Uda Karawita Sri Isipathanaramaya

Uda Karawita Sri Isipathanaramaya උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාමය
ශ්‍රී සරණංකර දහම්පාසල

☸️ පිං පුරන්නට සැරසෙමු ! ☸️      🔴 ​මාර්තු 18, 19 ⏰ රාත්‍රී 8.00      තිස් පැය තුනේ පරිත්‍රාණ ධර්ම දේශනාව🔴 ​මාර්තු 20⏰ අ...
05/03/2026

☸️ පිං පුරන්නට සැරසෙමු ! ☸️


🔴 ​මාර්තු 18, 19

⏰ රාත්‍රී 8.00
තිස් පැය තුනේ පරිත්‍රාණ ධර්ම දේශනාව

🔴 ​මාර්තු 20

⏰ අලුයම 5.00ට
යෙදෙන ශුභ මොහොතින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සහ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය.

🪔 ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේ,
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ

⏰ ​සවස 6.00
බෝධි පූජාව

🪔මෙහෙයවීම : කුරුවිට බෝපත් සමාධි ධර්මායතනාධිපති, පරිවේණාධිපති, පූජ්‍යපාද තෙප්පනාවේ පියදස්සි හිමිපාණෝ

🔴​ මාර්තු 21

⏰සවස 6.00
බෝධි පූජාව

🪔මෙහෙයවීම : චතුරාව ශ්‍රී පූර්වාරාමාධිපති, විශ්‍රාමික පරිවේණාධිපති පූජ්‍යපාද චතුරාවේ ඥාණමෝලි හිමිපාණෝ

🔴​ මාර්තු 22

⏰ ​සවස 2.45
බුදුපිළිම වහන්සේ සහ සෙසු විහාරාංග නිරාවරණය කිරීම.

⏰සවස 3.30
කෙටි උත්සව සභාව ආරම්භය.

⏰සවස 4.30
එකසිය විසිපස් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි ගිලන්පස දානය පූජා කිරීම.

⏰ සවස 5.00
කොළඹ 07 සම්බෝධි මහා විහාරාධිපති පූජ්‍යපාද බෝරලන්දේ වජිරඤාණ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාසල් ළමුන් 100 කට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම.

⏰ සවස 6.00
පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රතිමා වහන්සේගේ විදුලි ආලෝකය විවෘත කිරීම.

🪔​සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය පාතකඩ විමලරතන නාහිමිපාණන් වහන්සේ

🪔​ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්.

⏰​සවස 6.10
බෝධි පූජාව

🪔​මෙහෙයවීම : සබරගමු පළාතේ උප ප්‍රධාන සංඝනායක ‘මධුරභාණි’ පූජ්‍යපාද මුත්තෙට්ටුපිටියේ විමලකිත්ති නාහිමි

​🟦🟨🟥⬜🟧

🌕 මැදින් පුන් පොහොය දිනය අදයි 🌼අද දිනය සිරි ලාංකික බෞද්ධයන්ට විශේෂම දිනක්. මැදින් පුන් පොහොය කියන්නේ බුදු සසුනේ ඉතා වැදග...
02/03/2026

🌕 මැදින් පුන් පොහොය දිනය අදයි 🌼

අද දිනය සිරි ලාංකික බෞද්ධයන්ට විශේෂම දිනක්. මැදින් පුන් පොහොය කියන්නේ බුදු සසුනේ ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් සිහිපත් කරන පුණ්‍ය දිනයක්.

මෙම දිනයේ ප්‍රධානම සිදුවීම වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමු වරට තම පියා වන ශුද්ධෝදන රජතුමා හමුවීම සඳහා කපිලවස්තු නගරයට වැඩම කිරීමයි. ඒ වගේම රහත්භාවයට පත් වූ රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා සසුනට එක්වීමත් මෙම දිනයේදී සිදු වූ විශේෂ සිදුවීම් ලෙස සැලකේ.

