Nirodha Meditation Centre

Nirodha Meditation Centre Spiritual Advisor, Nirodha Meditation Center at Adelaide South Australia

12/06/2023

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, පින්වතියනි,

නිරෝධ භාවනා මධ්‍යස්ථානය මූලික පහසුකම් සහිත ස්ථානයක ස්ථාපිත කිරීමේ අරමුණින් පින්වත් ඔබ සැම විසින් නොපැකිලව, නොමසුරුව සිදු කරන ලද සියලුම ආධාර උපකාර ඉතා කෘතවේදිව සිහිපත් කරමු. ඒ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ සෑම සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසීම පිණිස ම හේතු වේවා !

ඔබ සැම ගේ සත්පුරුෂ ක්‍රියාවන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරිමේ අරමුණින් විශේෂ බුද්ධ වන්දනාවක් ජූනි මස 18 වන දා සවස 4.00 ට නව ආරාමයේ දී (3, David Street, Pooraka SA 5095 ) පැවැත්වීමට කටයුතු සන්විධානය කර ඇත.

මේ මහගු අවස්ථාව ට සහ සම්බන්ධ වී දෙලොව වැඩ සලසා ගැනීමට පින්වත් ඔබ සැම ට කෙරෙන බැතිබර ආරාධනයයි මේ!

නිරෝධායතනය, ඇඩිලේඩ්

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, පින්වතියනිඋතුම් වූ ශ්‍රී සද්ධර්ම දායාදය ලක් දෙරණ ට හිමි වුනු පින්බර පොසොන් පොහොය අරමු...
22/05/2023

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, පින්වතියනි

උතුම් වූ ශ්‍රී සද්ධර්ම දායාදය ලක් දෙරණ ට හිමි වුනු පින්බර පොසොන් පොහොය අරමුණු කර ගෙන නිරෝධ භාවනා මධ්‍යස්ථානය මඟින් පහත සඳහන් වැඩ සටහන් සංවිධානය කර ඇත.

පොසොන් සීල භාවනා වැඩසටහන

පොසොන් මස (June) 3 වන ශනි දින පෙ.ව. 7.30- ප්.ව.3.00
Athelstone Community Hall, corner of Gorge and Maryvale Roads, Athelstone SA

සිඟිති සීල භාවනා වැඩසටහන

පොසොන් මස (June) 25 වන ඉරු දින පෙ.ව. 8.30 - ප.ව.12.30
Burragah Recreation Centre, 140 Kelly Road, Modbury North SA 5092

බුදු රජාණන් වහන්සේ විසින් පසසන ලද උතුම් ප්‍රතිපති පූජාවේ හැසිරෙමින්, ප්‍රඥාලෝකය උදාපත් කර ගැනීම පිණිස පින්වත් ඔබ සෑම සියලු දෙනාට ම මහෝපකාරි වේවා!

04/05/2023

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, පින්වතියනි

මේ වසරේ යෙදෙන සම්බුදු තෙමඟුල නිමිත්තෙන්, පින්වත් ඔබ සැමගේ කුසල ප්‍රතිපදාව වැඩි වර්ධනය කර ගනු පිණිස, සීල භවනා වැඩ සටහන් මාලාවක් නිරෝධ භාවන මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇත.

පින්බර වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින (මැයි මස 5 වන දින ) උදෑසන 6.15 ට බුද්ධ වන්දනාව 3 David St, Pooraka SA 5095 යන ස්ථානයේ දී පැවැත්වේ.

මැයි මස 6 වන සෙනසුරාදා උදෑසන 7.30 -3.00 දක්වා වැඩිහිටියන් සඳහා පැවැත්වෙන සදහම් වැඩ සටහන Wesley Uniting Church, 27 Grenfell St, Kent Town යන ස්ථානයේ දී පැවැත්වේ.

මැයි මස 14 වන ඉරිදා උදෑසන 8.30-12.30 දක්වා දරු දැරියන් සඳහා පැවැත්වෙන සදහම් වැඩ සටහන Burragah Recreation Centre, 140 Kelly Road, Modbury North SA 5092 යන ස්ථානයේ දී පැවැත්වේ.

