද චීවරය බවකි. එසේම සුවහසක් දනන්ගේ අප්‍රමාණ වන්දනාවට මෙන්ම ගරු බුහුමනටද තවත් විටෙක ගැරහුමටද ලක්වූ අකම්පිත බවේ සලකුණ බුද්ධ චීවරය ලෙස සැලකේ. කසට වස්ත්‍ර දරා සිතේ කෙළෙස් කසට සෝදා හරින්නට හැකි බව ලොවට පසක් කළ ඒ අරහත් ධජය සම්බුද්ධ වීවරය ලෙස පිළිගැනීමට ලක්ව ඇත.

චීවරය අර්ථ දැක්වීම් 🙏

සංස්කෘතයෙන් චීර හෙවත් ගස්වල පට්ටාවලින් තනාගත් ඇඳුම යන අදහසින් පාලි චීවර යන වචනය නිපන් බව රිස් ඩේවිඩස් වියත්හු දක්වති. ඒ අනුව බෞද්ධ භික්ෂුවගේ සාම්ප්‍රදායික ඇඳුම වන සිවුරට දිය හැකි සරල අර්ථකථනය රෙදි කැබලි එක්කොට සකස් කරගත් විශේෂ වස්ත්‍රය යන්නය. පාලි භාෂාවේ චීවර යන්නෙන් සිවුර අර්ථවත් වන බව පූජ්‍ය වැලිවිටියේ සෝරත නාහිමියෝ දක්වා ඇත. චීවර යනුවෙන් කසාවත හෙවත් කසට පෙවූ වස්ත්‍රය කියැවෙන බව පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියෝ පවසති. පොදුවේ චීවර යනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේගේ චීවරය පමණක් අර්ථ ගැන්වෙයි.

ශ්‍රමණ සම්ප්‍රදාය සහ බ්‍රාහ්මණ සම්ප්‍රදාය යනුවෙන් භාරතයේ ආගමික සම්ප්‍රදායයන් දෙකක් විය. එයින් ශ්‍රමණ සම්ප්‍රදායයට චීවරය අදාළ වෙයි.

තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ගේ පරිභෝගය පිණිස සිවුරු නවයක් අනුදැන වදාරා තිබේ. එයින් අන්තරවාසක, උත්තරාසංග, සංඝාටි යන තුන ප්‍ර‍ධාන ය.

අන්තරවාසක යනු අඳනය ය.
උත්තරාසංග යනු උඩුකය වසනු පිණිස පොරෝනා සිවුර ය.
සංඝාටි යනු විහාරයෙන් පිටත යන කල්හි ශරීරය හොඳින් වසාගනු පිණිස පාවිච්චි කරන සිවුර ය.
දැනට අඳනය - තනි පට සිවුර - දෙපට සිවුර, තුන් පට සිවුරය’’යි ව්‍යවහාර කරන්නේ මේ තුනට ය.:

සිවුරු වර්ග 🙏

ඒ අතර මතු දැක්වෙන සිවුරු වර්ග බුදුරජාණන් වහන්සේ විසින් වරින් වර අවශ්‍යතා අනුව පනවන ලද සිවුරු අතර වෙයි.

පාංශුකූල චීවරය (පසුල් සිවුර)
ගහපති චීවරය (ගැහැවි සිවුර)
කඨින චීවරය ( කඨින සිවුර)
වස්සාවාසික සිවුර (විහාරස්ථානයක වස් වැසූ භික්‍ෂූන් වහන්සේලා හැමදෙනා වහන්සේලාට ම කඨින සිවුරු පූජා කරන්නේ නෑ. එක් විහාරස්ථානයක පූජා කරන්නේ එක් සිවුරක් පමණයි. විහාරස්ථානයේ වස් විසූ අනෙක් ස්වාමීන් වහන්සේලා විෂයයෙහි පූජා කරන සිවුර වස්සාවාසික සිවුරු ලෙසින් හැඳීන්වෙනවා.)