මෙය අපට මතක් කර දෙන්නේ පවුල් බැඳීම්, ගරු කිරීම, දායාදය සහ ආධ්‍යාත්මික වටිනාකම් අතර සම්බන්ධතාවයයි. මැදින් පොහොය දිනය අපට ධර්මයේ මාර්ගය මත නිහතමානීව ගමන් කරමින් ජීවිතය සාර්ථක කරගැනීමට ආරාධනා කරන පුණ්‍ය අවස්ථාවකි.

අද වැනි දිනයක සිත් පිරිසිදු කරගනිමින්, දානය, ශීලය, භාවනා ආදී පුණ්‍ය කර්මවල නිරත වෙමින් සියලු සත්වයන්ට මෛත්‍රී සිත් පතමු.

🌸 සියලු දෙනාට යහපත, සැනසීම සහ සිරි සම්පත් පිරි මැදින් පුන් පොහොය දිනයක් වේවා! 🙏

#මැදින්පොහොය

24/02/2026
78 වන ජාතික නිදහස් දිනය අදයි..!
04/02/2026

78 වන ජාතික නිදහස් දිනය අදයි..!

02/02/2026
දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත්, සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන්...
01/02/2026

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත්, සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන් රැසක් සිදු වුණ සුපූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහෝ දින හැඳින්විය හැකි ය. සම්බුදු සසුන ශෝභාවත් කළ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය. එමෙන් ම ගෞතම සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූයේත්, තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් අද වන් නවම් පුන් පොහෝ දිනක දී ම ය. පන්සාලිස් වසක් පුරාවට සදහම් අමා වැස්සෙන් තුන්ලොව නිවා සනසාලූ භාග්‍යවතුන් වහන්සේ, බුදු කිස නිමවා පිරිනිවන් පෑම පිණිස ආයු සංස්කාරය හළ වදාළේත් මෙවන් පොහෝ දිනක දී ම ය. එනයින් බලන කල නවම් පුන් පොහෝ දිනය බොදුනුවන්ගේ සිත් සැදෑ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයකි.

ප්‍රථම මහා සංඝ සන්නිපාතය හා අගසව් තනතුරු පිරිනැමීම

උරුවෙල කාශ්‍යප – නදී කාශ්‍යප – ගයා කාශ්‍යප යන තුන් බෑ පුරාණ ජටිලයන් දහසක් පිරිවර සමඟින් ආදිත්තපරියාය සූත්‍රය අසා නිකෙලෙස් මහරහතන් වහන්සේලා බවට පත් වූ සේක.

සාරිපුත්ත – මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ දෙසිය පනහක් පිරිවර රහතුන් සමඟ එක්දහස් දෙසිය පනහක් මහරහතන් වහන්සේලාගෙන් වේළුවනය ඒකාලෝක විය. තරු පිරිවැරූ පුන්සඳ මඬලක් සේ එහි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ, දම් සෙනෙවි සාරිපුත්තයන් වහන්සේත්, මහා ඉර්ධිලාභී මොග්ගල්ලානයන් වහන්සේත් සම්බුදු සසුනේ භද්‍ර වූ අග්‍ර ශ්‍රාවක යුගල බවට පත් කළ සේක. මින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ අබියස දී විවරණ සිරි ලබා පැතුම් පරිදි ශ්‍රාවක පාරමී ඤාණය සපුරා උන්වහන්සේලා අගසව් තනතුරු ලද බව බුදුරජාණන් වහන්සේ සඟ පිරිසට පහදා දුන් සේක.

සච්ච විභංග සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ අග්‍රශ්‍රාවකයින් වහන්සේලාගේ ගුණ කීර්තනය කොට වදාළේ මෙලෙසින් ය.