මොක් සුව කැමැත්තෝ සහභාගි වෙත්වා!

නිරෝධ භාවනා මධ්‍යස්ථානය, ඇඩිලේඩ්

පින්වත් මහතාණනි, මහත්මියනි"සො ච සබ්බ දදො හොතී යො දදාති උපස්සයංඅමතං දදො ච සො හොතී යො ධම්මමනුසාසතී""යමෙක් ආරක්ෂාව, සුව පහස...
12/01/2023

පින්වත් මහතාණනි, මහත්මියනි

"සො ච සබ්බ දදො හොතී යො දදාති උපස්සයං
අමතං දදො ච සො හොතී යො ධම්මමනුසාසතී"

"යමෙක් ආරක්ෂාව, සුව පහසුව සලසන ගෙවල් දෙත් ද ඔහු සියල්ල දුන්නා වේ.
යමෙක් ධර්මානුසාසනා කෙරෙත් ද ඔහු අමෘතය දුන්නා වේ. "
(සංයුත්ත නිකාය කිංදද සූත්‍රය)

3 David Street, Pooraka SA 5095 යන ස්ථානයේ අභිනවයෙන් ආරාමය ස්ථාපිත කිරීම සදහා මූලික කටයුතු සිදු වෙමින් පවතින බව ඔබ සැම වෙත ඉතා සතුටින් දන්වා සිටිමු.

ඒ සදහා අවශ්‍ය මුද්දර ගාස්තු ඇතුලු අනෙකුත් ගෙවීම් සදහා ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000-50,000 ක පමණ මුදලක් අවශ්‍ය ව ඇත. මේ සදහා ඩොලර් 250 ක කොටස් 200 ක අරමුදලක් පිහිටුවීම අප ගේ අරමුණයි.

උදා වු නව වසරේ අති උත්තරීතර ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය සදහා සිද්ධ කරන්න ට යෙදෙන්නා වූ, කලාතුරකින් දායක වීමට ලැබෙන උතුම් ආරාම පූජාවට තමන් ගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීමට පින්වත් ඔබ සෑම සියලු දෙනාටම කරන බැතිබර ආරාධනයයි මේ!
මේ සදහා දායක වීම පහත සදහන් බැංකු ගිණුම ඔස්සේ සිදු කළ හැක.

• Customer Name: Nirodha Meditation Centre Inc
• BSB : 633000
• Account No: 182 530 329
• Bank : Bendigo Bank

• PayPal & Pay ID - [email protected]

සියලු යහපත, සෙත, ශාන්තිය සුව සහනයම සැලසේවා !

පින්වත් මහතාණනි, මහත්මියනි"සො ච සබ්බ දදො හොතීයො දදාති උපස්සයංඅමතං දදො ච සො හොතීයො ධම්මමනුසාසතී""යමෙක් ආරක්ෂාව, සුව පහසුව...
07/01/2023

පින්වත් මහතාණනි, මහත්මියනි

"සො ච සබ්බ දදො හොතී
යො දදාති උපස්සයං
අමතං දදො ච සො හොතී
යො ධම්මමනුසාසතී"

"යමෙක් ආරක්ෂාව, සුව පහසුව සලසන ගෙවල් දෙත් ද ඔහු සියල්ල දුන්නා වේ.
යමෙක් ධර්මානුසාසනා කෙරෙත් ද ඔහු අමෘතය දුන්නා වේ. "
(සංයුත්ත නිකාය කිංදද සූත්‍රය)

නිරෝධ භාවනා මධ්‍යස්ථානය මූලික පහසුකම් සහිත ස්ථානයක පිහිටුවීම සදහා පින්වත් ඔබ සෑම සියලු දෙනා විසින් කරන්න ට යෙදුනා වු සියලුම ඇප උපකාර කෘතවේදිව සිහිපත් කරමු. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදු කළ ඒ පුණ්‍ය ධර්මයන් ඔබ සෑම සියලු දෙනා ටම මේ අත් භවයේ දීම උතුම් වූ චතුරාර්‍ය සත්‍යාවබෝධය පිණිස ම හේතු වේවා !පාරමිතාවක්ම වේවා !

