01/08/2026
බිඳුණු තැනින් ඇරඹෙන නොබිඳෙන පියසැරිය...🪷
කිසිදා වචනයකට හමුනොවන, හදවතට තදින්ම දනවන ඒ රිදුම ඔබටත් කවදා හෝ දැනී තිබේද?
ලෝකයම අතහැරී, අල්ලාගත් සියල්ල සියුම් වැලි කැට සේ ඇඟිලි කරු අතරින් ගිලිහී යන යම් අඳුරු හෝරාවක් ජීවිතයට පැමිණේ. ඒ හිස්තැන හමුවේ හුදෙකලා වන සිතට, ලෞකික ලෝකයේ කිසිදු වර්ණයකින් සැනසුමක් තවරාලිය නොහැකිය.
නමුත් දන්නවාද?
ප්‍රබලම ආලෝකය දෙසට සිත යොමුවන්නේද, ඒ මහා අන්ධකාරයේ අඩියටම වැටුණු පසුවය. අනිත්‍යයේ කටුක යථාර්ථය හදවත පසාරු කරගෙන යන ඒ මොහොත, සත්‍යය සොයා යන නිවීසැනසෙන ගමනේ උතුම්ම ආරම්භයයි.
අපගේ දහම් පාසල් දූ දරුවන් දහම් අභස යට එකතු වූ ඒ අති පූජනීය සීල සමාදාන පින්කමේදී.
පරම ශාන්ත නිවන් සුවයේ සිසිලස විඳගත් ඒ උතුම් මොහොතේ නිහඬ මතක සටහන්... 🌸