“පින්වත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් ගෞරවයෙන් ඇසුරු කරන්න. සේවනය කරන්න. ප්‍රඥාවන්ත වූ ඒ දෙනම සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නිවන් මගට අනුග්‍රහ කරන්නෝ ය. සාරිපුත්තයන් ශාසනික දරුවන් බිහි කරන මව වැනි ය. සෝතාපත්ති ඵලය පිණිස හික්මවයි. මොග්ගල්ලානයන් දරුවන් වඩන කිරි මව් වැනි ය. ඉහළ මාර්ග ඵලයන්හි හික්මවයි.”

(භජථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, සේවේථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානෝ. පණ්ඩිතා භික්ඛූ, අනුග්ගාහකා සබ්‍රහ්මචාරිනං. සෙය්‍යථාපි ජනෙත්ති, යදිදං සාරිපුත්තෝ. සෝතාපත්ති ඵලේ විනේති. සෙය්‍යථාපි ජාතස්ස අපාදේතා, යදිදං මොග්ගල්ලානෝ. උත්තමත්ථේ.)

එමෙන් ම පැවිදි ශ්‍රාවකයින් වූ භික්ෂූන්ට ආදර්ශවත් චරිත දෙක ලෙස භාග්‍යවතුන් වහනසේ පෙන්වා වදාළේ ද අගසව්වන් වහනසේලා ම ය. සම්බුදු මුවින් අපමණ පැසසුම් ලද සාරිපුත්ත – මොග්ගල්ලාන මුනිවරයන් වහන්සේලා අග්‍රශ්‍රාවක බවට පත් වූයේ අද වන් නවම් පුන් පොහෝ දිනක දී ය.

ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම

නවම් පුන් පොහෝ දින අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ රැස්ව සිටි සඟ පිරිසට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. සම්බුද්ධත්වයෙන් පසු පළමු වසර විස්ස තුළ හෙවත් ප්‍රථම බෝධියෙහි ශාසනය පිරිසිදු ව නිකැළැල් ව අර්බුදවලින් තොර ව පැවතුණි. රහතන් වහන්සේලා සුලභ, විමුක්තිකාමී අල්පරජස්ක ශ්‍රාවකයින් වැඩ සිටි ඒ අවධියේ විනය ශික්ෂාපද පැනවීමට කරුණක් ඉදිරිපත් නො වී ය. භික්ෂූන්ගෙන් එබඳු වැරදි අඩුපාඩු සිදු නොවූ බැවිනි. එබැවින් මුල් අවුරුදු විස්ස තුළ ශ්‍රාවකයන්ගේ හික්මීම පිණිස වදාළේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි. එනම් පහත ගාථා රත්නයන් ය.

1. ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ

“ඉවසීම තමයි පරම තපස කියා කියන්නේ. ඒ අමා මහ නිවන සියල්ලට ම වඩා උතුම් බව, බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. අනුන් නසන කෙනා පැවිද්දෙක් වෙන්නේ නෑ. අනුන් ව වෙහෙසන කෙනාත් පැවිද්දෙක් වෙන්නේ නෑ!”

2. සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං

“සියලු පව් නොකිරීමත්, කුසල් දහම් උපදවා ගැනීමත්, තමන්ගේ සිත පිරිසිදු කිරීමත් යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය යි!”

3. අනූපවාදෝ අනුපඝාතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං – පන්තං ච සයනාසනං
අධිචිත්තේ ච ආයා්ගෝ – ඒතං බුද්ධානසාසනං

“අන් අයට නින්දා අපහාස නොකිරීමත්, අනුන්ට පීඩා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැනගෙන වැළඳීමත්, දුර ඈත සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන මේ කරුණු තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ!”