සිවුරේ ආකෘතිය සහ සැකසුම 🙏

බුද්ධකාලීන ශ්‍රමණ සම්ප්‍රදායන්ට හෝ වෙනත් ආගමික කණ්ඩායමකට අයත් නොවන සිවුර බුදුදහමටම ආවේණික වූවකි. සසර බිය දැක නිවන් පසක් කරනු පිණිස පිළිවෙත් පුරණ මහා සංඝයාවහන්සේ මුල් කාලයේදී සිවුර ලෙස පෙරවූයේ මිනී එතූ වස්ත්‍ර වැනි වටිනාකමක් නොමැති රෙදි කැබලි එකතුකොට අපිළිවෙළට මැසූ වස්ත්‍රයකි.

පසුකලෙක බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට දක්ඛණාගිරියට වැඩමවන අවස්ථාවේ මගධයේ කෙත්යාය දැක එහි ලියැදි සහ නියරවල් බෙදා ඇති අයුරු පෙන්වා ඒ අනුව සිවුර සකස්කර ගන්නා ලෙස පැවසූ බව විනයපිටකයට අයත් මහාවග්ග පාලියේ සඳහන් වෙයි.

විනය මහාවග්ගපාලියෙහි ඡීවරක්ඛන්ධකයට අනුව සිවුරක කොටස් නවයකි.

1. දිග නුවාව යනුවෙන් දික් අතට ඇති සිවුරේ වාටියත්
2. කෙටි නුවාව යනුවෙන් පහළට ඇති සිවුරේ වාටියත්
3. ලොකු කඩ යනුවෙන් සිවුරේ ඇති විශාල කොටු සහ
4. කුඩාකඩ යනුවෙන් සිවුරේ ඇති කුඩා කොටුත් දක්වා ඇත.
5. තවදුරටත් වස් අතු යනුවෙන් සිවුරේ මැද කොටසද
6. ඇළ අතු ලෙස වස්අත්තේ දෙපස ඇති කොටස්ද
7. ගීවෙය්‍ය යනුවෙන් බෙල්ල ළඟට සිටින පටියත් සඳහන් වෙයි.
8. ජංසෙය්‍ය යනුවෙන් පාදයේ කෙණ්ඩා මත ගෑවෙන කොටසද,
9. බාහන්ත යනුවෙන් දෙවුර පෙරවීමේදී වම් අතෙහි අත්ල මත පිහිටින කොටසද අයත්ය.

ඒ අතර පහළොස්කඩ සිවුරද වෙයි. එය මෙහි පහත සටහනෙහි දැක්වෙයි.

සිවුරුවල ප්‍ර‍මාණ 🙏

ඒ අනුව දෙපට සිවුර දිග රියන් පහ හමාරකි. පළල රියන් හතර හමාරකි.
තනිපට සිවුරද දිග රියන් පහ හමාරකි. පළල රියන් හතර හමාරකි.
අඳන සිවුර දිග රියන් පහයි. පළල රියන් දෙකකි.

සියලු ම සිවුරු බුදුන් වහන්සේගේ සිවුරට කුඩා විය යුතු ය. උන්වහන්සේගේ සිවුරු දිගින්, සුගත් වියතින් නව වියතක් හා පුළුලින් සවියතක් ද වන්නේ ය. සුගත් වියත වඩුරියනෙන් එක්රියන් හමාරෙකි. බුදුන් වහන්සේ ගේ සිවුරෙහි දිග වඩු රියනින් දහතුන් රියන් හමාරක් වන්නේ ය. සුගත චීවරය පමණට දිග පුළුල ඇති සිවුරක් දැනට ඉන්නා අයට වුවමනා නැත. එහෙත් ඉතා කුඩා වුව හොත් පරිමණ්ඩල සුපටිච්ඡන්න සික පද රැකෙන සේ හැඳීම පෙරවීම කරන්නට අපහසු ය. ඉතා මහත් වීමෙන් ද ඒ දෝෂය වේ. එ බැවින් තම තමන්ගේ ශරීර ප්‍ර‍මාණ අනුව සිවුරු පිළියෙළ කර ගත යුතු ය.

දිගින් පස් රියනක් වූ ද, පුළුලින් දෙරියනක් හෝ දෙරියන් හමාරක් වූ ද අඳනය සුදුසු ය. තනි පොර දෙ පොට සිවුරු දිගින් පස්රියන් හමාරක් ද, පුළුලින් සතර රියන් හමාරක් ද වීම සුදුසු ය.

