18/02/2026
"වත ඉරාගෙන නොව සිත ඉරාගෙන නුඹේ දෙවි සමිදුන් වෙත හැරී එන්න" ❤️✝️
දූවිල්ලෙන් වු නුඹ දූවිල්ලටම හැරි යන්නේය
උත්පත්ති 03:19
අද චතාරික සමයට අප ඇතුළු වන අළු බදාදා දිනයයි.පුරා දින 40ක් තුළ විවිධ ජන වන්දනාවන් සිදුකරමින් මනස්තාපනය වෙමින් දෙවි සමිදාණන් දෙසට හැරෙන්නට අපට ශුද්ධවු සභා මාතාව ඇරියුම් කරන්නීය. එලෙසම අප සමිදාණන් වහන්සේගේ දුක් විඳීම මරණය හා උත්ථානය සිහිපත් කරමින් අප ජීවිත තුළ වඩාත් අවබෝධයෙන් යුතුව ගැලවීම අත්දකින්නට ලැබෙන වරප්‍රසාදික කාලයයි මේ එලෙසම ජීවිත යථාර්ථයට අපව අවදි කරමින් අද දින ශුද්ධ වූ දිව්‍ය පූජා යාගය තුළ දූවිල්ලෙන් සෑදුනු අප නැවත දූවිල්ලට හැරෙන බව සිහිපත් කර දෙනු ලබනුයේ ආශිර්වාදිත අළුවලින් අපගේ නළල මත කුරුසේ ලකුණ අඳිමිනි