21/08/2024
ස්වස්ථි.!
ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් පන්සිය සැට වැන්නෙහි නිකිණි මස පසළොස්වක නම් තිථිය ලත් දවස හෙවත් වර්ෂ දෙදහස් විසි සතරක් වූ අගෝස්තු මස 19 වන දින, සම්බුද්ධ රාජ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් වූ ශ්‍රී ලංකාද්වීපයෙහි, සකල ශ්‍රීයෙන් ශෝභමාන වූවා වූ සපරගමුවෙහි, නානාවිධ මාණික්‍ය රත්නයන්ගෙන්ද, පවිත්‍ර වූ චතු මහා ගංඟාවන්ගෙන්ද සැඳුම්ලත්, අප ශ්‍රී ගෞතම සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ අති උත්තම වූ වාම ශ්‍රී පාද පද්මය සුපිහිටියා වූ සමන්තකූට පර්වතයද පිහිටියා වූ නානාප්‍රකාර මාණික්‍යන්ගෙන් පෝෂිත වූ බැවින් රත්නපුර යැයි නම් ලද්දා වූ රත්නපුර දිසාවෙහි දොඩම්පේ, ගොරකාඇළ ප්‍රදේශයෙහි කාල ගංතොට අසබඬව රමණීයත්වයෙන් යුතුව පිහිටියා වූ පෞරාණික වූ අධිකාරිය ශ්‍රී ගංඟාතිලක මහා විහාරස්ථානයෙහි දියුණුවද, සංවර්ධනයද, ප්‍රදේශය තුළ වාසය කරන්න වූ තරුණ පුණ්‍යවන්ත ඇත්තන්ගේ යහපත පිණිසද ඇරඹුණා වූ සදහම් අරුණළු තරුණ බෞද්ධ සංගමය විසින් ද්විතීයව ඉදිරිපත් කරන්නා වූ, සදහම් අරුණළු නිකිණි කලාපයෙහි ප්‍රථම දවස අති උත්තම වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, බුද්ධ පුත්‍ර වූ අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මෞද්ගල්‍යාන අරහන්ත ධාතූන් වහන්සේලා ඇතුළු මහ රහත් ධාතූන් වහන්සේලා මිහිඟු භේරි නාද, ශංක නාදයෙන් යුක්තව එක්නැළිගොඩ පාර්ශවයෙන් පැවතගෙන එන්නා වූ සපරග්‍රාම මිහිඟු හේවිසි නාදයෙන් පුද දෙමින් පෙරහැර කරඬුවක් මතින් වඩමවා විහාරස්ථ බුද්ධ මන්දිරය තුළඳී තේවා නාද, තේවා කාර මධ්‍යයෙහි ගම්භීර ආසන මස්තකයෙහි පිහිටෙව්වා වූ ප්‍රදර්ශන කරඬු තුළ වඩා හිඳුවා හුදී ජනයාගේ චිත්තප්‍රසාදය පිණිසත්, මහජන ගෞරවය පිණිසත් වන්දනාවට, පූජාවට, චිත්තප්‍රසාදයට විවෘත කරවා ආරම්භ කොට, විජ්ජුල්‍යාලෝකයෙන් අලංකෘත වූ මහා කට්ඨහාරි ජාතක කතාව රැගත් තොරණ රාජයා ප්‍රදර්ශනයෙන්ද , දර්ශනීය වූ පහන් කූඩූ වලින්ද, යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන්නා වන්නා වූ මුචලින්ද නාග රාජ දරණයෙන්ද, එසේම යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන්නා වූ සතර මහා නිරයෙන්ද, රූකඩාදී අංගයන්ගෙන්ද යුක්තවද අත්‍යලාංකාරයෙන් යුක්තව, ශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රයාගේ ආශිර්වාදයෙනුත්, දේව ගණයාගේ රැකවරණයෙනුත්, සිදු කොට ප්‍රථම දිනය සමාප්ත කරනු ලැබූ වගයි.!
#ගංඟාතිලක_media_unit #සබරගමුව #රත්නපුර #තොරණ