පස්කඩ සත්කඩ ආදි වශයෙන් සිවුරු කඩ කපා මසා ගත යුතු ය. තුන් සිවුර ම කඩ කපා මසා ගැනීමට රෙදි මඳ වේ නම් එකක් හෝ දෙකක් කඩ නොකපා මසා ගැනීම ද සුදුසු ය.

කඩ නොකැපූ සිවුරම නො දැරිය යුතු ය. අලුත් රෙදිවලින් සිවුරු කරන කල්හි අඳනය උත්තරාසංගය යන දෙක තනි පොටට ද සංඝාටිය දෙපොටක්ද කළ යුතුය.

රෙදි පරණ නම් අඳනය උත්තරාසංගය දෙපොට කොට ද සංඝාටිය සතරපොට කොට ද, පංසුකූල රෙදිවලින් සිවුරු මසත හොත් කැමති පරිදි ද මසා ගැනීමට අනු දැන වදාරා ඇත්තේ ය.

සිවුරු මැසීමේ දී අලංකාරය පිණිස කිසි මැස්මක් නො කළ යුතු ය. ගණ්ඨිවලට යොදන රෙදි කැබලි සිවුරැස් කොට ම ගත යුතු ය. අලංකාරය පිණිස සිවුරුවල දහවලු නො තැබිය යුතු ය.

අංසකඩය බොහෝ පැවිද්දන් පරිභෝග කරන පරිෂ්කාරයෙකි. “න කඤ්චුකං ධාරෙතබ්බං” යි වදාරා ඇති බැවින් අංසකඩය පොරෝනා පරිෂ්කාරයක් ලෙස මිස කඤ්චුකයක් ලෙස නො මැසිය යුතු ය. කඤ්චුකය යි කියනුයේ බැනියම් කමිස ආදී ඇඟ ලන වස්තූනට ය. එ බන්දක් නොවන සේ අංසකඩය පිළියෙළ කර ගත යුතු ය.

සිවුරු රෙදි 🙏

අනුජානාමි භික්ඛවෙ, ඡ චීවරානි ඛොමං කප්පාසිකං කොසෙය්‍යං කම්බලං සාණං භංගං” යි සිවුරුවලට රෙදි වර්ග සයක් අනුදැන වදාරා තිබේ. ඛෝම යනු ඒ නම ඇති ගස් වර්ගයක කෙඳිවලින් වියන රෙදි ය.
කප්පාසික යනු කපු නූලෙන් වියන රෙදි ය.
කෝසෙය්‍ය යනු පට රෙදි ය.
කම්බල යනු ලොමින් වියන රෙදි ය.
සාණ යනු ඝණ කෙඳිවලින් වියන රෙදි ය.
භඞ්ග යනු මිශ්‍ර‍ නූලෙන් වියන රෙදි ය.
මේ රෙදි වර්ග සය හා ඒවාට සමාන වෙනත් රෙදි වර්ග ද සිවුරුවලට සුදුසු ය. හිසකේ, පියාපත්, ගස්වල සුඹුලු, සම් ආදියෙන් සිවුරු නො කළ යුතු ය.

සිවුරේ පැහැය 🙏

“න භික්ඛවෙ, සබ්බනීලකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපීතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බලොහිතකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමඤ්ජිට්ඨකානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බකණ්හානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහාරංගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බමහානාමරත්තානි චීවරානි ධාරෙතබ්බානි.
(මහාවග්ග චීවරක්ඛන්ධක)

මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් සම්පූර්ණයෙන් නිල් පැහැය ඇත්තා වූ ද, කහ පැහැය ඇත්තා වූ ද, රතුපැහැය ඇත්තා වූ ද, මදටිය පැහැය ඇත්තා වූ ද, කළු පැහැය ඇත්තා වූ ද, පත්තෑයන් ගේ පිටේ පැහැය ඇත්තා වූ ද, ඉදුණු කොළවල පැහැය ඇත්තා වූ ද, සිවුර නො දැරිය යුතු ය. අකැප පැහැයවල් ඇති සිවුරු ලදහොත් සෝදා ඒ පැහැයවල් වෙන් කොට නියම පැහැය ඇති පඬුපොවා ගත යුතු ය. පාට ඉවත් කළ නොහැකි නම් ඇතිරිලි ආදිය සඳහා යෙදිය යුතු ය. තථාගතයන් වහන්සේ විසින් සම්පූර්ණ නිල් කහ ආදි වර්ණයන් ප්‍ර‍තික්ෂේප කර තිබීමෙන් පෙනෙන්නේ සිවුරේ පැහැය මිශ්‍ර‍ වර්ණයක් විය යුතු බව ය.