විපස්සී, සිඛී, වෙස්සභූ ආදී දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල දී මෙම අවවාද ප්‍රාතිමෝක්ෂය පිරිනිවන් පානා තුරු ම ඒ ශාස්තෘන් වහන්සේලා විසින් උදෙසන ලදී. එනමුත් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිව්බුදුවරයන්ගේ ශාසනවල දී ඕවාද ප්‍රාතිමෝක්ෂය උදෙසන ලද්දේ සම්බුද්ධත්වයෙන් පසු මුල් අවධියේ දී පමණි. ප්‍රථම බෝධියෙහි පැවිදි ශ්‍රාවකයන්ගේ තිබූ නිර්මල, විමුක්තිකාමී, පාරිශුද්ධ ස්වභාවය ක්‍රමයෙන් දුර්වල වී දුර්වලතා ඉස්මතු විය. එවිට බුදුරජාණන් වහන්සේ ආනිසංශ දහයක් පිණිස විනය ශික්ෂා පද පනවා, අඩ මසකට වරක් ඒවා උදෙසමින් පොහොය කිරීමට අනුදැන වදාළහ. එය හඳුන්වන්නේ ආණා ප්‍රාතිමෝක්ෂය නමිනි.

භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම

පන්සාලිස් වසක් පුරා දිනකට පැය 2ක් පමණක් විවේක ගනිමින්, දෙව් – මිනිසුන්ට අපමණ සෙත සැලසූ භාග්‍යවතුන් වහන්සේ සිය අසූවෙනි වියෙහි දී චාපාල නම් චෛත්‍යය ස්ථානය වෙත වැඩම කොට අග්‍රඋපස්ථායක ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළ සේක.

“පින්වත් ආනන්දය, ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සතර ඍද්ධිපාද වැඩූ කෙනෙකුට කැමති නම් ආයුකල්පයක් වුව ද (වසර 120ක් හෝ ඊට මඳක් වැඩියෙන්) ජීවත් විය හැකි ය.”

තෙවරක් ම මේ අදහස ප්‍රකාශ කළ මුත්, ආනන්ද හිමියන්ගේ සිත පාපී මාරයා විසින් ග්‍රහණය කරගෙන සිටි බැවින්, සිහි එළවාගත නොහැකිව “එසේ වැඩ සිටින්නැ”යි ආරාධනා කළ නොහැකි විය. ඉන් පසු ආනන්ද හිමියන් ඉවතට ගිය කල්හී, පාපී මාරයා පෙනී සිට බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පානා ලෙස ආරාධනා කළේ ය. මින් තුන් මසකට පසු පිරිනිවන් පානා බව වදාළ භාග්‍යවතුන් වහන්සේ ‘ඉදිරි තුන් මස පමණක් සමාපත්තියට සමවැද ඉන් පසු නොසමවදින්නෙමී.’ යි සිහි නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හැරි සේක. එකෙණෙහි ම මහා භූමි චලනයක් සමඟින් අකුණු ගැසීම් ද සිදු වූ අතර ආනන්ද හිමියන් පැමිණ භූමි චලනයට හේතු විමසා දැනගෙන කල්පයක් වැඩ සිටින ලෙස ආරාධනා කළේ ය. එනමුත් ආයු සංස්කාරය හළ බැවින් තව තුන් මසකින් පිරිනිවන් පානා බව වදාරා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩම කළ සේක. එහි රැස් වූ භික්ෂූන් අමතා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වදාරා, එම භික්ෂූන්ට අන්තිම අවවාදය ද කළ සේක. ඉන් පසු පාවා නගරය පසු කරගෙන කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනට වැඩම කොට යමක ශාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි සැතපුණ සේක. එකල්හී දෙව්බඹ පිරිස අහසෙහි දිව්‍යමය සුගන්ධයන්ගෙන් ද පුෂ්පයන්ගෙන් ද දිව්‍ය සංගීතාදියෙන් ද පූජෝපහාර දැක්වූහ. පිරිනිවන් මංචකයේ සැතපී සිටි භාග්‍යවතුන් වහන්සේ තමන් වෙත පැමිණි සුභද්‍ර නම් පරිභ්‍රාජකයා අමතා මෙසේ දේශනා කළ සේක.

