Purana Pattini Dewalaya Amanawala

Purana Pattini Dewalaya  Amanawala අමනාවල සත් පත්තිනි මෑණි පිහිටයි.

19/05/2026

අමනාවල පුරාණ පත්තිනි දේවාලයේ තේවා කටයුතු 2026.05.20 බදාදා සිට පුරුදු පරිදි සිදු කෙරෙන බව කාරුණිකව දන්වා සිටිමි.

05/05/2026
21/04/2026

අමනාවල පුරාණ පත්තිනි දේවාලයේ
වාර්ෂික නානුමුර මංගල්‍යය ය සහ මුරුතැන් පිදීමේ මංගල්‍යය 2026

විශේෂ අවස්ථා -II කොටස
Video - රූපණ Creations

අමනාවල පුරාණ පත්තිනි දේවාලයේ වාර්ෂික නානුමුර මංගල්‍යය ය  සහ මුරුතැන් පිදීමේ මංගල්‍යය  2026.-----------------------------...
30/03/2026

අමනාවල පුරාණ පත්තිනි දේවාලයේ
වාර්ෂික නානුමුර මංගල්‍යය ය සහ මුරුතැන් පිදීමේ මංගල්‍යය 2026.
--------------------------------------------------------
අමනාවල පුරාණ පත්තිනි දේවාලයේ
වාර්ෂික නානුමුර මංගල්‍යය සහ මුරුතරන් පිදිමේ මංගල්‍යය
මාර්තු මස 27 සහ 28 යන දින දෙක තුළ දේවාල භූමිය තුළදී උත්කර්ෂවත් ලෙස සිදු කෙරිණි.

මෙම කටයුතු සාර්ථකව සිදු කරගැනීමට,
මුදලින්, ශ්‍රමයෙන්, බඩුබාහිර ආදියෙන්, උපදෙස් හා යොජනා වලින් මෙන්ම අඩුපාඩු පෙන්වා දෙමින්, වචනයෙන් හෝ දායකත්වය ලබාදුන් ඔබ සෑම දෙනාටත්...

චාරිත්‍ර කටයුතු සහ නානුමුර මංගල්‍යය සහ මුරුතැන් පිදීමේ මංගල්‍යයේ කටයුතු නිවැරදිව සහ නියමාකාරව සිදු කරගැනීමට මූලිකත්වය ගත් නර්ථන ශිල්පීන්, වාදන ශිල්පීන් මෙන්ම මුරුතැන් මඩුව තුළ කටයුතු කළ සහ සංග්‍රහ කටයුතු කළ සියලුම දෙනාටත්...

දැකබලා දේව ආශිර් වාදය ලබාගැනීමට පැමිණි සැමටත්...

මතක් කළ, නොකළ, නන් අයුරින් සහය දුන් සෑම සියලු දෙනාටත් ස්තූතියි !

ඔබ සැමට පත්තිනි මෑණියන්ගේ පිහිට, ආරක්ෂාව, ආශිර්වාදය ලැබේවා !

මෙයට,

ආර්. එම්. එම්. පී රත්නායක
කපුමහතා

රවි රංග කලායතනය විසින්සිව්වන වරටත් සංවිධානය කරනු ලබන උඩරට නැටුම් ශිල්පීන්ගේ අභිමානවත් පෞරුෂය එළි දැක්වෙන හිසවෙස් හා ශීර්...
19/02/2026

රවි රංග කලායතනය විසින්
සිව්වන වරටත් සංවිධානය කරනු ලබන උඩරට නැටුම් ශිල්පීන්ගේ අභිමානවත් පෞරුෂය එළි දැක්වෙන හිසවෙස් හා ශීර්ෂාභරණ පැළදීමේ මහා මංගල්‍යය 2026 මාර්තු මස 04 වන දින අමානවල දේවාලයේ ගම්මඩුතැන්න භූමියේද කලඑළි බැසීමට නියමිතය.

ගම් ප්‍රදේශයට මහත් අභිමානයක් හා වටිනාකමක් එක්කරමින් වෙස් නැටුම් ශිල්පීන් ලෙස කලඑළි බසින සියළු දරු දැරියන්ටත් රවිරංග කලායතනයේ Sachithara Maduranga Nk මහතාටත් ඇතුළු සියළු දෙනාටම අමනාවල පත්තිනි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! සාම්ප්‍රදායික නර්තන කලාවේ සලකුණක් තබන්නට ශකතිය ලැබේවා!

අමනාවල පුරාණ පත්තිනි දේවාලයේ වාර්ෂික ගම්මඩු මංගල්‍යයයේ කලක පටන් නොකඩවා බෙර වාදනයෙන් සහය දැක්වු  ගුණදාස මහතා අභාවප්ප්‍රාප...
30/07/2025

අමනාවල පුරාණ පත්තිනි දේවාලයේ වාර්ෂික ගම්මඩු මංගල්‍යයයේ කලක පටන් නොකඩවා බෙර වාදනයෙන් සහය දැක්වු ගුණදාස මහතා අභාවප්ප්‍රාප්ත වී ඇත.

අමනාවල දේවාලයට මහත්සේ ආදරය කළ, ගෞරවය කළ
ගුණදාස මහතාට
පැතූ සැනසුම උදාවේවා...!!
අවසන් කටයුතු අද පවුලේ සුසාන භූමියේදී

අමනාවල පුරාණ පත්තිනි දේවාලයේ2025 අප්‍රේල් මස 04 සහ 05 පැවැත්වූ වාර්ෂික ගී මඩු ශාන්ති කර්මයේඅය වැය වාර්තාව
21/05/2025

අමනාවල පුරාණ පත්තිනි දේවාලයේ
2025 අප්‍රේල් මස 04 සහ 05 පැවැත්වූ
වාර්ෂික ගී මඩු ශාන්ති කර්මයේ
අය වැය වාර්තාව

Address

Amanawala
Yatiyantota
71700

Telephone

+94778566114

Website

Alerts

Be the first to know and let us send you an email when Purana Pattini Dewalaya Amanawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Purana Pattini Dewalaya Amanawala:

Share