නුග පොතු තම්බා පෙවූ කල්හි ඇති වන පැහැය සිවුරේ නියම පැහැය විය යුතු ය. එය කළු රතු කහ යන පාට තුන මිශ්‍ර‍ වී ඇති කසට පැහැය ය.

ලෝකයෙහි ඇති නොයෙක් වර්ණයන් අතුරෙන් මේ කසට පැහැය ම සිවුරට ගෙන ඇත්තේ එහි අනුසස් සලකා ගෙන ය.

සුදුපැහැය ඇති සිවුරු පරිභෝග කරතහොත් එය ඉතා ඉක්මනින් කිලිටි වන බැවින් නිතර සෝදන්නට වීමේ පළිබෝධය හා අලුත් වස්ත්‍ර‍ සොයන්නට වීමේ පළිබෝධය ඇති වන්නේ ය. ඒ පළිබෝධය නැති බව මේ කසට පැහැයෙහි එක් අනුසයෙකි. වරක් පෙවූ කල්හි බොහෝ කල් පවත්නා වූ මේ පැහැයෙහි නිතර පඬු පෙවීමේ පළිබෝධය නැති බව එක් අනුසසෙකි. සිවුර ලස්සනය කියා තණ්හාමානාදි කෙලෙස් නූපදනා බව එක් අනුසසෙකි. දුරට නො පෙනෙන බැවින් අන්තරාය අඩු බව එක් අනුසසෙකි. මෙය මදුරුවන්ට අප්‍රිය වර්ණයෙකි. එබැවින් සිවුරට මදුරුවන් පැමිණෙනවා අඩු ය. එය කසට පැහැයේ එක් අනුසසෙකි. මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් මේ කසට පැහැය පැවිද්දන්ට ඉතා යෝග්‍ය පැහැය වන්නේ ය.

පඬු වර්ග 🙏

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී භික්ෂූහු ගොම හා රතු මැටි දියකර සිවුරුවලට පෙවූ හ. සිවුරු දුර්වර්ණ විය. ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ කල්හි “අනුජානාමි භික්ඛවෙ, ඡ රජනානි මූලරජනං ඛන්ධරජනං තචරජනං පත්තරජනං පුප්ඵරජනං ඵලරජනං” යි මුල් ය - කඳ ය - පොතු ය - කොළ ය - මල් ය - ගෙඩි ය යන මේ සය වර්ගය පඬු පිණිස ගැනීමට අනුදැන වදාළ සේක.

මෙසේ පඬු ජාති සයක් අනුදැන වදාළ මුත් නො ගත යුතුය කියා කිසිවක් ප්‍ර‍තික්ෂේප නොකළ සේක. එ බැවින් සුදුසු පැහැය ඇති තවත් ජාති ද ඒවාට අනුලෝම වශයෙන් ගැනීම සුදුසු විය යුතුය. මුල් ආදියෙහි ද යෝග්‍ය වර්ණයක් නැති ඒවා නොගත යුතු ය. එබැවින් “හලිද්දිං ඨපෙත්වා සබ්බං මූලරජනං වට්ටති” යි කහ හැර සියලු මුල් සුදුසු බවත් “මඤ්ජිට්ඨකංච තුංගහාරකඤ්ච ඨපෙත්වා සබ්බං ඛන්ධරජනං වට්ටති” පතඟි හා ටිඟොල් නමැති ගස් වර්ගත් නුසුදුසු බවත් “ලොද්දංච කණ්ඩුලංච ඨපෙත්වා සබ්බං තචරජනං වට්ටති” යි ලොත් හා කඩොල් පොතු හැර සියලු පොතු සුදුසු බව ද “අල්ලි පත්තඤ්ච නිල්ලිපත්තඤ්ච ඨපෙත්වා සබ්බං පත්තරජනං වට්ටති” යි සිහින් කසාපත් හා බෙරුපත් හැර ඉතිරි සියල්ල සුදුසු බව ද, කිංසුකපුප්ඵඤ්ච කුසුම්භපුප්ඵඤ්ච ඨපෙත්වා සබ්බං පුප්ඵරජනං වට්ඨති” යි වණුක් මල් හා කෑලමල් හැර සියලු මල් සුදුසු බව ද, ගෙඩි ජාති සියල්ලම සුදුසු බව ද විනය අටුවාවෙහි දක්වා තිබේ. සුවඳ ද්‍ර‍ව්‍ය කැඳ ආදිය පඬුවලට මිශ්‍ර‍ නො කළ යුතු ය.

