දූව පංසල # Duwa Temple

දූව පංසල # Duwa Temple Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from දූව පංසල # Duwa Temple, Religious Center, Duwa Road, North Thalpitiya, Wadduwa.

14/07/2024
'වැසි සළු පූජාව' යනු කුමක්ද ?==================උතුම් වස්සාන කාලය තව තෙසතියකින් උදාවෙනවා.සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ...
03/07/2024

'වැසි සළු පූජාව' යනු කුමක්ද ?
==================
උතුම් වස්සාන කාලය තව තෙසතියකින් උදාවෙනවා.සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා.වස් කාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ගිහි පින්වතුන් විසින් මහා සංඝරත්නය උදෙසා පෙර වස් සමාදන්වීමට සිදුකරනා ආරාධනාවත් සමඟින්.මෙහිදි ගිහි පින්වතුන් විසින් මහා සංඝරත්නයට වැසි සළුවක් පූජා කිරීම සිදුකරමින් වස් සමාදන්ව අදාල ස්ථානයේ වස් තුන් මාසය වැඩ වසන මෙන් ආරාධනා කිරීම සිරිතයි.

මොකක්ද මේ වැසි සළු පූජාව....?

වස් වසන භික්ෂූන්වහන්සේලාට ජලස්නාන කරන අවස්ථාවල දී භාවිතා කිරීම සදහා වස්ත්‍රයක් පූජා කිරීම,වැසි සළු පූජාව නමින් හැඳින්වේ.එය ආරම්භ වී ඇත්තේ විසාඛාවගේ ඉල්ලීමක් නිසාය.'ඉච්ඡාමහo භන්තේ සoඝස්ස යාවජීවo වස්සික සාටිකo දාතුo' ,ස්වාමිනි,මම දිවි ඇති තාක් භික්ෂූන්ට වැසි සළු පූජා කරන්න කැමැත්තෙමි යයි විසාඛාව විසින් කරන ලද ඉල්ලීම, බුදුරජාණන් වහන්සේ විසින් 'අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකo' යයි අනුමත කළහ.ඒ අනුව දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරන අවස්ථාවේදි ජලස්නානය සදහා භාවිතා කළහැකි වස්ත්‍රයක්(නානකඩයක්) වැසි සළුවක් වශයෙන් පූජා කරනු ලබයි.එය පූජා කෙරෙන්නේ බුලත්වලින් සකස්කරන ලද දැහැත් ගොටුවක් සමගය.භික්ෂූන් වහන්සේලාට වස් තුන්මාසයත් චීවර මාසයත් යන මාස හතරක් සදහා වැසි සළුව අධිට්ඨාන කළ හැකිය.එනම් 'ඉමo වස්සිකසාටික චීවරo වස්සානo චතුමාසo අධිට්ඨාමි' යනුවෙනි.

ඇසළ මස පුරපසළොස්වක දින පෝය කිරිමෙන් පසුව භික්ෂූන් වහන්සේලාට දායකයෝ වැසිසළු පූජාකර වස් ආරාධනා කරති.වස් ආරාධනා කරන අවස්ථාවේ දි සoඝයා ඉදිරියට පැමිණි දායකයෙක් වැසි සළුව අතැතිව 'ස්වාමින්වහන්ස,මේ වස් කාලයේ අපගේ ආරාමයේ වස් වසන ලෙස අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.වස් කාලයේදි ඔබ වහන්සේලාට චීවර,පිණ්ඩපාත,සේනාසන සහ ගිලන්පස යන සිවුපසයෙන් උපස්ථාන කරන්නෙමු.අපටත් දාන,සීල,භාවනාදි පින්කම් කරගැනීමට අනුග්‍රහ පිණිසත් මෙහි වස් වසන ලෙස සියලුදෙනා වෙනුවෙන් ආරාධනා කරන්නෙමු' යැයි කියා වැසිසළු භික්ෂූන් වහන්සේලාට පූජා කරනු ඇත.

ඉතින් ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේ මාර්ගඵල නිවන් අවබෝධය උදෙසා වීර්ය වඩන ආරණ්‍යවාසි,ඒකවිහාරිය සහ ග්‍රාමවාසි මහා සංඝරත්නය ඇසුරින් බොහෝ පින් රැස් කර ගැනීමට ඔබටද අවස්ථාව මෙලෙසින් උදා වෙනවා.ඒ නිසා ඔබගේ සාංසාරික දුක් පිපාසාව සංසිදවා ගැනීම වෙනුවෙන්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පෝෂණය කර ගැනීම උදෙසාම මේ උතුම් වස් කාලය ප්‍රයෝජනයට ගන්න.එසේනම් අප්‍රමාදිව මේ උත්කෘෂ්ඨ අවස්ථාවෙන් ප්‍රයෝජනගනිමින් උතුම් ශීලයක් අඛණ්ඩවම ආරක්ෂා කරගනිමින්,උපරිම අයුරින් සංඝෝපස්ථානයේ නිරතවන්න.

අති රමණීය වන ගොමුවක සුන්දරත්වය විදිමින් විඩාබර මනසට සැනසුමක් ගෙන දෙන මනරම් පරිසරයක සිට බුදු බණ පද ශ්‍රවණය කරන්නට ඔබත් එන...
02/07/2024

අති රමණීය වන ගොමුවක සුන්දරත්වය විදිමින් විඩාබර මනසට සැනසුමක් ගෙන දෙන මනරම් පරිසරයක සිට බුදු බණ පද ශ්‍රවණය කරන්නට ඔබත් එන්න...
පැමිණෙන ඔබ දුරකථන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

පිං ඇත්තෝ පැමිණෙත්වා....
02/07/2024

පිං ඇත්තෝ පැමිණෙත්වා....

Address

Duwa Road, North Thalpitiya
Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when දූව පංසල # Duwa Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share