“සුභද්‍රය, ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට ලැබෙන බුද්ධ ශාසනයක පමණයි පළමු ශ්‍රමණයා වන සෝතාපන්න ශ්‍රාවකයාත්, දෙවන ශ්‍රමණයා වන සකදාගාමී ශ්‍රාවකයාත්, තුන්වෙනි ශ්‍රමණයා වන අනාගාමී ශ්‍රාවකයාත්, සතරවෙනි ශ්‍රමණයා වන රහතන් වහන්සේත් පහළ වන්නේ.”

එම දම් දෙසුම අවසානයේ දී සුභද්‍ර තෙරුවන් සරණ ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා සුළු මොහොතකින් සව් කෙලෙසුන් නසා අරහත්වයට පත් විය. එසේ සම්මුඛී අවසන් ශ්‍රාවකයා බිහි වූ පසු භාග්‍යවතුන් වහන්සේ අවසන් බුද්ධ අවවාදය මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, අවසන් වරට ඔබ අමතමි. සියලු සංස්කාර වැනසෙන සුලු ය. අප්‍රමාදී ව ධර්මාවබෝධ කර ගන්න.” (භන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයේ පටන් නිරෝධ සමාපත්තියට ද නිරෝධ සමාපත්තියේ පටන් ප්‍රථම ධ්‍යානයට ද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමවැදී එයින් නැගිට යළි සතර වන ධ්‍යානයට සමවැදී සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ප්‍රකට කරමින් නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ පිණිස ආයු සංස්කාරය අත්හැර වදාළේ අද වන් නවම් පුන් පොහෝ දිනක දී ය.

භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය අපත් ඒ අනිත්‍ය ධර්මතාව මෙනෙහි කරමින් ධර්මාවබෝධයට අප්‍රමාදී වෙමු.

(ඇසුර – පූජ්‍ය පණ්ඩිත මාපලගම සිරි කේමිස්සර හිමිපාණන්ගේ ‘පොහොය වර්ණනාව’ ග්‍රන්ථය.)

© උපුටා ගැනම - මහාමේඝ පුවත්පත
ඡායාරූපය අන්තර්ජාලයෙන්

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාමය හා කළුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මායතනය යන උභය විහාරාධිපති, රාජකීය පණ්ඩිත,පූජ්‍යපාද හඟරංගල සුමේධ...
15/01/2026

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාමය හා කළුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මායතනය යන උභය විහාරාධිපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍යපාද හඟරංගල සුමේධ නාහිමියන්ගේ
උපන්දිනය වෙනුවෙන් ශුභාශිංසන එක් කළ,

ගරුතර මහා සංඝරත්නය ඇතුලු
පින්වත් සියලුදෙනාටම ගෞරවයෙන් ස්තුතිය පලකරන්නෙමු.

සියලුදෙනාටම තුණුරුවනගේ අනන්ත ආශිර්වාදය, සමන් දෙවි රැකවරණය සැලසේවා..!

- උඩ කරවිට
ශ්‍රී ඉසිපතනාරාමය

14/01/2026
📸 Panapitiya photography
13/01/2026

📸 Panapitiya photography

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානය සහ කළුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මායතනය යන උභය විහාරාධිපති, රාජකීය පණ්ඩිත,පූජ්‍යපාද හ...
13/01/2026

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානය සහ කළුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මායතනය යන උභය විහාරාධිපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍යපාද හඟරංගල සුමේධ
අපේ නාහිමිපාණන් වහන්සේට...

නිදුක් නීරෝගීමත්,
සුබ ජන්මදිනයක් වේවා! 🌸🌿

තෙරුවනගේ අනන්තන ආශිර්වාදයෙන්, සමන් දෙවි රැකවරණයෙන්,
උතුම් ශාසනික මෙහෙවරක් උදෙසා තව තවත් ශක්තිය, වාසනාව නොඅඩුවම ලැබේවා..! 🙏

කුරලු ඇසකට පෙනෙන උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානය...
12/01/2026

කුරලු ඇසකට පෙනෙන උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානය...

Address

Sri Isipathanaramaya , Uda Karawita
Rathnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Uda Karawita Sri Isipathanaramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share