i. මුල් (කහ හැර සියලු මුල් වර්ග)
ii. කඳ ( පතග හා වල් මදටිය හැර සියලු අරටු)
iii. මල් (වනුක් මල් හා කෑල මල් හැර සියලු මල් වර්ග)
iv. පොතු (කැටකෑල හා ලොක් පොතු හැර සියලු පොතු)
v. කොළ (කසා කොළ හා නෙල්ලි කොළ හැර සියලු කොළ)
vi. ගෙඩි (සියලු ගෙඩි වර්ග)
ලංකාවේදී පඬු සකසා ගැනීම සඳහා මහෝගනී ගසේ පොතු/කඳ/මුල්, වරකා අරටු/මුල්, දමන පොතු, නුග පොතු, කුඹුක් පොතු/මල්, දඹ පොතු හා සේපාලිකා මල් බහුලව භාවිත කර තිබේ.
පඬු පෙවීම සඳහා නොගත යුතු වර්ණ ලෙස නිල්, කොළ, කළු, තද කහ, දම්, රෝස, තද රතු යන වර්ණ දක්වා ඇත.

පඬු ගැන්වීම 🙏

සියලු පඬු වර්ග සිහින්ව කපා අව්වේ වියළා හැලියක දමා හොඳින් තම්බාගත යුතුය. පසුව පෙරා තද උණුසුම පහවූ පසු පඬු පෙවීමට ගත යුතුය. පඬු පෙවීමට ලීයෙන් තැනූ පඬු ඔරුවක් නියම කර තිබේ.

පඬු පොවන ක්‍රම දෙකකි.
1. සිවුර දික් අතට අඟල් 06ක් වනතුරු නවා වෘත්තයක ආකාරයට ඔතා එහි කෙළවරේ සිට පඬු පෙවීම.
2. සිවුරේ කොණක සිට ක්‍රමානුකූලව පඬු පෙවීම යනුවෙනි.

පසුව බෝඹු කොළ තැම්බූ වතුරෙන් සෝදා මඳ පවනේ වේළා ගත් සිවුරේ නුවා කෙළවර මොනර ඇසක් තරම් ප්‍රමාණයට කප් බින්දු තැබූ විට සිවුර සම්පූර්ණ වෙයි. ඉන්පසු චීවර නාමයෙන් හෝ පරික්කාර චෝල නාමයෙන් අධිෂ්ඨානකොට භාවිත කළ හැකිය.

සිවුරු පෙරවීම 🙏

සිවුරු පෙරවීම සම්බන්ධයෙන් පැරණි ක්‍රම දෙකකි. ඒකාංසකරණය හෙවත් එක් උරයක් වැසෙන සේ සිවුර පෙරවීම එක් ක්‍රමයකි. අනෙක උභයාංසකරණය හෙවත් දෙවුරම වැසෙන සේ සිවුරු පෙරවීමයි.

සිවුරු පෙරවීමේ අරමුණු 🙏

සිවුරු පෙරවීමේ අරමුණු කීපයක් චීවර ප්‍රත්‍යවේක්ෂාවේ දක්වා ඇත.
උෂ්ණයෙන් සහ සීතලෙන් ආරක්ෂා වීම සඳහා
මැසි, මදුරු, සුළං, අව්ව, සර්ප ආදීන්ගෙන් සිදුවන පීඩාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා
විළි වසා ගැනීම සඳහා වශයෙනි.

