04/09/2026
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,
ඇඩිලේඩ් ලංකා බෞද්ධ විහාරස්ථානය විසින් පවත්වනු ලබන මාසික අටවිසි බුද්ධ පූජාමය පින්කම මෙම සෙනසුරාදා එනම් 05.09.2026 දින සවස 5:00 සිට විහාරස්ථානයේ දී පැවැත්වෙන බව මෙත් සිතින් සිහිපත් කර සිටිමු.
සදහම්කාමී ඔබ සැමට මෙම අටවිසි බුද්ධ පූජාමය පින්කම සඳහා සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනය කරමු. 🌺
වැඩසටහනේ පෙළගැස්ම
ප: ව: 4:00 - 4:30 - විහාර පරිශ්‍රය සහ බුදුමැදුර පිරිසිදු කිරීම
ප:ව 4:30 - 5:00 පූජාව වැඩමවීමට සූදානම් කර ගැනීම
ප: ව: 5:00 - 7:00 - පූජාව විහාර මන්දිරයට වැඩම වීම, ධර්මානුශාසනාව සහ අටවිසි බුද්ධ පූජාව පැවැත්වීම
පිං කැමති ඔබ සැම, පවුලේ අය සහ ඥාති හිත මිත්‍රාදීන් සමග ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයට පැමිණ මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු!
තෙරුවන් සරණයි!