25/07/2026
🏵️🏵️01 වන තල්පිටිය ශ්‍රී දළදා පෙරහැර 🏵️🏵️
🌼1934 ජුලි 25🌼
මිට වසර වසර 93 පෙර අද වන් දිනක පනාගොඩ ශ්‍රී රේවත දම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ග්‍රාම වාසින් සැදැහැවත් පින්වතුගේ දායකත්වයේ පවත්වන්නට යෙදුණු උත්තම ශ්‍රී දළදා වහන්සේට පුජා උපහාර පැවැත්විම ගමේ සිටි දායකකාරකාදීන් 1934 ජුලි 01 දින විහාරස්ථානට රැස්ව 1934 ජුලි 25 වන දිනට යෙදෙන ඇසල පුර පසොලස්වක පොහොය දින පෙරහැරක් පැවැත්වීමට තිරණය කරණ ලදී
එවකට සිට වැඩිහිටි ,තරුණ අය එක් වු එම සමිතිය තල්පිටිය තරුණ බෞද්ධ සමිතිය ලෙස නම් වු අතර අදටත් ජිව මානව 93 වසරක් ඉතා සක්‍රියව පවති.
⭐ පළමු පෙරහැර ගමන් මාර්ගය
🌟 පංසලෙන් පිටත්ව පානදුර දක්වා ගමනකර පානදුර පැරැණි ගාලු පාරේන් ගමන්කර සුසන්ත මාවතෙන් හරවා නැවත ගලු පාර ඔස්සේ පංසලට පැමිණ ඇත.
⭐ පළමු පෙරහැර සදහා වියදම් වු මුදල
රුපියල් 218.31.
⭐ පෙරහැරේ ගමන්කල හස්තීන් පිලිබඳ විස්තර
දළදා පෙරහැර සදහා ඇතුන් පිරිවරා හස්තීන් 8 දෙනකු ගමන්කර ඇත
🌟 හස්තීන් ලබාදුන් භවතුන්
1. කලුතර ඩී.එන්.ගුණතිලක
2. ඇම්.එෆ.පී.ගුණරත්න
3.බණ්ඩාරගම පිස්කල් නොනා
4.බාරොන් ගුණතිලක
5. හස්තීන් 2කු තල්පිටියෙ ඩී.එච්.සමරසිංහ
මහතා සොයාදෙන ලදි (තල්පිටිය වේද
වලවුව)
6. හස්තීන් 2කු තල්පිටියෙ ඩී.එ.සෙනවිරත්න
මහතා සොයාදෙන ලදි .
වසර 93 ඉතිහාසය තුල අදටත් දළදා පෙරහැර තුල පැවති අපට ආවේණික වු සම්ප්‍රදායික අංග ලෙස ඉතිරි ඇති බොසත් හස්ති රාජයකු හිසින් දරා වඩමවන ශ්‍රී සර්වඥ දාකරඬුව , මුළු රටටම සෙත් පතා පිරිත් පැන් ඉසිමින් කොට්ඨාශ 07 සාමාජිකයන්ගෙ දැතින් වඩමව අත් සර්වඥ අත් කරඩුව , ශ්‍රී දන්ත දාතුන් වහන්සේ අනුරුව සහිත වන්දනාමානකරන හේමමාලා කුමාරි හා දන්ත කුමාරු අනුරුව නිරුපනය කරමින් ගමන්ගන්නා රථ හා අලංකාර විදුලි තොරණ් සහිත ආලෝක රථ හා එලිය පෙට්ටි අතින්ගත් උපාසිකාවන් 1934 සිට අදටත් ගමනකරයි.
රටේ පැවති අදුරු යුග හා කොවිඩ් 19 වසංගත හමුවේ ද වාද්දුව ගමේ ඓතිහාසික දළදා පෙරහැර අඛණ්ඩව වසර 92 ක් පෙරහැරේ ආරම්භයේ පැවති ජිව ගුණය එලේසම පවත්වාගෙන යමින් අදටත් ඉතා ගෞරව බුහුමානයෙන් පවත්වනු ලබයි .
දළදා වත්ත පුරාණ මහා විහාරයේ විහාරාධිපති හිමියන් හා වැඩහිදින සියළුම හිමියන්ගෙ අනුශාසකත්වයෙන් හා තරුණ බෞද්ධ සමිතියෙ අතීතයේ සිට අද දක්වා සිටීන සියළුම සාමාජිකයන්ගෙ කැපවිමෙන් අදටත් මේම උතුම් දළදා පුජාව පවත්වයි
මෙවර 93 වන තල්පිටිය ශ්‍රී දළදා පුජොත්සවය නොවැම්බර් මාසයේ දී පැවැත්විට සියළුම කටයුතු මේ වන විටත් සංවිධාය වෙමින් පවති . 2026/07/26 ඉරිදා දින රාත්‍රි 7 .00 පුජොත්සවය පිළිබඳ සාකච්ඡව පැවැත්වේ . එ සදහා සහභාගී විට ඔබ සැමට ආරාධනා .
දළදාවත්ත පුරාණ මහා විහාරයේ මාධ්‍ය එකකය .
දළදාවත්ත පුරාණ මහා විහාරයේ තරුණ බෞද්ධ සමිතිය .
තල්පිටිය දළදා වත්ත පුරාණ මහා විහාරය
Daladawaththa Media Unit - DMU
තල්පිටිය දළදාවත්ත මහා පහන් කූඩුව
දළදාා වත්ත හේවිසි