ථේරවාද සිවුරු 🙏
ථේරවාද සම්ප්‍රදායේ සිවුරු ගණනාවකි. ඒවා දොළාස්කඩ සිවුරු, පහළොස්කඩ සිවුරු, තිස්පස්කඩ සිවුරු, හැත්තෑපස්කඩ සිවුරු, සියස්කඩ සිවුරු, දහස්කඩ සිවුරු වශයෙනි.

මෙහිදී සිවුරක් සකස් කිරීම සඳහා භාවිත කරන එක් කොටසක් කඩක් වන අතර, එකී කඩවල ප්‍රාමාණික එකතුව අනුව ඉහත සඳහන් අයුරින් සිවුරු වර්ග කර ඇත.

සිවුර සඳහා සුදුසු රෙදි වර්ග 🙏

එවැනි රෙදි වර්ග 06ක් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත.
i. බෝම ( කොමු ගස්වල කෙඳිවලින් වියන ලද රෙදි)
ii. කප්පාසික (කපු නූලෙන් වියන ලද රෙදි)
iii. කෝසෙය්‍ය (පටනූලෙන් කළ වස්ත්‍ර)
iv. කම්බල (මිනිස් ලොම් වලස් ලොම් හැර සෙසු ලොමින් කළ වස්ත්‍ර)
v. ඝානං (හණ වැහැරියෙන් කළ වස්ත්‍ර)
vi. භංග (මිශ්‍ර නූලෙන් කළ වස්ත්‍ර)

පඩු පෙවීම සදහා කපු රෙදි භාවිතා කරන අතර ඒ සදහා සුදු කපු රෙදි හෝතායි සිවුරු රෙදි භාවිතයට ගැනේ .කඩ (කොටස් අවම වශයෙන් 5 හෝ 7,9,12 හා දහස් කඩ වශයෙන් සිවුරු නිර්මාණය කෙරේ.

සිවුරු පරිහරණය 🙏

සිවුරු පරිහරණය කළයුතු ආකාරයද බුදුන්වහන්සේ දක්වා ඇත.

තමන් පෙරවන සිවුර ඉරුනු විට අණ්ඩය අල්ලාගත යුතු බව බුදුරදුන් වදාළහ. සිවුරු භාවිතය පිළිබඳව චුල්ලවග්ග පාලියේදී අනඳ හිමියන් උදේන රජුට කළ විස්තරය ඉතා වැදගත්ය.

ආනන්ද තෙරුන් උදේන රජ්ජුරුවන්ට විස්තර කළ පරිදි,
දිරා ගිය සිවුරුවලින් ඇතිරිලි තනා ගනියි.
දිරා ගිය ඇතිරිලිවලින් බිසිඋර(කොට්ටඋර) තනා ගනී.
දිරා ගිය බිසිඋරවලින් බිමට අතුරන බුමුතුරුණු තනා ගනී.
දිරාගිය බිම් ඇතිරිලිවලින් පාපිස්නා බිසි තනා ගනී.
දිරාගිය පාපිස්නාවලින් පොළොවෙහි දූවිලි පිස දමයි.
පොළව පිස දැමූ රෙදි කැබලි මැටි සමග මිශ්‍රකර බිත්තිවල ආලේප කරයි.

වැරදි/ මගහැරුන තැනක් වේ නම් නිවැරදි කරත්වා

🙏🙏🙏 අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.

2026 Katina Robe Preparation of SLBM will held today from 9 am at the Temple main hall. All devotes  are invited.
06/09/2026

2026 Katina Robe Preparation of SLBM will held today from 9 am at the Temple main hall. All devotes are invited.

29/08/2026

ගෞතම සම්බුද්ධ ශාසනය බැබළ වූ ඒ ඒ ක්ෂේත්‍රයන්හි විවිධ තනතුරු දැරූ උතුම් ආර්‍යන් වහන්සේලා උදෙසා පවත්වන ලද මහත්ඵල මහානිසංසදායී " අසූමහා ශ්‍රාවක මහා පූජාව " අද දින හවස 7.00 සිට විහාරස්ථ ධර්මශාලාවේදී පවත්වන ලදී.එහි සේයාරූ....

Address

114 Considine Street
Ellen Grove, QLD
4078

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Buddhist Monastery - Brisbane Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Lanka Buddhist Monastery - Brisbane Australia:

Shortcuts

Share