3 David Street, Pooraka SA 5095 යන ස්ථානයේ පිහිටි ගෘහය අභිනවයෙන් ආරාමය ස්ථාපිත කිරීම සදහා මිල දී ගැනීමට මූලික කටයුතු සිදු වෙමින් පවතින බව ඔබ සැම වෙත ඉතා සතුටින් දන්වා සිටිමු.
ඕස්ට්‍රේලියානු රජය වෙත ගෙවීමට ඇති මුද්දර ගාස්තු, නීතිඥ ගාස්තු ආදී කොට ඇති අනෙකුත් ගෙවීම් සදහා ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000-50,000 ක පමණ මුදලක් අවශ්‍ය ව ඇත. මේ සදහා ඩොලර් 250 ක කොටස් 200 ක අරමුදලක් පිහිටුවීම අප ගේ අරමුණයි.

උදා වු නව වසරේ ඇඩිලේඩ් පුරවරයේ මෙන් ම ඔස්ට්‍රේලියානු භූමියේ අති උත්තරීතර ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය සදහා සිද්ධ කරන්න ට යෙදෙන්නා වූ, කලාතුරකින් දායක වීමට ලැබෙන උතුම් ආරාම පූජාවට තමන් ගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීමට පින්වත් ඔබ සෑම සියලු දෙනාටම කරන බැතිබර ආරාධනයයි මේ!

මේ සදහා දායක වීම පහත සදහන් බැංකු ගිණුම ඔස්සේ සිදු කළ හැක.

• Customer Name: Nirodha Meditation Centre Inc
• BSB : 633000
• Account No: 182 530 329
• Bank : Bendigo Bank

• PayPal & Pay ID- [email protected]

සියලු යහපත, සෙත, ශාන්තිය සුව සහනයම සැලසේවා !

සංවිධායක කමිටුව

වස් අවසාන මහා සංඝගත දක්ෂිණාව 2022භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා එකොළොස්  නමකගේ සහභාගීත්වයෙන්, වස් සමයේ අවසානය ...
27/11/2022

වස් අවසාන මහා සංඝගත දක්ෂිණාව 2022
භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා එකොළොස් නමකගේ සහභාගීත්වයෙන්, වස් සමයේ අවසානය සනිටුහන් කෙරෙන මහා සංඝගත දක්ෂිණාව නොවැම්බර් මස 06 වනදා ඵෙන්නින්ග්ටොන් හි “Phap Hoa” විහාරස්ථනයේ දී පවත්වන්නට යෙදුණී.
සෑම සියලු දෙනාම මේ මහඟු පුණ්‍ය කර්මය දැක බලා පහන් සිත් ඇති කර ගනිත්වා!! සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!!
මේ උදාරතර පුණ්‍යධර්මය, මේ සඳහා දායකත්වය සැපයූ සහ නන් අයුරින් උපකාර කළ පින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ අත්භවයේ දීම උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස ම හේතු පාරමිතාවක් වේවා!!
තෙරුවන් සරණයි
නිරෝධායතනය, ඇඩිලේඩ්

08/10/2022

"ප්‍රඥාව අවදි කර ගනිමු" 2022 වස්සාන ධර්ම දේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාව
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, පින්වතියනි,
"ප්‍රඥාව අවදි කර ගනිමු" වස්සාන ධර්ම දේශනා මාලාවේ අවසාන ධර්ම දේශනය වප් (ඔක්තෝම්බර්) මස 8 වන සෙනසුරාදා රාත්‍රී 7.00 ට, පූජ්‍ය නිරෝධා මෙහෙණින් වහන්සේ විසින් සිදු කරන්නට සංවිධානය කර ඇත.
මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය ලසන්ති රොසයිරෝ මහත්මිය ගේ සැදැහැබර දායකත්වයෙන් සිදු කරනු ලබයි.

ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා පහත සඳහන් Zoom ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/86090869776?pwd=OHhzc0J2ai8rcldUMWxKZHRQMkVndz09

Meeting ID: 860 9086 9776
Passcode: 883544

තෙරුවන් සරණයි
නිරෝධායතනය, ඇඩිලේඩ්

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

"ප්‍රඥාව අවදි කර ගනිමු" වස්සාන ධර්ම දේශනා මාලාවේ සිවුවන ධර්ම දේශනාව බිනර  (සැප්තැම්බර්) මස 23  වන සිකුරාදා පබසරා දුලාංජල...
26/09/2022

"ප්‍රඥාව අවදි කර ගනිමු" වස්සාන ධර්ම දේශනා මාලාවේ සිවුවන ධර්ම දේශනාව බිනර (සැප්තැම්බර්) මස 23 වන සිකුරාදා පබසරා දුලාංජලී මහත්මිය ගේ දායකත්වයෙන් පුජ්‍ය නිරෝධා මෙහෙණින් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණී.
මේ උදාරතර පුණ්‍ය ධර්මය මේ සඳහා දායකත්වය සැපයූ සහ නන් අයුරින් මේ සඳහා උදව් උපකාර කළ පින්වත් ඔබ සෑම සියලු දෙනාටම සසර කතරින් එතෙරවීම පිණිස පිණිස ම හේතු පාරමිතාවක් වේවා!

තෙරුවන් සරණයි
නිරෝධායතනය, ඇඩිලේඩ්

23/09/2022

"ප්‍රඥාව අවදි කර ගනිමු" 2022 වස්සාන ධර්ම දේශනා මාලාවේ සිවුවන ධර්ම දේශනාව

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, පින්වතියනි,
"ප්‍රඥාව අවදි කර ගනිමු" වස්සාන ධර්ම දේශනා මාලාවේ සිවුවන ධර්ම දේශනය බිනර (සැප්තැම්බර්) මස 23 වන සිකුරාදා රාත්‍රී 7.00 ට, පූජ්‍ය නිරෝධා මෙහෙණින් වහන්සේ විසින් සිදු කරන්නට සංවිධානය කර ඇත.
මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය පබසරා දුලාංජලී මහත්මිය ගේ සැදැහැබර දායකත්වයෙන් සිදු කරනු ලබයි.

තෙරුවන් සරණයි
නිරෝධායතනය, ඇඩිලේඩ්

"ප්‍රඥාව අවදි කර ගනිමු" වස්සාන ධර්ම දේශනා මාලාවේ තෙවන ධර්ම දේශනය බිනර ( සැප්තැම්බර් ) මස 09 වන සිකුරාදා දින රාත්‍රි 7.00...
12/09/2022

"ප්‍රඥාව අවදි කර ගනිමු" වස්සාන ධර්ම දේශනා මාලාවේ තෙවන ධර්ම දේශනය බිනර ( සැප්තැම්බර් ) මස 09 වන සිකුරාදා දින රාත්‍රි 7.00 තුසිතා අබේගුණවර්ධන මහත්මිය සහ කැලුම් අබේගුණවර්ධන මහතා යන පින්වතුන්ලා ගේ දායකත්වයෙන් පුජ්‍ය නිරෝධා මෙහෙණින් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණී.
මේ උදාරතර පුණ්‍ය ධර්මය මේ සඳහා දායකත්වය සැපයූ සහ නන් අයුරින් මේ සඳහා උදව් උපකාර කළ පින්වත් ඔබ සෑම සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හේතු පාරමිතාවක් ම වේවා!

Address

2/195 Payneham Raod
Adelaide, SA
SA5069

Opening Hours

Monday 7am - 6pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 6pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm
Sunday 9am - 5pm

Alerts

Be the first to know and let us send you an email when Nirodha Meditation Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Nirodha Meditation Centre:

Share