21/06/2024
නමෝ බුද්ධාය..!
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් ඇමතූ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ දේශනා කළ සේක.
“පින්වත් ආනන්දය, ඒක එහෙමමයි. පින්වත් ආනන්දය, ඒක එහෙමමයි. යම් පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, පින්වත් ආනන්ද, අර පුද්ගලයාට මේ පුද්ගලයා විසින් කෘතගුණ සලකලා අවසන් කරන්න බැහැ කියලයි මං කියන්නේ. ඒ කියන්නේ වන්දනා කිරීම, දුටු විට අසුනෙන් නැගිටීම, ඇඳිලි බැඳ වැඳීම, උපස්ථාන කිරීම, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර දීම ආදියෙන්..”
(දක්ඛිණා විභංග සූත‍්‍රය – ම. නි. 3)
ලක්වාසී බෞද්ධ ජනයා හට කිසිලෙසකවත් කළගුණ සලකා නිම කිරීමට නොහැකි තරම්ම, ලක්වාසීන්ට කල්‍යාණ මිත‍්‍රයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේව සුවහසක් සැදැහැවතුන්ගේ සිත් තුළ භක්ත්‍යාදරයෙන් සිහිපත් වන උතුම් කාලයකි මේ උදාවන්නේ. ඒ පින්බර පොසොන් පොහොයයි. පොසොන් පොහොය කී විට මහින්දාගමනය, මිහින්තලාව අනායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයක්ය. ඒ මක් නිසාද යත්, මෙලොව පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යාහැකි උතුම්ම සරණ වූ තෙරුවන් සරණ මේ ලක්දිවට ලැබුනේ පොසොන් පෝය දිනයේ දී බැවිනි. එම දායාදය මෙහි රැගෙන ආවෝ අනුබුදු මිහිඳු මහ රහත් තෙරපාණෝය.
සම්පුර්ණ ලිපිය කියවීමට: https://mahamevnawa.lk/poson-pohaya/