20/08/2026
තල්පිටි ගමේ උරුමයක පෙළහර 🙏☸️
වාද්දුව තල්පිටිය ගමේ දළදාවත්ත පුරාණ මහා විහාරයේ චිරාත්කාලයක පටන් ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන සම්බුදු පුජාව, ඇසල මස 20වන දින පටන් දින ශතකයකින් එළැඹෙන ඉල් මස 28වන දින 93 වසරක් සපුරමින් පැවැත්වෙන වගයි.
🏵️වාද්දුව තල්පිටියේ ශ්‍රී දළදා මහා පෙරහැර 🏵️
ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2567 (ව්‍ය.ව 2026) වැන්නේ කලුතර දිස්ත්‍රික්කයේ එකම හා අඛණ්ඩව පැවත ආ දළදා පෙළහර මහා මංගල්ලය . සධාතුක පෙරහර කරඬු වහන්සේ හිසින් දරමින් පින්සාරවත් මඟුලැතු, ධවල පාවාඩ මතින්, උඩරට, පහතරට, සබරගමු ප්‍රභාමත් නර්තන ලීලයෙන් ද, පංච තුර්ය නදින් පිදුම් ලබමින්, මෙම බුද්ධ පුජාව සදහා නායකත්වය ලබාදුන් අලව්වේ ශ්‍රී රේවතාභිධාන මහා සංඝ පරම්පරාවෙන් පැවත එන බුද්ධ පුත්‍රයන් වහන්සේලා හා වසර 93 ක් පැරණි තරුණ බෞද්ධ සමිතියෙහි සාමාජිකයන් පරිවාර කොට ගනිමින්, ඉල් මස 28 වන ශනි දින අපරභාගයෙහි එළැඹෙන සුභ මුහුර්ථයෙන්, 93වන ශ්‍රී දළදා පෙරහර, උත්තම සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් දා කරඬු වහන්සේ පෙරටු කොට ගනිමින්, දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පහත රට මහා සංස්කෘතික පුජෝපහාරයේ අභිමාණය සකල ලෝක වාසින්ගේ නේත්‍රාභිවන්දනයට පාත්‍ර විමට ඇත්තේ සියක් දිනකි .
දළදාවත්ත පුරාණ මහා විහාරයේ මාධ්‍ය එකකය
📷 : Chathura Anuradha Subasinghe
දළදාවත්ත පුරාණ මහා විහාරයේ මාධ්‍ය එකකය
තල්පිටිය දළදා වත්ත පුරාණ මහා විහාරය Daladawaththa Media Unit - DMU